Body

ඩයලොග් සමාගම බලගන්වන ලද ‘ඇය’ ජාතික වැඩසටහනේ කොළඹ උත්සව මාලාව සාර්ථකව නිමා වෙයි

මාර්තු 31, 2022         කොළඹදී

 

Aya National Initiative Powered by Dialog Successfully Concludes Event Series in Colombo
Aya National Initiative Powered by Dialog Successfully Concludes Event Series in Colombo
Aya National Initiative Powered by Dialog Successfully Concludes Event Series in Colombo

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වූ ජාතික මට්ටමේ කාන්තා සවිබලගැන්වීම් සහ සංවර්ධන වැඩසටහනක් වන ‘ඇය’ කොළඹ දී සිය වැඩසටහන් මාලාව සාර්ථකව නිම කරන ලදී. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද මෙම විශේෂ වැඩසටහන් බලගන්වනු ලබන්නේ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසිනි.

‘ඇය’, කාන්තා කේන්ද්‍රීය වැඩසටහනක් වන අතර එය මාර්තු 8 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ විය. එය අප්‍රේල් 7 වැනිදා දක්වා ක්‍රියාත්මක වී, මොනරාගල දිස්ත්‍රික්කයෙන් අවසන් වනු ඇත. කොළඹ උත්සවය සාර්ථක ලෙස අවසන් වීමෙන් පසුව, ‘ඇය’ වැඩසටහන ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල මාසයක් පුරාවට වෙළඳපොළ, සාකච්ඡා, උත්සව, දැනුම්වත් කිරීමේ වැඩමුළු සහ තවත් බොහෝ දේ පවත්වනු ඇත. ඒ හරහා පුළුල් මාතෘකා රැසක් පිළිබඳ කතිකාවත් සමාජගත කිරීමත්, ව්‍යවසායිකාවන්ට අතදීමත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳව සමාජය දැනුම්වත් කිරීමත් සිදු කෙරෙනු ඇත. අසමානාත්මතාව අවම කරමින් එය පුරුෂයන්, කාන්තාවන්, සහ දරුවන් ඒකරාශී කරගනිමින් කාන්තාවන්ට සවිබලය සැපයීමටත්, නිසි තැන ලබාදීමටත් අවශ්‍ය දැනුම බෙදා දෙනු ඇත.

මාර්තු 8, 9, 11 කොළඹ දීත්, මාර්තු 10 අනුරාධපුරයේත්, මාර්තු 18 හා 19 නුවරඑළියේත්, මාර්තු 21 හා 22 කළුතර දී ත්, මාර්තු 24 පුත්තලමේත්, මාර්තු 28 ගම්පහ දීත් ‘ඇය’ වැඩසටහන ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල දැනටමත් පවත්වා ඇත. එය ඉදිරියේදී මන්නාරම (අප්‍රේල් 01), කළුතර (අප්‍රේල් 3), කෑගල්ල (අප්‍රේල් 5), සහ අවසානයේ මොනරාගල දිස්ත්‍රික්කයේත් (අප්‍රේල් 7) පැවැත්වීමට නියමිතයි. ‘ඇය’ වැඩසටහනට සම්බන්ධවීම සඳහා උනන්දුවක් දක්වන්නන්ට 0773743718 අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැක.

මෙම වැඩසටහන සවිබලගැන්වීමට අමතරව, ඩයලොග් සමාගම කාන්තාවන්ගේ උන්නතිය වෙනුවෙන් සේවා රැසක් සම්පාදනය කර තිබේ. ඒ අතර කාන්තා කෙන්ද්‍රීය වේදිකාව වන ‘Yeheli.lk/Thozhi.lk’ හි සහාය ද සැපයීමට කටයුතු කරයි. මෙය භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන ඩිජිටල්, නිර්නාමික පණිවිඩ සේවාවකි. මෙමගින් සමාජයේ විවිධ සංවේදී මාතෘකා සාකච්ඡාවට ලක් කර, ඒ සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් අවශ්‍ය අයගේ රහස්‍යභාවය සුරැකෙන අයුරින් ඔවුන්ට වෛද්‍ය, මානසික සෞඛ්‍ය සහ උපදෙස් ලබාගැනීමේ කාර්යයන් නොමිලේ සලසනු ලබයි. එසේම Ideamart for Women මගින් කාන්තාවන් අතර ඩිජිටල් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා, කාන්තාවගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කාන්තා ව්‍යවසායකත්ව සහ සවිබල ගැන්වීමේ සේවා සපයනු ලබයි. එපමණක් නොව, ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරයේ සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරික දැනුම, අවබෝධය, විශේෂඥ උපදෙස්, ක්ෂණිකව බාගත කළ හැකි අන්තර්ගතයන් සහ ව්‍යාපාරික සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමට උපකාරී වන පහසුකම්වලින් සමන්විත වන ‘Diriya.lk’ ද මෙම වැඩසටහන් යටතේ වේ. ඊට සමගාමීව ඩයලොග් සවිබලය ලබන ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් සෞඛ්‍ය සේවා සපයන්නා වන Doc990 ද කාන්තාවන්ගේ යහපැවැත්ම සඳහා විශේෂයෙන් හඳුන්වාදෙනලද සෞඛ්‍ය සහ සුවතා පැකේජ විශේෂ වට්ටමක් සහිතව පිරිනමමින් කාන්තාවන් සවිබලගන්වනු ලැබීමද විශේෂත්වයකි.