Body

සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ දම්පල්ගොඩට නව සන්නිවේදන කුළුණක්

අගොස්තු 8, 2022         කොළඹදී

 

New Tower in Dampalgoda
New Tower in Dampalgoda

ශ්‍රී ලංකාව පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාවය පුළුල් කිරීම වෙනුවෙන් සමාගම විසින් ලබාදී තිබෙන ප්‍රතිඥාවට අනුව කටයුතු කරමින් මෙරට පුළුල්තම සන්නිවේදන ජාලය වන ඩයලොග්, 'සිව් දෙසටම ඩයලොග්' වැඩසටහන යටතේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ දම්පල්ගොඩ ග්‍රාමයේ නව සන්නිවේදන කුළුණක් ඉදිකරන ලදී.

රටපුරා සබඳතාවය ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වා උසස් තත්වයකට ගෙන ඒමට දරන උත්සාහයේ කොටසක් ලෙස, කෑගල්ල දිස්ත්‍රික්කයේ දම්පල්ගොඩ ග්‍රාමයේ නව සන්නිවේදන කුළුණ ඉදිකිරීමට අමතරව එම දිස්ත්‍රික්කයටම අයත් මලල්පොළ සහ මුවපිටිය යන ගම්මානවලද සන්නිවේදන කුළුණු ස්ථාපිත කෙරුණු අතර, මේ හා සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, දොරාල, සහ පිංකණ්ඩ ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ අධිකාරිගොඩ ප්‍රදේශයේත් සන්නිවේදන කුළුණු ස්ථාපිත කෙරිණි.

තවද මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වලදී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයින්ට සහායවීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන් යටතේ ඩයලොග් සමාගම 2022 අප්‍රේල් මාසය වන විට ඩයලොග් ජාලය තුළ 4G මොබයිල් කුළුණු 4,550ක් ඉදිකර ඇත.එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුළුණු සංඛ්‍යාවද වේ. එමෙන්ම 95% කට වැඩි ජනගහණයකට 4G ආවරණ පහසුකම් සලසාදීමටද ඩයලොග් සමාගමට හැකිවී තිබේ. එමෙන්ම අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුළුණුවල සේවාව උපයෝගී කරගත් අතර, සන්නිවේදන පහසුකම් අවම ප්‍රදේශවල හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබාදී ඇත. ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ ‘Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ.