Body

ඩයලොග් ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතා තරගාවලිය 2023 මැයි 30 වැනිදා ඇරඹේ

කොළඹ RCGC පිටියේදී විශේෂ ආරාධිත තරගාවලියක්ද පැවැත්වීමට නියමිතයි

2023 මැයි 15         කොළඹදී

 

Innovative IoT Solution to Nurture Local Rubber Plantations

ඩයලොග් එන්ටප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකා ගොල්ෆ් සභාපති මයිකල් මාගල මහතා වෙත අනුග්‍රාහක චෙක්පත පිළිගන්වමින්.
ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි අංශයේ උප සභාපති - සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක මහතා සහ ශ්‍රී ලංකා ගොල්ෆ් උප සභාපති රනිල් පීරිස් මහතා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙරට ක්‍රීඩාවට සහාය දැක්වීමේ සිය දීර්ඝ කාලීන දායකත්වය පෙරට රැගෙන යමින් ශ්‍රී ලංකා විවෘත ගොල්‍ෆ් ශූරතා තරගාවලිය බලගැන්වීමට ඉදිරිපත්ව සිටීයි. අදාළ තරගාවලිය 2023 මැයි මස 30 වෙනිදා කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී ආරම්භවීමට නියමිතයි.

මෙරට ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී තරගාවලියක් ලෙස අදාළ ශ්‍රී ලංකා විවෘත ශූරතාව 1972 දී මුල්වරට පැවැත්වුණු අතර, එතෙක් මෙතෙක් කාලය තුළ සුවිශේෂී දක්ෂතා ඉස්මතු කරමින් වර්ෂ 1990 සහ 2002 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම්ලාභීන් මෙරටින් බිහිවීමටද මෙම තරගාවලිය පසුබිම් විය.

මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පස්දෙනෙක් ඉන්දියාවේ පැවැත්වෙන වෘත්තීය ගොල්ෆ් සංචාරයට (PGTI) සහභාගීවෙමින් සිටින අතර, වත්මන් ශ්‍රේණිගත කිරීම්හී ඉහළින්ම සිටින චෞහාන් ඕම් - ප්‍රකාශ් සහ ශ්‍රී ලංකා විවෘත ශූරතාව දිනූ රශීඩ් ඛාන් ආසියානු සංචාරයේ නිරත වෙමින්, හත්වරක් විවෘත තරගාවලියේ ශූරයා වෙමින් වැඩිම වරක් එකී ශූරයා බවට පත්වීමේ ගෞරවය දිනා සිටින කේ.නන්දසේන පෙරේරා හා සමතැන් ගෙන සිටිමින් එම වාර්තාව තනි අයිතියට ගැනීමට බලා සිටින ආර්.ඒ අනුර රෝහණ ආදීන්ගෙන් සමන්විත වූ මෙම ප්‍රබල ක්ෂේත්‍රයට වටිනාකමක් එක්කරමින් සිටියි.

විවෘත ශූරතාව තෙවරක් දිනූ නුවර එළිය ගොල්ග් සමාජයෙන් බිහිවුණු කේ.ප්‍රභාකරන් සහ එක්වරක් ශූරයකු වන එන්. තංගරාජා විසින් මෙම 2023 විවෘත ශූරතාවේදී ආසියානු සංචාරයේ ඉහළින්ම සිටින ක්‍රීඩකයකු වන උදයන් මානී ඉන්දියානු වෘත්තීය ගොල්ෆ් සංචාරයේ පෙරමුණේ පසුවන, බංග්ලාදේශයේ ජමාල් හොසේන්, පකිස්තානයේ අංක එකේ ක්‍රීඩකයා ආදිය ද ඇතුළත්ව ඉන්දියාව, කොරියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආදියෙන් පැමිණෙන ක්‍රීඩකයන් හට අභියෝගයක් වනු ඇත.

PGTI ශ්‍රේණිගත කිරීමේ පළමු 50 අතරේ රැඳුණු සුපිරි ගොල්ෆ් තරුවක් වන මිථුන් පෙරේරාට මෙතෙක් විවෘත ශූරතාවක් දිනාගැනීමේ අවස්ථාව නොලැබුණද, ඔහු මෙවර ඒ සඳහා අපේක්ෂා තබා සිටින ක්‍රීඩකයන් අතර පෙරමුණෙ සිටීයි. RCGC හි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන විජිත බණ්ඩාර, බී.ජී ලලිත් කුමාර, තිස්ස චන්ද්‍රදාස මෙන්ම හිටපු ආධුනික ජාතික ශූරයා එම්.යූ චානක පෙරේරා, චලිත පුෂ්පික සහ නැගී එන යොවුන් තරුවක් වන රෙශාන් අල්ගමද ප්‍රබල ක්‍රීඩකයන් අතර පසුවෙති.

“කොවිඩ් 19 හේතුවෙන් වසර තුනක තරග රහිත කාලයකට පසුව වෘත්තීය මෙන්ම ආධුනික ක්‍රීඩකයන්ටත් තම ක්‍රීඩාභාණ්ඩ රැගෙන අපගේ වාර්ෂික තරගාවලි කැලැන්ඩරයේ සතුට මෙන්ම තරගකාරීත්වයද මැනවින් රැඳුණු දිනයක් ගෙවීම සඳහා කොළඹ රාජකීය ගොල්ෆ් පිටියට පැමිණීම සඳහා අවස්ථාව ලැබී තිබෙනවා.”යනුවෙන් ශ්‍රී ලංකා ගොල්ෆ් සභාපති මයිකල් මාගල මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “සාර්ථක තරගාවලියක් පැවැත්වීම වෙනුවෙන් පමණක් නොවෙයි, සමස්ත ගොල්ෆ් ප්‍රජාවටම අගනා පැකේජයක් වන සේ ක්‍රීඩාව සඳහා යහපත් බලපෑමක් කිරීමට සහායවීම සම්බන්ධයෙන් අපගේ හිතවත් පාර්ශවකරු සහ අනුග්‍රාහක ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.”

“රටේ ජාතික විවෘත ගොල්ෆ් තරගාවලිය බලගැන්වීමට ලැබීම සම්බන්ධයෙන් අප සතුටට පත්වෙනවා. ඒවගේම ‘ඩයලොග් ආරාධිත තරගාවලිය’ නමින් ගොල්ෆ් ක්‍රීඩා ලෝලීන් සඳහා වූ සුහද තරගවටයක් ක්‍රියාත්මක කිරීමට හැකිවීමත් සතුටට කරුණක්.” යනුවෙන් ඩයලොග් එන්ටප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා පැවසීය.

ශ්‍රී ලංකා 2023 විවෘත තරගාවලිය පැවැත්වීමට මත්තෙන්, COURTYARD by Marriott Colombo විසින් අනුග්‍රහය දක්වනු ලබන ඉහළ පෙළේ Pro-Am තරගාවලියක්, ලොව පුරා මැරියට් හෝටල් සමූහයේ ගොල්ෆ් තානාපති European Tour ක්‍රීඩක ශිව් කපූර්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට යෙදී තිබේ. ශිව් කපූර් මෙහිදී Pro-Am ඉසව්වට සහභාගී වනු ඇති අතර ශ්‍රී ලංකා විවෘත ශූරතාවට සහභාගීවන සෙසු සියලුම වෘත්තීය ක්‍රීඩකයන් කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා සමාජවල ආධුනික ගොල්ෆ් සාමාජිකයන් හා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

2023 ඩයලොග් ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතා තරගාවලිය,ගොල්ෆ් ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව පිළිබඳ ඉහළම උනන්දුවක් ඇතිකරීම පිණිස කදිම වේදිකාවක් බවට පත්වනු ඇත.

2023 මැයි 30 වැනිදා සිට ජුනි 02 වැනිදා දක්වා වට 4කින් යුක්තව ශ්‍රී ලංකා ගොල්ෆ් හි සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක වන ඩයලොග් ශ්‍රී ලංකා විව‍ෘත ගොල්ෆ් ශූරතාව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම, Courtyard by Marriott Colombo, Transcend Drive, OLU Liquid Island, Lanka IOC, GFlock , Prima ඇතුළු අනුග්‍රාහකයන්ගේ සහයෝගීතාවය හිමිවෙයි.

[

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.