Body

‘Kedella Construction Expo 2023’ ප්‍රදර්ශනයට Dialog Smart Home සවිබලය

2023 අප්‍රේල් 06         කොළඹදී

 

e-Swabhimani Awards

ඡායාරූපයේ වමේ සිට දකුණට: Asia Exhibition & Conventions (PVT) LTD හි ව්‍යාපාර සංවර්ධන නිලධාරී ලෝචන අන්බරමාන,Asia Exhibition & Conventions (PVT) LTD හි අලෙවි කළමනාකාරිණී ශමාලි ජයරත්න, Asia Exhibition & Conventions (PVT) LTD හි කළමනාකාර අධ්‍යක්ෂ ටිරෝන් චන්ද්‍රසේකර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති / Home සහ ස්ථාවර ව්‍යාපාර අංශයේ ප්‍රධානී චිරන්ත ද සොයිසා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි Fiber Broadband, IPTV සහ Smart Home – Home ව්‍යාපාර අංශයේ සේවා කළමනාකාර නලීන් විජේරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සන්නාම කළමනාකරණ අංශයේ අලෙවි කළමනාකාරිණී නිමාෂි හේරත්.

Dialog Smart Home විසින් අනුග්‍රාහකත්වයෙන් සවිබලගැන්වූ ‘Kedella Construction Expo 2023’ ප්‍රදර්ශනය පසුගියදා සාර්ථකව අවසන් විය. නවීනතම තාක්ෂණයෙන් බලගැන්වුණු Smart Home විසඳුම් හරහා නිවසක ආරක්ෂාව පහසුවෙන් හසුරුවාගත හැකි Smart Home ක්‍රමවේදයක් පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීමට Dialog Smart Home නිරතුරුවම කටයුතු කරමින් සිටීයි.

Asia Exhibitions & Conventions (Pvt) Ltd සංවිධාන කළ මෙම ප්‍රදර්ශනය මාර්තු 24 සහ 25 දෙදින පුරා කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර,ඒ සඳහා ගෘහ උපකරණ, නිවාස අලංකරණ, ඉඩම් හා දේපළ, ගෙවතු අලංකරණ යනාදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් 200 කට අධික ප්‍රදර්ශකයන් පිරිසක් සහභාගි වූහ. මෙහිදී Dialog Smart Home කුටියට පැමිණි ජනතාවට නිවාස ස්වයංක්‍රියකරණය (Home Automation),නිවාස ආරක්ෂාව හා ආවේක්ෂණය (Home Security & Surveillance), නිවසේ සන්නිවේදන සබැඳියාව යනාදී අංශ සම්බන්ධයෙන් මෙන්ම මේ දක්වා මෙරටට හඳුන්වාදී තිබෙන හොඳම Smart Home විසඳුම් වන Wi-Fi Mesh, උපාංග,Voice Assistant, Smart Wall Switches, Fan Controllers ඇතුළු වෙනත් උපාංග හා පද්ධති සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් වී මනා අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව හිමිවිය.

ප්‍රදර්ශනය සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා “‘Kedella Construction Expo 2023’ ප්‍රදර්ශනයට දායකවී ප්‍රදර්ශනයට සහභාගී වූ ජනතාවට අපේ අලුත්ම Smart Home සේවාවන් සහ පහසුකම් දැකබලාගැනීමටත් ඒවා ඔවුන්ට හඳුන්වාදීමටත් හැකිවීම පිළිබඳව අපි බෙහෙවින්ම සතුටු වෙනවා. මේ ප්‍රදර්ශනය හරහා අපට හැකියාව ලැබුණා නූතන තාක්ෂණයෙන් බලගැන්වුණු අති නවීනතම Smart Home විසඳුම් රැසක්ම ජනතාවට හඳුන්වාදෙමින් තම නිවෙස්වලට සැබෑම Smart අත්දැකීමක් ලබාගනිමින් තම නිවෙස් අඩු වියදමකින් සුපිරි Smart Homes බවට පත්කරගැනීම එතරම් අපහසු නොවන බව ජනතාවට ඒත්තු ගන්වන්නත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබාදෙන්නත් මේ ප්‍රදර්ශනය හරහා අපිට හැකියාව ලැබුණා.”

Asia Exhibitions & Conventions (Pvt) Ltd වෙනුවෙන් අදහස් දැක්වූ එහි කළමනාකාර අධ්‍යක්ෂ ටිරෝන් චන්ද්‍රසේකර මහතා, “Kedella Construction Expo 2023’ ප්‍රදර්ශනය හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කර්මාන්ත හා ව්‍යාපාර ආයතන 200 කට අධික සංඛ්‍යාවක් එකම වේදිකාවකට ගෙන එමින් නූතන තාක්ෂණයෙන් බලගැන්වුණු ඔවුන්ගේ නවෝත්පාදනයන් හා විසඳුම් සඳහා පුළුල් අවකාශයක් සලසාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. බොහෝ දෙනා සරල තාක්ෂණික විසඳුම් හරහා තම නිවෙස් නවීකරණයට ලක් කිරීමට උනන්දුවක් දක්වන කාලසීමාවක Dialog Smart Home සමඟ අත්වැල් බැඳගනිමින් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සුවහසක් පිරිසට නවීනතම Smart විසඳුම් සහ තාක්ෂණයන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසාදීමට හැකිවීම අප ලද භාග්‍යයක්.”

අනාගතයට ගැළපෙන, සැමටම දැරිය හැකි මිලකට ලබාගත හැකි Dialog Smart Home විසඳුම් හි සේවාව ලබාගන්නා ඕනෑම පාරිභෝගිකයෙකුට සැබෑම Smat අත්දැකීමක් තම නිවසේදීම අත්විඳිය හැකිය. https://www.dialog.lk/smart-home වෙත පිවිසීමෙන් Dialog Smart Home විසඳුම් සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක.