Body

Dialog සමාගම Meta සමග එක්ව සියලුදෙනාටම භාවිත කළ හැකි පරිදි Facebook Text-Only සහ Discover සේවාව හඳුන්වාදෙයි

2023 අප්‍රේල් 17         කොළඹදී

 

Dialog Launches Text-only Facebook & Discover

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, Meta සමාගම සමඟ එක්ව Dialog පාරිභෝගිකයන්ට කිසිඳු ඩේටා ගාස්තු අයවීමකින් තොරව අවශ්‍ය ඕනෑම අවස්ථාවක Text Version වශයෙන් Facebook භාවිත කිරීම සඳහා අවස්ථාව සලසාදී තිබේ. මෙය Facebook භාවිත කිරීමට, පවතින ඩේටා ගාස්තු බාධාවක් වූ ඩයලොග් පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව තවදුරටත් සැලකිලිමත් නොවී Facebook භාවිත කිරීමට මහඟු අවස්ථාවක් හිමිවනු ඇත.

තම ආදරණීයයන් සහ හිතවතුන් සමඟ නොබිඳෙන සම්බන්ධතාවයක් සඳහා ඉවහල් වන මෙම විශේෂාංගය නිසා ඔබේ ස්මාට් ජංගම දුරකතනය, ටැබ් එක හෝ ලැප්ටොප් එක යනාදී ස්මාට් උපාංගවල ඩේටා නොමැති අවස්ථාවක පවා Facebook භාවිත කරමින් විශේෂ වැදගත්කමකින් යුත් තොරතුරු බලාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් දැනුවත්වීමට අවස්ථාව හිමිවේ. Text-only version එක නිසා මෙම සේවාව ලබාගන්නා පාරිභෝගිකයෙකුට ඡායාරූප දැකගැනීමේ අවස්ථාවක් හෝ වීඩියෝ නැරඹිමේ අවස්ථාවක් නොමැත.ඒ අනුව මෙම සේවාව ලබාගැනීමට අවශ්‍ය ඩයලොග් පාරිභෝගිකයෙකුට සිය Facebook App එකෙන්ම text-only mode සහ Facebook හි සම්පූර්ණ version එක (Data mode) අතර ඉතා පහසුවෙන් මාරුවිය හැකීයි. Discover මොබයිල් වෙබ් සේවාව සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හරහා ඩයලොග් පාරිභෝගිකයෙකුට ප්‍රමාණවත් ඩේටා ශේෂයක් නොමැති අවස්ථාවක පවා තමන් කැමති වෙබ් අඩවියකට ප්‍රවේශ විය හැක. අඩු bandwidth එකක් යටතේ නොමිලේ ඩේටා භාවිත කිරීමට ඉඩ සලසා ඇති බැවින් Video, Audio, ඡායාරූප සහ වැඩියෙන් ඩේටා භාවිත වන සේවාවන් ලබාගත නොහැකීයි.

“ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාල භාවිතය අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබෙන බව අපේ විශ්වාසයයි.Facebook Text Only සේවාව හඳුන්වාදීම මගින් මිලියන 17 කට අධික අපගේ පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය මූලික අන්තර්ජාල පහසුකම් හෝ ඉටුකරගැනීමට හැකියාව ලැබෙනවා.” යැයි ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පැවසුවේය.”සමාජයේ ඩිජිටල් මාධ්‍ය භාවිත කරන පිරිස සහ එසේ නොකරන පිරිස අතර පරතරය අවම කර සැමටම දැරිය හැකි, ලබාගත හැකි මිලකට අන්තර්ජාල සබඳතාවයන් සලසාදීම වෙනුවෙන් වූ ඩයලොග් සමාගමේ කැපවීම තවත් ඉදිරියට ගෙන යමින්, ඩේටා ගාස්තු ගැන සැලකිලිමත් නොවී Facebook සහ Discover හරහා වෙබ් අඩවිවලට පිවිසෙන්න අවස්ථා ලබාදෙමින්, අපේ පාරිභෝගිකයන්ට කොතැනක හිටියත් නොබිඳෙන සම්බන්ධතාවයක් පවත්වාගෙන, අවශ්‍ය තොරතුරුවලින් දැනුවත් වෙන්න අවස්ථාව සලසාදෙන්නට හැකිවීම අපට විශාල සතුටක්.”

Meta ආයතනයේ ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහ ආසියා පැසිෆික් කලාපයේ මෙහෙයුම් සහයෝගීතා සම්බන්ධ උප සභාපති පෝල් කිම් මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලාංකිකයන්ට අඛණ්ඩව සබඳතා පවත්වාගැනීම වෙනුවෙන් පහසුකම් සලසාදීමට ඩයලොග් සමාගම සමඟ එක්ව කටයුතු කරන්නට ලැබීම අපට සතුටක්. සබඳතා පහසුකම් සැලසීමේදී මතුවන බාධාවන්ට සාමූහිකව විසඳුම් ලබාදීම වෙනුවෙන් තැබූ ඉදිරි පියවරක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය හඳුන්වාදෙන්න පුළුවන්.”

Text-only Facebook සහ Discover සේවාවන් පිළිබඳ වැඩි විස්තර https://dlg.lk/3lWuya7 ඔස්සේ ලබාගන්න.