Body

ජාතික ඉන්ධන අවසරපත් ඩිජිටල් ක්‍රමවේදය සඳහා GSMA M360 APAC 2023 සම්මාන උළෙලේදී ඩයලොග් විසින් 'Digital Inclusion සම්මානය' දිනා ගනී

ඩයලොග්, MillenniumIT සහ ICTA විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා මෙය නිර්මාණය කරන ලදී

2023 සැප්තැම්බර් 15         කොළඹදී

 

Dialog MAS Enabler Programme

ඩයලොග් ආසිආටා පී. එල්. සී හි සමූහ ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා GSMA M360 APAC 2023 සම්මාන උළෙලේදී zExcellence in Digital Inclusion Video Award’ සම්මානය ලබා ගන්නා අවස්ථාව.

ඩිජිටල් ක්ෂේත්‍රයේ විශේෂ සම්මාන උලෙළක් වන GSMA M360 APAC 2023 සම්මාන උළෙලේදී, ඩයලොග් ආසිආටා පී.එල්.සී, සිය හවුල්කරුවන් හා එක්ව සකස් කළ, ‘ජාතික ඉන්ධන අවසර පත්‍රය’, 'Excellence in Digital Inclusion Video Award' සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් බල ගැන්වීම පිණිස, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ, Millennium IT ESP සහ ICTA, සමග එක්ව ජංගම තාක්ෂණය අසමසම ලෙස භාවිත කරමින් ඩයලොග් හඳුන්වාදුන් ‘ජාතික ඉන්ධන අවසර පත්‍රය' වැඩසටහන මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

2022 අගෝස්තු මාසයේදී මෙරට පැවති ඉන්ධන අර්බුදය හමුවේ රට තුළ පැවති සීමිත ඉන්ධන ප්‍රමාණය ඵලදායී අයුරින් දිවයින පුරා බෙදා හැරීම පිණිස ‘ජාතික ඉන්ධන අවසර පත්‍රය’ හඳුන්වා දෙනු ලැබිණි. පැවති අභියෝගය සාර්ථකව ජය ගැනීමට එය ඉවහල් වූ අතර, මෙරට සමාජ හා ආර්ථික ක්ෂේත්‍රයන් ස්ථාවරත්වයක් කරා ගෙන ඒමටද එය රුකුලක් විය. එපමණක් නොව, එම ඉන්ධන අවසර පත්‍රය අද වන විට, අනාගත ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඉවහල් වන දත්ත හා වෙළෙඳ පොළ විශ්ලේෂණය කර ගැනීමටද හොඳම අවකාශයක් ලෙසින් භාවිත විය. ‘ජාතික ඉන්ධන අවසර පත්‍රය’, මෙම සම්මාන උළෙලේදී ‘Excellence in Digital Inclusion Video Award’ සම්මානය හිමි කර ගැනීම මෙරට ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙන යාමේ එම උත්සාහය ඇගයීමට පාත්‍ර කිරීමක් වේ.

මෙම වසරේ සම්මානය සඳහා ආකර්ෂණීය වීඩියෝ පට රාශියකින් 15 ක් අපි අවසන් වටයට තෝරා ගත්තා. Excellence in Digital Inclusion Video සම්මානය සඳහා ඩයලොග් ආසිආටා විසින් ඉදිරිපත් කළ වීඩියෝව තෝරා ගත්තේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා මොබයිල් තාක්‍ෂණයේ කාර්යභාරය, සුවිශේෂී ශෛලියකින් ඉන් මැනවින් පිළිබිඹු කෙරුණු නිසයි.” යනුවෙන් GSMA හි APAC හි ප්‍රධානී ජූලියන් ගෝර්මන් පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගරු. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙලෙස පැවසීය. ‘ජාතික ඉන්ධන අවසර පත්‍ර’ වැඩසටහන ඇත්තටම රට ආර්ථික වශයෙන් හා සාමාජීය වශයෙන් ස්ථාවර කිරීම වෙනුවෙන්, සුවිශාල කාර්යභාරයක් ඉටුකළ පෙරළිකාර උත්සාහයක්. ඒ වගේම එය, නව නිපැයුම්වල වටිනාකම හා ඵලදායීතාව පිළිබඳව සාක්ෂියක්. GSMA M360 APAC 2023 සම්මාන උළෙලේදී Excellence in Digital Inclusion Video Award සම්මානය හිමි වීමෙන් ‘ජාතික ඉන්ධන අවසර පත්‍ර’ වැඩසටහන මෙලෙස තව තවත් පිළිගැනීමට පාත්‍ර වීම, එයින් සිදු කෙරුණු සාධනීය වෙනසට නිසි ඇගයීම ලබා දීමක්.”

ඩයලොග් ආසිආටා හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේය‍. “GSMA M360 APAC 2023 හි 'Excellence in Digital Inclusion Video Award' සම්මානය හිමිකරගැනීමට ලැබීම අපට ගෞරවයක්. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ MillenniumIT ESP සහ ICTA සමඟ එක්ව සකස් කළ ජාතික ඉන්ධන අවසර පත්‍ර වැඩසටහන, රටේ අභිවෘද්ධිය උදෙසා ජංගම තාක්ෂණය භාවිතා කිරීමේ අපගේ කැපවීම පිළිබඳ හොඳම උදාහරණයක්. ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සහ ඉදිරියට ගෙන යාමට තාක්‍ෂණයේ බලය භාවිතා කිරීම පිළිබද අපගේ කැපවීම මෙම ජයග්‍රහණයෙන් පිලිඹිබු වෙනවා."

MillenniumIT ESP හි ප්‍රධාන විධායක නිලධාරී ෂෙවාන් ගුණතිලක මහතා අදහස් දක්වමින්, මෙලෙස පැවසීය. ජාතික ඉන්ධන අවසර පත්‍රය’ රට පුරා දියත් කිරීම තරමක අභියෝගයක් වුණත්, ජාතික අර්බුදයකදී අපගේ එකමුතුකම සහ සහයෝගය අප ලැබූ විශාලම ජයග්‍රහණයක්. GSMA M360 APAC 2023 හිදී ජාතික ඉන්ධන බලපත්‍රය 'Excellence in Digital Inclusion Video Award' සම්මානය දිනා ගැනීම පිළිබඳව අපි ඉතාමත්ම සතුටට පත් වෙනවා. ජාතික අර්බුදයක් විසඳීමට සහයක් වීම සඳහා මෙවැනි වටිනා වැදගත් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් ඩයලොග් ආසිආටා සහ ICTA අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ ජීවිත සැලකිය යුතු ලෙස ඉහළ නංවමින් ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා තාක්‍ෂණය ඉදිරියට ගෙන ඒමටත් අපට හැකියාව ලැබුණා"

M360 APAC Digital Nations Awards 2023 සම්මාන උළෙල, පසුගියදා දකුණු කොරියාවේදී පැවැත්විණි. ඒ ලොව පුරාම තීරණාත්මක තොරතුරු වෙත ප්‍රවේශය සලසන, මොබයිල් පාරිසරික ක්‍රමවේද සහිත, ඩිජිටල් තාක්‍ෂණය පෝෂණය කරන, සබඳතා සලසන මෙන්ම, තිරසර ආර්ථික වර්ධනයකට දායක වන ආයතනවල අසමසම කැපවීමද ලොවට ප්‍රදර්ශනය කරමිනි.