Body

ඩයලොග් පාරිභෝගිකයන් Star Points හරහා රුපියල් මිලියන 27 කට වැඩි පරිත්‍යාගයක් 2022 දී ‘Little Hearts’ වෙත සිදුකරයි

2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු.මිලියන 122 ඉක්මවයි

2023 මාර්තු 03         (කොළඹදී)

 

Dialog Customers Donate Over Rs. 27 Million via Star Points to ‘Little Hearts’

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ Loyalty වැඩසටහන සහ පාලන අංශයේ කළමනාකාරිණී අමා වීරසිංහ මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අනුබද්ධ හි සේවා කළමනාකාර කසුන් හේරත් මහතා, ආසිආටා පීඑල්සී හි සමූහ Loyalty වැඩසටහනේ සේවා සංවර්ධන ප්‍රධානී රොෂාන්ත් ගාර්දිආරච්චි මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ Loyalty වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - අයෝමාල් ගුණසේකර මහතා, Little Hearts ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා, ප්‍රයිවට් ලිමිටඩ් හි උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා,මනුසත් දෙරණ ව්‍යාපෘතියේ සභාපති මහේෂ් ජයවර්ධන මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි Star Rewards වැඩසටහනේ සේවා කළමනාකාරිණී රොමානා සලීම් මෙනවිය.

ඩයලොග් පාරිභෝගිකයින් 450,000 කට අධික ප්‍රමාණයක්, ශ්‍රී ලංකාවේ වෙසෙන හදවත් රෝග ඇතුළු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් සැකසු "Little Hearts" ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 27 කට අධික Star Points පරිත්‍යාගය කර තිබේ. 2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු.මිලියන 122 ඉක්මවයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන ‘Little Hearts’ ව්‍යාපෘතිය තුළින් හදවත් රෝග ඇතුළු දරුණු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ,මහල් 12 කින් සමන්විත හෘද සහ දැඩි සත්කාර ඒකකයක් සංවර්ධනය වෙනුවෙන් මෙම පරිත්‍යාගය යෙදවෙන අතර මෙම ගොඩනැගිල්ල හෘද සැත්කම් ශල්‍යාගාර 4 ක්, කැතීටකරණ විද්‍යාගාරයක්, 100 කට අධික හෘද රෝග සහ නව දරු උපත් දැඩිසත්කාර ඒකක,ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සහ නවීනතම හෘද රෝග පරීක්ෂණ හා පුහුණු පහසුකම්වලින් සමන්විත වේ.මෙහි ඉදිකිරීම් සඳහා රු. බිලියන 4 කට අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම කාර්ය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙසේ පවසා සිටියේය. “ඩයලොග් Star Points පාරිභෝගිකයන්ගේ පරිත්‍යාගශීලීබව සම්බන්ධයෙන් අපිට තිබෙන්නේ විශාල සතුටක්. මේ පරිත්‍යාගශීලී දායකත්වය හරහා බොහෝ ජීවිතවල වෙනසක් ඇති කරන්නට වගේම රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රය තුළ මහල් 12 කින් සමන්විත හෘද සහ දැඩි සත්කාර ඒකකය ගොඩනැගීමේ කටයුතු කඩිනම් කිරීමටත් හැකියාව ලැබෙනවා.හෘද රෝගවලින් පීඩා විඳිමින් ප්‍රතිකාර අවශ්‍ය රෝගී දරුවන්ගේ ජීවිතවල වෙනසක් ඇති කරන්න ප්‍රජාව විසින් පරිත්‍යාග කළ මෙම සුවිශාල Star Points මූල්‍ය පරිත්‍යාගය,ප්‍රජාවකගේ සාමූහික එකමුතුවේ බලය පෙන්වීමට හොඳම සාක්ෂියක්.ලංකාවේ දරු දැරියන්ට ඉහළ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ සාමූහික ප්‍රයත්නය වෙනුවෙන් Star Points හරහා පරිත්‍යාගයෙන් දායකවූ අපගේ සියලුම පාරිභෝගිකයන්ට මගේ කෘතඥතාවය පළ කරනවා.”

'Little Hearts’ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක වෛද්‍ය දුමින්ද සමරසිංහ පවසා සිටියේ “Star Points පරිත්‍යාග කිරීමට සිය පාරිභෝගිකයන්ට අවස්ථාව සලසමින් මෙවැනි සද්කාර්යයකට ලබාදුන් සුවිශේෂී දායකතත්වයට ඩයලොග් සමාගමේ කළමනාකාරිත්වයට සහ කාර්යමණ්ඩලයට මගේ ස්තුතිය පළ කරනවා. ඒ වගේම පුංචි හදවත් රැකගැනීම වෙනුවෙන් සිය නොමසුරු පරිත්‍යාගශීලීත්වයෙන් දායකවූ පාරිභෝගිකයන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.’Little Hearts’ ව්‍යාපෘතියට අදාළ සියලුම ගනුදෙනු පූර්ණ විනිවිදභාවයකින් හා නිසි වගවීමකින් යුතුව සිදුකරන බවට අපි සහතික වෙනවා. ඒ වගේම ලබන වසර වන විට මේ ව්‍යාපෘතිය අපට අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා."

Little Hearts ව්‍යාපෘතියට අමතරව ඩයලොග් පාරිභෝගිකයන් Trail,ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මානය, Helpage Sri Lanka, My Friend, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, Atlas සිප් සවි සහ Ayati Trust ඇතුළු ආයතන හා සංවිධාන සඳහාද Star Points පරිත්‍යාග සිදුකර තිබේ. ඔබගේ පරිත්‍යාගයන් ඩයලොග් පදනමේ සවිබලයෙන් නිර්මාණය වූ මූල්‍යාධාර වෙබ් අවකාශය වන Karuna.lk වෙත පිවිස සිදුකළ හැකි අතර Dialog පාරිභෝගික ඔබට #141*6# හෝ MyDialog app හරහාද මෙම පරිත්‍යාග සිදුකළ හැක.