Body

ත්‍රිකුණාමලයේ උසස් බාලිකා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය වැඩිදියුණු කිරීමට ඩයලොග් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS හා සම්බන්ධ වේ

2023 අප්‍රේල් 03         කොළඹදී

 

Dialog Joins Sri Lanka Air Force & EWIS to Upgrade Computer Laboratory
Dialog Joins Sri Lanka Air Force & EWIS to Upgrade Computer Laboratory

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ E - W Information Systems Ltd සහයෝගීතාවයෙන් පසුගියදා ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නවීකරණය කර ඩිජිටල් අධ්‍යාපනික මෙවලම් සහ උපකරණ සමඟ වැඩිදියුණු කරන ලදී. මෙම මහඟු කාර්ය ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ආරම්භ කර ක්‍රියාත්මක කෙරිණි.

ඩයලොග් සමාගම විසින් තාක්‍ෂණය සමඟ නිර්මාණශීලීත්වය ගවේෂණය කිරීම සඳහා සම්පූර්ණ සංවේදක මොඩියුල සහිත Magicbit Pro ඒකක ලබා දුනි. Magicbit යනු නවෝත්පාදන වේදිකාවක් වන අතර Internet of Things (loT), රොබෝ විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ ක්‍රමලේඛනය සඳහා සාදන ලද STEM මෙවලමකි. තවද ඩයලොග් විසින් නැණස TV පහසුකම සඳහා ස්මාර්ට් රූපවාහිනී සහ සම්පුර්ණයෙන්ම ගෙවන ලද අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම පාසල සඳහා ලබාදෙන ලදී. නැණස ටීවී යනු අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අමාත්‍යාංශය සමඟ ක්‍රියාත්මක වන රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් වන අතර, සිංහල සහ දෙමළ භාෂාවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා අටක් හරහා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට උපකාරක පන්ති සේවාව සදහා නැණස රූපවාහිනී සේවය සමග සම්බන්ධ විය හැක.සෑම නාලිකාවකම විකාශනය වන අන්තර්ගතය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සපයනු ලබන අතර, එය දැඩි ලෙස අධීක්ෂණය කරනු ලැබේ.

චීන වරායේ මෙහෙයුම් කටයුතුවල නිරතශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සියලුම සිවිල් වැඩ සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් අතර දින කිහිපයක් තුළ අවධානය යොමු කළ යුතු පරිගණක අලුත්වැඩියා කිරීමට සහාය විය. E - W Information Systems Ltd විසින් නවතම ඩෙස්ක්ටොප් පරිගණක සැපයූ අතර, ඉතිරි යන්ත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය දෘඪාංග කිහිපයක් ඩයලොග් ආයතනය සමග ලබාදීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ උසස් බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පතිනි සන්ධ්‍යා කාන්ති මහත්මිය “ඩයලොග්, ආයතනය ,ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ EWIS මැදිහත්වීමෙන් තොරතුරු තාක්ෂණ උපකරණ, අන්තර්ජාල සේවා සහ අධ්‍යාපනික රූපවාහිනී පැකේජ රාශියක් අප පාසලට හිමිවීම අප ලද භාග්‍යක්. අපව දැනුවත් කිරීමෙන් දින කිහිපයක් ඇතුළත අපගේ පාසැල් සිසු දරුවන්ගේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන අවශ්‍යතා බොහොමයක් සම්පූර්ණ කිරීම පිළිබඳව මෙම ආයතනවලට මම ස්තූතිවන්ත වෙනවා. නව තාක්‍ෂණය සඳහා විශිෂ්ට හැකියාවක් ඇති දක්ෂ සිසුන් කිහිප දෙනෙකු අප පාසල විසින් බිහි කර ඇති අතර, වර්තමානයේ පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට මෙම පහසුකම් සමඟින් ඔවුන්ගේ අධ්‍යාපනික අරමුණු වඩාත් හොඳින් සාක්ෂාත් කරගැනීමට හැකිවන බව නොඅනුමානයි. තවද මෙම ආයතන අපගේ සිසුන්ට අඛණ්ඩව උපකාර කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. විදුහල්පතිනිය ලෙස මගේ ගුරුවරුන් සමඟ එක්ව දරුවන්ට උපරිමයෙන්ම මෙම සේවාවන් භාවිත කිරීමට අවස්ථාව සැලසීමට මම කටයුතු කරනවා.”

ඩයලොග් විසින් තාක්‍ෂණය භාවිත කිරීම සඳහා ගුරු-ශිෂ්‍ය පුහුණුවක්ද පිරිනමන අතර, සම්බන්ධතා සඳහා සේවා හා සහාය අඛණ්ඩව ලබාදෙයි.ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS සමඟ එක්ව සපයන ලද තාක්‍ෂණය තුළින් පාසල ලබා ඇති ප්‍රගතිය නිරීක්ෂණය කරන අතර, නියමිත කාලසීමාව ඉක්මවා තවදුරටත් සහාය ලබාදීමට පොරොන්දු විය. ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි අනුග්‍රහයෙන් ත්‍රිකුණාමලයේ පැවති දසවන ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියට සමගාමීව මෙම සද්කාර්ය සිදු කෙරිණි.