Body

මනුදම් මෙහෙවර’ රුපියල් මිලියන 200 ක වටිනාකමකින් යුත් හදිසි සහනාධාර පවුල් 80,000කට වැඩි පිරිසකට සාර්ථකව බෙදාදෙයි

මෙම දීප ව්‍යාප්ත හදිසි සහන මෙහෙයුම සඳහා එක්වන මෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ ආයතනවලට ආරාධනා කරයි

ජූලි 25, 2022         කොළඹදී

 

Manudam Mehewara

රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ප්‍රජාව අතරින් පවුල් 200,000කට කඩිනමින් සහන සැලසීම සැලසීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය 2022 ජූලි මස 11 වෙනිදා වනවිට දිවයින පුරා සිටින අවශ්‍යතා සහිත පවුල් 80,000කට වැඩි පිරිසකට,රුපියල් මිලියන 200 කට අධික වටිනාකමකින් යුත් හදිසි සහන ලබාදීමේ සන්ධිස්ථානය කරා ළඟාවීමට සමත් විය.

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, CBL සමූහය, Citi බැංකුව හා Sunshine Holdings PLC සහ Huawei ටෙක්නොලොජීස් ලංකා සමාගම යන ආයතන සමඟ මෙම වැඩසටහනේ බෙදාහැරීමේ සහකරු වශයෙන් කටයුතු කරන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය, ස්වාධීන විගණන සහකරු වශයෙන් කටයුතු කරන PwC Sri Lanka එක්ව දියත් කළ මෙම වැඩසටහන මඟින් දිවයින පුරා වෙසෙන සිය මූලික අවශ්‍යතාවන් හෝ සපුරාගැනීමට නොහැකිව දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීම අරමුණු කොටගෙන තිබේ.ස්වාධීන රුපවාහිනී සේවය, සියත, ස්වර්ණවාහිනී, TV දෙරණ හා වසන්තම් යන නාලිකාවන් මෙම මූලාරම්භයට මාධ්‍යය හවුල්කරුවන් ලෙස සිය දායකත්වය ලබාදෙයි.

රටේ වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අපේම රටේ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වන ලෙස ‘මනුදම් මෙහෙවර’ සෙසු සියලු සමාගම් හා ආයතනවලට ඇරයුම් කරයි.ඕනෑම පුද්ගලයෙකුට සිය ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ්පත භාවිතයෙන්, eZ Cash, Star Points, genie, බැංකු තැන්පතු හෝ 077 642 1421 අංකයට සිදුකරන top – up කිරීම් හරහා මේ සඳහා දායක විය හැක.පරිත්‍යාග සඳහා දායකවීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධ වැඩි විස්තර https://dlg.lk/don_E ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

මේ වන විට දිවයිනේ සමස්ත දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ රට තුළ ස්ථාපිත කරන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සිය සහන කටයුතු ක්‍රියාත්මක කරනු ඇත. ‘මනුදම් මෙහෙවර’ පිළිබඳ වැඩි විස්තර https://www.dialog.lk/corporate ඔස්සේ ලබාගන්න.