Body

කාන්තා දිනයට සමගාමීව දියත් කරන ජාතික බලගැන්වීමේ වැඩසටහන - ‘ඇය’ වෙනුවෙන් ඩයලොග් ආසිආටා සවිබලය

මාර්තු 07, 2022         කොළඹදී

 

Mrs. K. M. S. D. Jayasekera, receiving the sponsorship from Mrs. Amali Nanayakkara

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කේ.එම්.එස්.ඩී ජයසේකර මහත්මිය ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලි නානායක්කාර මහත්මිය වෙතින් අදාළ අනුග්‍රාහකත්වය ලබාගත් අවස්ථාව.
(ඡායාරූපයේ වමේ සිට) සී.එම් උපසේන මහත්මිය, අධ්‍යක්ෂිකා – කාන්තා කාර්යාංශය, කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා සමග රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.එච්.එම්. ඩබ්ලිව්.ඩබ්ලිව්. හේරත් මහත්මිය කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා ද වේ.

ශ්‍රී ලාංකීය සුවහසක් කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් පෙරට රැගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින්, කාන්තා දිනය සමරමින් පැවැත්වෙන ජාතික මට්ටමේ බලගැන්වීමේ සහ සංවර්ධන වැඩසටහන ‘ඇය’ වෙනුවෙන් සවිබලය පිරිනමනු ලැබීය. මෙම වැඩසටහන කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබයි.

‘ඇය’ යනු කාන්තා කේන්ද්‍රීය වැඩසටහන් වන අතර මාර්තු 08 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඇරඹෙන මෙම වැඩසටහන අප්‍රේල් 07 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙමින් මොනරාගල දිස්ත්‍රික්කයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව පුරා මාසයක කාලය අතරතුර වෙළෙඳ ප්‍රදර්ශන, සාකච්ඡා, ඇගයීමේ උත්සව, දැනුවත්කිරීමේ වැඩමුළු සහ තවත් බොහෝ දෑ හරහා කාන්තා ව්‍යවසායකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මංපෙත් සහ වේදිකා විවර කරන අතරවාරයේ සමාජයේ පවතින ස්ත්‍රීපුරෂ අසමානතා සම්බන්ධයෙන් සමාජ දැනුවත්භාවය සිදුකරමින් කාන්තාවගේ සහභාගීත්වය ඉහළ නැංවෙන සහ ඔවුන්ව සවිබලගැන්වීම උදෙසා මාවතක් සකස් කරන සාකච්ඡාව වෙනුවෙන් කාන්තාව, පුරුෂයා සහ දරුවන් #breakthebias තේමාව හා සම්බන්ධ කරවීම මෙහිදී සිදු කරයි. මෙම වැඩසටහන අනුරාධපුර, නුවරඑළිය, කළුතර, පුත්තලම, ගම්පහ, මන්නාරම සහ කෑගල්ල ආදී දිස්ත්‍රික්ක ගණනාවක් ආවරණය කරමින් රට පුරා ගමන් කරනු ඇත.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර මහත්මිය මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් “මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන #BreakTheBias සමග සම්පාත වෙමින්, කාන්තාව සවිබලගැන්වීමේ සහ සංවර්ධනය කිරීමේ මාසයක් පුරා දිවෙන ‘ඇය’ වැඩසටහන ක්‍රියාත්මකභාවයට පත්කිරීමට හැකිවීම ගැන අප සතුටට පත්වෙනවා. කාන්තාව යනු අප සමාජයේ නිර්මාන ශිල්පිනියයි. ඇයව සවිබලගැන්වීම යනු ජාතිය සවිබලගැන්වීමයි. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ තේමාවට අනුව යමින් ‘තිරසාර හෙටක් වෙනුවෙන් අද ස්ත්‍රී පුරුෂ සමානත්මතාවය’ යන්න ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සහය දැක්වීම පිළිබඳව ඩයලොග් ආසිආටා වෙත අපේ ස්තුතිය පළකරනවා.”

කාන්තාවන් හට ඔවුන්ගේ සියළු අභිමථාර්ථයන් ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබාදෙමින් ඔවුන්ව සවිබල ගැන්වීමට ඩයලොග් ආයතනය නිරතුරුවම කටයුතු කරයි. මෙම වැඩසටහන බලගැන්වීමට අමතරව, ඩයලොග් තවත් පියවරක් පෙරට ගොස්, සිය කාන්තා කෙන්ද්‍රීය වේදිකාව වන ‘Yeheli.lk/Thozhi.lk’ හි සහාය ද සැපයීමට කටයුතු කරයි. මෙය භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන ඩිජිටල්, නිර්නාමික පණිවිඩ සේවාවකි. මෙමගින් සමාජයේ විවිධ සංවේදී මාතෘකා සාකච්ඡාවට ලක් කර, ඒ සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් අවශ්‍ය අයගේ රහස්‍යභාවය සුරැකෙන අයුරින් ඔවුන්ට වෛද්‍ය, මානසික සෞඛ්‍ය සහ උපදෙස් ලබාගැනීමේ කාර්යයන් නොමිලේ සලසනු ලබයි. එසේම Ideamart for Women මගින් කාන්තාවන් අතර ඩිජිටල් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා, කාන්තාවගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කාන්තා ව්‍යවසායකත්ව සහ සවිබල ගැන්වීමේ සේවා සපයනු ලබයි. එපමණක් නොව, ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරයේ සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරික දැනුම, අවබෝධය, විශේෂඥ උපදෙස්, ක්ෂණිකව බාගත කළ හැකි අන්තර්ගතයන් සහ ව්‍යාපාරික සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමට උපකාරී වන පහසුකම්වලින් සමන්විත වන ‘Diriya.lk’ ද මෙම වැඩසටහන් යටතේ වේ.

ඩයලොග් සමාගම, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ජාතික ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා ද වේ. එසේම එම සමාගම ජාතික සහ කනිෂ්ඨ ජාතික දැල්පන්දු ශූරතාවලිය සමඟ සමාගම සමීපව කටයුතු කරන අතර ඩයලොග් හි සන්නාම තානාපතිවරුන් වන උමාරියා සිංහවංශ, සෙනාලි ෆොන්සේකා, මධුවි වෛත්‍යලිංගම් සහ චමරි අතපත්තු සමඟ එක්ව කාන්තා සවිබල ගැන්වීමේ සංස්කෘතියක් එහි පිය සටහන් හරහා අන්තර්ග්‍රහණය කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ලබයි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න - http://www.childwomenmin.gov.lk/