වොයිස් මේල්


ලැබෙන ඇමතුමකට පිළිතුරු දිය නොහැකි අවස්ථාවක හඬ පණිවිඩයක් (Voice Message) පටිගත කර තැබීමට මෙම සේවාව ඉඩ සලසයි.

ක්‍රියාත්මක කිරීම

අදාල කේතයන් වන්නේ 21, 67, 61 හා 62යි

  • සියළු අමතුම් හරවන්න: **21*0777011011#ok ටයිප් කරන්න

  • තවත් ඇමතුමක රැඳී සිටින්නේ නම් හරවන්න: **67*0777011011#ok ටයිප් කරන්න

  • දුරකථනයට පිළිතුරු නොදෙන්නේ නම් (තත්පර 30ක් පමණ) හරවන්න: **61*0777011011#ok ටයිප් කරන්න

  • සම්බන්ධ කර නොහැකි නම් (දුරකථනය ක්‍රියාවිරහිත වී ඇත්නම් හෝ ආවරණ කලාපයකින් බැහැරව ඇත්නම් හෝ) හරවන්න: **62*0777011011#ok ටයිප් කරන්න

ක්‍රියාවිරහිත කිරීම: ##002# හා SEND/OK

ඩයිවර්ට (හරවා යැවීමේ සේවාව) ක්‍රියාත්මකදැයි පිරික්සීම: *# කේතය # හා SEND/OK. උදාහරණයක් ලෙස, සියළු ඇමතුම් හැරවෙන්නේදැය දැන ගැනීමට *#21# ටයිප් කරන්න

Voice Mail භාවිතා කරන්නේ කෙසේද?

ඔබට ලැබෙන ඇමතුම් වොයිස් මේල්වලට යා යුත්තේ කිනම් අවස්ථාවලදී යන්න පළමුව හඳුනා ගත යුතය. සියළු ඇමතුම් ඔබ තවත් ඇමතුමක් අතරතුර සිටිද්දී හෝ ඇමතුම ලබා ගත නොහකි අවස්ථාවක දී ඔබට ලැබෙන ඇමතුම් යොමු කර හැක. ඉන් පසු, ඔව විසින් සකසන ලද කොන්දේසිවලට අනුව, ඔබට ලැබෙන සමහරක් ඇමතුම් වෙනත් අංකයකට යොමු වේ.

උදාහරණයක් ලෙස, ඇමතුමට පිළිතුරු නොදුන් අවස්ථාවක එය වොයිස් මේල්වලට යොමු වන ලෙස සකසා ඇතිය සිතමු. ඔබට මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබෙයි. නමුත් දුරකථනය අසල නොමැත. මේ අවස්ථාවේදී එම ඇමතුම වොයිස් මේල් වෙත පිවිසෙන අතර ඔබේ මිතුරාට හඬ පණිවිඩයක් තබා යන්නැයි මිත්‍රශීලී කටහඬකින් පවසනු ලැබේ. ඔබ නැවත ඔබේ දුරකථනයට පැමිණෙන විට ඔබට අළුත් හඬ පණිවිඩයක් (වොයිස් මේල්) ඇතිය සඳහන් එස්.එම්.එස්. පණිවිඩයක් දැක ගත හැක. පණිවිඩයට සවන් දීමට 771 අමතන්න.

මිල ගණන්

අතිරේක ගාස්තුවක් නොමැත. වොයිස් මේල් පණිවිඩයක් ලබා ගැනීමට ඔබ ඇමතුමක් ලබා ගැනීමේදී විනාඩියකට රු. 3.00 බැගින් අය කෙරේ.

සැලකිය යුතුයි.

අදාල බදු එකතු කෙරේ