Body

Elephant House Ice Cream දියත් කරන, ශ‍්‍රී ලංකාවේ අනාගත හැකියාවන් සොයා යන 'Super Heroes' Dialog සවිබලයෙන් ඉදිරියට.

මැයි 10, 2022         කොළඹදී

 

Sathish Rathnayake, Head of Category - Frozen Confectionery, Vice President of John Keells Holdings PLC, Amali Nanayakkara, Group Chief Marketing Officer of Dialog Axiata PLC

ඡායාරූපයේ වමේ සිට දකුණට : ජොන් කීල්ස් හෝල්ඩිංග්ස් හි උප සභාපති, Frozen Confectionery අංශ ප‍්‍රධානී සතිෂ් රත්නායක මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමුහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය.

ශ‍්‍රී ලාංකිකයින්ගේ වඩාත් ආදරණීය සහ විශ්වසනීය අයිස් ක‍්‍රීම් සන්නාමය වන එලිෆන්ට් හවුස් අයිස් ක‍්‍රීම්,ලංකාවේ අනාගත පරපුරේ දක්ෂතාවයන් සොයා යන මෙහෙවරට නැවතත් මුලපුරා ඇත.ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අයිස් ක‍්‍රීම් සන්නාමය සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමඟ එක්ව, කුඩා දරුවන්ට එකිනෙකා සමඟ සහ සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ක්‍රියාකාරම්වල නිරතවීම සහ ඔවුන්ගේ අනාගත දියුණුව සැලසෙන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.

Dialog සවිබලය හිමි Elephant House Super Heroes තරගාවලිය ‘Super Talent’, ‘Super Innovator’ සහ ‘Super Responsible’ යන කාණ්ඩ 3ක් යටතේ දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක වෙමින්, තිරසාර දිවිපැවැත්මක් උදෙසා නව්‍ය කුසලතා, දක්ෂතාවයන් සහ උත්සාහයන් හඳුනාගැනීම අරමුණු කරයි.මාස 4ක් තුළ කාණ්ඩ 3ක් යටතේ ජයග‍්‍රාකයින් තුන්දෙනෙකු තෝරාගනු ලබයි. සහභාගීවන දරුවන්ට සතිපතා තෑගි ප‍්‍රදානය කරනු ලබන අතර, සෑම සෙනසුරාදාවකම සවස 4.25ට TV දෙරණ ඔස්සේ මෙය විකාශනය කරනු ලබයි. Dialog සවිබලය හිමි Elephant House Super Heroes තරගාවලිය මගින් ශ‍්‍රී ලාංකීය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ කුසලතා ඔප්නැංවීමට අවස්ථාව සලසාදෙමින් වටිනා ත්‍යාග ප‍්‍රදානය කරයි.

‘Super Innovator’ කාණ්ඩය යටතේ 2021-2022 කාල වකවානුව අතරතුර දරුවන් විසින් දැනට පවතින සම්පත් භාවිතයෙන් සිදුකරනු ලබන නවෝත්පාදන උපාංග හෝ නව අදහස් ඇගයීමට ලක් කරන අතර ‘Super Talent’ කාණ්ඩය යටතේ දරුවන්ට නර්ථනය, රංගනය හා අනෙකුත් නිර්මාණශීලි හැකියාවන් විදහා දැක්වීමට අවස්ථාව සලසාදෙයි.එමෙන්ම ‘Super Responsible’ කාණ්ඩය යටතේ සමාජ අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත් කරන විසඳුම්/සැලසුම්/නව නිපැයුම් සඳහා අවස්ථාව උදාකර දෙයි.

වැඩි විස්තර සඳහා https://ehsuperheroes.lk/ වෙත පිවිසෙන්න.