Body

ඩයලොග් එන්ටප්‍රයිස් 2022 ජාතික කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවය බලගන්වයි

පෙබරවාරි 08, 2022         කොළඹදී

 

Channa Amarasekara Explaining the ICT solutions provided by Dialog Enterprise

ඡායාරූපය: ඩයලොග් ආසිආටා පීඑල්සී හි නැගී එන ව්‍යාපාර ප්‍රධානී චන්න අමරසේකර මහතා විසින් ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) ආයතනය සලසන තොරතුරු තාක්ෂණික සේවා පිළිබඳව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා, වේවැල්, පිත්තල, මැටි භාණ්ඩ, ගෘහ භාණ්ඩ හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු පිරිසට පැහැදිලි කරමින්. ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරීස් මහතාද මේ අවස්ථාවට සම්බන්ධ විය.

Navin Pieris explaining the ICT solutions provided by Dialog Enterprise

ඡායාරූපය: ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරීස් මහතා විසින් ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) ආයතනය සලසන තොරතුරු තාක්ෂණික සේවා පිළිබඳව සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාට පැහැදිලි කරමින්.කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතාද මේ අවස්ථාවට සම්බන්ධ විය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නැවත පණගන්වමින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම පෙරදැරි කරගනිමින් ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) ආයතනය විසින් පෙබරවාරි 3 වෙනිදා සිට 6 වෙනිදා දක්වා BMICH හි පැවති 2022 ජාතික කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවයට තේමා අනුග්‍රාහකත්වය ලබාදෙමින් එය බලගැන්වීමට කටයුතු කරන ලදී. මේ සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කළ ව්‍යාපාර ආයතන මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැසකගේ සහභාගිත්වය හා දායකත්වය හිමිවිය.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා, වේවැල්, පිත්තල, මැටි භාණ්ඩ, ගෘහ භාණ්ඩ හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරීස් මහතා,ඩයලොග් ආසිආටා පීඑල්සී හි නැගී එන ව්‍යාපාර ප්‍රධානී චන්න අමරසේකර මහතා, ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී නසීම් මොහොමඩ් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය,” ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ දැවැන්ත පිබිදීමක් ඇති කිරීම සඳහා ශක්තිමත් අඩිතාලමක් සලසමින් ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ වැඩපිළිවෙලෙහි සාර්ථක ඉදිරි පියවරක් වශයෙන් දින 4ක් පුරාවට මේ ප්‍රදර්ශනය පැවත්වීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටට පත්වෙනවා. මේ වෙනුවෙන් අපට තේමා අනුග්‍රාහකත්වය ලබාදුන් ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනයටත්, ෆින්ටෙක් පාර්ශවකරු වශයෙන් අප සමඟ එක්වූ ඩයලොග් ෆයිනෑන්ස් ආයතනයටත්, නිල ගෙවීම් පාර්ශවකරු වශයෙන් අපට ශක්තියක් වූ ඩයලොග් ජීනී ආයතනයටත් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නැවත පණගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සාමූහික ප්‍රයත්නයට අපට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අපගේ කෘතඥතාවය පළ කරනවා.”

ගෝලීය වසංගත තත්වයේ අහිතකර බලපෑම්වලට ලක්වූ කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපාර හා සුළු හ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යළි නගා සිටුවීමට දිරියක් හා සහායක් වෙමින් පැවති මෙම ප්‍රදර්ශනය සඳහා කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරමින්, ව්‍යාපාර අංශ 20 ක් විසින් වෙළඳ 300 කට අධික වෙළඳකුටි සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට එක් කරන ලද අතර, ප්‍රදර්ශනය නැරඹීම සඳහා 20,000 ඉක්මවූ පිරිසක් පැමිණ තිබේ.වත්මන් තත්වය තුළ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයින්ට මෙරට හොඳම ඩිජිටල්කරණ සේවාවන් හරහා සිය ව්‍යාපාරික කටයුතු පරිවර්තනයකට ලක් කරමින් ඔවුන්ව බලගැන්වීම වෙනුවෙන් ඩයලොග් ෆයිනෑන්ස් හා ජිනී යන ආයතන පිළිවෙලින් නිල ෆින්ටෙක් පාර්ශවකරු හා ගෙවීම් පාර්ශවකරු වශයෙන් එක්විය.