Per Day Insurance
රෝහල්ගතකිරීම සදහා සහායවන සැලැස්ම සහ ඩෙංගු රෝගය සදහා රක්ෂණාවරණය


Dialog පාරිභෝගිකයන් සඳහාම සුවිශේෂී වන මෙම රොහල්ගතකිරීම සඳහා සහාය වන සැලැස්ම හා ඩෙංගු රෝගය සඳහා වන රක්ෂණාවරණය සකස් කර ඇත්තේ Fairfirst රක්ෂණ සමාගම විසිනි. මෙම රක්ෂණාවරණය මඟින් ප්රතිකාර ලබාගැනීම සඳහා රෝහල්ගත කල විගසම ඒ සඳහා අවශ්ය මුල්යාධාර ලබාදෙන අතර, රෝහලට ඇතුළත් කළ පළමු රාත්රියේ සිට වසරක් තුළ රාත්රී කාල 30 ක උපරිමයක් දක්වා ගෙවීම් සිදුකරයි

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ පළමුවරට රොහල්ගතකිරීම සඳහා සහාය වන මෙම සැලැස්ම සඳහා ලියාපදිංචි වන පාරිභෝගිකයන්ට, කිසිඳු අමතර ගාස්තුවකින් තොරව ඩෙංගු රෝගය සඳහා රක්ෂණාවරණක් හිමිවෙයි. මෙම දීමනාව දැනට සිටින සහ නව පාරිභෝගිකයන් සඳහා අදාළ වේ. ඩෙංගු රෝගය සඳහා වන රක්ෂණාවරණයෙන් , රෝගය වැලඳී ඇති බවට තහවුරු වූ ප්රතිලාභීන්ට රු. 12,500 /- ක් දක්වා ගෙවීමක් හිමිවේ. (මෙම ප්රතිලාභය හිමිකරගැනීම සඳහා රෝහල්ගතවීම අනිවාර්යය වේ.)

රෝහල්ගතකිරීමකදී රක්ෂණ ඔප්පුහිමියන්ට යම් පමණකින් සිදුවන මූල්ය අලාභයන් පියවාගැනීම සඳහා සහායවීමට මෙමගින් අපේක්ෂා කරයි. ඕනෑම Dialog පාරිභෝගිකයෙකුට මෙම රක්ෂණාවරණය ලබාගැනීමේ හැකියාව පවතී. පෙරගෙවුම් සහ පසුගෙවුම් යන පාරිභෝගිකයන් සඳහා මූලික රක්ෂණ ප්රතිපත්තිය හිමිවන අතර, රක්ෂණ ඔප්පුහිමියාට පමණක් ඉන් ආවරණයක් සැලසේ. ඒ අනුව රක්ෂණ ඔප්පුහිමියාගේ යැපෙන්නන් හට ඉන් ආවරණයක් සැලසෙන්නේ නැත. අපගේ රෝහල්ගත්වීම සඳහා සහාය වන පවුල් සැලසුම යටතේ ඔබගේ සැමියා / බිරිඳ සහ දරුවන් තුන්දෙනෙකු දක්වා ආවරණයක් ලබාගත හැකිය. (මෙය පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා පමණක් අදාළ වේ)


ගාස්තු

රොහල්ගතකිරීම සඳහා සහාය වන සැලැස්ම සඳහා අදාළ වන ග්‍රාහකත්ව ගාස්තු (බදු රහිතව)

කාණ්ඩය

දෛනික දීමනාව (රු)

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා දෛනික ග්‍රාහකත්ව ගාස්තුව (රු)

පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා දෛනික ග්‍රාහකත්ව ගාස්තුව (රු)

Basic

1200

6.19

185.74

Silver

4000

N/A

518.42

Gold

6500

N/A

806.43

*ග්‍රාහකත්ව ගාස්තුව : පාරිභෝගිකයාගේ (රක්ෂණ ඔප්පු හිමියාගේ) මොබයිල් බිලෙන් / ඉතිරි ශේෂයෙන් අඩුකර ගන්නා මුදලයි.


Covid - 19 සඳහා දෛනික ආවරණය

මෙම ප්රතිලාභය හිමිකරගැනීම සඳහා රෝහල්ගතවීම අනිවාර්යය වන අතර පහත සීමාවන්ට යටත්ව දෛනික දීමනාව ලබා දෙනු ලැබේ.

කාණ්ඩය

දෛනික දීමනාව(රු)

උපරිම වාර්ෂික දීමනා එකතුව(රු)

Basic

1200

10,000

Silver

4000

12,000

Gold

6500

14,000

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා

පාරිභෝගිකයා ලියාපදිංචි වන දිනය මත පදනම්ව පෙරගෙවුම් පාරිභෝගිකයන්ගෙන් සමානුපාතික ගාස්තු අය කිරීමට කටයුතු කෙරේ.පාරිභෝගිකයාගෙන් ගාස්තු අය කළ දින ගණන අනුව රක්ෂණ ආවරණය සමානුපාතිකව ගණනය කරනු ලැබේ.

සම්පූර්ණ රක්ෂණ ආවරණය සඳහා හිමිකම්පෑමට නම් මාසික ගාස්තුව සම්පූර්ණයෙන් අඩුකර ගත යුතු වේ. මාසික ගාස්තුව අර්ධ වශයෙන් අඩුකරගෙන ඇත්නම්, ආවරණයෙන් සමානුපාතික අගයක් මාසය සඳහා අදාළ වේ.

ඩේටා රීචාර්ජ් කාඩ් සහ පෙරගෙවුම් පැකේජ හරහා රීචාර්ජ් කිරීම සිදුකරන්නේ නම් දෛනික ගාස්තුව අය නොකෙරේ. අදාළ දෛනික ගාස්තුව සාමාන්‍ය රීචාර්ජ් කාඩ් හෝ රීලෝඩ් කාඩ් මගින් පමණක් අඩුකර ගැනේ.මාසය සඳහා ලබාගත හැකි රක්ෂණ ආවරණයේ අගය සඳහන් කරමින් ඔබට කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා

පාරිභෝගිකයා මෙම සේවාවට ලියාපදිංචි වන දින සම්පූර්ණ ගාස්තුව සාර්ථකව අඩුකර ගැනීමත් සමඟ මුළු මාසය සඳහා ගාස්තුව තීරණය වන අතර, ඊළඟ මාසයේ සිට පාරිභෝගිකයා සම්පූර්ණ ආවරණය සඳහා සුදුසුකම් ලබයි. මාසයට අදාළ ආවරණ වටිනාකම සඳහන් කරමින් ඔබට මාසිකව කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.


ප්‍රතිලාභ හිමිවීමේ ආරම්භය

පළමු මාසයේ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවා අවසන් වූ පසුව ප්‍රතිලාභ ලබාදීම ඇරඹේ. පළමු මාසයේ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවූ විට රක්ෂණ ඔප්පුහිමියා ඊළඟ මාසයේ පළමු දින සිටම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබයි. ග්‍රාහකයා විසින් ඕනෑම මාසයක් සඳහා නියමිත ගාස්තුව සාර්ථකව අඩුකරගත් විට රක්ෂණ ආවරණය ස්වයංක්‍රියව අලුත් වේ.


සක්‍රිය කරගන්නේ කෙසේද?

1343 අමතන්න
Monday – Saturday (Except Sunday, POYA Day & Mercantile Holiday)
9:00AM to 5:00PM


හිමිකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය

හිමිකම් සඳහා, 1343 අමතන්න (නොමිලේ ඇමතිය හැකි අංකයකි)
Monday – Saturday (Except Sunday, POYA Day & Mercantile Holiday)
9:00AM to 5:00PM

අත්‍යවශ්‍ය ලේඛන:

  • රෝහලෙන් පිටවී දින 90 ක කාලයක් තුළ හිමිකම් පෑම ඉදිරිපත් කිරීම ආරම්භකර තිබිය යුතුය.

  • හිමිකම් පෑම සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භවන්නේ පහත දැක්වෙන ලේඛන ඉදිරිපත්කිරීමේන් පසුවයි:

  • සම්පූර්ණ කළ හිමිකම් පෑමේ ආකෘති පත්රය

  • සම්පූර්ණ කළ රෝග විනිශ්චය කාඩ්පතෙහි පිටපතක්

  • අනන්යතා සහතිකයේ පිටපතක් ( ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්රය)

රෝහල්ගත්වීමේදී මූල්ය ප්රතිලාභය සඳහා හිමිකම් පෑමේ ෆෝරමය - [PDF]

 
විශේෂ කරුණු

  • Fairfirst Insurance විසින් ජීවිත රක්ෂණ ආවරණය සලසනු ලබයි

  • සේවා සැපයුම්කරු - BIMA Lanka Insurance Brokers (Pvt) Ltd

  • වයස් සීමාව

     
    • වයස අවුරුදු 18 ත් 64 ත් අතර පුද්ගලයන්ට අයැදුම් කළ හැකිය.

    • ලියාපදිංචි පාරිභෝගිකයන්ට වයස අවුරුදු 65 දක්වා හිමිකම් කිව හැකිය

    • Cover ceasing age – 65 years (Exact birthday)

  • පහත සඳහන් කර ඇති කරුණු යටතේ රක්ෂණ සමාගම විසින් රෝහල්ගත්කිරීම වෙනුවෙන් ගෙවීමක් සිදුනොකරනු නොලබයි :

  • රූපලාවන්ය ප්රතිකාර /ශල්යකර්ම

  • ගර්භනීභාවය, දරු උපත් සහ උපත් පාලනය සම්බන්ධ සංකූලතා ආවරණය වනුයේ, රක්ෂණ සැලසුම සඳහා ලියාපදිංචි වී මාස 9 ක් ගතවූ පසු සහ අඛණ්ඩව එම මාස 9 සඳහා වාර්ෂික ගෙවීම් කර ඇත්නම් පමණි.

  • භූගෝලීය සීමා : මෙම රක්ෂණාවරණය යටතේ සපයනු ලබන සියලුම ප්‍රතිලාභ අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ භූගෝලීය ප්‍රදේශය තුළ රෝහල්ගත වීම සඳහා පමණි

රක්ෂණ ඔප්පු ලේඛනය - [PDF]

නිතර අසන පැන

Is COVID-19 covered under this Insurance policy?

රෝහල්ගතවීම සඳහා සහාය වන සැලැස්මේ වාසි කවරේද?

රක්ෂණ ඔප්පුවෙන් බැහැර කර ඇති කාරණා මොනවාද?

රෝහල්ගතවීම සඳහා සහාය වන සැලැස්ම සඳහා හිමිකම් පෑමේ ක්‍රියාවලිය කෙබඳුද?