Body

ඩය‍ලොග් සමාගම දකුණු ආසියාවේ ප්‍රථම වරට mmWave 5G අත්හදාබැලීම සාර්ථකව සිදුකරයි

2022 දෙසැම්බර් 23         කොළඹදී

 

Dialog Conducts South Asia’s First Successful mmWave 5G Trial

2018 වසරේ දී 5G සේවාව දියත් කළ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විදුලි සංදේශ සේවා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දකුණු ආසියානු කලාපය තුළ ප්‍රථම වරට mmWave 5G අත්හදාබැලීම සාර්ථකව සිදුකිරීමට සමත්ව ඇත.

Non-standalone (NSA) ක්‍රමයෙන් 4Gbps ඉක්මවූ 5G ඩවුන්ලෝඩ් වේගයක් ළඟා කර ගැනීමට ඩයලොග් සමාගම සමත්ව තිබෙන අතර,mmWave සමඟ වත්මන් ප්‍රමිතීන් අභිබවා යාමට හැකිවනු ඇත.mmWave ඉහළ සංඛ්‍යාත පරාසයන් තුළ ක්‍රියා කරන බැවින් පුළුල් bandwidth එකක් සහ ඉහළ ධාරිතාවයක් සමඟ පරිශීලකයින්ට අතිශය වේගවත් අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් වේගයක් සහිත 5G ප්‍රතිලාභ ලබාගැනීමට හැකිවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, “mmWave 5G සමඟ ලෝකය සමඟ ඉදිරියට යමින්, දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ඉහළ සබඳතා අත්දැකීමක් ලබාදෙමින්, ‘අනාගතය අදයි’ යන අපේ සන්නාමයේ ප්‍රධාන තේමාව පාරිභෝගිකයන්ට සහ හිතවත් ව්‍යාපාරික පාර්ශවයන්ට තවදුරටත් තහවුරු කරන්නට හැකිවීම ගැන අපි අතිශයින්ම සතුටු වෙනවා.මේ සාර්ථක අත්හදා බැලීමත් සමඟ අපි ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සමත්වුණා.අපගේ ජාලය mmWave වැනි ඉහළම තාක්ෂණයකින් බලගන්වමින්, අපේ රටට නවෝත්පාදන සහ අසීමිත අවස්ථාවන්ට ඉඩ විවරකර දෙන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා.”

මීට අමතරව ඩයලොග් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G අත්හදා බැලීමේ සේවාව දියත් කිරීම, ප්‍රථම Standalone 5G අත්හදා බැලීමේ සේවාව දියත් කිරීම සහ 2018 දෙසැම්බර් මාසයේදී ප්‍රථම ප්‍රමිතිගත 5G fixed-wireless නියමු සම්ප්‍රේෂණය ඇතුළු දකුණු ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G සේවා දියත් කිරීම් රැසක් සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර තිබේ.ක්‍රමයෙන් පුළුල් වන ඩයලොග් සමාගමේ 5G අත්හදා බැලීම් ක්‍රියාත්මක වන ප්‍රදේශ පිළිබඳව සම්පූර්ණ විස්තර www.dialog.lk/5g වෙබ් පිටුවෙන් දැනගත හැක.