Body

ඩයලොග් නෙට්වර්ක් සර්විසස් Great Place to Work-Certified TM තත්ව සහතිකය හිමිකර ගනී

අගොස්තු 16, 2022         කොළඹදී

 

Dialog Network Services Certified as a Great Workplace

ඡායාරූපයේ වමේ සිට දකුණට:: ඩයලොග් නෙට්වර්ක් සර්විසස් හි මානව සම්පත් ප්‍රධානී - සුමුදු වීරක්කොඩි, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී සහ ඩයලොග් නෙට්වර්ක් සර්විසස් හි අධ්‍යක්ෂ ප්‍රදීප් ද අල්මේදා, ඩයලොග් නෙට්වර්ක් සර්විසස් හි ප්‍රධාන විධායක නිලධාරී ජනක් ප්‍රනාන්දු,Great Place to Work® Sri Lanka හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ක්ෂණිකා රත්නායක,Great Place to Work® Sri Lanka හි ගිණුම් සම්බන්ධතා කළමනාකාර ඩෙබෝරා ජේම්සන්,ඩයලොග් නෙට්වර්ක් සර්විසස් හි මානව සම්පත් විශේෂඥ යාධව මාරසිංහ

උසස් කාර්යඵලයක් සහ විවිධාංගීකරණය වූ සේවා සංස්කෘතියක් පවත්වාගනිමින් සේවාවන් වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් ලබාදීම වෙනුවෙන් වූ සිය කැපවීම යළි තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි පූර්ණ උප සමාගමක් වන ඩයලොග් නෙට්වර්ක් සර්විසස් (Dialog Network Services) පසුගියදා Great Place to Work® Certified TM තත්ව සහතිකය හිමිකර ගන්නා ලදී.

Great Place to Work® ආයතනය උසස් කාර්යඵලයක් සහිත සේවා සංස්කෘතීන් සම්බන්ධයෙන් කටයුතු කරන අතර, විශිෂ්ටත්වයෙන් යුත් ආයතනික සේවා තත්වයන් හඳුනාගැනීමට අවශ්‍ය ප්‍රමිතීන්, මූලික ක්‍රම සහ විශේෂඥ දැනුම සලසන ආයතනයක් ලෙස කටයුතු කරයි. ඩයලොග් නෙට්වර්ක් සර්විසස් (Dialog Network Services) ලද මේ පිළිගැනීම සහ ඇගයීම තුළින් එහි කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගේ හඬ සහ මතය පිළිබිඹු වන අතර, Great Place to Work® ආයතනය විසින් ඩයලොග් නෙට්වර්ක් සර්විසස් කාර්යමණ්ඩල සාමාජිකයන් සමීක්ෂණයකට සහභාගි කරගන්නා ලදී. එහිදී විශ්වසනීයත්වය තුළින් විශ්වාසය ගොඩනැගීම, ගෞරවය හා සාධාරණත්වය, සේවා ස්ථානය තුළ අභිමානයෙන් හා එකමුතුබවින් කටයුතු කිරීම යනාදී මූලික කරුණු සැලකිල්ලට ගැනුණු අතර එම කරුණු සියල්ලම ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ සඳහා වන ශක්තිමත් පදනම වෙනුවෙන් අත්‍යවශ්‍ය මූලික සුදුසුකම් වේ. සේවා ස්ථාන පිළිබඳව මනා තක්සේරුවක් සිදුකිරීමට මෙම ඇගයීම් ක්‍රම භාවිත කෙරෙන අතර එහි ප්‍රතිඵල හරහා ආයතනවලට තම සේවා සංස්කෘතිය අන්තර්ජාතික මට්ටමේ සමාගම් සමඟ සැසඳීමට හැකියාව ලැබේ.

සමාගම ලද සුවිශේෂී ඇගයීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ඩයලොග් නෙට්වර්ක් සර්විසස් (Dialog Network Services) හි ප්‍රධාන විධායක නිලධාරී ජනක් ප්‍රනාන්දු මහතා “අපගේ ජාල සේවා මෙහෙයුම් ක්‍රියාන්විතය තුළ අප සතු වටිනාම සහ විශිෂ්ටම සම්පත වන්නේ අපේ සේවක පිරිසයි.පුද්ගලයින් පිළිබඳව අවධානය යොමු කරන සේවා සංස්කෘතියක් බිහිකිරීම වෙනුවෙන් වූ අපගේ කැපවීම පිළිබිඹු කරන මෙම ඇගයීම අපට ලබාදීම අපට මහත් ගෞරවයක් වගේම ඒ සම්බන්ධයෙන් අප නිහතමානීව සතුටු වෙනවා. කොවිඩ් - 19 ගෝලීය වසංගතයේ උච්චතම අවස්ථාවේදී අප මුහුණදුන් අභියෝග හමුවේ අපේ කාර්යමණ්ඩලය සියල්ල විඳ දරාගෙන ඊට අනුගතවෙමින් නිර්මාණශීලීව සිය හැකියාවන් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා / අන්තර්ජාල සේවා වෙනුවෙන් පැවති ඉහළ ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් පැවති පුළුල් ඉලක්කයන් සාර්ථකව ජයගැනීම වෙනුවෙන් යොදවනු ලැබුවා.”

ඩයලොග් නෙට්වර්ක් සර්විසස් පුද්ගලික සමාගම (Dialog Network Services) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි පූර්ණ උප සමාගමක් වන අතර, මෙරට විශාලතම මොබයිල් ජාලයද මෙහෙයවනු ලබයි. බහු සංවේදී ඩිජිටල් සබඳතාවයන්ට පහසුකම් සලසාදීම පිණිස ශ්‍රී ලාංකීය ජන ජීවිත හා ව්‍යවසායන් සවිබලගන්වමින් පොහොසත් කිරීම වෙනුවෙන් විශිෂ්ටතම ජාල මෙහෙයුම් හා සංවර්ධන සේවාවන් සැලසීම කෙරෙහි ඩයලොග් නෙට්වර්ක් සර්විසස් අවධානය යොමු කරයි.