Body

WIM විසින් පවත්වන ‘Top 50 Professional and Career Women Awards’ සම්මාන ප්‍රදානෝත්සවය ඩයලොග් දෙවන වරටත් බලගන්වයි

කාන්තාවන්ට ඔවුන්ගේ අරමුණු හා ඉලක්ක ඉටුකරගැනීමට දිරිගන්වයි

ජනවාරි 25, 2022         කොළඹදී

 

Award for Game Changer of the Year

ඩයලොග් එන්ටප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා විසින් “Game Changer of the Year” සම්මානය Good Life X නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී රන්දුලා ද සිල්වා මහත්මියට පිරිනැමූ අවස්ථාව

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කැපී පෙනෙන වෙනසක් ඇති කරමින් සුවිශේෂී නායකත්ව හැකියාවන් පිළිබිඹු කළ විශිෂ්ට කාන්තාවන් අගයමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම යළිත් වතාවක් කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය සමඟ අත්වැල් බැඳගනිමින් ‘Top 50’ Professional and Career Women Awards’ සම්මාන ප්‍රදානොත්සවයේ ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කර ඇත. මෙවර මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ 11 වෙනි වරටයි.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු කර සමාජයේ සෙසු කාන්තාවන්ටද පූර්වාදර්ශ සපයමින් වෘත්තිය කාර්යයේ නිරත විශිෂ්ට කාන්තාවන් 470 කට අධික පිරිසක් පසුගිය වසර කිහිපය පුරාවට මෙම සම්මාන උළෙල මගින් ඇගයීමට ලක්කර ඇත. ඒ අතර බැංකුකරණ සහ මූල්‍ය, ආගන්තුක සත්කාර, මාධ්‍ය, නීති, සැලසුම් හා කාර්ය සංවිධාන සහ සැපයුම් ජාල ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කළ අය වෙති. ‘Top 50’ Professional and Career Women Awards’ සම්මාන ප්‍රදානෝත්සවය තුළින් විවිධ වෘත්තීමය ක්ෂේත්‍රයන්හි සේවිකාවන්, ව්‍යවසායිකාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රවල නායිකාවන් ලෙස කාන්තාවන් ඉටුකරනු ලබන විශිෂ්ට කාර්යභාරය ඇගයීමට ලක් කෙරෙන අතර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සමාජීය හා සදාචාරාත්මක වශයෙන් ඉතා වැදගත් දෙයක් බවත්, එය ව්‍යාපාරමය වශයෙන් ප්‍රතිඵලදායක බවත් සනාථ කරයි.

ඩයලොග් සමාගම තුළ කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තිමය ඉලක්ක හා අපේක්ෂාවන් ඉටුකිරීමට ඉවහල් වන සෑම පහසුකමක්ම සලසාදීමට කටයුතු කර තිබේ. මීට සමගාමීව ආයතනයේ ප්‍රජා ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන යෙහෙළි (Yeheli.lk/Thozhi.lk) හඳුන්වාදිය හැක. යෙහෙළි යනු භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන ඩිජිටල්, නිර්නාමික පණිවිඩ සේවාවකි. මෙමගින් සමාජයේ විවිධ සංවේදී මාතෘකා සාකච්ඡාවට ලක් කර, ඒ සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් අවශ්‍ය අයගේ රහස්‍යභාවය සුරැකෙන අයුරින් ඔවුන්ට වෛද්‍ය, මානසික සෞඛ්‍ය සහ උපදෙස් ලබාගැනීමේ කාර්යයන් නොමිලේ සලසනු ලබයි.ඩයලොග් සමාගම ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම ජාතික නෙට්බෝල්, ජ්‍යේෂ්ඨ නෙට්බෝල් සහ කණිෂ්ඨ නෙට්බෝල් කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා වශයෙන්ද කටයුතු කරයි. ජාතික සහ කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලිය සමඟද ඩයලොග් සමාගම සම්බන්ධවී සිටින අතර, සමාගමේ සේවාවන් ව්‍යාප්ත වී තිබෙන සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන් සවිබලගැන්වෙන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් උමාරියා සිංහවංශ, සෙනාලි ෆොන්සේකා, මධුවී වෛතියලිංගම් හා චමරි අතපත්තු වැනි සමාගමේ සන්නාම තානාපතිවරුන් සමඟ එක්ව කටයුතු කරනු ලබයි.

2011 මාර්තු මාසයේදී කාන්තා කළමනාකරණ ආයතනය (WIM) විසින් ආරම්භ කරන ලද ‘The Professional & Career Women Awards’ සම්මාන ප්‍රදානෝත්සවය මගින් මාධ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ මෙන්ම තම වෘත්තීය ජීවිතයේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ සහ එදිනෙදා ජීවිතයේදී සුවිශේෂී ජයග්‍රහණ අත්කරගනිමින්, තමන් වටා එක් රොක් වී සිටින පිරිස්වලට පූර්වාදර්ශයක් සපයන අද්විතීය කාන්තාවන් අගයනු ලබයි. වාර්ෂිකව පැවැත්වෙන මෙම දිරිගන්වනසුළු, උත්කර්ෂවත් සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මානිත වන සෑම කාන්තාවක්ම එක හා සමානව ඇගයීමට ලක් කෙරේ.