Body

‘මනුදම් මෙහෙවර’ මේ දක්වා දිවයිනේ පීඩාවට පත් පවුල් 120,000 කට වැඩි පිරිසකට සහන සැලසීමට සමත් වෙයි

2023 මාර්තු 20         කොළඹදී

 

Manudam Mehewara Supports Vulnerable Families

රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක වූ 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය හරහා මේ දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවුල් 120,000 කට අධික පවුල් සංඛ්‍යාවකට සහන සැලසීමට සමත්ව තිබේ.

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC Sri Lanka එක්ව ක්‍රියාත්මක කළ 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය සඳහා පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් CBL සමූහය, Citi බැංකුව, Sunshine Holdings PLC, Huawei ටෙක්නොලොජීස් ලංකා සමාගම, යුනිලිවර් ශ්‍රී ලංකා, London Stock Exchange සමූහය සහ Roar Global යන ආයතන එක්විය.

ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කෙරෙන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සිය සහන කටයුතු අඛණ්ඩව ඉදිරියට රැගෙන යනු ඇත. දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පවුල්වලට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වෙමින් ඊට දායක වන ලෙස ‘මනුදම් මෙහෙවර’ සෙසු සියලු පුරවැසියන්ට හා ආයතනවලට ඇරයුම් කරයි.

‘මනුදම් මෙහෙවර’ සඳහා ඔබට පරිත්‍යගයෙන් දායක විය හැකි ආකාරය සම්බන්ධයෙන් විස්තර දැනගැනීමට - dialog.lk/corporate වෙත පිවිසෙන්න.