පොදු නියමයන් සහ කොන්දේසි

ඩයලොග් ආසියාටා පීඑල්සී (“ඩයලොග් සමාගම”) විසින් පිළිගන්වන නිෂ්පාදන සහ අගය එකතු කළ සේවාවන්ට ප්‍රවේශ වීම මඟින් හෝ භාවිත කිරීම මඟින්, ග්‍රාහකයා/ඔබ (“ග්‍රාහකයා”/ “ඔබ”) මෙම නියමයන් සහ කොන්දේසිවලට එකඟ වී එයින් බැඳී සිටිනු ලැබේ. යම් සංවිධානයක් හෝ ව්‍යාපාර ආයතනයක් (“ආයතනය”) වෙනුවෙන් එකී නිෂ්පාදන සහ/හෝ අගය එකතු කළ සේවාවන් ඔබ විසින් භාවිත කරන්නේ නම්, ඉදින් එකී ආයතනය වෙනුවෙන් මෙම නියමයන් සහ කොන්දේසිවලට ඔබ එකඟ වී ඇති අතර, එකී ආයතනය මෙම නියමයන් සහ කොන්දේසිවලට බැඳී සිටිනු පිණිස කටයුතු කිරීමට ඔබට බලය තිබෙන බවට ඔබ විසින් කරුණු දක්වා මෙයින් සහතික වනු ලැබේ.

අර්ථ නිරූපණය

“අයිවීආර්” (IVR) යන්නෙන් කලින් පටිගත කරන ලද ශ්‍රව්‍යමය අන්තර්ගතයන් සහ උපදෙස් අඩංගු, පරිගණකයෙන් ක්‍රියාත්මක කරන හඬ පද්ධතියක්, යතුරු පෑඩයක යතුරු තද කිරීම භාවිතය හරහා (DTMF හඬ) අන්තර්ක්‍රියාකාරීත්වයක් පවත්වාගෙන යාමට පුද්ගලයින්ට ඉඩප්‍රස්ථාව සලසන තාක්ෂණයක් අදහස් වේ.

“වෙබ් පිවිසුම/පිවිසුම්” (PORTAL/S) යන්නෙන් URL උපාංගය හරහා ප්‍රවේශ විය හැකි, කෘතිම අවකාශයක තිබෙන, නානාවිධ මූලාශ්‍රවල බහුවිධ මාධ්‍ය අන්තර්ගතයන්/ තොරතුරු ලබාගැනීමට තිබෙන, විශේෂයෙන් ම සැලසුම් කළ වෙබ් අඩවියක් අදහස් වේ.

“අගය එකතු කළ සේවාවන්” (VAS Services) යන්නෙන්, පුවත් කෙටි පණිවුඩ, ජන්ම කේන්දර කෙටි පණිවුඩ, ලංසු කැඳවීම් සේවාවන්, ක්‍රීඩා පුවත් කෙටි පණිවුඩ, ලොතරැයිපත් සේවාවන්, ප්‍රශ්නාවලි, පිවිසුම් සහ වෙනත් පණිවුඩ (ආගමික, සෞඛ්‍ය, අභිප්රේරණාත්මක යනාදී කලින් කලට සංශේධනය විය හැකි සේවා) වැනි සේවාවන් අදහස් වේ.

“ග්‍රාහක පිරිවැය” (Subscription Cost) යන්නෙන් යම් කවරම වූ , අගය එකතු කළ සේවාවන් සේවාවන්ගෙන් යම් කවරම වූ සේවාවකට ග්‍රාහක වීම වෙනුවෙන් ඔබ විසින් ගෙවිය යුතු වන ගාස්තු සහ අයකිරීම් අදහස් වේ.

“ග්‍රාහකයා” (Subscruiber) යන්නෙන් , අගය එකතු කළ සේවාවන් සේවාවන් සඳහා දායක වීම වෙනුවෙන් ඉදිරිපත් කරන ඉල්ලීම ඩයලොග් සමාගම විසින් භාරගන්නා සහ/හෝ ඉන්පසුව ඩයලොග් සේවාවන් එකක් සහ/හෝ ඊට වැඩි සංඛාවක් සඳහා සාර්ථකව දායක වී ඇති වයස අවුරුදු 18 ට වැඩි තැනැත්තෙකු, යම් සමාගමක්/ තනි හිමිකාර ව්‍යාපාරයක/හවුල් ව්‍යාපාරයක් අදහස් වේ.

“යූඑස්එස්ඩී” (USSD) යන්නෙන් ක්ෂණික පණිවුඩ සේවාවන් වශයෙන් කෙටි පණිවුඩ යැවීම පිණිස ජීඑස්එම් (GSM) ජාලයේ දී භාවිත කරන සන්නිවේදන නියමාවලියක් අදහස් වේ. එවැනි ජංගම ජාල ක්රියාකරුවන්ගේ පද්ධතියේ හෝ ග්‍රහාකයාගේ උපාංගයේ ගබඩා නොවේ.

“ඕටීටී සේවාව” (OTT Services) යන්නෙන් ජංගම ජාල ග්‍රාහකයන්ගේ පහසුව උදෙසා ජංගම ජාල ක්රියාකරුව විසින් අයවීම් ග්‍රාහක මුදල්වලට පමණක් පහසුකම් සලසන, ඩයලොග් (ජංගම ජාල ක්රියාකරු) ජාලය මත කිසිඳු රඳා පැවැත්මකින් තොරව, පොදු අන්තර්ජාලය ඔස්සේ ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ වෙනත් බහුවිධ මාධ්‍ය අන්තර්ගතයන් බදාහැරීමට දායකත්වය සලසන සේවාවන් අදහස් වේ.

“සේවාව/අන්තර්ගතය සපයන්නා/සපයන්නන්” (Service/content provider/s) යන්නෙන් ඩයලොග් සමාගමේ ගිණුමක් හරහා රැස්කරගතයුතු වන ගාස්තුවක් සඳහා ඩයලොග් ග්‍රාහකයන් වෙත (යම් තැනැත්තෙකුට හෝ ව්‍යාපාරික ආයතනයකට අයිති දැනුම, තොරතුරු, කුසලතාව, මෘදුකාංග යෙදවුම් හෝ තාක්ෂණික පද්ධතිය භාවිතයට ගනිමින්) අන්තර්ගතයක් හෝ සේවාවක් සැපයීම පිණිස යම් නියමයන් සහ කොන්දේසි සමූහයක් යටතේ ඩයලොග් සමාගම විසින් පිළිගන්වන පසුතලයන් සහ ජාල අංගවලට සම්බන්ධ කරන තැනැත්තෙකු හෝ ව්‍යාපාර ආයතනයක් අදහස් වේ.

ඔබ මෙයින් තවදුරටත් පහත සඳහන් නියමයන්වලින් එකඟ වී බැඳී සිටීම අවශ්‍ය වේ;

  • අදාල වෙබ් අඩවි නොකඩවාම භාවිත කිරීම මඟින් එවැනි ඩයලොග් සේවාවන් සැපයීම පිණිස යම් කවරම වූ තුන්වන පාර්ශ්වයක සේවා සපයන්නෙකු සමඟ ඔබගේ ජංගම දුරකථන අංකය හුවමාරු කරගැනීමට පමණක් සීමා නොවන නමුත් එය ද ඇතුළුව ඩයලොග් සේවාවන් සැපයීම පිණිස ඔබගේ ජංගම දුරකථන අංකය භාවිත කිරීම පිණිස ඔබ විසින් මෙයින් ප්‍රකාශිතවම එකඟ වී පොරොන්දුවට බැඳී සිටිනු ලැබේ.
  • ග්‍රාහක වන අගය එකතු කළ සේවාවන්වල සේවා ගාස්තු, ග්‍රාහක වලංගු කාල සීමාව, අය වන කාල සීමාවන් පිළිබඳව එකඟ වී පොරොන්දුවට බැඳී සිටිනු ලැබේ.
  • ඔබ වෙත ඩයලොග් සේවාවන් සැපයීමේ කාර්යේ දී, ඩයලොග් තුන්වන පාර්ශ්වයේ සේවා සපයන්නාගේ වෙබ් අඩවි/ජංගම යෙදවුම් හෝ තාක්ෂණික පද්ධති වෙත ඔබව නැවත යොමු කිරීමේ දී, එවැනි වෙනත් මාර්ග හරහා ඔබගේ පෞද්ගලික දත්ත රැස් කිරීම ඩයලොග් තුන්වන පාර්ශ්වයේ සේවා සපයන්නන් විසින් සිදුකළ හැකි බවට එකඟ වී පොරොන්දුවට බැඳී සිටිනු ලැබේ. එවැනි සෑම සේවා සපයන්නෙකුගේ ම රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්තිය සමාලෝචනය කරන ලෙසට ඩයලොග් සමාගම විසින් ඔබට තරයේ ම අවවාද කර සිටිනු ලැබේ.
  • ඩයලොග් සේවාවන් ඔබට සැපයීමේ දී, ඩයලොග් සමාගම/IdeaMart/IdeaBiz සහ/හෝ අපගේ තුන්වන පාර්ශ්වයේ සේවා සපයන්නන් විසින් කලින් කලට ඔබව අමතනු ඇති අතර, සේවා සැපයීම කරුණු කොට ගෙන එසේ ඔබව ඇමතීමට , ඔබ විසින් ඔබගේ ප්‍රකාශිත එකඟතාව මෙයින් ලබා දී ඇති බවට එකඟ වී පොරොන්දුවට බැඳී සිටිනු ලැබේ.
  • එවැනි යම් කවරම වූ තුන්වන පාර්ශ්වයේ සේවා සපයන්නකුගේ/ සපයන්නන්ගේ අන්තර්ගතය , පෞද්ගලික දැන්වීම් හෝ පරිචයන් සම්බන්ධයෙන්, නීතිය මඟින් ඉඩප්‍රස්ථාව සලසා ඇති උපරිම ප්‍රමාණයට, ඩයලොග් සමාගමට/ IdeaMart/IdeaBiz වෙත පාලනයන් නොපවතිනා බවට සහ වගකීමක් නොදරනා බවට එකඟ වී පොරොන්දුවට බැඳී සිටිනු ලැබේ.
  • https://dlg.dialog.lk/value-added-services-list දරන සහ https://www.dialog.lk/other-vas-services දරන වෙබ් අඩවිවල සඳහන්, තුන්වන පාර්ශ්වයේ සේවා සපයන්නන්ගේ/අන්තර්ගතයන් සපයන්නන්ගේ මෙම අගය එකතු කළ සේවාවන් සඳහා වන නියමයන් සහ කොන්දේසි ඔබ විසින් කියවා මැනවින් වටහාගෙන ඇති බවට මෙයින් එකඟ වී බැඳී සිටිනු ලැබේ.
  • https://dlg.dialog.lk/dialog-terms-and-conditions දරන වෙබ් අඩවියේ සඳහන් ජංගම ජාල ක්‍රියාකරුගේ/ ක්‍රියාකරුවන්ගේ නියමයන් සහ කොන්දේසි ඔබ විසින් කියවා මැනවින් වටහාගෙන ඇති බවට මෙයින් එකඟ වී බැඳී සිටිනු ලැබේ.

භාවිතයේ නියමයන්

  • මෙහි දැක්වෙන --- වෙබ් අඩවිවල සලසන (“ඩයලොග් සේවාවන්”) , අගය එකතු කළ සේවාවන් එකක් හෝ ඊට වැඩි ගණනක් වෙත දායක වීම සඳහා ඩයලොග් සමාගම විසින් ග්‍රාහකයන්හට ග්‍රාහක සේවාවන් සපයනු ලැබේ.
  • ඩයලොග් සේවාවන් හරහා සක්‍රිය කර ඇති, , අගය එකතු කළ සේවාවන් ඔබ විසින් සිදුකරන භාවිතය මෙම නියමයන් මඟින් පාලනය කරනු ලැබේ.
  • එක් එක් , අගය එකතු කළ සේවාව සඳහා විශේෂිත වූ නියමයන් පහත උපලේඛනවල සවිස්තරව දක්වා ඇත: අදාළ , අගය එකතු කළ සේවාවට ග්‍රාහක වී ඇති ග්‍රාහකයාට මෙහි දක්වා ඇති පොදු නියමයන්ට අමතරව විශේෂ නියමයන් වෙත ද යොමු වීමට හිමිකම් ලැබේ.
    අ වන උපලේඛනය ප්‍රවෘත්ති සේවා සඳහා විශේෂිත නියමයන්
    ආ වන උපලේඛනය ජ්‍යෝතිෂ සේවා සඳහා විශේෂිත නියමයන්
    ඇ වන උපලේඛනය ලංසු කැඳවුම් සේවා සඳහා විශේෂිත නියමයන්
    ඈ වන උපලේඛනය ක්‍රීඩා පුවත් කෙටි පණිවුඩ සඳහා විශේෂිත නියමයන්
    ඉ වන උපලේඛනය ප්‍රශ්නාවලිය සඳහා විශේෂිත වූ නියමයන්
    ඊ වන උපලේඛනය ලොතරැයි සේවාවට විශේෂිත වූ නියමයන්
    උ වන උපලේඛනය වෙබ් පිවිසුම් සඳහා විශේෂිත නියමයන්
    ඌ වන උපලේඛනය අයිවීආර් ක්‍රීඩා සඳහා විශේෂිත වූ නියමයන්
    එ වන උපලේඛනය වෙනත් කෙටි පණිවුඩ සේවා (ආගමික, සෞඛ්‍ය, ආවේශීක, ආදිය) සඳහා විශේෂිත නියමයන්
    ඒ වන උපලේඛනය පරිත්‍යාග සේවා සඳහා විශේෂිත නියමයන්
    ඔ වන උපලේඛනය ස්ථානගත වීම් පිලිබඳ පණිවුඩ සේවා සඳහා විශේෂිත නියමයන්
    ඕ වන උපලේඛනය මොබයිල් යෙදවුම් සහ ඕටීටී සේවා සඳහා විශේෂිත නියමයන්
    ක වන උපලේඛනය ප්‍රතිවාදන රිංගින් ටෝන් (play back ringing tones) සඳහා විශේෂිත නියමයන් (“පීආර්බීටී”)

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 ඩයලොග් සේවාවන් සඳහා ඔබගේ ග්‍රාහකත්වය එය අක්‍රීය කරන තුරු ම පවතිනු ඇත.

1.2 ඩයලොග් සේවාවන් සඳහා වන ග්‍රාහකත්වය ඔබගේ ගිණුම් ශේෂය මත යළි අලුත් වේ.

1.3 ඩයලොග් සේවාවන් සඳහා ග්‍රාහක වීම එක්කෝ ග්‍රාහකත්වයයට මුලපුරන ග්‍රාහකයා විසින්ම හෝ ද්විත්ව කැමැත්ත ප්‍රකාශ කිරීමක් හරහා සිදු වේ. ග්‍රාහකත්වයට පසුව සිහිකැඳවීම් එවනු නොලැබේ. කෙසේ වුව ද, ඔබ විසින් ග්‍රාහක වූ , අගය එකතු කළ සේවාව, සෙල්ෆ්කෙයාර් යෙදවුම (Safecare App) සහ #678*6# හරහා ඔබට නිරීක්ෂණය කිරීමට හැකි වේ.

2. ඩයලොග් සමාගමේ අයිතිවාසිකම්

2.1 මතු සදහන් අයිතිවාසිකම් එනම්:

i. ඕනෑම ඩයලොග් සේවාවක් සිය අභිමත පරිදි, ඕනෑම වේලාවක, ඕනැම හේතුවක් මත දැනුම් දීමකින් පසු, යම් කවරම වූ වගකීම්වලින් තොරව , ඉවත් කිරීමට;

ii. මෙම නියමයන් ඕනෑම වේලාවක වෙනස් කිරීමට, අලුත් කිරීමට හෝ සංශෝධනය කිරීමට;

iii. යම් ඩයලොග් සේවාවක් හෝ එහි යම් කවර ම වූ කොටසක්, ඕනෑම වෙලාවක, අලුත් කිරීමට, අත්හිටුවීමට හෝ අවසන් කිරීමට;

iv. සිය ග්‍රාහකයින්ට ඒකාබද්ධ සේවාවක් සැපයීම පිණිස සිය ග්‍රාහකයින් සහ/හෝ පාලක සමාගම් සමඟ සහ/හෝ කිසියම් අපරාධ විමර්ශනයක් සම්බන්ධයෙන් හෝ කිසියම් අපරාධ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඕනෑම රාජ්‍ය බලධරයෙකු සමඟ සිය දත්ත සමුදාය/විශේෂිත ග්‍රාහක තොරතුරු ඕනෑම අවස්ථාවක, හුවමාරු කරගැනීමට;

ඩයලොග් සමාගම විසින් තවදුරටත් සිය අයිතිය රඳවා තබාගනු ලැබේ.

2.2 නීතිය විසින් හෝ නීතිය යටතේ බලය පැවරී ඇති විටක දී, සපයන ලද ඩයලොග් සේවා එකක් සහ/හෝ වැඩි ගණනකට ග්‍රාහකයෙකු ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීමට ඩයලොග් සමාගමට අයිතිය තිබිය යුතුය.

2.3 මෙම නියමයන් යාවත්කාලීන කිරීමෙන් ඕනෑම වෙනස්කමක් කිරීම පිළිබඳව ඩයලොග් සමාගම විසින් ඔබව දැනුවත් කරනු ඇති අතර, එවැනි එක් එක් වෙනස් කිරීම පිළිබඳව නිශ්චිත දැනුම් දීමක් ලැබීමට තිබෙන ඕනෑම අයිතියක් ඔබ විසින් අත්හරිනු ලැබිය යුතු වේ. යාවත්කාලීන වීම් පිළිබඳව දැනුවත්ව සිටීමට මෙම නියමයන් කලින් කළ සමාලෝචනය කිරීම ඔබේ වගකීමක් වේ. ඔබ විසින් ඩයලොග් සේවා අඛණ්ඩව භාවිතා කිරීමෙන් ප්‍රතිශෝධිත නියමයන්වල වෙනස්කිරීම්වලට, එකී ප්‍රතිශෝධිත නියමයන්වල වෙනස්කිරීම් පළකිරීම කළ දිනට පසුව ඔබ යටත් වන අතර, ප්‍රතිශෝධිත නියමයන්වල වෙනස්කිරීම් පිළිබඳව ඔබ විසින් දැනගෙන ඇති බවට සහ පිළිගෙන ඇති බවට සැලකිය යුතුය.

3. ග්‍රාහකයාගේ බැඳීම්

3.1 මෙම ලියවිල්ල යටතේ පිළිගන්වන ඩයලොග් සේවාවන් හුදෙක් ඔබගේ පුද්ගලික භාවිතය සඳහා පමණි. මෙම , අගය එකතු කළ සේවා සපයන එක් එක් අන්තර්ගත‍/පසුතල සපයන්නන් වෙත ඔවුන්ගේම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇති අතර, ග්‍රාහකයා ඒවා වාණිජමය අරමුණු සඳහා නැවත භාවිත නොකළ යුතුය. අන්තර්ගත‍/පසුතල සපයන්නන් විසින් කිසියම් අන්තර්ගතයන්ට අදාළ උල්ලංඝනයන් සිදුකරන්නේ නම්, එවැනි ගැටළු විසඳීම සඳහා ඩයලොග් සමාගම වගකීම දරණු නොලැබේ.

3.2 ඕනෑම ඩයලොග් සේවා එකක් සහ/හෝ ඊට වැඩි ගණනක් සක්‍රිය කරන අවස්ථාවේ දී, ග්‍රාහකයා වයස අවුරුදු 18ට වැඩි, සක්‍රිය ඩයලොග් සම්බන්ධතාවයක් තිබිය යුතු තැනැත්තෙකු විය යුතු වන අතර, සක්‍රිය කිරීම සිදුකරන අවස්ථාවේ දී ඩයලොග් ගිණුමේ බැර ශේෂයක් තිබිය යුතුය.

3.3 ඩයලොග් සේවාවන් භාවිතා කිරීම මෙම ලියවිල්ලේ දක්වා ඇති තනි සහ සීමිත අරමුණ සඳහා පමණක් විය යුතුය. එබැවින්, මෙම නියමයන්වල ප්‍රකාශිතවම දක්වා ඇති පරිදි ඩයලොග් සේවා භාවිතා කිරීමට පමණක් අවසර ලැබෙන බව ඔබ විසින් පිළිගෙන එකඟ වනු ලැබේ.

3.4 ඔබ විසින් සිදුකරන ඕනෑම අනවසර ක්‍රියාවක් දැඩි ලෙස තහනම් වන බවත්, එවැනි අනවසර භාවිතයන් සඳහා ඔබ සැම විටම වගකීම දැරිය යුතු වන බවටත්, ඔබ එකඟ වේ.

3.5 ඔබ විසින් ග්‍රාහක වී ඇති ඩයලොග් සේවාවන්හි තර්ජනයට ලක් වූ සහ/හෝ අනවසර භාවිතයක් පිළිබඳව හෝ වෙනත් ආරක්‍ෂාව කඩකිරීමක් පිළිබඳව ක්ෂණික පදනමක් මත ඩයලොග් සමාගමට දැනුම් දීම සඳහා ඔබ සම්පූර්ණයෙන්ම වගකීම දැරිය යුතු වන බවට ඔබ එකඟ වේ.

3.6 https://www.dialog.lk/privacy-notice දරන වෙබ් අඩවියෙන් ප්‍රවේශ විය හැකි ඩයලොග් සමාගමේ සම්පූර්ණ රහස්‍යතා ප්‍රතිපත්තියට ඔබ සමඟ එකඟ වී එය පිළිගනු ලැබේ. , අගය එකතු කළ සේවාවන් සඳහා ග්‍රාහක වීමෙන්, ඔබ ඉහත සඳහන් රහස්‍යතා දැන්වීමෙන් බැඳී සිටීමට ඔබේ ප්‍රකාශිත කැමැත්ත ඉදිරිපත් කරනු ලැබේ.

3.7 මෙම නියමයන්වල ප්‍රකාශිතව ලබා දී නොමැති සියලුම අයිතීන් ඩයලොග් සමාගම වෙත තවදුරටත් රඳවා තබාගනු ඇත.

4. ගෙවීමේ නියමයන් සහ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය

4.1 , අගය එකතු කළ සේවා සඳහා ග්‍රාහක පිරිවැය ග්‍රාහක වීමට පෙර දැනුම් දෙනු ලබන අතර, , අගය එකතු කළ සේවාව ලබා ගැනීමට පෙර අදාළ ගෙවීම් කෙරෙහි ඔබ විසින් එකඟවීම අවශ්‍ය විය යුතුය.

4.2 ග්‍රාහක පිරිවැය සහ ගෙවීම් නියමයන් ඩයලොග් සමාගම විසින් කලින් කලට වෙනස් කළ හැකි වන අතර, එම වෙනස් වීම ඩයලොග් විසින් කලින් කලට යාවත්කාලීන කරනු ලැබේ. එහි දී ඔබ ඩයලොග් සේවාව භාවිතා කිරීම හුදෙක් එවැනි ප්‍රතිශෝධිත සහ වෙනස් කළ ග්‍රාහක පිරිවැය සහ ගෙවීම් නියමයන් ඔබ විසින් තහවුරු කිරීමක් සහ එකඟවීමක් වන බවට සලකනු ලැබේ.

4.3 ග්‍රාහක පිරිවැය ගෙවා පියවා දමා නොමැති අවස්ථාවක, එවැනි ගෙවීම් සම්පූර්ණයෙන්ම පියවා දමන තෙක් , අගය එකතු කළ සේවාව වෙත ප්‍රවේශය අත්හිටුවීමට ඩයලොග් සමාගමට අයිතිය ඇත.

4.4 ග්‍රාහකත්වය සම්බන්ධයෙන් රජය, පළාත් සභාව, පළාත් පාලන ආයතනයක් හෝ වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක් විසින් වර්තමානයේ දී හෝ අනාගතයේ දී පැනවිය හැකි බදු හෝ වෙනත් අයකිරීම් සහ වෙනත් ගාස්තු ග්‍රාහකයා විසින් දැරිය යුතු වේ.

4.5 ග්‍රාහකත්වය සඳහා අයකිරීම් දෛනිකව, සතිපතා හෝ මාසිකව අය කරගනු ලැබේ.

4.6 සේවාව අක්‍රීයව පවතින්නේ නම් සහ සේවාව සපයා නොමැති නම් පමණක් ග්‍රාහක පිරිවැය ආපසු ගෙවීම සිදුකළ හැකිය. තීරණය වෙනස් කිරීම, සේවාව භාවිතා නොකිරීම හෝ , අගය එකතු කළ සේවාව පිළිබඳ අමතක වීම මුදල් ආපසු ගෙවීම සඳහා වලංගු හේතු ලෙස නොසැලකේ. ග්‍රාහකයාගේ කැමැත්තකින් තොරව කුමන හේතුවක් නිසා හෝ , අගය එකතු කළ සේවාව සක්‍රිය කර ඇත්නම් සහ ඒ බව ඔප්පු කිරීමට සාක්ෂි තිබේ නම්, මුදල් ආපසු ගෙවීම සිදුවිය හැකිය. මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් වන අවසාන අභිමතය ඩයලොග් සමාගම සහ අන්තර්ගත සැපයුම්කරු සතු වේ.

4.7 ඔබ එකඟ වූ සහ ග්‍රාහක වූ , අගය එකතු කළ සේවාවේ මිල සහ වලංගුභාවය මත පදනම්ව ඔබගෙන්අයකිරීම් කරනු ලැබේ. සේවාව වෙනුවෙන් අගය එකතු කිරීමක් වශයෙන් ග්‍රාහකයා සම්බන්ධයෙන් අය කිරීමේ හැකියාව, අන්තර්ගත සපයන්නා සමග දැඩි කොන්දේසි සහ ගිවිසුම් සහිතව, ඩයලොග් සමාගම විසින් සපයා ඇත.

5. හානිපූරණය සහ වගකීම් සීමා කිරීම

5.1 ඔබ විසින් මෙම නියමයන් කඩකිරීම හෝ ප්‍රෝක්ත කඩකිරීම කරණ කොට ගෙන ඩයලොග් සමාගමට සහ එහි පාලිත සමාගම්වලට එරෙහිව ඉදිරිපත් කරන සියලුම හිමිකම් ඉල්ලීම්, වගකීම්, අලාභ හානි සහ නඩු තීන්දු සම්බන්ධයෙන් සහ යම් තුන්වන පාර්ශ්වයක හිමිකම් ඉල්ලීම් (රජයේ බලධාරියෙකු විසින් ඉදිරිපත් කරන හිමිකම් ඉල්ලීම් ද ඇතුළුව) සම්බන්ධයෙන් දරන, නඩුකීමේ සාධාරණ නඩු ගාස්තු සහ වියදම් යනාදියට එරෙහිව ග්‍රාහකයා විසින් ඩයලොග් සමාගම සහ එහි පාලිත සමාගම් සෑම කල්හිම ආරක්ෂා කිරීම, එකී සමාගම්වලට හානි පූරණය කිරීම සහ ඒවා නිර්දෝෂීභාවයේ තැබීම සිදුකළ යුතුය.

5.2 ඕනෑම ඩයලොග් සේවාවකට ග්‍රාහක වීමෙන් සහ මෙම නියමයන්ට එකඟ වීමෙන්, ඩයලොග් සේවාවන් භාවිතය සම්බන්ධයෙන් හෝ භාවිත කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් පැනනඟින සෘජු, වක්‍ර, ආනුෂංගික, දණ්ඩනීය, විශේෂ හෝ අනියම් අලාභහානි සඳහා ඩයලොග් සමාගම වගකීම නොදරන බවට සහ දැරිය යුතු නොවන බවට ඔබ එකඟ වනු ලැබේ.

5.3 මෙම ලියවිල්ලේ අඩංගු කොන්දේසි වලට යටත්ව, මෙම නියමයන් යටතේ ග්‍රාහකයින්ගේ එකම ප්‍රතිකර්මය වන්නේ ග්‍රාහක වී ඇති ඩයලොග් සේවාව අක්‍රිය කිරීම/අවලංගු කිරීම සිදුකිරීමයි.

5.4 මෙම ලියවිල්ලේ සඳහන් ඕනෑම ඩයලොග් සේවාවන් සැපයීම හරහා;

i. සේවාව සම්බන්ධව පැන නගින ඕනෑම අපහාසයක්, අපවාදයක්, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සඳහා හිමිකම් ඉල්ලීමක් සහ ඩයලොග් සේවාවන් සම්බන්ධයෙන් ග්‍රාහකයාගේ කිසියම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් හේතුවෙන් පැන නඟින ඕනෑම ඉල්ලීමක් සඳහා; සහ

ii. යම් කවරම වූ සෘජු, වක්‍ර, විශේෂ, අනියම් අලාභහානි සඳහා හෝ ග්‍රාහකයා විසින් හෝ ඕනෑම තුන්වන පාර්ශ්වයක් විසින් යම් කවරම වූ ස්වභාවයකින් අත්විඳින ව්‍යාපාර/ආදායම්/ලාභ අහිමි වීම සඳහා ග්‍රාහකයාට හෝ ග්‍රාහකයා විසින් බලය පවරන හෝ ග්‍රාහකයා හරහා අන්‍යාකාරයෙන් හිමිකම් ඉදිරිපත් කරන තුන්වන පාර්ශ්වයකට;

ඩයලොග් සමාගම වගකීමක් නොදැරිය යුතුය.

5.5 ඩයලොග් සේවාව/සේවාවන් භාවිතයෙන් පැන නඟින හෝ උද්ගත වන, තුන්වැනි පාර්ශ්වයකට හෝ ඔවුන්ගේ දේපළවලට සිදු වන හෝ අත්විඳීමට වන යම් හානියක් සඳහා නීතිය ප්‍රකාරව ප්‍රායෝගික වන උපරිම ප්‍රමාණයට, ඩයලොග් සමාගම විසින් ග්‍රාහකයාට හෝ එවැනි තුන්වන පාර්ශ්වයකට නීත්‍යනුකූලව වගකීමක් නොදැරිය යුතුය.

5.6 අන්තර්ගත සපයන්නා විසින් සපයන , අගය එකතු කළ සේවාවේ අන්තර්ගතයට පමණක් සීමා නොවන නමුත් එය ද ඇතුළුව ඩයලොග් සේවාවන් භාවිතා කිරීමෙන් පැන නගින ඕනෑම ආකාරයක සියලූම වගකීම්වලින් ඩයලොග් සමාගම බැහැර කරනු ලැබේ.

5.7 නීතියෙන් හෝ අන්‍යාකාරයෙන් මෙම නියමයන්වලින් හැඟවීම ඇතුළත්වීම සිදුවිය හැකි සියලුම කොන්දේසි හෝ සහතිකවීම් නීතියෙන් අවසර දී ඇති ප්‍රමාණයට ප්‍රකාශිතව බැහැර කරනු ලැබේ.

6. වෙනත්

6.1 ඩයලොග් සමාගම සහ අන්තර්ගත සපයන්නා විසින් කලින් කලට ප්‍රවර්ධන වැඩසටහන් සිදු කළ හැකි අතර, එහි දී යම් ග්‍රාහකයෙකුට ‍යම් තිළිණයක් දිනා ගැනීමට හිමිකම් ලැබේ. එවැනි අවස්ථාවන්හි දී, කුසලතාවයක් හෝ සේවාවක් භාවිතා කළ ආකාරය මත පදනම්ව ජයග්‍රාහකයා තෝරා ගත හැකි අතර, නැතහොත් සේවා පිළිගැන්වීමේ නියමයන් අනුව ඩයලොග් සමාගමේ අනුමැතිය ඇතිව ජයග්‍රාහකයා අහඹු ලෙස තෝරා ගත හැකිය. කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඥාතීන්ට එවැනි සේවා පිළිගැන්වීම් සඳහා හිමිකම් නොමැත.

6.2 , අගය එකතු කළ සේවාවන් යටතේ සපයන අන්තර්ගතයට අදාළ බලපත්‍ර සහ අයිතිවාසිකම් අදාළ අන්තර්ගත සැපයුම්කරුට අනන්‍ය වශයෙන් අයිති වන බවට ඔබ දන්නා බවට ඔබ එකඟ වනු ලැබේ. , අගය එකතු කළ සේවාවන් යටතේ හුවමාරු වන අන්තර්ගතය රජය විසින් කලින් කලට පනවන ලද රෙගුලාසි සහ නීතිවලට අනුකූල වන බවට සහ ඒවා වෙනස් කිරීම හෝ වරදවා ඉදිරිපත් කිරීම නොකරන බවට සහතික කිරීම හුදෙක්ම අන්තර්ගත සැපයුම්කරුගේ වගකීම වේ. ඒ අනුව, එවැනි අන්තර්ගත සපයන්නන්/තුන්වන පාර්ශ්වයන් විසින් ඕනෑම අවස්ථාවක සපයනු ලබන එවැනි , අගය එකතු කළ සේවාවක් සඳහා හෝ එකී සේවාවන්හි විශේෂාංග (‘ඇත්නම්’) එකී සේවා විශේෂාංග සඳහා ඩයලොග් සමාගම කිසිදු අවස්ථාවක වගකීමක් දැරිය යුතු නොවේ.

6.3 මෙම ගිවිසුමේ යම් නියමයන් සහ කොන්දේසි බලාත්මක කිරීමේ දී ඩයලොග් සමාගමේ ප්‍රමාදය හෝ අනුග්‍රහයක් හෝ ඩයලොග් සමාගම විසින් ග්‍රාහකයාට කාලය පිරිනැමීමක් හෝ වේවා, එවැනි විටක දී, ඩයලොග් සමාගමේ අයිතිවාසිකම් සහ බලතලවලට අගතියක් නොවිය යුතු වන අතර, යම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ඩයලොග් සමාගම විසින් කරන අත්හැරීමක් තුළ යම් තදනන්තර හෝ අඛණ්ඩවම කරන කඩකිරීමක් සම්බන්ධයෙන් අඛණ්ඩ අත්හැරීමක් සංයුක්ත නොවිය යුතුය.

6.4 දේව ක්‍රියා, වසංගත, බෝවන රෝග, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, කැරලි හෝ සිවිල් සමාජයේ කැළඹීම්, හමුදා මෙහෙයුම්, රජයේ හෝ කිසියම් නිසි බලධාරියෙකුගේ සියලු හදිසි ක්‍රියා හෝ නොකරහැරීම්, ඕනෑම ආකාරයක කාර්මික ආරවුල්, ගින්න, අකුණු ගැසීම්, පිපිරීම්, ජලගැලීම්, ඩයලොග් සමාගම විසින් වගකීමක් නොදරන තැනැත්තන්ගේ හෝ ආයතනවල ක්‍රියා හෝ නොකරහැරීම් හෝ ඩයලොග් සමාගමේ පාලනයෙන් බැහැර වන කිසියම් හේතුවක් නිසා සිදුවන ඕනෑම කොන්දේසි කඩකිරීමක් සඳහා ඩයලොග් සමාගම විසින් වගකීම දරනු නොලැබිය යුතුය.

6.5 මෙහි අඩංගු කිසියම් නියමයක් වලංගු නොවන, නීති විරෝධී වන හෝ අදාළ නීතියක් යටතේ බලාත්මක කළ නොහැකි වන විටක දී, අවශේෂ නියමයන්වල නීත්‍යානුකූලභාවය සහ බලාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් බලපෑමක් හෝ ඒවා ක්ෂය වීමක් සිදු නොවිය යුතු වන අතර, එවැනි වලංගු නොවන හෝ බලාත්මක කළ නොහැකි නියමයන් මකා දැමූ ඒවා බවට සලකනු ලැබිය යුතුය.

6.6 මෙම නියමයන් ශ්‍රී ලංකාවේ නීති මඟින් පාලනය වන අතර, ශ්‍රී ලංකා අධිකරණවල අනන්‍ය අධිකරණ බලයට යටත් වනු ලැබේ.

6.7 අන්‍යාකාරයෙන් නිශ්චිතව දක්වා නොමැත්තේ නම් මිස, මෙම නියමයන්වලට අනුව, ග්‍රාහකයා වෙත දැන්වීමක් භාරදීමට ඩයලොග් සමාගමට අවශ්‍ය වන විටක දී, ඩයලොග් සමාගම විසින් ග්‍රාහකයා වෙත එවැනි දැන්වීමක් භාරදීම සිදු කළ හැකි වන අතර, ඒ අනුව, එවැනි දැනුම්දීමක් (අ) පළකරන අවස්ථාවේ දී, එය වෙබ් අඩවියේ පළකර ඇති විටක දී; (ආ) පළකරන අවස්ථාවේ දී, එය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි පුවත්පතක පළකර ඇති දිනයේ; (ඇ) විද්‍යුත් තැපෑලෙන් යවන්නේ නම්, එය යැවූ අවස්ථාවේ දී; (ඈ) හෝ (ඉ) කෙටි පණිවිඩයක් මඟින් යවනු ලැබුවහොත්, එය යවන වේලාවේ දී ග්‍රාහකයාට නිසි පරිදි භාරදීම දීම සහ ග්‍රාහකයා විසින් ලබාගෙන ඇති බවට සැලකිය යුතුය.

6.8 ඩයලොග් සමාගම විසින් අන්‍යාකාරයෙන් දැනුම් දී ඇත්නම් මිස, ග්‍රාහකයා විසින් ඩයලොග් සමාගම වෙත භාරදෙන දැන්වීමක්, ඩයලොග් සමාගමේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට ලිඛිතව ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

6.9 ඉංග්‍රීසි පාඨ සහ සිංහල/දෙමළ පරිවර්තන‍ අතර අනනුකූලතාවක් මතු වුවහොත්, සිංහල සහ දෙමළ පරිවර්තනයන්ට සාකේෂව ඉංග්‍රීසි පාඨ සෑම විටම බලපැවැත්වෙනු ඇත.

6.10 ඔබට සේවාව පිළිබඳව අවශ්‍ය විටක ඕනෑම පැහැදිලි කිරීමක් ලබාගැනීම සඳහා 678 හෝ 1777 ඇමතීම සිදු කළ හැකිය. සේවාවන් සැපයීමේ කාර්ය සඳහා, සේවා හෝ අන්තර්ගත සපයන්නාට යම් කවරම වූ සේවා කාරණා සහ පැමිණිලි සම්බන්ධයෙන් ග්‍රාහකයා සමඟ සම්බන්ධ විය හැකිය.

6.11 ග්‍රාහකයා විසින් සපයන ලද තොරතුරුවල සත්‍යතාව තහවුරු කරගැනීම උදෙසා, ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පමණක් සීමා නොවන නමුත් එම දෙපාර්තමේන්තුව ද ඇතුළුව අදාළ බලධාරීන් විසින් පවත්වාගෙන යන ග්‍රාහකයා සම්බන්ධ ජාතික හැඳුනුම්පතේ තොරතුරුවලට සහ වෙනත් තොරතුරුවලට ඩයලොග් සමාගම විසින් පිවිසීමට ග්‍රාහකයා විසින් ඩයලොග් සමාගම වෙත මෙයින් එකඟතාව පළකරනු ලැබේ.

අ වන උපලේඛනය - ප්‍රවෘත්ති සේවා සඳහා සුවිශේෂිත නියමයන්

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 ග්‍රාහකයාට පහත සඳහන් ආකාරයට මෙම සේවාවට ග්‍රාහක වීමට සහ සක්‍රිය කිරීමට සහ අක්‍රිය කිරීමට හැකි වනු ඇත:

1.1.1 සක්‍රිය කිරීමේ මාධ්‍ය එස්එම්එස් වන විටක දී - එස්එම්එස් කවුළුව වෙත මූල පදයක් යවා තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.2 සක්‍රිය කිරීමේ මාධ්‍ය යූඑස්එස්ඩී වන විටක දී - යූඑස්එස්ඩී කේතයක් (# දරන සංකේතයකින් ආරම්භ කරන සහ අවසන් කරන සංඛ්‍යා කේතයක්) ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.3 සක්‍රිය කිරීමේ මාධ්‍ය අයිවීආර් වන විටක දී - අයිවීආර් අංකය ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකි.

1.2 සේවාව එස්එම්එස් හරහා වන විටක දී, එය සක්‍රිය කිරීමෙන් පසු, සේවාව මත පදනම්ව ඔබට දිනපතා, සතිපතා එස්එම්එස් හරහා අන්තර්ගතය ලැබෙනු ඇත.

1.3 සේවාව අයිවීආර් හරහා වන විටක දී, අන්තර්ගතයට සවන් දීමට ඔබට අයිවීආර් අංකය ඇමතීමට අවශ්‍ය වන අතර, නැතහොත් සේවාව පදනම් කරගෙන ඔබට සම්මත වේලාවක හෝ ඔබ විසින් දෛනික හෝ සතිපතා කාලසටහන්ගත කර ඇති ප්‍රියතම වේලාවක ඇමතුමක් ලැබිය හැකිය. ඊට අමතරව, අයිවීආර් සේවාව විසින් ඔබගේ පහසු භාවිතය සඳහා සමාන අන්තර්ගතයන් එස්එම්එස් හරහා ඔබට එවිය හැකිය.

ආ වන උපලේඛනය - ජන්ම කේන්දර සේවා සඳහා සුවිශේෂිත නියමයන්

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 ග්‍රාහකයාට පහත සඳහන් ආකාරයට මෙම සේවාවට ග්‍රාහක වීමට සහ සක්‍රිය කිරීමට සහ අක්‍රිය කිරීමට හැකි වනු ඇත:

1.1.1 සක්‍රිය කිරීමේ මාධ්‍ය එස්එම්එස් වන විටක දී - එස්එම්එස් කවුළුව වෙත මූල පදයක් යවා තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.2 සක්‍රිය කිරීමේ මාධ්‍ය යූඑස්එස්ඩී වන විටක දී - යූඑස්එස්ඩී කේතයක් (# දරන සංකේතයකින් ආරම්භ කරන සහ අවසන් කරන සංඛ්‍යා කේතයක්) ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.3 සක්‍රිය කිරීමේ මාධ්‍ය අයිවීආර් වන විටක දී - අයිවීආර් අංකය ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.2 සේවාව එස්එම්එස් හරහා වන විටක දී, එය සක්‍රිය කිරීමෙන් පසු, සේවාව මත පදනම්ව ඔබට දිනපතා, සතිපතා එස්එම්එස් හරහා අන්තර්ගතය ලැබෙනු ඇත.

1.3 සේවාව අයිවීආර් හරහා වන විටක දී, අන්තර්ගතයට සවන් දීමට ඔබට අයිවීආර් අංකය ඇමතීමට වන අතර, නැතහොත් සේවාව පදනම් කරගෙන ඔබට සම්මත වේලාවක හෝ ඔබ විසින් දෛනික හෝ සතිපතා කාලසටහන්ගත කර ඇති ප්‍රියතම වේලාවක ඇමතුමක් ලැබිය හැකිය. ඊට අමතරව, අයිවීආර් සේවාව විසින් ඔබගේ පහසු භාවිතය සඳහා සමාන අන්තර්ගතයන් එස්එම්එස් හරහා ඔබට එවිය හැකිය.

1.4 අදාළ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයා විසින් සපයනු ලබන අන්තර්ගතය හුදෙක් ඔහුගේ/ඇයගේ කුසලතාව, නිපුණතාව සහ දැනුම මත පදනම් වූ බවට ඔබ එකඟ වන අතර, මෙම උපදෙස් ඔබේ අභිමතය පරිදි ලබා ගැනීම අවශ්‍ය වනු ඇත. එවැනි උපදෙසක් හේතුවෙන් සිදුවන ඕනෑම හානියක් සඳහා අන්තර්ගත සේවා සපයන්නා හෝ ඩයලොග් සමාගම වගකියනු නොලැබේ.

ඇ වන උපලේඛනය - ලංසු කැඳවුම් සේවා සඳහා සුවිශේෂිත නියමයන්

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 ග්‍රාහකයාට පහත සදහන් ආකාරයට මෙම සේවාව සඳහා ග්‍රාහක වීමට සහ සක්‍රිය කිරීමට සහ අක්‍රිය කිරීමට හැකි වනු ඇත:

1.1.1 එස්එම්එස්, යූඑස්එස්ඩී, වෙබ් කැමැත්ත හෝ අයිවීආර් හරහා හෝ සේවාව මත පදනම් වූ මෙම ක්‍රමවල එකතුවක් හරහා හෝ - සක්‍රිය කිරීමට සහ අක්‍රිය කිරීමට හැකි වනු ඇත.

1.1.2 සක්‍රිය කිරීමේ මාධ්‍ය කෙටි පණිවුඩයක් වන විටක දී- එස්එම්එස් කවුළුව වෙත මූල පදයක් යැවීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය. එස්එම්එස් කවුළුව වෙත ලංසු වටිනාකම සහිත එස්එම්එස් යැවීමෙන්ද ලංසු තැබීම සිදුකළ හැකිය.

1.1.3 සක්‍රිය කිරීමේ මාධ්‍ය යූඑස්එස්ඩී වන විටක දී - යූඑස්එස්ඩී කේතයක් (# දරන සංකේතයකින් ආරම්භ කරන සහ අවසන් කරන සංඛ්‍යා කේතයක්) ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය. සේවාව සක්‍රිය කළ සැනින්ම යූඑස්එස්ඩී කේතය ඇමතීමෙන් ද ලංසු තැබීම සිදුකළ හැකිය.

1.1.4 සක්‍රිය කිරීමේ මාධ්‍ය අයිවීආර් වන විටක දී - අයිවීආර් අංකය ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය. සේවාව සක්‍රිය කළ සැනින්ම අයිවීආර් කේතය ඇමතීමෙන් ද ලංසු තැබීම සිදු කළ හැකිය.

1.1.5 සක්‍රිය කිරීමේ මාධ්‍ය වෙබ් අඩවිය වන විටක දී - වෙබ් පිටුවක තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය. ලංසු තැබීම වෙබ් අඩවිය ඔස්සේ ද කළ හැකිය. සමහර ඩයලොග් සේවා වෙබ් සක්‍රිය කිරීමට ඉඩ ලබා නොදෙන අතර, අදාළ පිළිගැන්වීම යටතේ නිෂ්පාදන සහ වෙනත් සේවා සම්බන්ධ තොරතුරු සන්නිවේදනය කිරීමේ මාධ්‍යයක් ලෙස පමණක් වෙබ් අඩවිය ලබාගත හැකි බව සලකන්න.

1.2 ග්‍රාහකයා මෙම සේවාව සක්‍රිය කිරීමට අදහස් කරන්නේ නම් ද්විත්ව කැමැත්ත ලබා ගනු ඇත.

2. ගෙවීමේ නියමයන් සහ ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය

2.1 සේවාව සක්‍රිය කිරීමේ දී සඳහන් කරන ග්‍රාහක පිරිවැය, දෛනික පදනමින් අය කරනු ලබන අතර, අමතර ලංසු තැබීමේ අවස්ථා අවශ්‍ය නම්, අමතර ගාස්තුවක් අය කරනු ලැබේ.

2.2 ග්‍රාහකයා අමතර ලංසු තැබීමේ අවස්ථා සඳහා ඉල්ලීමක් කරන විටක, අමතර ලංසු තැබීම සඳහා ගාස්තු අය කරනු ලැබේ.

2.3 අමතර ලංසු ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.

3. වෙනත්

3.1 වෙළෙන්දා විසින් ස්වයංක්‍රීය පද්ධතියක් හරහා ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.

3.2 ලංසු තැබීමේ තිළිණය සාකච්ඡා කරගත නොහැකි අතර, ජයග්‍රාහකයාගේ විස්තර සහ සුදුසුකම් වලංගු කිරීමෙන් පසු, තිළිණය/තිළිණ අන්තර්ගත සේවා සපයන්නා විසින් බෙදා දීම කරනු ලැබේ.

3.3 කිසියම් වංචනික ක්‍රියාවක් හේතුවෙන් හෝ සිය සේවයේ සුවිශේෂිත නියමයන් මත රැඳෙමින්, අතීත ක්‍රියාකාරකම් පදනම් කරගෙන, පද්ධතිය විසින් ස්වයංක්‍රීයව තෝරා ගන්නා ඕනෑම ජයග්‍රාහකයෙකු නුසුදුස්සකු කිරීමේ අයිතිය අන්තර්ගත සේවා සපයන්නා සහ ඩයලොග් සමාගම සතු වේ.

ඈ වන උපලේඛනය - ක්‍රීඩා සංඥා සඳහා සුවිශේෂිත නියමයන්

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 ග්‍රාහකයාට පහත සඳහන් ආකාරයට මෙම සේවාවට ග්‍රාහක වීමට සහ සක්‍රිය කිරීමට සහ අක්‍රිය කිරීමට හැකි වනු ඇත:

1.1.1 සක්‍රිය කිරීමේ මාධ්‍ය එස්එම්එස් වන විටක දී - එස්එම්එස් කවුළුව වෙත මූල පදයක් යවා තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

3.1.1 සක්‍රිය කිරීමේ මාධ්‍ය යූඑස්එස්ඩී වන විටක දී - යූඑස්එස්ඩී කේතයක් (# දරන සංකේතයකින් ආරම්භ කරන සහ අවසන් කරන සංඛ්‍යා කේතයක්) ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

3.1.2 සක්‍රිය කිරීමේ මාධ්‍ය අයිවීආර් වන විටක දී - අයිවීආර් අංකය ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.2 සේවාව එස්එම්එස් හරහා වන විටක දී, එය සක්‍රිය කිරීමෙන් පසුව, සේවාව මත පදනම්ව ඔබට දිනපතා, සතිපතා එස්එම්එස් හරහා අන්තර්ගතය ලැබෙනු ඇත.

1.3 සේවාව අයිවීආර් හරහා වන විටක දී, අන්තර්ගතයට සවන් දීමට අයිවීආර් අංකය ඇමතීමට ඔබට අවශ්‍ය වනු ඇත. ඊට අමතරව, අයිවීආර් සේවාව විසින් ඔබගේ පහසු භාවිතය සඳහා සමාන අන්තර්ගතයන් එස්එම්එස් හරහා ඔබ වෙත එවිය හැකිය.

1.4 අන්තර්ගතය යාවත්කාලීන නොවන බව විශ්වාස කිරීමට කිසියම් හේතුවක් තිබේ නම්, ඔබට ඩයලොග් සමාගම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි අතර, එහිදී එවැනි හිමිකම්පෑමක වලංගුභාවය පැහැදිලි කිරීමට සහ ක්ෂණික ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීමට ඩයලොග් සමාගම විසින් අදාළ අන්තර්ගත සැපයුම්කරු වෙත යොමු කරනු ඇත.

2. ගෙවීමේ නියමයන් සහ ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය

2.1 ඔබ එකඟ වූ සහ ග්‍රාහක වූ , අගය එකතු කළ සේවාවේ මිල සහ වලංගුභාවය මත පදනම්ව ඔබෙන් අයකිරීම් කරනු ලැබේ. විශේෂයෙන් ක්‍රීඩා/තරග කාලවල දී මිලකරණයේ වෙනසක් ඇති විය හැකි බව සලකන්න. එය ග්‍රාහක වන අවස්ථාවේ දී (අදාළ වන විටක දී,) ඔබට දැනුම් දෙනු ලැබේ.

ඉ වන උපලේඛනය - ප්‍රශ්නාවලිය සඳහා සුවිශේෂිත වූ නියමයන්

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 ග්‍රාහකයාට පහත සඳහන් ආකාරයට මෙම සේවාවට ග්‍රාහක වීමට සහ සක්‍රිය කිරීමට සහ අක්‍රිය කිරීමට හැකි වනු ඇත:

1.1.1 සක්‍රිය කිරීමේ මාධ්‍ය එස්එම්එස් වන විටක දී - එස්එම්එස් කවුළුව වෙත මූල පදයක් යවා තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.2 සක්‍රිය කිරීමේ මාධ්‍ය යූඑස්එස්ඩී වන විටක දී - යූඑස්එස්ඩී කේතයක් (# දරන සංකේතයකින් ආරම්භ කරන සහ අවසන් කරන සංඛ්‍යා කේතයක්) ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.3 සක්‍රිය කිරීමේ මාධ්‍ය අයිවීආර් වන විටක දී - අයිවීආර් අංකය ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.4 සක්‍රිය කිරීමේ මාධ්‍ය වෙබ් අඩවිය වන විටක දී - වෙබ් අඩවි පිටුවක් ඔස්සේ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.2 සේවාව එස්එම්එස් හරහා වන විටක දී, එය සක්‍රිය කිරීමෙන් පසුව, සේවාව මත පදනම්ව ඔබට දිනපතා, සතිපතා එස්එම්එස් හරහා ප්‍රශ්නාවලි ලැබෙනු ඇත.

1.3 සේවාව අයිවීආර් හරහා වන විටක දී, ප්‍රශ්නාවලිය සම්බන්ධ වීමට අයිවීආර් අංකය ඇමතීමට ඔබට අවශ්‍ය වනු ඇත. ඊට අමතරව, අයිවීආර් සේවාව විසින් ඔබගේ පහසු භාවිතය සඳහා සමාන අන්තර්ගතයන් එස්එම්එස් හරහා ඔබට එවිය හැකිය.

1.4 වෙබ් අඩවි කවුළුව හරහා සේවාව ලබාගත හැකි වන විටක දී, සේවාව ලබාගැනීමට ග්‍රාහකයා කවුළුව වෙත පැමිණිය යුතුය. ග්‍රාහකයා සේවාවට ග්‍රාහක වී ඇත්නම්, සිහිකැඳවීමේ පණිවුඩ සහ අන්තර්ගතයේ සාරාංශ යැවීමේ අයිතිය අන්තර්ගත සේවා සැපයුම්කරු සතුවේ.

1.5 ග්‍රාහකයා මෙම සේවාව සක්‍රිය කිරීමට අදහස් කරන්නේ නම්, ද්විත්ව කැමැත්ත සක්‍රීය කිරීම සිදුවනු ඇත.

1.6 ප්‍රශ්නාවලි අන්තර්ගතයේ හෝ පිළිතුරුවල යම් සදොස් බවක් ඇති බවට හෝ එවැනි අන්තර්ගතය යාවත්කාලීන නොවන බවට විශ්වාස කිරීමට ඔබට හේතු තිබේ නම්, ඔබට එම කාරණය ඩයලොග් සමාගම වෙත යොමු කළ හැකි අතර, එවැනි හිමිකම්පෑමක වලංගුභාවය පැහැදිලි කිරීම සඳහා සහ සේවා සපයන්නා විසින් ඒ සම්බන්ධයෙන් ඉක්මන් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩයලොග් සමාගම විසින් එම කාරණය අදාළ අන්තර්ගත සේවා සපයන්නා වෙත යොමු කරනු ඇත. එවැනි අන්තර්ගතයන්ගේ වලංගුභාවයන් සඳහා ඩයලොග් සමාගම වගකියනු නොලැබේ.

ඊ වන උපලේඛනය - ලොතරැයි සේවාවට විශේෂිත වූ නියමයන්

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 එස්එම්එස් කවුළුව වෙත මූල පදයක් යැවීමෙන් හෝ යූඑස්එස්ඩී ඇමතීමෙන් හෝ වෙබ් අඩවි කවුළුව හරහා ග්‍රාහකයාට සක්‍රිය කිරීමට හෝ අක්‍රිය කිරීමට හැකි වේ.

1.1.1 සක්‍රිය කිරීමේ මාධ්‍ය එස්එම්එස් වන විටක දී - එස්එම්එස් කවුළුව වෙත ජාතික හැඳුනුම්පත් අංකය සමඟ මූල පදයක් යවා තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.2 සක්‍රිය කිරීමේ මාධ්‍ය යූඑස්එස්ඩී වන විටක දී - යූඑස්එස්ඩී කේතයක් (# දරන සංකේතයකින් ආරම්භ කරන සහ අවසන් කරන සංඛ්‍යා කේතයක්) ඇමතීමෙන් සහ අදාල තොරතුරු තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.3 සක්‍රිය කිරීමේ මාධ්‍ය අයිවීආර් වන විටක දී - අයිවීආර් අංකය ඇමතීමෙන් සහ අදාල තොරතුරු තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.4 සක්‍රිය කිරීමේ මාධ්‍ය වෙබ් අඩවියක් වන විටක දී - වෙබ් අඩවි පිටුවක තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය. සමහර සේවා වෙබ් සක්‍රිය කිරීමට ඉඩ ලබා නොදෙන අතර, අදාළ පිළිගැන්වීම යටතේ නිෂ්පාදන සහ වෙනත් සේවා සම්බන්ධ තොරතුරු සන්නිවේදනය කිරීමේ මාධ්‍යයක් ලෙස පමණක් වෙබ් අඩවිය ලබාගත හැකි බව සලකන්න.

1.2 සේවාව එස්එම්එස්, අයිවීආර් හෝ යූඑස්එස්ඩී හරහා ලොතරැයි මිලදී ගැනීම් වන විටක දී, සක්‍රිය කිරීමෙන් පසුව, ග්‍රාහක වූ ලොතරැයි සේවාව මත පදනම්ව ඔබට දිනපතා, සතිපතා එස්එම්එස් හරහා ලොතරැයි ටිකට් පතක් ලැබෙනු ඇත. ඔබට ඉල්ලු විට, තනි ටිකට් පතක් ද ලබා ගත හැකිය.

1.3 සේවාව එස්එම්එස් හෝ අයිවීආර් හරහා ලොතරැයි ප්‍රතිඵල ලබාදෙන විටක දී, ඔබට අදාළ පරිදි දිනපතා, සතිපතා එස්එම්එස් මඟින් ප්‍රතිඵල ලැබෙනු ඇත. නැතහොත් ප්‍රතිඵලවලට සවන් දීමට ඔබ විසින් අයිවීආර් අංකය ඇමතීම අවශ්‍ය වේ. ඊට අමතරව, අයිවීආර් සේවාව විසින් ඔබගේ පහසු භාවිතය සඳහා එස්එම්එස් හරහා ඔබට සමාන අන්තර්ගතයන් එවිය හැකිය.

1.4 වෙබ් අඩවි කවුළුව හරහා සේවාව ලබා ගත හැකි වන විටක දී, සේවාව ලබාගැනීමට ග්‍රාහකයා කවුළුව වෙත පැමිණිය යුතුය. ග්‍රාහකයා සේවාවට ග්‍රාහක වී ඇති විටක දී, සිහිකැඳවීම් පණිවුඩ සහ අන්තර්ගතයේ සාරාංශ යැවීමේ අයිතිය අන්තර්ගත සේවා සපයන්නා සතුවේ.

1.5 ග්‍රාහකයා වයස අවුරුදු 18ට වැඩි විය යුතු වන අතර, ග්‍රාහකයාට වලංගු ජාතික හැඳුනුම්පත් අංකයක් තිබිය යුතුය.

1.6 ජංගම දුරකථන ක්‍රියාකරුවන් හරහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ දී, පහසුකම් ගාස්තුවක් සහ ඊට අදාළ රජයේ බදු අයකරනු ලැබේ.

1.7 දිනුම් ඇදීම සිදු වූ පසුව, සියලුම ග්‍රාහකයින් වෙත නිල ප්‍රතිඵල එස්එම්එස් පණිවිඩයක් මගින් ලොතරැයි පතට අනුව දැනුම් දෙනු ලැබේ.

1.8 ලොතරැයි පත් ඩිජිටල් ක්‍රම හරහා නැවත විකිණීම සඳහා අන්තර්ගත සේවා සපයන්නාට ශ්‍රී ලංකාවේ බලයලත් ආයතනවලින් (සංවර්ධන ලොතරැයි මණ්ඩලය හෝ ජාතික ලොතරැයි මණ්ඩලය හෝ අනාගතයේ ස්ථාපිත කෙරෙන වෙනත් ආයතනයක්) නිශ්චිත බලපත්‍ර ලැබී ඇත. ඩයලොග් සමාගම විසින් ඩිජිටල් ක්‍රම හරහා හුදෙක් ප්‍රවේශපත්‍ර ගාස්තු එකතු කිරීමට සහ ලොතරැයි බෙදා හැරීමට පහසුකම් සලසයි. (අදාළ අවස්ථාවල දී)

2. ගෙවීමේ නියමයන් සහ ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය

2.1 ප්‍රවේශපත්‍ර මිල සහ පහසුකම් ගාස්තුව මිලදී ගැනීම සිදු කරන අවස්ථාවේ දී අයකරනු ලැබේ. ප්‍රවේශ පත්‍රය සඳහා ග්‍රාහක මුදල පරිශීලකයාට ප්‍රවේශ පත්‍රය නිකුත් කරන අවස්ථාවේ දී, දිනපතා හෝ සතිපතා හෝ අදාළ වන පරිදි අයකරනු ලැබේ. ඩයලොග් සමාගම විසින් පහසුකම් ගාස්තුවට අදාළ බදු වර්තමාන රෙගුලාසි අනුව අයකරනු ලැබේ.

3. වෙනත්

3.1 එක් එක් ලොතරැයියක් සඳහාම ලොතරැයි තිළිණ ව්‍යුහය බලයලත් ලොතරැයි මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරන ව්‍යුහයට අනුව සිදුකරනු ලැබේ.

3.2 ජයග්‍රාහකයින් තේරීමේ හෝ තිළිණ බෙදාදීමේ වගකීම බලයලත් ලොතරැයි මණ්ඩලය විසින් දරනු ලැබේ.

උ වන උපලේඛනය - පිවිසුම් කවුළු සඳහා සුවිශේෂිත නියමයන්

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 ග්‍රාහකයාට සේවාව වෙබ් කවුළුව හරහා සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය. සේවාව ද්විත්ව කැමැත්ත මත සක්‍රිය කිරීම සිදු වේ.

1.2 පිවිසුම් කවුළුව භාවිත කරන අවස්ථාවල දී, අදාල ඩේටා ගාස්තු අය වේ.

1.3 සේවාව ලබාගැනීමට ග්‍රාහකයා පිවිසුම් කවුළුව වෙත පැමිණිය යුතුය. සේවාව වෙත ග්‍රාහකයා ග්‍රාහක වී ඇති විටක දී, සිහිකැඳ වීමේ පණිවුඩ සහ අන්තර්ගතයේ සාරාංශ යැවීමේ අයිතිය අන්තර්ගත සේවා සපයන්නා සතුවේ.

2. ගෙවීමේ නියමයන් සහ ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය

2.1 පොදු නියමයන් යටතේ දක්වා ඇති පරිදි, ග්‍රාහක මුදල් දෛනික, සතිපතා හෝ මාසික පදනමින් අය කරනු ලැබේ. කෙසේ වෙතත්, ඇතැම් සේවාවන්ට සති දෙකකට වරක්, මාස තුනකට වරක්, මාස හයකට වරක් හෝ වාර්ෂිකව අදාළ වන පරිදි ගාස්තු ප්‍රමාණයන් තිබිය හැකිය. තව ද, වෙබ් අඩවියේ පැහැදිලිව සඳහන් කර ඇති ආකාරයට, ඇතැම් සේවාවන් විසින් නිත්‍ය ග්‍රාහකවීමට අමතරව, ඉල්ලුම් කරන අන්තර්ගතය සඳහා අමතර ගාස්තු අය කළ හැකිය.

ඌ වන උපලේඛනය - අයිවීආර් ක්‍රීඩා සඳහා සුවිශේෂිත වූ නියමයන්

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 ග්‍රාහකයා විසින් අයිවීආර් අංකය ඇමතීමෙන් සේවාවට ග්‍රාහක වී සේවාව සක්‍රිය කර ගැනීමට හෝ සේවාව අක්‍රීය කර ගැනීමට හැකියාව තිබේ.

1.2 පවතින ගිණුම් ශේෂය පදනම් කරගෙන ග්‍රාහකත්වය අලුත් කරනු ලැබේ.

1.3 සේවාව අයිවීආර් හරහා ලබාදීම සිදු කරන නිසා, ප්‍රශ්නාවලියට සහභාගී වීමට ඔබ විසින් අයිවීආර් අංකය ඇමතීම කළ යුතු වේ. මීට අමතරව, අයිවීආර් සේවාව විසින් ඔබේ පහසුව උදෙසා අන්තර්ගතයන් එස්එම්එස් පණිවිඩ හරහා ලබාදිය හැකිය.

2. ගෙවීමේ නියමයන් සහ ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය

2.1 පොදු නියමයන් යටතේ දක්වා ඇති පරිදි, ග්‍රාහක මුදල් දෛනික හෝ මාසික පදනමින් අය කරනු ලැබේ. කෙසේ වෙතත්, සමහර සේවාවන් ක්‍රීඩා කරන මිනිත්තුවට හෝ ක්‍රීඩා කිරීමට ගන්නා උත්සහයක් මත අය කරගනු ලැබේ.

2.2 ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේ දී අදාළ වන පරිදි ඉපැයූ ලකුණු, ලබාගන්නා ජයග්‍රහණ, සේවාව ආරම්භයේ සඳහන් කළ පරිදි පිරිනමන තිළිණ මත පදනම්ව වෙනස් වේ.

2.3 ඇතැම් සේවා සඳහා, ජයග්‍රාහකයින් ස්වයංක්‍රීයව පද්ධතිය මාර්ගයෙන් තෝරා ගනු ලබන අතර, සමහරක් සේවා සඳහා ජයග්‍රාහකයින් ක්‍රීඩා කාලසීමාව අවසානයේ අහඹු ලෙස තෝරා ගනු ලැබේ.

2.4 කිසියම් ආරවුලක් ඇති වුවහොත්, ජයග්‍රාහකයින් සම්බන්ධයෙන් ඩයලොග් සමාගමේ අභිමතය අවසානාත්මක වේ.

එ වන උපලේඛනය - වෙනත් ඇඟවීම් (ආගමික, සෞඛ්‍ය, ආවේශික යනාදිය) සඳහා සුවිශේෂිත නියමයන්

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 එස්එම්එස් කවුළුව වෙත මූල පදයක් යවා තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.2 සේවාව සක්‍රිය කිරීමෙන් පසු, සේවාව මත පදනම්ව ඔබ වෙත දිනපතා, සතිපතා එස්එම්එස් හරහා අන්තර්ගතය ලැබෙනු ඇත.

1.3 අන්තර්ගතයේ යම් සදොස්භාවයන් තිබෙන බවට හෝ එවැනි අන්තර්ගතයක් යාවත්කාලීන කර නොමැති බවට විශ්වාස කිරීමට ඔබට හේතු තිබේ විටක දී, අන්තර්ගත සපයන්නා විසින් වහාම ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීම උදෙසා ඔබ විසින් එම හේතු ඩයලොග් සමාගම වෙත යොමු කළ හැකිය. එවැනි අන්තර්ගතයන් වලංගු කිරීම් සම්බන්ධයෙන් ඩයලොග් සමාගම විසින් වගකීම දරනු නොලැබේ.

ඒ වන උපලේඛනය - පරිත්‍යාග සේවා සඳහා සුවිශේෂිත කොන්දේසි

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 එස්එම්එස් කවුළුව වෙත මූල පදයක් යැවීමෙන් ග්‍රාහකයාට පරිත්‍යාග සේවා සඳහා ග්‍රාහක වීම හෝ ග්‍රාහක වීමෙන් ඉවත් වීම සිදුකළ හැකිය.

1.2 ග්‍රාහක වීමෙන් පසුව, එය සනාථ කරමින් ඔබට එස්එම්එස් පණිවිඩයක් ලැබෙනු ඇත.

1.3 ඔබගේ ගිණුම් ශේෂය මත පදනම්ව, පරිත්‍යාග සේවය සඳහා ග්‍රාහකත්වය අලුත් වනු ඇත. ඇතැම් පරිත්‍යාග සේවාවන් වල දී, අලුත් කිරීම් සඳහා වන සහතිකවීමක් ඉල්ලා සිටිනු ලැබිය හැකිය.

2. ගෙවීමේ නියමයන් සහ ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය

2.1 පරිත්‍යාග මුදල සහ ඔබ එකඟ වූ සහ ග්‍රාහක වූ වලංගුභාවය මත පදනම්ව ඔබෙන් අයකිරීම් කරනු ලැබේ. ග්‍රාහකයාගෙන් අඩු කරන ලද පරිත්‍යාග මුදල, රෙගුලාසිවලට අනුව අදාළ වන ඕනෑම බදු මුදලකට යටත් වේ.

2.2 ලියාපදිංචි පුණ්‍යායතන සමඟ එකඟ වූ නියමයන් සහ කොන්දේසිවලට අනුකූලව, ග්‍රාහකයා වෙත අගය එකතු කිරීමක් ලෙස පරිත්‍යාග ග්‍රාහකත්වය සඳහා අය කිරීමේ හැකියාව ඩයලොග් සමාගම සපයා ඇත.

2.3 පොදු නියමයන් යටතේ දක්වා ඇති පරිදි, දායක මුදල් දෛනික හෝ මාසික පදනමින් අය කරනු ලැබේ. කෙසේ වෙතත්, පරිත්‍යාග සේවාව මත පදනම්ව ග්‍රාහකයාගෙන් එක් වරක් පමණක් අය කෙරෙන ඇතැම් පරිත්‍යාග ද තිබිය හැකිය.

ඔ වන උපලේඛනය – ස්ථානගත වීම් පිලිබඳ පණිවුඩ සඳහා සුවිශේෂිත නියමයන්

1.1 ග්‍රාහකයාට පහත සඳහන් ආකාරයට මෙම සේවාවට ග්‍රාහක වීමට සහ සක්‍රිය කිරීමට සහ අක්‍රිය කිරීමට හැකි වනු ඇත:

1.1.1 සක්‍රිය කිරීමේ මාධ්‍ය එස්එම්එස් වන විටක දී - එස්එම්එස් කවුළුව වෙත මූල පදයක් යවා තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.1.2 සක්‍රිය කිරීමේ මාධ්‍ය යූඑස්එස්ඩී වන විටක දී - යූඑස්එස්ඩී කේතයක් (# දරන සංකේතයකින් ආරම්භ කරන සහ අවසන් කරන සංඛ්‍යා කේතයක්) ඇමතීමෙන් සහ තහවුරු කිරීමෙන් සේවාව සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.

1.2 ග්‍රාහකයා මෙම සේවාව සක්‍රිය කිරීමට අදහස් කරන්නේ නම් ද්විත්ව කැමැත්ත සක්‍රිය කිරීම සිදුකරන ලැබේ.

1.3 සේවාව සක්‍රිය කිරීමෙන් පසුව, එම සේවාවටම ග්‍රාහක වී ඇති, ඔබ සමඟ විශේෂිත PIN අංකයක් හුවමාරු කරගැනීම මගින් ඔහු හෝ ඇයගේ ස්ථානගත වීම් පිලිබඳ පණිවුඩ ඔබට ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති, වෙනත් පාර්ශ්වයක ස්ථානගත වීම් පිලිබඳ පණිවුඩ ඔබට ලබා ගත හැකි වනු ඇත.

1.4 ඒ ආකාරයෙන් ම, ග්‍රාහකත්වය මත ඔබට සපයන විශේෂිත PIN අංකය, සේවාවට දායක වූ වෙනත් පාර්ශවයක් සමඟ ඔබ විසින් හුවමාරු කරගැනීම කරන විටක දී, ඔවුන්ට ද ඔබේ ස්ථානගත වීම් පිලිබඳ පණිවුඩ ලබා ගත හැකි වනු ඇත.

1.5 ස්ථානයේ පිහිටීම හුදෙක් ස්ථානයේ පිහිටීම පිළිබඳව ඉල්ලීම් කරන අවස්ථාවේ දී, ග්‍රාහකයා සම්බන්ධ වී ඇති සන්නීවේදන සංඥා කුළුණ පදනම් කරගෙන පවත්නා ආසන්නතම ස්ථානයේ පිහිටීම වනු ඇත.

1.6 ගිණුම් ශේෂය මත පදනම්ව, ග්‍රාහකත්වය අලුත් කරනු ඇත. කෙසේ වෙතත්, ඉල්ලුම් කරන ස්ථානයේ පිහිටීමක් සඳහා වන අයකිරීම් සේවාව මත රැඳෙමින් අදාළ කරගනු ලැබිය හැකිය.

1.7 පාරිභෝගික ඉල්ලීම මත ස්ථානගත වීම් පිලිබඳ පණිවුඩ ගැන තොරතුරු ලබා දීම ඩයලොග් සමාගම හෝ සේවා සපයන්නා විසින් සිදු කරනු නොලැබේ.

ඕ වන උපලේඛනය - මොබයිල් යෙදවුම් (Mobile Apps) සහ ඕටීටී සේවා සඳහා සුවිශේෂිත නියමයන්

1.1 ග්‍රාහකයාට මොබයිල් ඇප් හෝ වෙබ් පිටුව හරහා සේවාව සක්‍රිය හෝ අක්‍රිය කරගැනීමට හැකිවනු ඇත.

1.2 මෙම සේවාව ද්විත්ව කැමැත්ත මත සක්‍රිය කිරීම සිදුවනු ඇත.

1.3 සක්‍රිය කිරීමේ මාධ්‍ය වෙබ් පිටුව වන විටක දී - වෙබ් අඩවියේ සපයා ඇති ද්විත්ව කැමැත්ත හරහා සේවාව සක්‍රිය කිරීම සිදු වේ.

1.4 සක්‍රිය කිරීම මොබයිල් ඇප් හරහා වන විටක දී - මෙම සේවාව, පාරිභෝගිකයන් විසින් ඔහුගේ/ඇයගේ ස්මාර්ට් ජංගම දුරකතනයට මොබයිල් ඇප් උපාංගය බාගත කිරීමෙන් හෝ ප්‍රොග්‍රසිව් වෙබ් ඇප් උපංගයට (Progressine Web App) ප්‍රවේශ වීමෙන් සහ සිය ජංගම දුරකථනය හරහා ග්‍රාහකත්ව පිරිවැය හෝ එක් වරක් කරන පිරිවැය ගෙවීමට ද්විත්ව කැමැත්ත ලබාදීමෙන් ග්‍රාහකත්වයට අවතීර්ණ වීම හරහා සක්‍රිය කරනු ලැබේ.

1.5 සේවාව අක්‍රිය කිරීම, මූලපදයක් එස්එම්එස් කවුළුව වෙත හෝ මොබයිල් ඇප් අපාංගය හරහා හෝ ප්‍රොග්‍රසිව් වෙබ් ඇප් උපංගය හරහා හෝ යැවීමෙන් සිදුකළ හැකිය.

1.6 එම පිවිසුම් කවුළු භාවිතයේ දී ඩේටා ගාස්තු අය වීමක් සිදුවේ.

1.7 අන්තර්ගතය භාවිතය පිණිස ග්‍රාහකයා පිවිසුම් කවුළුව, මොබයිල් ඇප් හෝ ප්‍රොග්‍රසිව් වෙබ් ඇප් උපංගය වෙත පැමිණීය යුතුය. ග්‍රාහකයා සේවාව වෙත ග්‍රාහක වී ඇත්නම්, සිහි කැඳවීමේ පණිවුඩ සහ අන්තර්ගතයේ සාරාංශ යැවීමේ අයිතිය අන්තර්ගත සේවා සපයන්නා සතුවේ.

1.8 ග්‍රාහක මුදල් දෛනිකව, සතිපතා හෝ මාසික පදනමින් අයකරනු ලැබේ. ඇතැම් සේවාවන්ට සති දෙකකට වරක්, මාස තුනකට වරක්, මාස හයකට වරක් හෝ වාර්ෂිකව අදාළ වන පරිදි ගාස්තු ප්‍රමාණයන් තිබිය හැකිය. තව ද, සමහර සේවාවන් වෙබ් අඩවියේ පැහැදිලිව සඳහන් කර ඇති ආකාරයට, නිත්‍ය ග්‍රාහකවීමට අමතරව, අන්තර්ගතය සඳහා ඉල්ලුම මත අමතර ගාස්තු අය කළ හැකිය. ක්‍රියාකරු විසින් කරන සේවා ගාස්තුවට අදාළ බදු වර්තමාන රෙගුලාසිවලට අනුව අයකරනු ලැබේ.

ක වන උපලේඛනය - ප්‍රතිවාදන රිංගින් ටෝන් සඳහා සුවිශේෂිත නියමයන් (“පීආර්බීටී”)

1. ග්‍රාහකත්වය සහ ග්‍රාහකත්වය අවලංගු කිරීම

1.1 මූලපදයක් එස්එම්එස් කවුළුව වෙත යැවීමෙන් සහ තහවුරු කිරීමෙන් ග්‍රාහකයකුට ග්‍රාහක වීමට, සක්‍රීය කිරීමට සහ අක්‍රීය කිරීමට හැකිවනු ඇත.

1.2 සක්‍රීය කරගැනීමෙන් පසුව, සේවාව පදනම් කරගෙන ඔබ වෙත දෙදනිකව, සතිපතා එස්එම්එස් හරහා අන්තර්ගතය ලැබෙනු ඇත.

1.3 අන්තර්ගතය සක්‍රිය වීමෙන් පසුව, ඔබට ගීතය (අන්තර්ගතය) සඳහා එස්එම්එස් පණිවුඩයක් ලැබෙන අතර, ස්වයංක්‍රීයව අලුත් වීමකට පෙර, එස්එම්එස් පණිවුඩයක් මාර්ගයෙන් ග්‍රාහකයාව දැනුවත් කරනු ලැබේ.