Body

ඩයලොග් විසින් ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාව බලගන්වයි

2023 පෙබරවාරි 02         කොළඹදී

Dialog Powers Senior National Netball Championship’

ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති - සන්නාම හා මාධ්‍ය - හර්ෂ සමරනායක මහතා විසින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියට අනුග්‍රාහක චෙක්පත පිළිගන්වන අවස්ථාව. දැල්පන්දු සම්මේලනයේ කමිටු සාමාජිකා චම්පා ගුණවර්ධන මහත්මිය සහ භාණ්ඩාගාරික පද්මිණී හොරණගේ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙරට ජාතික මට්ටමේ ක්‍රීඩාවන්ට ලබාදෙන සහාය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ආසියාවේ දැල්පන්දු කිරුළ දිනාගත් ජාතික දැල්පන්දු කණ්ඩායම මීළඟ තලයට ඔසවාතැබීමේ අරමුණ පෙරදැරිව 2023 ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය බලගන්වනු ලබයි. ඩයලොග් විසින් මෙම තරගාවලිය අඛණ්ඩව බලගන්වන සිව්වෙනි වසර මෙය වීමද විශේෂත්වයකි.

මෙම ජාතික ජ්‍යෙෂ්ඨ තරගාවලියේ මූලික තරග 2023 පෙබරවාරි 11 සහ 12 වැනිදා ටෝරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට යෙදී ඇති අතර අවසන් පූර්ව සහ අවසන් මහා තරගය පෙබරවාරි 13 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අදාළ ශූරතාව වෙනුවෙන් 35කට අධික කණ්ඩායම් සංඛ්‍යාවක් තරගවදිනු ඇත. ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාව, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ප්‍රමුඛතම දක්ෂතා හඳුනාගැනීමේ තරගාවලිය ලෙසින් සැලකෙන අතර, ජාතික සංචිතය නව දක්ෂතා සමගින් පුළුල් කිරීමට මෙන්ම විශේෂයෙන්ම 2023 ජුලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හී පැවැත්වීමට නියමිත 2023 දැල්පන්දු ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සූදානම වෙනුවෙන්ද මෙය වැදගත් වේ.

thepapare.com, Dialog ViU App සහ Dialog TV නාලිකා අංක 140 ඔස්සේ ප.ව 1 සිට මෙය සජීවීව විකාශය කිරීමට ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් ආසිආටා සමාගම කටයුතු යොදා තිබේ.

“ඉකුත් වසර කිහිපයේදී අප කණ්ඩායම සියලු අභියෝග ජයගනිමින් කැපී පෙනෙන ලෙස ඉහළට පැමිණියා.අපගේ සුවිශේෂී පාර්ශවකරුවෙකු වශයෙන් අපත් සමග නිබඳව රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා වෙත අපේ ස්තුතිය පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.”යනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පැවසුවාය.”ආසියානු කිරුළ දිනාගැනීමට අපට දැවැන්ත ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිකරගැනීමට ඉඩ සැලසුවා සේම එය අපගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට හේතුවක් වුණා. මේ ජයග්‍රාහී රිද්මය මේ වසර අවසානයේ පැවැත්වෙන ලෝක කුසලානය දක්වාද ඉදිරියට ගෙන යාමට හැකි බවට කණ්ඩායමට වගේම අපටත් විශ්වාසයි.”

අවසන්වරට පැවති ඩයලොග් ජාතික දැල් පන්දු ශුරතාවලියේ අවසාන මහා තරගයේදී ලකුණු 49-47ක් ලෙසින් තියුණු ජයක් සමඟ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා කණ්ඩායම පැරදවූ HNB කණ්ඩායමට හැකියාව ලැබුණි.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.