පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම (“Privacy Notice”)


අනුවාදය:2.0
යාවත්කාලීන කරන ලද්දේ : 2020 දෙසැම්බර් මස 28 වන දින දී ය.

ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම, එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් (මෙහි මින්මතු සාමුහික වශයෙන් "ඩයලොග් සමාගම" "අප" "අපි" හෝ "අපගේ" වශයෙන් හඳුන්වන,) වන අපි, අපගේ පාරිභෝගිකයන්, කොටස්හිමියන්, ව්‍යාපාරික හවුල්කරුවන්, අමුත්තන්, රැකියා අපේක්ෂකයන්/අයදුම්කරුවන් සහ සේවකයන් විසින් මෙන් ම අපගේ පාරිභෝගිකයන් සහ/හෝ ව්‍යාපාරික හවුල්කරුවන් සඳහා හෝ වෙනුවෙන් ක්‍රියාකරන තනි තනි පුද්ගලයන් විසින් අප වෙත ලබාදෙන ඔවුන්ගේ පෞද්ගලික දත්ත (මෙහි මින්මතු සාමුහික වශයෙන් "පෞද්ගලික දත්ත" වශයෙන් හඳුන්වන,) ආරක්ෂා කිරීමට කැප වී සිටින්නෙමු.

ඩයලොග් සමාගම තුළ, අප විසින් පෞද්ගලිකත්වය දැඩි ලෙස සලකන අතර, අපගේ සියලුම ක්‍රියාකාරකම් පාරදෘෂ්‍යභාවය (Transparent), ඔබගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම (Rights), ඔබගේ පෞද්ගලික දත්ත අප විසින් භාවිත කිරීම (Use), තිරසර සයිබර් සුරක්ෂා පරිචයන් (Security) සහ පෞද්ගලික දත්ත හුවමාරු කිරීම අවශ්‍ය වන විටක දී නිසි සැලකිල්ල (Transfer) මත පදනම් වුණු අපගේ T.R.U.S.T මූලධර්ම මඟින් සවිබලගන්වනු ලැබේ.

ඔබගේ පෞද්ගලික දත්ත සකස් කිරීමේදී, ඩයලොග් සමාගම පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සහතිකවනු ලැබේ:

  1. ඔබගේ පෞද්ගලික දත්ත නීත්‍යනුකූලව සහ පාරදෘෂ්‍යභාවයෙන් යුක්තව සකස් කරනු ලබන අතර, එමඟින් ඔබගේ පෞද්ගලික දත්තවලට සම්බන්ධ සියලූම සකස් කිරීමේ කටයුතු පිළිබඳව ඔබ දැනුවත්භාවයෙන් සිටිනු ලැබේ.‍

  2. ඔබගේ පෞද්ගලික දත්ත හුදෙක් පහත ලැයිස්තුගත කර තිබෙන කාර්යයන් සඳහා පමණක් අප විසින් රැස්කරගනු ලබන අතර, එම කාර්යයන්වලට නොගැළපෙන අන්දමට ඔබගේ පෞද්ගලික දත්ත අප විසින් තවදුරටත් සකස් කරනු නොලැබේ.

  3. පෞද්ගලික දත්ත හුදෙක් පහත ලැයිස්තුගත කර තිබෙන කාර්යයන් සඳහා සීමාවන ලෙස සහ ඊට අවශ්‍ය වන පරිදි පමණක් අප විසින් රැස්කරගනු ලබන අතර, එම සීමාවන් සහ අවශ්‍යතාවන් ඉක්මවා ඔබගේ පෞද්ගලික දත්ත අප විසින් රැස්කරනු නොලැබේ.

  4. ඔබගේ පෞද්ගලික දත්ත නිවැරදි විය යුතු වන අතර, අවශ්‍ය විටක දී ඒවා යාවත්කාලීන කළ යුතු වේ.

  5. ඔබගේ පෞද්ගලික දත්ත සකස් කරනු ලබන්නේ යම් කාර්යයන් සදහා ද, ඒ කාර්යයන්හි අවශ්‍යතාව ඉක්මවා නොයන ලෙස යම් හදුනාගැනීමකට ඉඩප්‍රස්ථාව සලසන ආකාරයකට පමණක් ඔබගේ දත්ත තබාගනු ලැබේ.

  6. පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් සුදුසු ආරක්ෂාව සහතික වන අන්දමට ඔබගේ දත්ත සකස් කරනු ලැබේ.

මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීමෙන් (“Privacy Notice”) පැහැදිලි කරන්නේ:

  1. අප විසින් පෞද්ගලික දත්ත රැස්කිරීම සහ තවදුරටත් සකස් කිරීම කරන්නේ කුමන අන්දමින් කෙසේ ද යන්නත් ;

  2. අප විසින් පෞද්ගලික දත්ත රැස්කිරීම සහ තවදුරටත් සකස් කිරීම කරන්නේ කුමන කාර්යයන් සඳහා ද යන්නත් ;

  3. පෞද්ගලික දත්ත මූලාශ්‍ර (වෙතොත්) එකී මූලාශ්‍ර පිළිබඳවත්;

  4. පෞද්ගලික දත්ත අනාවරණය කරන්නේ කාට ද යන්නත්; සහ

  5. ඔබගේ පෞද්ගලික දත්ත ඇගයීම සහ යාවත්කාලීන කිරීම කරන්නේ කෙසේ ද යන්නත්, පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබාගැනීම පිණිස කුමන ස්ථානවලට යායුතු වන්නේ ද යන්න පිළිබඳවත්ය.

වෙනත් තැනැත්තෙකුගේ පෞද්ගලික දත්ත ඔබ විසින් අප වෙත සපයන්නේ නම්, ඒ තැනැත්තාගේ පෞද්ගලික දත්ත අපට සැපයීමට පෙරාතුව, ඒ තැනැත්තාගේ කැමැත්ත ඔබ විසින් ලබාගෙන ඇති බවට ඔබ විසින් මෙයින් කරුණු දක්වා සනාථ කරනු ලැබේ. මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීමේ ‘ඔබගේ පෞද්ගලික දත්ත’ යන්න සඳහන් කිරීමට ඔබ විසින් අප වෙත සපයන එවැනි තැනැත්තෙකුගේ පෞද්ගලික දත්ත ද ඇතුළත් වේ.

මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම, ඔබට ප්‍රයෝජනය පිණිස ලබාගැනීමට තිබෙන නිෂ්පාදන සහ/හෝ සේවාවන්වලට ආවේණික සුවිශේෂිත නියමයන් සහ කොන්දේසි සමඟ කියවිය යුතුය. මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම සහ එවැනි සුවිශේෂිත නියමයන් සහ කොන්දේසි අතර වෙනසක් පවතින්නේ නම්, මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම එකී වෙනසේ ප්‍රමාණය දක්වා බලපැවැත්විය යුතුය.

අප විසින් මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම, මෙම මාධ්‍ය‍ සහ/හෝ අපගේ වෙනත් මාධ්‍යයක් හරහා නව දැන්වීමක් ඉදිරිපත් කිරීමෙන්, කලින් කලට සංශෝධනය කිරීම, සුළු වශයෙන් වෙනස් කිරීම හෝ යාටත්කාලීන කිරීම සිදුකළ හැකි අතර, ඔබ විසින් අපගේ නිෂ්පාදන සහ/හෝ සේවාවන් භාවිතය නොකඩවාම කරගෙන යන්නේ නම්, එවැනි සංශෝධනයන්, සුළු වශයෙන් වෙනස් කිරීම් හෝ යාවත්කාලීන කිරීම් මඟින් ඔබ නීත්‍යනුකූලව බැඳී සිටිනු ලැබේ.

ළමයින් සම්බන්ධයෙන් පෞද්ගලික දත්ත

ඔබ වයස අවුරුදු 18 ට අඩුනම්, ඔබගේ පෞද්ගලික දත්ත (නිදසුනක් වශයෙන් ඔබගේ නම සහ ඊමේල් ලිපිනය යනාදිය) අප වෙත එවීමට පෙර ඔබගේ මව්පියන්ගේ, භාරකරුගේ හෝ ඔබ සම්බන්ධයෙන් මාපිය වගකීමක් දරන තැනැත්තෙකුගේ කැමැත්ත ඔබ විසින් ලබාගෙන ඇති බවට අප විසින් සලකා බලනු ලැබේ.

අප රැස්කරන්නේ කුමන පෞද්ගලික දත්ත ද?

අප විසින් රැස්කරන හෝ ලබාගන්නා පෞද්ගලික දත්ත වර්ග ඔබ සමඟ අපගේ සම්බන්ධතාව අනුව වෙනස් විය හැකි වන අතර, මතු සඳහන් දෑ ඇතුළත් විය හැකිය. එනම්:

  1. අ. පාරිභෝගිකයන් සම්බන්ධයෙන්

    • ඇමතුම් තොරතුරු; (එනම් නම, ලිපිනය, ඊමේල ලිපිනය සහ දුරකථන අංකය යනාදිය.)

    • හඳුනාගැනීමේ තොරතුරු; (ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, උපන් දිනය, IP ලිපින, අන්තර්ජාල කුකීස් යනාදිය.)

    • ජනසංඛ්‍යානික තොරතුරු; (වයස, විවාහක/අවිවාහක භාවය, ස්ත්‍රීපුරුෂභාවය යනාදිය.)

    • තරඟ හෝ තිළිණ ප්‍රදාන තරඟ සඳහා හෝ අපගේ මාධ්‍ය වෙත යොමු කිරීම පිණිස ඔබ විසින් ඉදිරිපත් කරනු ලැබිය හැකි ඡායාරූප;

    • පිහිටීම දැක්වෙන තොරතුරු;

    • නිෂ්පාදනයක විශේෂිත තොරතුරු; (අභිරුචීන්, ඔබගේ සේවා සැලැස්මේදී ඇතුළත් කිරීමට තෝරාගන්නා මිතුරන් සහ පවුලේ සාමාජිකයන්, ණය සීමාව යනාදිය.)

    • මූල්‍යමය තොරතුරු; (ඝෘජු ණය සහ ආශ්‍රිත බිල්පත් ගෙවීම් සහ බැංකු ගණුදෙනු යනාදිය.)

    • උපාංග ගිණුමේ තොරතුරු; (ඇමතුම් භාවිතය, උපාංගයේ අනන්‍යතාවන්, ගිණුම් ශේෂ, පෙර ගනුදෙනු, ණය තොරතුරු, බිල්පත් සහ ලෝයල්ටි පොයින්ට්ස් යනාදිය)

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතිය (CCTV) විසින් ග්‍රහණය කරගන්නා හෝ වාර්තා කරගන්නා දර්ශන තොරතුරු; සහ

    • අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වෙත ඔබ විසින් යොමු කරන ඇමතුම් පටිගතකිරීම්.

  2. ආ. කොටස්හිමියන් සම්බන්ධයෙන්

    • ඇමතුම් තොරතුරු; (එනම් නම, ලිපිනය, ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය යනාදිය.

    • හඳුනාගැනීමේ තොරතුරු; (ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, උප්පැන්න සහතිකය, උපන් දිනය, IP ලිපින, අන්තර්ජාල කුකීස් යනාදිය.)

    • ජනසංඛ්‍යානික තොරතුරු; (විවාහක/අවිවාහකභාවය, ස්ත්‍රීපුරුෂභාවය යනාදිය.);

    • ජාතිය සහ පදිංචිය;

    • බැංකු ගිණුම් විස්තර; (බැංකු ගිණුම් අංකය, බැංකු ශාඛාව සහ බංකුව යනාදිය)

    • අර්ථලාභියා/ළඟම ඥාතියා පිළිබඳ විස්තර;

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතිය (CCTV) විසින් ග්‍රහණය කරගන්නා හෝ වාර්තා කරගන්නා දර්ශන තොරතුරු;

    • ඔබ විසින් අප වෙත යොමු කරන ඇමතුම්වල පටිගතකිරීම්; සහ

    • ආගමික විශ්වාසයන්.

  3. ඇ. ව්‍යාපාරික හවුල්කරුවන් සහ සැපයුම්කරුවන් සම්බන්ධයෙන්

    • ඇමතුම් තොරතුරු; (එනම් නම, ලිපිනය, ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය යනාදිය.)

    • හඳුනාගැනීමේ තොරතුරු; (ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, උපන් දිනය, IP ලිපින, අන්තර්ජාල කුකීස් යනාදිය.)

    • ව්‍යාපාරික තොරතුරු; (ආයතනයේ නම, සේවා යෝජකයාගේ නම, රැකියාවේ තනතුර, දෙපාර්තමේන්තුව යනාදිය.) සහ

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතිය (CCTV) විසින් ග්‍රහණය කරගන්නා හෝ වාර්තා කරගන්නා දර්ශන තොරතුරු.

  4. ඈ. අමුත්තන් සම්බන්ධයෙන් (අපගේ යම් කවරම වූ පරිශ්‍රයන්/ කාර්යාලයන් /ඔන්ලයින් මාධ්‍යයන් සම්බන්ධයෙන්)

    • ඇමතුම් තොරතුරු; (එනම් නම, ලිපිනය, ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය යනාදිය.)

    • හඳුනාගැනීමේ තොරතුරු; (ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, උපන් දිනය, IP ලිපින, අන්තර්ජාල කුකීස් යනාදිය.)

    • ව්‍යාපාර තොරතුරු (ආයතනයේ නම, සේවා යෝජකයාගේ නම, රැකියාවේ තනතුර, දෙපාර්තමේන්තුව යනාදිය.)සහ

    • ජන වර්ගය;

    • ජාතිය;

    • ඡායාරූප; සහ

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතිය (CCTV) විසින් ග්‍රහණය කරගන්නා හෝ වාර්තා කරගන්නා දර්ශන තොරතුරු.

  5. ඉ. රැකියා අපේක්ෂකයන් සහ සේවකයන් සම්බන්ධයෙන්

    • ඇමතුම් තොරතුරු; (එනම් නම, ලිපිනය, ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය යනාදිය.)

    • හඳුනාගැනීමේ තොරතුරු; (ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, උපන් දිනය, IP ලිපින, අන්තර්ජාල කුකීස් යනාදිය.)

    • අධ්‍යයන සහ වෘත්තීමය තොරතුරු; (අධ්‍යාපන සහ වෘත්තීමය සුදුසුකම් සහ බලපත්‍ර යනාදිය.)

    • පසුගිය සේවා තොරතුරු; (රැකියාවේ තනතුර, කලින් සේවා යෝජක, ලැබුණු තොරතුරු සනාථ කරගත හැකි තැනැත්තන්);

    • ජෛවමිතික;

    • ස්ත්‍රීපුරුෂභාවය;

    • ජන වර්ගය;

    • ජාතිය;

    • වයස;

    • හදිසි ඇමතුම් තොරතුරු; (එනම් නම, ලිපිනය, ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය යනාදිය.)

    • විවාහක/අවිවාහකභාවය;

    • අර්ථලාභියාගේ/ළඟම ඥාතියාගේ විස්තර;

    • මූල්‍ය තොරතුරු; (ඝෘජු තැන්පතු ගිණුම යනාදිය)

    • තොරතුරු තාක්ෂණයට අදාළ තොරතුරු; (ලොග් ලිපි ගොණු, මෘදුකාග/දෘඪාංග ඉන්වෙන්ට්‍රි, පරිශීලක ක්‍රියාකාරකම් යනාදිය.)

    • ඡායාරූප;

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතිය (CCTV) විසින් ග්‍රහණය කරගන්නා හෝ වාර්තා කරගන්නා දර්ශන තොරතුරු;

    • අතිරේක පසුගිය සේවා විස්තර; (කාර්ය සාධනය සහ විනය වාර්තා, සෞඛ්‍ය, රෝහල්ගතවීම් සහ නිවාඩු වාර්තා, වැටුප් තොරතුරු යනාදිය)

    • ඔබ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල සහ වෛද්‍ය වාර්තා යනාදිය වෙතොත් එවැනි වාර්තා;

    • දාර්ශනික හෝ දේශපාලනමය අදහස් හෝ අනුබැඳියාවන්;

    • ආගමික විශ්වාස; සහ

    • අපරාධ වාර්තා සහ පොලිස් වාර්තා.

අප විසින් රැස්කරන අතිරේක පෞද්ගලික දත්ත

යුද්ධය, ත්‍රස්තවාදය, කැරළිකෝලාහල හා සමාජ කැළඹීම්, ස්වභාවික විපත් හෝ වසංගත රෝග පැතිරයාම වැනි ව්‍යසන සහ අරගල පවතින කාලවලදී අප විසින් මතු සඳහන් තොරතුරු රැස්කරනු ලැබිය හැකිය. එනම්:

  • ඔබගේ සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතා තත්ත්වය;

  • ඔබගේ ගෘහයේ එක් එක් තැනැත්තන්ගේ සෞඛ්‍ය තත්ත්වය;

  • ඔබ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල සහ වෛද්‍ය වාර්තා යනාදිය වෙතොත් එවැනි වාර්තා;

  • ඔබගේ ශාරීරික උෂ්ණත්වය;

  • ඔබ ජීවත්වන ස්ථානය; සහ

  • දේශපාලනමය අදහස් හෝ අනුබැඳියාවන්.

අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත රැස්කරන්නේ කුමන අවස්ථාවල දී ද?

අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත රැස්කිරීම හෝ ලබාගැනීම පහත සඳහන් අවස්ථාවලදී සිදුකළ හැකිය. එනම්:

  1. අ. පාරිභෝගිකයන් සම්බන්ධයෙන්

    • ඔබ විසින් අපගේ ජාලය, නිෂ්පාදන සහ/හෝ සේවාවන් භාවිත කරන විට දී. (අපගේ ඇමතුම් මධ්‍යස්ථාන, බෙදාහරින්නන් සහ විකුණුම් චැනල හරහා ඇතුළුව.)

    • අපගේ ජාලය, නිෂ්පාදන සහ/හෝ සේවාවන් හෝ යම් වෙනත් අරමුණු සඳහා ඔබ විසින් අප අමතන විට හෝ තොරතරු ලියාපදිංචි කරන විට දී.

    • ඔබ අප සමඟ සන්නිවේදනය කරන විටදී. (කෙටි පණිවිඩ ක්‍රමය, දුරකථන ඇමතුම්, වෙනත් ඩිජිටල් චැනල, ඊමේල් පණිවිඩ, ප්‍රශ්නමාලා හෝ සමීක්ෂණ යනාදිය හරහා.)

    • ඔබ විසින් අපගේ යම් කවරම වූ ඩිජිටල් යෙදවුම් භාවිත කිරීම හෝ අන්තර් ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන විට දී, අපගේ යම් කවරම වූ වෙබ් අඩවිවලට හෝ සමාජ මාධ්‍ය පිටුවලට පිවිසෙන විට දී.

    • ඔබ විසින් අපගේ යම් කවරම ප්‍රවර්ධන අවස්ථාවන්ට, දිරි දීමනා හෝ ලෝයල්ටි වැඩසටහන්වලට සහභාගී වන විට දී.

    • ඔබ විසින් අපගේ යම් කවරම වූ පරිශ්‍රයන් වෙත පැමිණෙන විට දී.

    • පරිබාහිර නියෝජිතායතන වෙතින් (ණය යොමු කිරීම් නියෝජිතායතන, තිරගත කිරීම් සහ විමර්ශන නියෝජිතායතන.)

    • ඔබ විසින් අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම් හෝ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් සමඟ දක්වන සම්බන්ධතාවට අනුව අපගේ අභ්‍යන්තර දත්ත සංහිතාවෙන්.

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතියෙන්. (CCTV)

  2. ආ. කොටස්හිමියන් සම්බන්ධයෙන්

    • අපගේ කොටස් ලේඛනයෙන්.

    • ඔබගේ ඇමතුම් තොරතුරු සහ නාමිකයා පිළිබඳ තොරතරු යාවත්කාලීන කිරීම පිණිස ඔබ විසින් අප අමතන විට දී.

    • ඔබගේ අනන්‍යතා ලේඛනය (ලේඛන) ඔබ විසින් අප වෙත සපයන විට දී.

    • කොටස් සහතිකවල අනුපිටපතක් නිකුත් කිරීම, කොටස් සහතිකවල වෙනසක් සිදුකිරීම, කොටස් පැවරුම් ක්‍රියාත්මක කිරීම, ලාභාංශ මැන්ඩේට්පත්‍ර ආශ්‍රිත තොරතුරු යාවත්කාලීන කිරීම වැනි ඔබගේ කොටස් දැරීම ආශ්‍රිත යම් ක්‍රියාවක් සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඔබ විසින් අප අමතන විට දී.

    • ඔබ අප සමඟ සන්නිවේදනය කරන විට දී. (කෙටි පණිවිඩ ක්‍රමය, දුරකථන ඇමතුම්, වෙනත් ඩිජිටල් චැනල, ඊමේල් පණිවිඩ, යනාදිය හරහා.)

    • ඔබ විසින් අපගේ යම් කවරම වූ පරිශ්‍රයන් වෙත පැමිණෙන විට දී.

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතියෙන්. (CCTV)

  3. ඇ. ව්‍යාපාරික හවුල්කරුවන් සහ සැපයුම්කරුවන්

    • ඔබ විසින් අපගේ නිෂ්පාදන සහ/හෝ සේවාවන් භාවිත කරන විට දී.

    • ඔබ අප සමඟ සන්නිවේදනය කරන විට දී. (කෙටි පණිවිඩ ක්‍රමය, දුරකථන ඇමතුම්, වෙනත් ඩිජිටල් චැනල, ඊමේල් පණිවිඩ, ප්‍රශ්නමාලා හෝ සමීක්ෂණ යනාදිය හරහා.)

    • ඔබ විසින් අපගේ යම් කවරම වූ ඩිජිටල් යෙදවුම් භාවිත කිරීම හෝ අන්තර් ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන විට දී, අපගේ යම් කවරම වූ වෙබ් අඩවිවලට හෝ සමාජ මාධ්‍ය පිටුවලට පිවිසෙන විට දී.

    • ඔබ විසින් අපගේ යම් කවරම වූ පරිශ්‍රයන් වෙත පැමිණෙන විට දී.

    • පරිබාහිර නියෝජිතායතන වෙතින්. (ණය යොමු කිරීම් නියෝජිතායතන, තිරගත කිරීම් සහ විමර්ශන නියෝජිතායතන.)

    • ඔබ විසින් අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම් හෝ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් සමඟ දක්වන සම්බන්ධතාවට අනුව අපගේ අභ්‍යන්තර දත්ත සංහිතාවෙන්.

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතියෙන්. (CCTV)

  4. ඈ. අමුත්තන් සම්බන්ධයෙන් (අපගේ යම් කවරම වූ පරිශ්‍රයන්/කාර්යාලයන්/ඔන්ලයින් මාධ්‍යයන් සම්බන්ධයෙන්)

    • අපගේ අමුත්තන් සඳහා ලොග් පොත හෝ අමුත්තන් ඇතුළුවීමේ ආකෘති සම්පූර්ණ කරන විට දී.

    • ඔබගේ අනන්‍යතා ලේඛනය (ලේඛන) ඔබ විසින් අප වෙත සපයන විට දී.

    • ඔබ අප සමඟ සන්නිවේදනය කරන විට දී. (කෙටි පණිවිඩ ක්‍රමය, දුරකථන ඇමතුම්, වෙනත් ඩිජිටල් චැනල, ඊමේල් පණිවිඩ, ප්‍රශ්නමාලා හෝ සමීක්ෂණ යනාදිය හරහා.)

    • ඔබගේ අනුග්‍රහය සහිතව තොරතුරු ඔබ විසින් සපයන විට දී.

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතියෙන්. (CCTV)

  5. ඉ. රැකියා අපේක්ෂකයන් සහ සේවකයන් සම්බන්ධයෙන්

    • ඔබ විසින් අප වෙත අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන විට දී.

    • ඔබ අප සමඟ සන්නිවේදනය කරන විට (කෙටි පණිවිඩ ක්‍රමය, දුරකථන ඇමතුම්, වෙනත් ඩිජිටල් චැනල, ඊමේල් පණිවිඩ, ප්‍රශ්නමාලා හෝ සමීක්ෂණ යනාදිය හරහා.)

    • පරිබාහිර නියෝජිතායතන වෙතින්. (ණය යොමු කිරීම් නියෝජිතායතන, තිරගත කිරීම් සහ විමර්ශන නියෝජිතායතන.)

    • ඔබ විසින් අපගේ යම් කවරම වූ පරිශ්‍රයන් වෙත පැමිණෙන විට දී.

    • ඔබ පිළිබඳ තොරතුරු සනාථ කරගන්නා තැනැත්තන් වෙතින්.

    • ඔබගේ කලින් සේවා යෝජකයා (සේවා යෝජකයන්) වෙතින්.

    • ඔබට ව්‍යාපාරික සම්බන්ධතාවත් තිබිය හැකි හෝ තිබුණු යම් තැනැත්තෙකු වෙතින්.

    • ඔබ හෝ අප සම්බන්ධයෙන් සේවයට බඳවා ගැනීම කරන්නා, බඳවා ගැනීමේ නියෝජිතායතනය හෝ බඳවා ගැනීමේ වෙබ් අඩවිය/මාධ්‍ය වෙතින්.

    • ඔබගේ සෞඛ්‍ය සහ ශාරීරික සෞඛ්‍ය උපදේශක වෙතින්. (වෛද්‍යවරයා හෝ දන්ත වෛද්‍යවරයා වැනි.)

    • ඔබ විසින් අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම් හෝ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් සමඟ දක්වන සම්බන්ධතාවට අනුව අපගේ අභ්‍යන්තර දත්ත සංහිතාවෙන්.

    • අපගේ ආරක්ෂිත කැමරා පද්ධතියෙන්, (CCTV)

ඔබගේ පෞද්ගලිත දත්ත අප විසින් භාවිත කරන්නේ කෙසේ ද?

ඔබගේ පෞද්ගලික දත්ත මතු සඳහන් කාර්යයන් සඳහා භාවිත කිරීම හෝ සකස් කිරීම සිදුකළ හැකිය. එනම්:

  1. අ. පාරිභෝගිකයන් සම්බන්ධයෙන්

    • ඔබ විසින් ගිවිසුම්ගත වී ඇති අපගේ නිෂ්පාදන සහ/හෝ සේවාවන් ඔබ වෙත සැපයීමේ දී.

    • අපගේ නිෂ්පාදන සහ සේවාවන්වල අංග ලක්ෂණවල වාසි සහ ඒවාට සිදුකරන වෙනස්කම් පිළිබඳව ඹබ වෙත දැනුම්දීමේ දී.

    • අපගේ නවතම පිළිගැන්වීම්, ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සහ ප්‍රවර්ධන කටයුතු (එවැනි යාවත්කාලීන කිරීම්වලට ඔබ පිවිස ඇති විටක,) ඔබ වෙත සැපයීමේ දී.

    • අපගේ දායක මුදල් හෝ ගිණුම් ලියාපදිංචි වීම පිළිබඳව ඔබ වෙත සේවා පණුවිඩ යැවීමේ දී.

    • නීතිවලට සහ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන බැඳීම්වලට අනුකූලවීමේ දී සහ අපගේ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන අයිතිවාසිකම් සහ ප්‍රතිකර්ම ආරක්ෂා කිරීමේ දී හෝ ක්‍රියාත්මක කිරීමේ දී.

    • අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම්, ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් සහ අප සලකන අන්දමට ඔබ සම්බන්ධයෙන් අභිලාෂයක් පළකරනු ලැබිය හැකි තෝරාගත් තුන්වන පාර්ශ්වකරුවන් විසින් පිළිගන්වනු ලැබිය හැකි නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳව දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ ක්‍රමය හෝ වෙනත් ඩිජිටල් චැනල, ඊමේල් පණිවිඩ යනාදිය හෝ සමාජ මාධ්‍ය හරහා ඔබ වෙත තොරතුරු යැවීමේ දී.(ඔබ එවැනි පණිවිඩවලින් දායක වී නොසිටිය හැකිය.)

    • පැමිණිලි හෝ ගිණුම් පිළිබඳ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමේ දී.

    • ණය ආපසු අයකර ගැනීමේ දී හෝ පරිපාලනය කිරීමේ දී.

    • අවශ්‍ය වන විටක ඔබගේ අනන්‍යතාව නිශ්චය කරගැනීමේ දී. (නිදසුනක් වශයෙන් ඔබ විසින් ඔබගේ රහස් පදය හෝ ආරක්ෂක තොරතුරු අස්ථානගක කර තිබිය හැකි විටක දී, සහ ඉක්බිතිව ඔබගේ දත්ත අනවසරලත් ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කරගැනීම පිණිස වෙනත් පෞද්ගලික දත්ත ඉල්ලා සිටීමට අපට අවශ්‍ය වන විට දී.)

    • ඔබ විසින් අපගේ නිෂ්පාදන සහ/හෝ සේවාවන් භාවිත කිරීමේ පදනම මත (ඔබගේ සේවා මනාපයන් විශ්ලේෂණය කිරීම මඟින් සාක්ෂාත් කරගන්නා) සහ නිෂ්පාදන සහ/හෝ සේවාවන් ඉහළ නැංවීම සහ වැඩිදියුණු කිරීම සඳහා වෙළඳපොළ සහ නිෂ්පාදන විශ්ලේෂණය සිදුකිරීමේ දී.

    • වෙනත් නීත්‍යානුකූල කාර්යයන්වල දී.

  2. ආ. කොටස්හිමියන් සම්බන්ධයෙන්

    • ඔබගේ අනන්‍යතාව සත්‍යායනය කිරීමේ දී.

    • ඔබගේ කොටස් දැරීම පිළිබඳව ඔබගේ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමේ දී. එනම් ඔබගේ ඇමතුම් තොරතුරු සහ නම්කිරීම පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීම, කොටස් සහතිකවල අනුපිටපත් නිකුත් කිරීම හෝ කොටස් සහතික වෙනස් කිරීම, කොටස් පැවරුම් හෝ කොටස් හුවමාරුව ලියාපදිංචි කිරීම, ලාභාංශ නිකුත් කිරීම, නම්කිරීම පිළිබඳ දැන්වීම් ලියාපදිංචි කිරීම යනාදී කටයුතුවල දී .

    • නීතිවලට සහ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන බැඳීම්වලට අනුකූල වීමේ දී සහ අපගේ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන අයිතිවාසිකම් සහ ප්‍රතිකර්ම ආරක්ෂා කිරීමේ දී හෝ ක්‍රියාත්මක කිරීමේ දී.

    • වෙනත් නීත්‍යානුකූල කාර්යයන්වල දී.

  3. ඇ. ව්‍යාපාරික හවුල්කරුවන් සහ සැපයුම්කරුවන් සම්බන්ධයෙන්

    • ව්‍යාපාරික කටයුතු ඉටුකිරීමේ දී.

    • ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීමේ දී කළමනාකරණය කිරීමේ දී.

    • සෞඛ්‍ය, සුරක්ෂිතතාව සහ ආරක්ෂාව.

    • නීතිවලට සහ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන බැඳීම්වලට අනුකූලවීමේ දී සහ අපගේ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන අයිතිවාසිකම් සහ ප්‍රතිකර්ම ආරක්ෂා කිරීමේ දී හෝ ක්‍රියාත්මක කිරීමේ දී.

    • අපගේ වත්කම් සහ සම්බන්ධතාවන් ආරක්ෂා කිරීමේ දී.

    • වෙනත් නීත්‍යානුකූල කාර්යයන්වල දී.

  4. ඈ. අමුත්තන් සම්බන්ධයෙන් (අපගේ යම් කවරම වූ පරිශ්‍රයන්/කාර්යාලයන්/ඔන්ලයින් මාධ්‍යයන් සම්බන්ධයෙන්)

    • සෞඛ්‍ය, සුරක්ෂිතතාව සහ ආරක්ෂාව.

    • නීතිවලට සහ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන බැඳීම්වලට අනුකූල වීමේ දී සහ අපගේ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන අයිතිවාසිකම් සහ ප්‍රතිකර්ම ආරක්ෂා කිරීමේ දී හෝ ක්‍රියාත්මක කිරීමේ දී.

    • වෙනත් නීත්‍යානුකූල කාර්යයන්වල දී.

  5. ඉ. රැකියා අපේක්ෂකයන් සම්බන්ධයෙන්

    • විභව රැකියා අවස්ථා සඳහා අපේක්ෂකයන් මෙන් ම ලබාගැනීමට තිබිය හැකි අනාගත භූමිකාවන් හඳුනාගැනීමේ දී සහ ඇගයීමේ දී.

    • සේවයට බඳවා ගැනීම සහ කුලී පදනම මත ලබාගැනීම සම්බන්ධ වාර්තා තබාගැනීමේ දී.

    • පසුබිම් පරීක්ෂාවන් පැවැත්වීමේ දී.

    • නීතිවලට සහ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන බැඳීම්වලට අනුකූලවීමේ දී සහ අපගේ නෛතික, ගිවිසුම්ගත සහ/හෝ නියාමන අයිතිවාසිකම් සහ ප්‍රතිකර්ම ආරක්ෂා කිරීමේ දී හෝ ක්‍රියාත්මක කිරීමේ දී.

    • යම් තැනැත්තෙකුගේ හෝ ඊට වැඩි තැනැත්තන් සංඛ්‍යාවකගේ සෞඛ්‍ය හෝ ආරක්ෂාව අනතුරේ පවතින හදිසි අවස්ථාවක, ඔබ ඇමතීමේ දී හෝ ඔබගේ හදිසි ඇමතුමක දී.

    • වෙනත් නීත්‍යානුකූල කාර්යයන්වල දී.

  6. ඊ. සේවකයන් සම්බන්ධයෙන් (ඉහත රැකියා අපේක්ෂකයන් සඳහා දක්වා තිබෙන කාර්යයන්වලට අමතර වශයෙනි.)

    • වෘත්තීමය ඉදිරි ගමන් මඟ සහ පෞරුෂ සංවර්ධනය.

    • වැටුප සහ සේවක ප්‍රතිලාභ පරිපාලනය සහ කළමනාකරණය කිරීමේ දී.

    • කෙටි කාලීන සහ මධ්‍ය කාලීන දිරි දීමනා සැලසුම්වල දී.

    • නඩු කීමට පමණක්ම සීමා නොවන නමුත් නඩු කීම ද ඇතුළුව රැකියා සහ කම්කරු සබඳතාවල දී.

    • අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම් හෝ ආශ්‍රිත /අනුබද්ධිත සමාගම් විසින් සිදුකරන ආයතනික අභ්‍යාසවල දී.

    • කාර්ය සාධනයේ කළමනාකරණයේ දී.

    • වැඩ සහ සංචාර අවසර පත්‍ර අයඳුම්පත්වල දී සහ ආගමන/විගමන නියමයන්වල දී.

    • ණය, රක්ෂණය සහ වෛද්‍ය ප්‍රතිකාර කාරණාවල දී.

    • විනය ක්‍රියාමාර්ග හෝ සේවය අවසන් කිරීමේ දී.

    • සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කිරීමේ දී.

    • ගිණුම්කරණය, මූල්‍යමය වාර්තාකරණය සහ ව්‍යාපාර සැලසුම්කරණයේ දී.

    • ආරක්ෂාව අධීක්ෂණය කිරීමේ දී.

    • කණ්ඩායම් ධාරිතා වර්ධන ක්‍රියාකාරකම් සහ වෙනත් ව්‍යාපාර ආශ්‍රිත සිදුවීම් සංවිධානය කිරීමේ දී.

    • අභ්‍යන්තර සහ බාහිර විමර්ශනවල දී.

    • පර්යේෂණ, වැටුප් සමීක්ෂණ සහ විගණන කාර්යයන්වල දී.

    • අප සමඟ තිබෙන ඔබගේ ගිවිසුමේ සඳහන් කාරණාවන්ට අනුකූලවීමේ දී.

    • යම් කවරම වූ නීතිමය හෝ නියාමන ආයාචනාවක දී හෝ ඉල්ලීමක දී.

    • වෙනත් නීත්‍යානුකූල කාර්යයන්වල දී.

අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත අනාවරණය කරන්නේ කාට ද?

අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත මතු සඳහන් පාර්ශ්වයන් වෙත අනාවරණය කරනු ලැබිය හැකිය.

  1. අ. පාරිභෝගිකයන් සම්බන්ධයෙන්

    • අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම් සහ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් වෙත.

    • ජාත්‍යන්තර ඇමතුම් මෙහෙයවීමේ දී, වෙනත් වාහක පාර්ශ්වයන් සහ මෙහෙයුම්කරුවන් වෙත.

    • අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ඔබගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට, වංචාවක් විමර්ශනය කිරීමට හෝ නීතිය බලාත්මක කරන ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමට තොරතුරු එළිදරව් කිරීම අවශ්‍ය වන හෝ සාධාරණ වන තුන්වන පාර්ශ්වයන් වෙත.

    • අපගේ සේවා සැපයුම්කරුවන්ට, ක්ෂේත්‍ර ඉංජිනේරුවරුන්, කොන්ත්‍රාත්කරුවන්ට, උප-කොන්ත්‍රාත්කරුවන්ට හෝ අප වෙනුවෙන් හෝ අපගේ උපදෙස් මත වැඩ ඉටුකරන තුන්වන පාර්ශ්වයන්ට.

    • අප විෂය වන හෝ අදාළ නීතියෙන් අවසර දී ඇති පරිදි, යම් නීතිමය හෝ නියාමන බැඳීමකට අනුකූල වීම අවශ්‍ය වන විටක දී, යම් රජයේ බලධාරියෙකුට, රාජ්‍ය, නියාමන හෝ පිස්කල් නියෝජිතායතනයකට.

    • ඔබ එකඟ වී ඇති සහ/හෝ බැහැර වීම නොකරන, අපගේ අලෙවි ක්‍රියාකාරකම් සඳහා අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ට.

    • ණය පරික්ෂාවන් සහ වංචා කළමනාකරණයන් සඳහා තුන්වන පාර්ශ්වයන්ට.

    • අවශ්‍ය වන පරිදි සහ අවශ්‍ය වන විටක දී, ඔබගේ තොරතුරු වලංගු කිරීම ඇතුළුව අපගේ ගෙවීම් චැනල වශයෙන් ක්‍රියාකරන යම් කවරම වූ පාර්ශ්වයන්ට.

    • ඔබ විසින් අපගේ නිෂ්පාදන සහ/හෝ සේවාවන් භාවිත කරන ආකාරය වටහා ගැනීම පිණීස විශ්ලේෂණයන් කරගෙන යාම පිණිස තුන්වන පාර්ශ්වයන්ට.

    • පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන් සඳහා තුන්වන පාර්ශ්වයන්ට.

    • අපගේ බෙදාහරින්නන් හෝ ඒජන්තවරුන්ට.

    • අප විකිණීමකට හෝ ව්‍යාපාර ගණුදෙනුවකට සම්බන්ධව සිටින්නේ නම්, (නිදසුනක් වශයෙන් ඒකාබද්ධ කිරිමක් හෝ අත්කර ගැනීමක්) අපගේ ව්‍යාපාර කටයුතු, වත්කම් හෝ ව්‍යාපාර වස්තු සියල්ලම හෝ ඉන් යම් කොටසක් සම්බන්ධයෙන් සිදුකරන යම් ප්‍රතිසංවිධානයක්, ඒකාබද්ධ කිරීමක්, විකිණීමක්, බද්ධ ව්‍යාපාරගත කිරීමක්, භාරදීමක්, පැවරීමක් හෝ බැහැර කිරීමක් සිදුවන විටක දී, (ව්‍යාපාර බංකොළොත්භාවය හෝ ඊට සමාන යම් කටයුතුවලට දක්වන සම්බන්ධතාව ඇතුළුව,) ඔබගේ පෞද්ගලික දත්ත තුන්වන පාර්ශ්වයකට අනාවරණය කිරීමේ දී හෝ පැවරීමේ දී අප විසින් නෛතික අභිලාෂයක් තවදුරටත් පවත්වාගෙන යනු ඇත. එවැනි තුන්වන පාර්ශ්වයන්ට, නිදසුනක් වශයෙන්, අත්කර ගැනීමේ ඉලක්ක කිරීමේ අස්ථිත්වයන් සහ එහි උපදේශකවරුන් ඇතුළත් වේ.

    • “ඔබගේ පෞද්ගලිත දත්ත අප විසින් භාවිත කරන්නේ කෙසේ ද? ” යන ශීර්ෂයේ දැක්වෙන කාර්යයන් සඳහා තුන්වන පාර්ශ්වයන් වෙත.

  2. ආ. කොටස්හිමියන් සම්බන්ධයෙන්

    • අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම් සහ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් වෙත.

    • අප විෂය වන හෝ අදාළ නීතියෙන් අවසර දී ඇති පරිදි, යම් නීතිමය හෝ නියාමන බැඳීමකට අනුකූල වීම අවශ්‍ය වන විටක දී, යම් රජයේ බලධාරියෙකුට, රාජ්‍ය, නියාමන හෝ පිස්කල් නියෝජිතායතනයකට.

    • ලාභාංශ නිකුත් කිරීමේ කාර්ය සඳහා බැංකු වෙත.

    • අප විකිණීමකට හෝ ව්‍යාපාර ගණුදෙනුවකට සම්බන්ධව සිටින්නේ නම්, (නිදසුනක් වශයෙන් ඒකාබද්ධ කිරිමක් හෝ අත්කර ගැනීමක්) අපගේ ව්‍යාපාර කටයුතු, වත්කම් හෝ ව්‍යාපාර වස්තු සියල්ලම හෝ ඉන් යම් කොටසක් සම්බන්ධයෙන් සිදුකරන යම් ප්‍රතිසංවිධානයක්, ඒකාබද්ධ කිරීමක්, විකිණීමක්, බද්ධ ව්‍යාපාරගත කිරීමක්, භාරදීමක්, පැවරීමක් හෝ බැහැර කිරීමක් සිදුවන විටක දී, (ව්‍යාපාර බංකොලොත්භාවය හෝ ඊට සමාන යම් කටයුතුවලට දක්වන සම්බන්ධතාව ඇතුළුව) ඔබගේ පෞද්ගලික දත්ත තුන්වන පාර්ශ්වයකට අනාවරණය කිරීමේ දී හෝ පැවරීමේ දී අප විසින් නෛතික අභිලාෂයක් තවදුරටත් පවත්වාගෙන යනු ඇත. එවැනි තුන්වන පාර්ශ්වයන්ට. නිදසුනක් වශයෙන්, අත්කර ගැනීමේ හෝ ඉලක්ක කිරීමේ අස්ථිත්වයන් සහ එහි උපදේශකවරුන් ඇතුළත් වේ.

    • “ඔබගේ පෞද්ගලිත දත්ත අප විසින් භාවිත කරන්නේ කෙසේ ද? ” යන ශීර්ෂයේ දැක්වෙන කාර්යයන් සඳහා තුන්වන පාර්ශ්වයන් වෙත.

  3. ඇ) ව්‍යාපාරික හවුල්කරුවන් සහ සැපයුම්කරුවන් සම්බන්ධයෙන්

    • අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම් සහ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් වෙත.

    • අපගේ තුන්වන පාර්ශ්වයේ ඒජන්තවරුන්, සේවා සපයන්නන්. විශේෂඥවරුන්, උපදේශකවරුන්, කොන්ත්‍රාත්කරුවන් සහ/හෝ උපකොන්ත්‍රාත්කරුවන්ට.

    • අප විෂය වන හෝ අදාළ නීතියෙන් අවසර දී ඇති පරිදි, යම් නීතිමය හෝ නියාමන බැඳීමකට අනුකූලවීම අවශ්‍ය වන විටක දී, යම් රජයේ බලධාරියෙකුට, රාජ්‍ය, නියාමන හෝ පිස්කල් නියෝජිතායතනයකට.

    • අප විකිණීමකට හෝ ව්‍යාපාර ගණුදෙනුවකට සම්බන්ධව සිටින්නේ නම්, (නිදසුනක් වශයෙන් ඒකාබද්ධ කිරිමක් හෝ අත්කර ගැනීමක්) අපගේ ව්‍යාපාර කටයුතු, වත්කම් හෝ ව්‍යාපාර වස්තු සියල්ලම හෝ ඉන් යම් කොටසක් සම්බන්ධයෙන් සිදුකරන යම් ප්‍රතිසංවිධානයක්, ඒකාබද්ධ කිරීමක්, විකිණීමක්, බද්ධ ව්‍යාපාරගත කිරීමක්, භාරදීමක්, පැවරීමක් හෝ බැහැර කිරීමක් සිදුවන විටක දී, (ව්‍යාපාර බංකොළොත්භාවය හෝ ඊට සමාන යම් කටයුතුවලට දක්වන සම්බන්ධතාව ඇතුළුව) ඔබගේ පෞද්ගලික දත්ත තුන්වන පාර්ශ්වයකට අනාවරණය කිරීමේ දී හෝ පැවරීමේ දී අප විසින් නෛතික අභිලාෂයක් තවදුරටත් පවත්වාගෙන යනු ඇත. එවැනි තුන්වන පාර්ශ්වයන්ට. නිදසුනක් වශයෙන්, අත්කර ගැනීමේ හෝ ඉලක්ක කිරීමේ අස්ථිත්වයන් සහ එහි උපදේශකවරුන් ඇතුළත් වේ.

    • “ඔබගේ පෞද්ගලිත දත්ත අප විසින් භාවිත කරන්නේ කෙසේ ද? ” යන ශිර්ෂයේ දැක්වෙන කාර්යයන් සඳහා තුන්වන පාර්ශ්වයන් වෙත.

  4. ඈ) අමුත්තන් සම්බන්ධයෙන් (අපගේ යම් කවරම වූ පරිශ්‍රයන්/කාර්යාලන්/ඔන්ලයින් මාධ්‍යයන් සම්බන්ධයෙන්)

    අප පුරුද්දක් වශයෙන් ඔබගේ පෞද්ගලික දත්ත යම් බාහිර සංවිධාන හෝ තුන්වන පාර්ශ්වකරුවන් සමඟ හුවමාරු කරගැනීම හෝ භාරදීම සිදුකරගනු නොලැබේ. එසේ වුව ද, අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත හුවමාරු කරගැනීම හෝ භාරදීම කරන්නේ නම් හෝ කරන විටක දී, එය හුදෙක් “ඔබගේ පෞද්ගලිත දත්ත අප විසින් භාවිත කරන්නේ කෙසේ ද? ” යන ශිර්ෂයේ දැක්වෙන කාර්යයන් සඳහා විය යුතු වන අතර, අප විසින් එය සිදු කරනු ලබන්නේ මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීමට අනුව වේ.

    තව ද, අප විෂය වන හෝ අදාළ නීතියෙන් අවසර දී ඇති පරිදි, යම් නීතිමය හෝ නියාමන බැඳීමකට අනුකූලවීම අවශ්‍ය වන විටක දී, යම් රජයේ බලධාරියෙකු, රාජ්‍ය, නියාමන හෝ පිස්කල් නියෝජිතායතනයක් විසින් නියම කරනු ලැබුවහොත්, අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත අනාවරණය කරනු ඇත.

  5. ඉ) රැකියා අපේක්ෂකයන් සහ සේවකයන් සම්බන්ධයෙන්

    • අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම් සහ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් වෙත.

    • පසුබිම් පිළිබඳ කරුණු සත්‍යායනය කරන සේවා සපයන්නන් වෙත.

    • අප විෂය වන හෝ අදාළ නීතියෙන් අවසර දී ඇති පරිදි, යම් නීතිමය හෝ නියාමන බැඳීමකට අනුකූලවීම අවශ්‍ය වන විටක දී, යම් රජයේ බලධාරියෙකුට, රාජ්‍ය, නියාමන හෝ පිස්කල් නියෝජිතායතනයකට.

    • පරිපාලන හෝ වෙනත් සේවාවන් සපයන යම් වෙනත් තුන්වන පාර්ශ්වයේ සංවිධානවලට.

    • අපගේ සමාගම් සමූහය, පාලිත සමාගම් සහ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් විසින් ඉටුකරන යම් ආයතනික අභ්‍යාසයන්ට සම්බන්ධවන යම් වෙනත් තුන්වන පාර්ශ්වයේ සංවිධානවලට.

    • අප විකිණීමකට හෝ ව්‍යාපාර ගණුදෙනුවකට සම්බන්ධව සිටින්නේ නම්, (නිදසුනක් වශයෙන් ඒකාබද්ධ කිරීමක් හෝ අත්කර ගැනීමක්) අපගේ ව්‍යාපාර කටයුතු, වත්කම් හෝ ව්‍යාපාර වස්තු සියල්ලම හෝ ඉන් යම් කොටසක් සම්බන්ධයෙන් සිදුකරන යම් ප්‍රතිසංවිධානයක්, ඒකාබද්ධ කිරීමක්, විකිණීමක්, බද්ධ ව්‍යාපාරගත කිරීමක්, භාරදීමක්, පැවරීමක් හෝ බැහැර කිරීමක් සිදුවන විටක දී, (ව්‍යාපාර බංකොලොත්භාවය හෝ ඊට සමාන යම් කටයුතුවලට දක්වන සම්බන්ධතාව ඇතුළුව) ඔබගේ පෞද්ගලික දත්ත තුන්වන පාර්ශ්වයකට අනාවරණය කිරීමේ දී හෝ පැවරීමේ දී අප විසින් නෛතික අභිලාෂයක් තවදුරටත් පවත්වාගෙන යනු ඇත. එවැනි තුන්වන පාර්ශ්වයන්ට. නිදසුනක් වශයෙන්, අත්කර ගැනීමේ හෝ ඉලක්ක කිරීමේ අස්ථිත්වයන් සහ එහි උපදේශකවරුන් ඇතුළත් වේ.

    • “ඔබගේ පෞද්ගලිත දත්ත අප විසින් භාවිත කරන්නේ කෙසේ ද? ” යන ශිර්ෂයේ දැක්වෙන කාර්යයන් සඳහා තුන්වන පාර්ශ්වයන් වෙත.

ඉහත අවස්ථානුගත කරුණුවලට අනුව, ඔබගේ පෞද්ගලිත දත්ත රහස්‍යභාවයෙන් සහ ඒකාබද්ධතාවෙන් පවත්වාගෙන යන බවට සහ ඔබගේ පෞද්ගලික දත්ත යම් කවරම වූ අනවසරලත් කාර්යයන් සඳහා භාවිත කිරීමෙන් වැළකී සිටිමට කටයුතු කරන බවට සහතික කිරීම පිණිස අප විසින් කර්මාන්තයේ වැඩිම යහපත සලසන පරිචයන්ට අනුව, සාධාරණ උත්සාහයන් දරනු ලැබේ.

ඉහත අවස්ථානුගත තත්ත්වයන්ට අමතරව, ඔබ වෙත නිෂ්පාදනයන් සහ/හෝ සේවාවන් සැපයීමේ කාර්යේ දී, අපගේ සේවා සපයන්නන් විසින්, යම් වෙනත් චැනල හරහා ඔබගේ පෞද්ගලික දත්ත රැස්කර ගැනීම සිදුකළ හැකි අතර, එහි දී, ඔවුන්ගේ තනි පුද්ගල වෙබ් අඩවි/ජංගම යෙදවුම් හෝ මාධ්‍ය වෙත පිවිසීමට ඔබ වෙත නැවතත් නියම කළ හැකිය.

එවැනි සේවා සපයන්නන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ සෑම දැන්වීමක්ම සමාලෝචනය කර බලන ලෙසට අප විසින් ඔබ වෙත තරයේම උපදෙස් දෙනු ලැබේ. එවැනි සේවා සපයන්නන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම්, ඒවායේ අඩංගු කරුණු හෝ ඔවුන්ගේ පරිචයන් සම්බන්ධයෙන් ගත්විට, නීතියෙන් අවසර දී ඇති සම්පූර්ණ ප්‍රමාණයටම අපට පාලනයක් නොතිබෙන අතර, ඒ සම්බන්ධයෙන් වගකීමක් ද දරනු නොලැබේ.

පෞද්ගලිත දත්ත පැවරිම

අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත වෙනත් අස්ථිත්වයන් වෙත භූගෝලීය සීමා මායිම් හරහා හුවමාරු කරගැනීම සිදුකළ හැකිය. ඔබගේ පෞද්ගලික දත්ත අපගේ සමාගම් සමූහයේ සාමාජිකයන්, පාලිත සමාගම් සහ ආශ්‍රිත/අනුබද්ධිත සමාගම් සහ/හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව පිහිටි තුන්වන පාර්ශ්වයන් සමඟ හුවමාරු කරගැනීම සිදුවී ඇති විටක දී, එපරිදි ඔබගේ පෞද්ගලික දත්ත හුවමාරු කරගැනීම හුදෙක් ඔබගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම පිණිස, සංවිධානාත්මක, ගිවිසුම්ගත සහ නීතිමය ක්‍රියාමාර්ගවලට යටත්ව සහ දියත් කරන සාධාරණ ප්‍රමාණවත් මට්ටම්වල ආරක්ෂාව සහිතව සහ එමෙන්ම දත්ත ලබාගන්නා පාර්ශ්වකරුවන් සඳහා වන යම් අතිරේක දේශීය නීතිමය අවශ්‍යතාවන් පරිදි සිදුකරනු ලැබේ.

අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත ගබඩා කර තබාගැනිම සහ ආරක්ෂා කරගැනීම සිදුකරන්නේ කෙසේ ද?

අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත හුදු අවශ්‍යතාව පදනම් කරගෙන රැස්කරගෙන ඉලෙක්ට්‍රොනිකව හෝ භෞතික ස්වභාවයෙන් තබාගැනීම සිදුකරනු ලැබිය හැකිය. එවැනි පෞද්ගලික දත්ත තොරතුරු තාක්ෂණ පද්ධති තුළ අපගේ සහ තුන්වන පාර්ශ්වයේ පරිශ්‍රවල (නිදසුනක් වශයෙන් බාහිර ක්ලවුඩ් ගබඩාකරණය, අභ්‍යන්තර හෝ තෙවන පාර්ශ්වයේ කළමනාකරණ පද්ධති, ඊමේල්, දත්ත සංහිතාවන් සහ දෘඪාංග ඩ්‍රයිව් යනාදිය.) සහ භෞතික ගබඩා යනාදියේ ගබඩා කර තැබීම සිදුකළ හැකිය.

ඔබගේ පෞද්ගලික දත්ත යම් කවරම වූ අනවසරලත් හෝ නීති විරෝධි ලෙස සකස් කිරීමකින් හෝ අනපේක්ෂිත අනාවරණය කිරීමකින් හෝ එවැනි පෞද්ගලික දත්ත අහිමි වීම හෝ විනාශ වීම හෝ හානි වීමකින් වළක්වා ගැනීම පිණිස ඔබගේ පෞද්ගලික, ප්‍රායෝගික වශයෙන් කළ හැකි මට්ටමට වඩාත් සුරක්ෂිත වටපිටාවක සකස් කිරීමට අප උත්සාහ කරනු ලැබේ. ඔබගේ පෞද්ගලික දත්ත සහ අපගේ තොරතුරු ජාලය අනවසරලත් ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කිරීම පිණිස, විවිධ භෞතික, තාක්ෂණික සහ පරිපාලනමය ආරක්ෂිත ක්‍රියාමාර්ග අප විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම ක්‍රියාමාර්ගවලින් සමහරක් පහත දැක්වේ. එනම්:

  1. පෞද්ගලික දත්ත කේතගතකරණය;

  2. පෞද්ගලිකත්වය සහ ආරක්ෂක පරිචයන් තරයේ ම පිළිපැදීම;

  3. අපගේ පරිචයන් යාවත්කාලීන කිරීම පිණිස කාලීන ආරක්ෂක ඇගයීම සහ සමාලෝචන; සහ

  4. ඇතැම් පෞද්ගලික දත්ත දැනගැනීමට අවශ්‍යතාවක් තිබෙන සේවක පිරිස් වෙතට එවැනි පෞද්ගලික දත්තවල ප්‍රවේශවීම සම්බන්ධයෙන් සීමාවන් පැනවීම.

ඔබගේ පෞද්ගලික දත්තවල ආරක්ෂාව අපට ඉතා වැදගත් වන අතර, එනමුදු, අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමවේදය, සකස් කිරීමේ, ආරක්ෂා කිරීමේ හෝ ඉලෙක්ට්‍රොනිකව ගබඩාකර තබාගැනීමේ ක්‍රමවේදය 100% කින්ම ආරක්ෂා සහිත නොවන බවට මතක තබාගන්න. ඔබගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම පිණිස වාණිජමය වශයෙන් පිළිගත් ක්‍රමවේදයන් භාවිත කිරීමට අප විසින් උපරිම පරිශ්‍රමයක් දැරුව ද, එවැනි ක්‍රමවේදයන්වල ද පරම ආරක්ෂාව සම්බන්ධයෙන් අපට සහතික විය නොහැකිය.

අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත කොපමණ කාලයකට තවදුරටත් තබාගැනීම සිදුකරන්නේ ද?

ඔබගේ පෞද්ගලික දත්ත රැස්කීරීම කරන්නේ යම් කවරම වූ කාර්යයන්වල අවශ්‍යතාව පදනම් කරගෙන ද එකී කාර්යයන්වල අවශ්‍යතාව පවතින තාක් කල් ඔබගේ පෞද්ගලික දත්ත අප විසින් තවදුරටත් අප සතුව තබාගනු ලැබේ. පෞද්ගලික දත්ත මෙලෙස තවදුරටත් තබාගැනීමේ කාලසීමාවට හුදෙක් අදාළ නීතිවල අවශ්‍යතාවන් හෝ නෛතික ව්‍යාපාරික අවශ්‍යතාවන් මත වෙනස් විය හැකිය. සෑම අවස්ථානුගත තත්ත්වයන් යටතේම, පෞද්ගලික දත්ත තවදුරටත් තබාගැනීම නීතිමය හෝ නියාමන කාරණාවක් සඳහා එසේ තවදුරටත් තබාගැනීමට නියම වන දීර්ඝ කාලසීමාවක් සඳහා තවදුරටත් තබාගැනීම සිදුකළ හැකිය. (නීතිමය හෝ නියාමන කාරණාවක් සඳහා එසේ තවදුරටත් තබාගැනීම අවශ්‍ය නොවන සැණින් පෞද්ගලික දත්ත මකා දැමීම සිදුවනු ඇත.)

පෞද්ගලික දත්ත තවදුරටත් තබාගැනීමේ කාලසීමාව ඉක්ම වූ විටක දී, සහ එකී පෞද්ගලික දත්ත තවදුරටත් තබාගැනීම පිණිස වලංගු හේතුවක් නොපවතින විටක දී, එකී පෞද්ගලික ආරක්ෂා සහිතව බැහැර කිරීම කළ යුතුය.

ඔබගේ අයිතිවාසිකම් මොනවා ද?

ඔබගේ පෞද්ගලික දත්ත නිවැරදි වන බවට සහ යාවත්කාලීන කරන බවට සහතික වීම පිණිස, අදාළ පියවර ගැනීමෙන් අප විසින් ඔබගේ අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වයට ගරු කරනු ලැබේ. යම් සදොස් තොරතුරක් අපගේ අවධානයට නතු වුවහොත්, එය නිවැරදි කර පහත සඳහන් ඇමතුම් විකල්පයන් හරහා ඔබ විසින් අප වෙත එවන ලිඛිත දැන්වීම ලැබීමෙන් සාධාරණ කාලයක් ඇතුළත අප විසින් එකී දෝෂය නිවැරදි කරනු ලැබේ. සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන යම් කවරම වූ ඉල්ලීමක්ම අදාළ නීති සහ රෙගුලාසිවලට යටත් විය යුතුය.

අපගේ සන්තකයේ සහ අපගේ පාලනයේ තිබෙන ඔබගේ පෞද්ගලික දත්ත, සාධාරණ කාලයක් තුළ දී සාධාරණ පිරිවැයකට ලබාගැනීමට අප විසින් කටයුතු සලස්වනු ලැබේ. (සිදුකළ හැකි පමණට)

ඔබ වෙත අපගේ ලිපි එවීම නතර කිරීම කරන ලෙස මතු සඳහන් ඇමතුම් දත්ත හරහා අපව ඇමතීමෙන් ඔබට අප වෙතින් ඉල්ලීමක් කළ හැකිය. ඔබ වෙත කලින් කල ලැබිය හැකි, ඇතැම් ඩයලොග් නිෂ්පාදන සහ සේවාවන් යනාදියේ කොටසක් වශයෙන් සලකන අනිවාර්ය නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ ලිපි ලැබීමට, අපගේ නිෂ්පාදන සහ සේවාවන්වලට අදාළ දායක මුදල් ඔබ විසින් අවලංගු කර ඇත්නම් මිස, මෙම විකල්පයන් අදාළ නොකරගත යුතුය.

ඔබගේ පෞද්ගලික දත්ත සපයා නොදීමේ ප්‍රතිඵල

ඔබ පිළිබඳ ඔබගේ ඇතැම් පෞද්ගලික දත්ත රැස්කරන ලෙස ඔබට අප විසින් නියම කරනු ලැබිය හැකි අතර, එවැනි තොරතුරු සැපයීමට අපොහොසත්වීමක් මතු සඳහන් ප්‍රතිඵල ඇතිවීමට හේතු විය හැකිය. එනම්:

  1. ඔබගේ ඉල්ලීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ/හෝ අපගේ නිෂ්පාදන සහ/හෝ සේවාවන් ඔබට සැපයීමට අපට නොහැකිවීම.

  2. අපගේ නිෂ්පාදන සහ/හෝ සේවාවන් පිළිබඳ ඔබගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අපට කටයුතු කිරීමට නොහැකිවීම.

  3. අපගේ වෙබ් අඩවියේ, වෙබ් සම්බන්ධතාවන්වල හෝ ඩිජිටල් මාධ්‍යවල ඇතැම් අංගලක්ෂණවලට ප්‍රවේශය සීමා වීම හෝ වැළකීම.

  4. යම් කවරම වු අලෙවි ප්‍රවර්ධනයන්, අපගේ නිෂ්පාදන සහ/හෝ සේවාවන් හෝ දියත්කිරීම් සම්බන්ධයෙන් නවතම යාවත්කාලීනකිරීම් සම්බන්ධයෙන් ඔබ පිළිබඳ යාවත්කාලීනකිරීම් සිදුකිරිමට අපට නොහැකිවීම.

  5. අප විසින් සංවිධානය කරන අලෙවි ප්‍රවර්ධන කටයුතුවලට ඇරයුම් ලබාගැනීමට ඔබට නොහැකි වීම.

  6. ඔබව ඇමතීම සම්බන්ධ අපගේ හැකියාවට අසුභවාදී බලපෑමක් එල්ලවීම.

  7. ඔබගේ කොටස් දැරිම සම්බන්ධයෙන් ඔබ විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳව කටයුතු කිරීමට අපට නොහැකි විම.

  8. කොටස්හිමියන්ගේ රැස්වීම් පිළිබඳව ඔබට දැන්වීමට සහ ලාභාංශවල ඝෘජු ප්‍රේෂණ ඔබගේ බැංකු ගිණුම්වලට ප්‍රේෂණය කිරීමට අපට නොහැකි වීම.

  9. ඔබ හෝ ඔබ හා සමානයන් වන පාර්ශ්වයක් සමඟ ගිවිසුමකට එළඹීමට හෝ ඔබ හෝ ඔබ හා සමානයන් වන පාර්ශ්වයක් සමඟ ගිවිසුම්ගතවීම අඛණ්ඩව කරගෙන යාමට අපට නොහැකි වීම .

  10. යම් කවරම වූ විභව රැකියාවක්, සේවයේ යෙදවීමක් හෝ ආධුනික සේවා කාලයක නිරතකරවීමක් සඳහා වන තෝරාගැනීමක් සම්බන්ධයෙන් ඔබට තිබෙන අවස්ථාවන් සම්බන්ධයෙන් අසුභවාදි ලෙස බලපෑම.

  11. එපරිදි පෞද්ගලික දත්ත රැස්කිරිමට අපට නියම කරන යම් අදාළ නීතියක් හෝ රෙගුලාසියක් උල්ලංඝණය කිරීම.

ඔබ විසින් පෞද්ගලික දත්ත අප වෙත ඉදිරිපත් කිරීමෙන්, ඔබ විසින් මතු සඳහන් කරුණු පිළිගනු ලැබේ.එනම්:
  1. මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම ඔබ විසින් කියවා වටහාගෙන අති බවත්, පෞද්ගලික දත්ත මෙම දැන්වීමේ සඳහන් පරිදි, භාවිත කිරීමට, සකස් කිරීමට, අනාවරණය කිරීමට හෝ හුවමාරු කිරීමට එකඟතාව පළකොට, කැමැත්ත ප්‍රකාශ කරන බවටත්,

  2. ඔබ විසින් සපයා ඇති සියලූම තොරතුරු සහ කරුණු දැක්වීම් ඔබගේ උපරිම දැනීමට අනුව සත්‍යය සහ නිවැරදි වන බවටත්, යම් කවරම වූ අදාළ තොරතුරක් ඔබ විසින් හිතිමතාම වසන් කිරීම කර නොමැති බවත්ය.

තවදුරටත් තොරතුරු සඳහා ඔබ විසින් ඇමතිම කළහැක්කේ කාට ද?

මෙම දැන්වීම පිළිබඳව හෝ ඔබගේ පෞද්ගලිකත්වය පිළිබඳව සහ තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන භාවිතයන් පිළිබඳව ඔබට යම් ගැටලු හෝ පැමිණිලි වෙතොත්, පහත සඳහන් විකල්පයන් ඔස්සේ අපගේ දත්ත පෞද්ගලික නිලධාරී ඇමතීමට කාරුණික වන්න.

  1. ලිපිනය: 475, යුනියන් පෙදෙස, කොළඹ 02.

  2. දුරකථන අංකය: +94 77 7 678 678

  3. විද්‍යුත් තැපෑල: privacy@dialog.lk

පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීමට යාවත්කාලීන කිරීම.

මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම, අවශ්‍යතාව පරිදි සහ අවශ්‍යතාවක් මතු වුවහොත්, අපගේ තනි අභිමතය පරිදි, කලින් කලට සංශෝධනය කිරීමට, සුළු වශයෙන් වෙනස් කිරීමට, වෙනස් කිරීමට හෝ යාවත්කාලීන කිරීමට අයිතිය අප විසින් තවදුරටත් රඳවා තබාගනු ලැබේ.ඉතාමත් මෑතක දී ප්‍රකාශයට පත්කරන ලද පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම, එහි යම් කවරම වූ පූර්ව අනුවාදයන්ට අත්‍යන්තව බලාත්මක විය යුතු වන අතර, අනුවාදයේ අංකය සහ දිනය ඒ අනුව යාවත්කාලීන කරනු ලැබේ. මෙහි යම් කවරම වු වෙනස්කම් ඔබ වෙත දැන්වීමට අප වෙත බැඳීමක් නොතිබෙන අතර, මෙහි යම් කවරම වූ වෙනස්කම් පිළිබඳව දැනුවත්භාවයෙන් සිටිම පිණිස, මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීම කලින් කලට පරීක්ෂා කරන ලෙසට ඔබ දිරිගන්වනු ලැබේ. මෙම පෞද්ගලිකත්වය පිළිබඳ දැන්වීමේ නියමයන් සහ ඒ සම්බන්ධයෙන් කරන වෙනස්කිරීම්වලට ඔබ විසින් එකඟතාව පළකොට, ඒවා අනුගමනය කරනු ලැබේ.