Body

Dialog–SLESA සමස්ත ලංකා Free Fire Esports ශූරතාවලිය 2021 නව මානයකට

රු.මිලියනයක් වටිනා ත්‍යාග

මැයි 26th, 2022         කොළඹදී

 

DIALOG-SLESA All-Island Free Fire Esports Championship 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා සහ ශ්‍රී ලංකා ජාතික Esports කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකා Esports සංගමය (SLESA) සමඟ එක්ව Dialog–SLESA සමස්ත ලංකා Free Fire ශූරතාවලිය නමින් සමාරම්භක Esports තරගාවලියක් බලගැන්වීමට ඉදිරිපත්ව සිටින අතර, මෙම ශූරතාවලිය එළඹෙන ජූනි මස 7 වෙනිදා ආරම්භවීමට නියමිතය.

මෙම ශූරතාවලිය සඳහා සහභාගිවීමට කැමැත්තක් දක්වන තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2022 ජූනි 01 වෙනිදා දක්වා දීර්ඝ කර ඇත.ඒ අනුව තරගකරුවන්ට https://dlg.lk/3vZdkd9 ඔස්සේ ශූරතාවලිය සඳහා ලියාපදිංචි විය හැක. ශූරතාවලිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් Dialog Facebook පිටුවට පිවිසීමෙන් හෝ Sri Lanka Esports පිටුවට පිවිස තොරතුරු ලබාගන්න.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තදාසන්න ප්‍රදේශවල මහජන ඒකරාශීවීම් සීමා කර ඇති තත්වයක් තුළ ශූරතාවලිය සඳහා සහභගීවන්නන්ට සිය නිවසේ සිට හෝ ඕනෑම ස්ථානයක සිට ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසාදීම හේතුවෙන් ඩයලොග් විසින් බලගන්වන SLESA හි සමස්ත ලංකා Free Fire ශූරතාවලිය වැඩි ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව තිබේ.

රුපියල් මිලියනයක ජයග්‍රාහී තෑගි මුදලක් පිරිනැමෙන මෙම දිස්ත්‍රික් මට්ටමේ Esports ශූරතාවලිය මගින් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ කුසලතා ඔප්නංවා ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමින් තරගාවලි සඳහා සහභාගි වී ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසාදීමට අපේක්ෂා කරයි.ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය Esports නාමයක් වන Free Fire විසින් මෙම ශූරතාවලිය සංවිධාන කරන අතර, එය Garena ආයතනය විසින් වැඩිදියුණු කර ප්‍රසිද්ධියට පත්කළ බහු ක්‍රීඩක battle-royale පන්නයේ මොබයිල් ක්‍රීඩාවකි.

SLESA හී සභාපති රවීන් විජයතිලක මහතා මෙම ශූරතාවලිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වන ලදී. “මෙම DIALOG-SLESA සමස්ත ලංකා Free Fire ශූරතාවලිය ශ්‍රී ලංකාවේ Esports ක්‍රීඩකයන්ව ගෝලීය ESports විප්ලවයට සූදානම් කිරීම උදෙසා තැබූ ඉදිරි පියවරක් වශයෙන් සඳහන් කළ හැකිය. අපගේ කලාපීය Esports තරගකරුවන් සමග අපේ ක්‍රීඩකයන් සම මට්ටමක තබාගැනීම වෙනුවෙන් අපි දරන මේ උත්සහයේදී ඒ ගමන උදෙසා ඩයලොග් සමාගම අප සමඟ එක්වීම අපට මහත් සතුටක්.”

මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඩයලොග් ආසිආටා සමාගම සියලුම ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් මෙම තරග Thepapare.com,SLESA සහ Gamer.lk සමාජ මාධ්‍යය පිටු ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

ඩයලොග් ආසිආටා ක්‍රිකට්, වොලිබෝල් හා දැල්පන්දු ජාතික කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව කනිෂ්ඨ වොලිබෝල්, ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය,පාසල් ලීග් රග්බි, පිළිමළුන් පිටුදැකීමේ(knockout) හා සත් සාමාජික රග්බි තරගාවලිය,ප්‍රිමියර් පාපන්දු තරගාවලි,යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය හා ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.