Body

ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය මීගමුවේදී සහ CH&FC හිදී

සජීවීව දැවැන්ත තිරයට රැගෙන ඒමට JICA, ඩයලොග් සහ සංචාරක මණ්ඩලය අත්වැල් බැඳගනියි

දෙසැම්බර් 15, 2022         කොළඹදී

 

FIFA Final Goes LIVE

ඡයාරූපය (වමේ සිට දකුණට) යොෂිඩා කෙන්ටාරෝ - ජ්‍යේෂ්ඨ නියෝජිත, JICA ශ්‍රී ලංකා කාර්යාලය, තිසුම් ජයසූරිය- සභාපති, ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන, චිරන්ත ද සොයිසා - උප සභාපති/ මාධ්‍ය ව්‍යාපාර ප්‍රධානී, ඩයලොග් ආසිආටා පී.එල්.සී, යමාඩා ටෙත්සුයා - ප්‍රධාන නියෝජිත, JICA ශ්‍රී ලංකා කාර්යාලය, නාමල් රලපනාව- ජ්‍යේෂ්ඨ විශේෂඥ, JICA ශ්‍රී ලංකා කාර්යාලය

ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය සජීවීව දැවැන්ත තිරයට රැගෙන ඒමට JICA, ඩයලොග් සහ සංචාරක මණ්ඩලය අත්වැල් බැඳගිනියි

ලොව පාපන්දු උණුසුමේ උච්ඡතම අවස්ථාව එළැඹීමට නියමිත 2022 දෙසැම්බර් 18 වැනිදාට යෙදෙන පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර තරගය හෙවත් ලොව ප්‍රමුඛතම ඉසව්ව එදින පස්වරු 8.30 සිට මීගමුව වෙරළ උද්‍යායනය සහ සී.එච් ඇන්ඩ් එෆ්.සී පිටියේදී දැවැන්ත තිර මතින් සජීවීව ප්‍රදර්ශනය කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA), ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා එකතුවෙන් කටයුතු යොදා තිබේ.

ලොව වැඩිම පිරිසක් නරඹන කණ්ඩායම් ක්‍රීඩාව වන පාපන්දු ලෝක කුසලානේ කාණ්ඩ අදියර 2022 නොවැම්බර් 20 වැනිදා දෝහා කටාර් හිදි ඇරඹුණු අතර මෙවැනි ජගත් මට්ටමේ ඉසව්වක් මැද පෙරදිග පැවැත්වෙන පළමු අවස්ථාව එය විය.

ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන්, රළ මත ලිස්සායෑම් සහ ආගන්තුක සත්කාරය විඳීම වෙනුවෙන් මෑතක සිට නැවතත් විදේශ සංචාරකයන් මෙරට පැමිණෙමින් සිටින බව දිස්වන මොහොතක, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ඩයලොග් ආසිආටා සමාගම මේ අයුරින් අත්වැල්බැඳගනිමින් මෙම ජගත් ඉසව්ව මීගමු වෙරළේ FIFA World Cup Fan Zone දී මෙලෙස ප්‍රදර්ශනය කරනුයේ සංචාරක ක්ශේත්‍රයට සහයක් වීමේ අපේක්ෂාවෙනි.

ෆිෆා ඉසව්ව වෙනුවෙන් වෙන්වූ එම මීගමු වෙරළ උද්‍යානයේ එදින සජීවී සංගීත කණ්ඩායම්, ඩී.ජේ සංගීතය ආදිය සමගින් නැටුම්, ගැයුම්, වැයුම් සහ මැජික් සංදර්ශන මෙන්ම ආහාර සල්පිල් ඇතුළු පැමිණෙන පිරිස හට විනෝදාශ්වාදය උදෙසා සජීවී ක්‍රියාකාරකම් රැසකින් සමන්විතය.

මේ අතර ඉකුත්දා JICA ආයතනය ඩයලොග් සමග එකතුව කුරුණෑගල සහ වවුනියාවේ පාසල් දෙකක් වෙත පාපන්දු ලෝක කුසලානේ ජපානය සහ කොස්ටරිකාව අතර තරගය තරගය සජීවීව නැරඹීමට මෙන්ම එම පාසල් දෙක අතර සුහද පාපන්දු තරග පැවැත්වීමට ද යෙදුණි.

2018 වසරේදී රුසියාවේ මොස්කව් හී ලෂින්ක් ක්‍රීඩාංගණයෙදී පැවැති ඉකුත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ගෝල 4-2ක් වශයෙන් ක්‍රොඒෂියාව පරදවා සිය දෙවැනි ලෝක කුසලාන දිනාගැනීමට ප්‍රංශය සමත්විය.