නිවේදන
අපගේ හිතවත් පාරිභෝගිකයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි
April 26, 2024 - 4.30 PM
නිවේදනයයි
ඩයලොග් ආසිආටා සමූහ ව්‍යාපාරය නියෝජනය කරන බව කියන ඇතැම් WhatsApp සමූහ සහ සමාජ මාධ්‍ය ගිණුම් අපගේ සන්නාමය අනවසර ලෙස භාවිත කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී තිබේ. මෙම සමාජ මාධ්‍ය ගිණුම් හා සමූහ, ඩයලොග් ආසිආටා සමූහ ව්‍යාපාරයේ හෝ එහි අනුබද්ධිත සමාගම්වල කිසිදු අනුමැතියකින් තොරව ක්‍රියාත්මක වන ඒවා බවත්, ඩයලොග් හා කිසිදු ආකාරයේ නිල සම්බන්ධතාවයක් නොමැති බවත් අපි තරයේ තහවුරු කර සිටිමු.
මාර්තු 15, 2023 - 8.00 AM
හිතවත් පාරිභෝගිකය, Dialog TV හි පද්ධති යාවත්කාලීන කිරීමේ පළමු අදියර සාර්ථකව අවසන් කර, සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්වයට පත්කර ඇති බව අපි ඔබට දන්වා සිටිමු.
ඔබගේ රූපවාහිනි තිරයේ Error පණිවිඩයක් දිස්වන්නේ නම්, කරුණාකර Channel One නාලිකාව (නාලිකා අංක 1) වෙත පිවිස විනාඩි 2ක් රැඳී සිටින්න.
මාර්තු 15 වෙනිදා සිට 31 දක්වා සියලු Dialog Television නාලිකා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව නැරඹිය හැකි බව අපි ඔබට සතුටින් දන්වා සිටිමු.
මාර්තු 12, 2023 - 11.45 AM
Dialog Television හි පද්ධති යාවත්කාලීන කිරීමක් සමග නාලිකා පෙළගැස්මෙහි වෙනස්වීමක් 2023 මාර්තු 14 වන දින සැලසුම් කොට ඇත. ඒ හේතුවෙන්, එදින රාත්‍රී 11 සිට පසු දින පෙ.ව 9 දක්වා කාලසීමාව තුළ නාලිකා විකාශනය තාවකාලිකව අවහිර වන බව කරුණාවෙන් සලකන්න.
මේ සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගයට අපගේ ස්තූතිය පළකර සිටිමු
ඔක්තෝබර් 5, 2022 - 12 AM
2022 අංක 25 දරණ SSCL පනත මගින් හඳුන්වා දෙන ලද 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSC Levy) හේතු කොටගෙන විදුලි සංදේශ සහ Pay TV සේවා සඳහා අදාළ ගාස්තු 2022/10/05 දින සිට සංශෝධනය වී තිබෙන බව දන්වා සිටිමු.
සැප්තැම්බර් 3, 2022 - 8 AM
හිතවත් පාරිබෝගිකයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි, ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස අපගේ මෙහෙයුම් පිරිවැය තවදුරටත් ඉහළයාම හේතුවෙන් 2022 සැප්තැම්බර් 05 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අපගේ සේවාවන් සඳහා අදාළ ගාස්තු ඉහළ නැංවීමට සිදුව තිබෙන බව දැනුම් දෙන්නෙමු. ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මොබයිල්, ස්ථාවර දුරකථන, බ්‍රොඩ්බෑන්ඩ් ප්ලෑන්ස් සහ අමතර සේවාවන් (පෙරගෙවුම් සහ පසුගෙවුම්) සඳහා වන ගාස්තු 20% කින් සහ සියලුම Pay Television සේවාවන් සදහා වන ගාස්තු 25% කින්ද ඉහළ නංවා තිබේ.
මීට අමතරව රජය විසින් ප්‍රකාශයට පත් කල අකාරයට සියලුම විදුලි සංදේශ සේවාවන් සහ Pay TV සේවාවන් සඳහා වන VAT බදු ප්‍රතිශතය 2022 සැප්තැම්බර් 5 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 12% සිට 15% දක්වා ඉහළ නංවා ඇති බව කරුණාවෙන් සලකන්න.
අප කෙරෙහි තබන අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් අපගේ පාරිභෝගිකයන්ට ස්තුතිවන්ත වන අතර, නිරතුරුවම ඔවුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අපි කැපවී සිටින බව අවධාරණය කර සිටිමු.
ජුලි 21, 2022 - 10.30 PM
ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ ඇමතුම් සඳහා අන්තර්ජාතික දුරකථන ක්‍රියාකරුවන්ට ගෙවන ගාස්තු වෙනුවෙන් දැරීමට සිදුව තිබෙන පිරිවැය තවදුරටත් ඉහළ යාම හේතුවෙන්, Dialog IDD Call සහ SMS ගාස්තු 2022 ජුලි 22 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි යළි සංශෝධනය කිරීමට සිදුවන බව ඔබට දන්වා සිටිමු.
සංශෝධිත ගාස්තු පිළිබඳව දැනගැනීමට www.dialog.lk/idd-rates වෙත පිවිසෙන්න. ස්තූතියි!
ජූනි 11, 2022 - 8.00 PM
ඩොලරයේ අගය වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ ඇමතුම් සම්බන්ධ කිරීම සඳහා අන්තර්ජාතික දුරකථන ක්‍රියාකරුවන් හට ගෙවන ගාස්තු සඳහා පිරිවැය ඉහළ යාම හේතුවෙන්, සියලුම IDD Bonus ප්ලෑන් 2022/07/12 දින සිට ලබාගත නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමු. විවිධ රටවල් සදහා ඇමතුම් ගාස්තු දැනගැනීමට www.dialog.lk/idd-rates වෙත පිවිසෙන්න.!
ජූනි 06, 2022 - 3.00 PM
හිතවත් පාරිභෝගිකය, රට තුළ ඩොලර් මගින් ගෙවීමේදී පනවා ඇති සීමාවන් හේතුවෙන් 2022 ජූනි 6 වෙනිදා සිට නැවත දැනුම් දෙන තෙක් Dialog Add-to-bill සේවාව ඔස්සේ Spotify සඳහා සිදුකරන ගෙවීම් අත්හිටුවීමට සිදුවන බව දන්වා සිටිමු.
https://dlg.lk/3m7ekr1 හරහා ඔබේ Spotify ගිණුමට විකල්ප ගෙවීම් ක්‍රමයක් එක් කර ඔබට දිගටම ශ්‍රී ලංකාව තුළ Spotify රසවිඳිය හැක.
ඔබට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව අපගේ බලවත් කනගාටුව පළකර සිටිමු.
ජූනි 01, 2022 - 10.20 PM
කඩදාසි සැපයුම අවමවීම හේතුවෙන් ඔබේ Dialog Mobile/ Home Broadband/ Television මුද්‍රිත බිල්පත 01/06/2022 සිට බලපැවැත්වෙන පරිදි නවතාලන බව දන්වා සිටිමු.
මෙම වාතාවරණය හමුවේදීත් අපගේ පාරිභෝගිකයන්ට බාධාවකින් තොර අඛණ්ඩ හා ඉහළ සේවාවක් සෑම විටම සපුරාලීම වෙනුවෙන් කටයුතු කරන බවට අපි සහතික වන්නෙමු. අපගේ ඩිජිටල් ක්‍රම හරහා ඔබේ Dialog බිල්පත් පහසුවෙන් පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව දන්වා සිටිමු.
ඔබේ Dialog බිල්පත පරීක්ෂා කළ හැකි ඩිජිටල් මාධ්‍යයන් පිළිබඳව දැනගැනීමට https://dlg.dialog.lk/printed-bills-discontinuation-notice වෙත පිවිසෙන්න.
ඔබ අඛණ්ඩව අප කෙරෙහි තබා ඇති විශ්වාසයට ස්තූතිවන්ත වන අතර, මෙම තත්වය ඔබ හොඳින් වටහාගනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කනගාටුව පළකර සිටිමු.
මැයි 25, 2022 - 12.00 PM
හිතවත් පාරිභෝගිකය, රට තුළ ඩොලර් මගින් ගෙවීමේදී පනවා ඇති සීමාවන් හේතුවෙන් 2022 ජූනි 01 වෙනිදා සිට නැවත දැනුම් දෙන තෙක් Dialog Add-to-bill සේවාව ඔස්සේ Netflix සඳහා සිදුකරන ගෙවීම් අත්හිටුවීමට සිදුවන බව දන්වා සිටිමු. ඒ අනුව මෙම Add-to-bill සේවාව වෙනුවෙන් හඳුන්වාදෙනු ලැබූ 5GB ඩේටා දීමනාවද අත්හිටුවීමට සිදුවේ. Netflix.com හරහා ඔබේ Netflix ගිණුමට විකල්ප ගෙවීම් ක්‍රමයක් එක් කර ඔබට දිගටම ශ්‍රී ලංකාව තුළ Netflix නැරඹිය හැක.
ඔබට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව අපගේ බලවත් කනගාටුව පළකර සිටිමු.
අප්‍රේල් 21, 2022 - 4.00 PM
සබඳතාවය වනාහී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත, දිවිපැවතුම් මෙන්ම අභිමානවත් ජාතියක් ලෙසින් සමගි සම්පන්නව අප සැම එකට යා කරන වැදගත්ම සාධකයකි. සබඳතාවන්ගෙන් ගොඩනැගුණු එම දිවිපැවැත්ම තුළ නිදහස්ව සිය අදහස් සහ මත පළකිරීමට ඇති අයිතිය අපි සැමවිට තහවුරු කර සිටින්නෙමු.
උද්ගත වාතාවරණය හමුවේ රටවැසියන් මෙන්ම ව්‍යාපාර මුහුණදෙන දුෂ්කරතා සම්බන්ධයෙන් අප මහත් සේ සංවේදී වන අතර, ඒ ගැන අවධානයෙන් පසුවන්නෙමු. එසේම මේ දුෂ්කර කාලයේ අපහසුතාවන්ට පත්ව සිටින අප පාරිභෝගිකයන් මෙන්ම අනෙකුත් ප්‍රජාවන් වෙනුවෙන්ද අපට හැකි ආකාරයට සහන සැලසීමට ඇප කැපවී කටයුතු කරන බවට පොරොන්දු වන්නෙමු.
අප ඩයලොග් සේවක පවුලේ සාමාජිකයන්ද, අපගේ හවුල්කරුවන්, බෙදාහරින්නන් සහ රට පුරා සිටින අප අලෙවි නියෝජිතයන්ද වත්මන් අර්බුදයෙන් පැන නගින අපහසුතාවන් විඳගන්නෙමු. එවැනි වටපිටාවක් මධ්‍යයේ වුවද, රටේ ජනතාවගේ සන්නිවේදන සහ තොරතුරු දැනගැනීමේ අවශ්‍යතා බාධාවකින් තොරව සපුරාලීම වෙනුවෙන් අපි සියලුදෙනා ඇප කැපවී කටයුතු කිරීමට අදිටන් කර සිටින්නෙමු.
අනාගතය අද දින ළඟාකරදීමේ ශක්තිය පිළිබඳව අපට ඇත්තේ දැඩි විශ්වාසයකි. එවන් වූ විශ්වාසයට ආවේණික වූ අද දින හඬ නැගෙන විනිවිදභාවය ඇතුළු ගුණාංගවලින් පරිපූර්ණ නව පරිපාලන ක්‍රමවේදයකට තිබෙන අවශ්‍යතාවය පිටුපස අපද එක්ව සිටින්නෙමු. එවැනි අනාගතයක් වෙනුවෙන් අද දිනයේ එඩිතර තීරණ සහ වගකීම්සහගත ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය. එසේ වුවහොත් අප දේශයට පෙර නොවූ විරූ ශක්තියකින් නැගී සිටීමට හැකිවනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු.
ඒ මගින් ශ්‍රී ලංකාවට දියුණුවෙන් පෙරට යන තිරසාර අනාගතයක් උදාකර දීම පිණිස පරාර්ථකාමීව ක්‍රියාත්මක වන මෙන් අර්බුදයට විසඳුම් ලබාදීමේ බලය සහ හැකියාව සහිත සියලුදෙනා වෙතින් අපි ඉල්ලා සිටිමු.
අප්‍රේල් 16, 2022 – 3.00 PM
ගාලු මුවදොර ධාරිතා වැඩිදියුණු කිරීමේ විසඳුම සම්බන්ධයෙන් මහජනතාව විසින් කරන ලද පැමිණිලි සහ අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ cellular antenna ගලවා ඉවත්කිරීමට ඩයලොග් සමාගම තීරණය කර ඇත. මෙම cellular antenna ඉදිකිරීමේ ඒකායන අරමුණ වූයේ ගාලු මුවදොර ප්‍රදේශයේ දුරකථන ජාල අවහිරතා අවම කිරීම බව සමාගම නැවතත් අවධාරණය කරයි. තවද දැනට පවතින සන්නිවේදන යටිතලයන් යොදාගනිමින් අදාළ ප්‍රදේශයේ ජාල අවහිරතා අවම කිරීම පිණිස සිය උපරිම උත්සහයන් දරනු ලබන බවට ඩයලොග් ආයතනය, සිය හිතවත් පාරිභෝගිකයන් හට මෙමගින් දනුවත් කරයි.
අප්‍රේල් 15, 2022 – 8.00 PM
ගාළු මුවදොර ප්‍රදේශයේ මීටර6ක (අඩි 20ක) cellular antenna සවිකිරීම සම්බන්ධයෙන් සමාජ ජාලාඔස්සේ පැතිර යන රාවයන්ට අදාළ එකී ඉදිකිරීම ඩයලොග් විසින් සිදුකරනු ලබන්නක් බව තහවුරු කිරීමට කැමැත්තෙමු.
එකී ඉදිකිරීම, අදාළ ප්‍රදේශයේ අප පාරිභෝගිකයන් විසින් අත්විඳින ජාල අවහිරතා අවම කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන ජාල ධාරිතාව වැඩිකිරීමේ විසඳුමකි.
පාරිභෝගික අදහස්දැක්වීම්වලට ප්‍රතිචාර ලෙසින් ධාරිතා ඉහළ නැංවීම් සහ සේවාගුණාත්මකභාවය වැඩිදියුණුකිරීම අප සමාගමේ දෛනික මෙහයුම්වල මූලික සහ අවශ්‍යයෙන්ම ඉටුකරනු ලබන අංගයකි.
මෙය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමුකර ඇති අතර, එහි අවසරයෙන් අනතුරුව මෙම ධාරිතාව ජාලයට එක් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
මාර්තු 31, 2022 – 2.00 PM
බාධාවන්ගෙන් තොරව සබඳතා සැපයීම සඳහා අපගේ සංඥා කුළුණු මධ්‍යස්ථාන, විකල්ප විදුලි සැපයුම් පද්ධතීන්ගෙන් සමන්විත වේ. එහෙත්, ජාතික විදුලිබල පද්ධතියේ දීර්ඝ විදුලි කප්පාදු පවතින අවස්ථාවන්හිදී, විකල්ප විදුලි සැපයුම් පද්ධති සීමිත වීම හේතුවෙන්, සන්නිවේදන බාධා ඇතිවිය හැකි බව කරුණාවෙන් සලකන්න. මෙම තත්ත්වය ඔබ විසින් වටහාගනු ඇතැයි අපේක්ෂා කරන අතර ඇතිවිය හැකි අපහසුතාවන් සම්බන්ධයෙන් අපගේ කණගාටුව පළ කර සිටිමු.
අප්‍රේල් 06, 2022 – 4.00 PM
Please be informed that we are experiencing intermittent interruptions in supply of Smartphones from our authorised suppliers. We are working towards obtaining additional stocks from the authorised suppliers and will keep our customers informed as and when we receive stocks. We wish to assure our customers that we are committed to providing consistent services despite the exceptional circumstances our partners are facing. We seek your understanding and apologise for the inconvenience caused.
මාර්තු 30, 2022 – 2.30 PM
ඔබට නොබිඳෙන සේවාවක් ලබාදීම සඳහා අපගේ සේවා හා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන නිසි පහසුකම්වලින් සමන්විත බව කරුණාවෙන් සලකන්න. කෙසේවෙතත් විදුලිය කප්පාදු කිරීමේ කාලසීමාව දීර්ඝවීම හේතුවෙන් ඔබට සපයන සේවාවන්හි යම් ප්‍රමාදයන් සිදුවිය හැක. MyDialog App, #678# හෝ dialog.lk වෙබ් අඩවිය වැනි අපගේ ස්වයං සේවාවන් භාවිත කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු. තවද 0777678678 WhatsApp අංකය ඔස්සේද ඔබගේ ගැටලු අප වෙත යොමු කළ හැක. මේ සම්බන්ධයෙන් ඔබේ කාරුණික අවබෝධය අපි අපේක්ෂා කරන අතර මේ නිසා ඔබට සිදුවන අපහසුතාවය වෙනුවෙන් අපගේ කනගාටුව පළකර සිටිමු. නිරතුරුව ඔබට සේවය කිරීමට අපි කැපවී සිටිමු.
මාර්තු 19, 2022 - 7.30 PM
ඩොලරයේ අගය වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ ඇමතුම් සම්බන්ධ කිරීම සඳහා අන්තර්ජාතික දුරකථන ක්‍රියාකරුවන් හට ගෙවන ගාස්තු සඳහා පිරිවැය ඉහළ යාම හේතුවෙන්, Dialog IDD Call සහ SMS ගාස්තු 2022 මාර්තු 19 දින සිට සංශෝධනය කිරීමට සිදුවන බව දන්වා සිටිමු.
නව ගාස්තු දැනගැනීම සඳහා www.dialog.lk/idd-rates වෙත පිවිසෙන්න
ඉදිරියටත් ඔබට ගුණාත්මක සේවාවක් අඛණ්ඩව ලබාදීමට අප නිරතුරුවම කැපවී සිටින බව දැනුම් දෙන්නෙමු.