Body

ඩයලොග් ගොවි මිතුරු නිධානය 2021/22 දීපව්‍යාප්ත වැඩසටහන් තුළින් ග්‍රාහකයන්ට වටිනා ත්‍යාග

2023 ජූනි 09         කොළඹදී

Innovative IoT Solution to Nurture Local Rubber Plantations

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් හඳුන්වාදී තිබෙන ගොවි මිතුරු කෘෂි උපදේශන සේවාව හරහාඑහි ග්‍රාහකයන්ට වටිනා ත්‍යාග දිනාගැනීමට අවස්ථාව හිමිවන 'ගොවි මිතුරු නිධානය' තරගයේ 6 වෙනි අදියර දියත් කරන ලදී.

මෙම අදියරයේ 'ගොවි මිතුරු නිධානය’ තරගය හරහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත නාගරික හා ග්‍රාමීය ගොවි ජනතාවට එම ක්ෂේත්‍රයේ නියැලීම දිරිගන්වමින් වටිනා ත්‍යාග ලබාදීමට කටයුතු කරන අතර ඔවුන්ගේ ආර්ථිකය සහ ජීවන උපාය උසස් මට්ටමකට ගෙන ඒම මෙහි අරමුණයි.2021 හා 2022 වර්ෂ සඳහා දීපව්‍යාප්ත මට්ටමින් පැවති තරග ඔස්සේ ග්‍රාහකයන්ට රන් කාසි, ජංගම දුරකතන හා මහන මැෂින් ඇතුළු වටිනා ත්‍යාග ලබාදීමට කටයුතු කරන ලදී.

ජංගම දුරකථන හරහා උපදේශන ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාව තුළින් නව තාක්ෂණය හරහා දීපව්‍යාප්ත මට්ටමින් ගොවීන්ගේ භෝග ආරක්ෂාව සහ ආදායම ඉහළ නැංවීමට මනා පිටිවහලක් සපයනු ලබයි.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම සමඟ හඳුන්වාදෙනු ලැබූ ගොවි මිතුරු ඇමතුම් සේවාව මගින් ගොවි මහත්ම මහත්මීන් ඇතුළු සේවාව භාවිත කරන සැමට ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය උපදෙස් සමඟ යහපත් කෘෂිකාර්මික පුරුදු (GAP - Good Agriculture Practices) සම්බන්ධයෙන් සහතික කළ උපදේශන, භෝග මිල හා අනාගත භෝග වගා සැලසුම් හා සම්බන්ධ නිර්දේශ කිරීම් සෘජුවම ලබාගත හැක.