Body

ඩයලොග් සමාගම විසින් පවත්වන ලද 'Google I/O Extended Sri Lanka 2023' වැඩසටහන සාර්ථකව නිමාව දකීයි

2023 මැයි 12         කොළඹදී

 

google io 2023

  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සහ Ideamart එක්ව මැයි 10 වෙනිදා Trace Expert City හීදී පවත්වන ලද ‘Google I/O Extended Sri Lanka 2023’ වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.

නූතන තාක්ෂණය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන සුවිශාල පිරිසක් ‘Google I/O Extended Sri Lanka 2023’ වැඩසටහන සමඟින් සජීවීව එක්වූ අතර 250,000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් Online ඔස්සේ වැඩසටහනට එක්වූහ. මෙහිදී මූලික අවධානය යොමුවූයේ Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය සම්බන්ධයෙනි.Google විසින් භාවිත කරනු ලබන BARD AI සහ Generative AI පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, Google සඳහාම සුවිශේෂී වූ Bard AI ක්‍රමවේදය ඇතුළුව Generative AI හරහා Google විසින් අතකරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳවද පැමිණ සිටි ප්‍රේක්ෂකයන් දැනුවත් කෙරිණි. Google හි ප්‍රථම Foldable දුරකතනය වන, Pixel Fold හඳුන්වාදීම මෙම වැඩසටහන අතරතුර සිදුවූ විශේෂී සිදුවීමක් වශයෙන් සඳහන් කළ හැක. අඟල් 7.6 ක flexible OLED display එකකින් යුත් මෙම දුරකතනය 12GB RAM එකකින් යුතු වන අතර, Internal Storage පරාසය GB - 512 කි. මේ සඳහා සියලුම Google සේවාවන් ඒකාබද්ධ කර ඇත. Pixel Fold දුරකතනය හඳුන්වාදීමට අමතරව, Pixel 7A Android ස්මාට් ජංගම දුරකතනය හඳුන්වාදීමත්, Smart Home Control සඳහාම වෙන්වූ නවතම විශේෂාංග සහිත Pixel Tablet හඳුන්වාදීමද කැපී පෙනේ.

google io 2023

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විශ්ලේෂක සහ AI නිලධාරී ආචාර්ය රොමේෂ් රණවණ විසින් ‘Embracing the AI revolution’ මාතෘකාව ඔස්සේ දේශයනය පැවැත්වූ අතර, Axiata Digital Labs හි DTE හි ප්‍රධානී උදාක කප්පාගොඩ විසින් ‘Exploring GSMA Open Gateway’ මාතෘකාව යටතේ දේශනය පැවැත්වූ අතර,R-FACTORY හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රක්ෂිත කසුන් විසින් ‘Metaverse: The Future of the Digital Interaction in the Web3 era’ මාතෘකාව ඔස්සේ දේශයනයක් පවත්වන ලදී. සෑම ශ්‍රී ලාංකිකයෙකුවම නූතන තාක්ෂණයේ වත්මන් ප්‍රවණතා සම්බන්ධයෙන් දැනුවත් කරමින් දැනුම ලබාදීම සඳහා ‘Google I/O Extended Sri Lanka 2023’ වැඩසටහන සජීවීව ඩයලොග් නිල Facebook පිටුව ඔස්සේ, Youtube නාලිකාව ඔස්සේ සහ Dialog Television - ChannelOne (නාලිකා අංක 126) ඔස්සේ සජීවීව stream කිරීමේ අවස්ථාවද ලබාදීමට ඩයලොග් සමාගම කටයුතු කරන ලදී.

‘Google I/O Extended 2023’ වැඩසටහන සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් අදහස් පළකළ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී සහ ප්‍රධාන සැලසුම් නිලධාරී ඇන්තනී රොද්‍රිගු මහතා,” අනාගතය අදයි යන තේමාව යටතේ ක්‍රියාත්මක වන සමාගමක් වශයෙන් එය අර්ථවත් වන අයුරින් Google I/O Extended Sri Lanka 2023 වැඩසටහන පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ විශාල සතුටක් වගේම ආඩම්බරයක්. මේ වසරේ පැවැත්වූ වැඩසටහනෙන් තාක්ෂණ ක්ෂේත්‍රයේ නවතම ප්‍රගතීන් පිළිබඳව වගේම අපේ වත්මන් ලෝකය තුළ සුවිශාල පරිවර්තනයක් ඇති කරන AI තාක්ෂණය පිළිබඳවත්, විශේෂ දේශන හරහා AI විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ගේ දැනුම සහ අවබෝධය වෙනම මානයකට ගෙන යන්නටත් අපට හැකිවුණා.වෘත්තීය නිපුණයන්ගේ  මගපෙන්වීම යටතේ තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන අයට, එකිනෙකා සමඟ උරෙන් උර ගැටී දැනුම හා අවබෝධය බෙදාගන්න අවස්ථාව සලසාදෙන්නටත් අපට පුළුවන් වුණා. ඒ හරහා සීමා මායිම්වලින් තොර අනාගත ලෝකයකට ඔවුන්ට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය පන්නරය නොඅඩුව හිමිවේවි.”

google io 2023