Body

'මනුදම් මෙහෙවර' ක්‍රියාන්විතය හරහා මොරටුව, වවුනියාව, මඩකලපුව, මහනුවර සහ මාතර ප්‍රදේශවල ආර්ථික අපහසුතාවයන් සහිත පවුල්වලට සහන සැලසේ

2023 ජූනි 15         කොළඹදී

 

Manudam Mehewara Continues to Support Vulnerable Families in Moratuwa, Vavuniya, Batticaloa, Kandy & Matara

රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක වූ 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය හරහා පසුගියදා මොරටුව, වවුනියාව, මඩකලපුව, මහනුවර සහ මාතර ප්‍රදේශවල ආර්ථික අපහසුතා නිසා දැඩි ලෙස පීඩාවට පත් පවුල්වලට සහන සැලසීමට හැකිවිය.

'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය හරහා මේ දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවුල් 120,000 කට අධික පවුල් සංඛ්‍යාවකට සහන සැලසීමට සමත්ව තිබේ. 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC Sri Lanka යන ආයතන සහ පසුකාලීනව මෙම වැඩසටහනට එක්වූ CBL සමූහය, Citi බැංකුව, Sunshine Holdings PLC, Huawei ටෙක්නොලොජීස් ලංකා සමාගම, යුනිලිවර් ශ්‍රී ලංකා, London Stock Exchange සමූහය සහ Roar Global යන ආයතනවල සාමූහිකත්වයෙන් ක්‍රියාත්මක වේ.

ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කෙරෙන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සිය සහන කටයුතු අඛණ්ඩව ඉදිරියට රැගෙන යනු ඇත.

දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පවුල්වලට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වෙමින් ඊට දායක වන ලෙස ‘මනුදම් මෙහෙවර’ සෙසු සියලු පුරවැසියන්ට හා ආයතනවලට ඇරයුම් කරයි. පරිත්‍යාගශීලීන්ට සනාථ කරන ලද සුබසාධන අරමුණක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අවකාශය වන www.karuna.lk ඔස්සේද ඉතා පහසුවෙන් තම මූල්‍ය පරිත්‍යාගවලින් දායක විය හැක.

මනුදම් මෙහෙවර පිළිබඳව වැඩි විස්තර සඳහා https://dlg.dialog.lk/manudam-mehewara වෙත පිවිසෙන්න