Body

ඩයලොග් වෙරළ පාපන්දු අප්‍රේල් මස හම්බන්තොටින් ඇරඹෙයි

April 01, 2021         Colombo

 

news-1

අනුර ද සිල්වා, පාපන්දු සම්මේලනයේ සභාපති සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍ය - හර්ෂ සමරනායක මහතා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන, මෙරට ක්‍රීඩා ලෝලීන් පුල පුලා බලා සිටි ඩ‍යලොග් වෙරළ පාපන්දු ශූරතා 2021 තරගාවලිය අප්‍රේල් මස 03 වැනිදා හම්බන්තොට වෙරළේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම ඩයලොග් වෙරළ පාපන්දු තරගාවලිය ඉකුත් 2020 වසරේදී පැවැත්වීමට යෙදී තිබුණිද කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට සිදුවිය. ලොව අතිශයින් ජනප්‍රිය වෙරළ පාපන්දු ක්‍රීඩාව රටපුරා ව්‍යාප්ත කිරීම සහ එම ක්‍රීඩාවේ නැගී එන දක්ෂයන් හදුනාගැනීම සහ ජාතික වෙරළ පාපන්දු සංචිතයට එක්වීම දක්වා එම දක්ෂතා වර්ධනය කිරීම මෙම තරගාවලිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වේ. මෙය තරගාවලි 4කින් සමන්විත වන තරගමාලාවක ඇරඹුම වන අතර සෙසු තරගාවලි වැල්වැටිතුරේ, කල්මුණේ සහ මීගමුවේ පැවැත්වීමට නියමිතව ඇත.

හම්බන්තොට පැවැත්වෙන මෙම ඩයලොග් වෙරළ පාපන්දු තරගමාලාවේ පළමු අදියර සදහා හම්බන්තොට කිංග්ස්, ‍හම්බන්තොට හෝනෙට්ස්, මාතර මැරීන්ස් මාතර ඊගල්ස්, ගෝල් ස්ටැලියන්ස් , ගෝල් ජයන්ට්ස්, අම්බලන්ගොඩ ටයිටන්ස්, අම්බලන්ගොඩ ඇවෙන්ජර්ස්, බේරුවල බ්ලූස්, බේරුවල ලයන්ස්, කළුතර රෝයල්ස් සහ කළුතර නයිට්ස් යන කණ්ඩායම් සහභාගීවීමට නියමිතව සිටිති.

මෙරට පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය සහ සාර්ථකත්වය වෙනුවෙන් වසර ගණනාවක් පුරා දැවැන්ත සවියක් ලබාදුන් ඩයලොග් සමාගම, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා එක්වෙමින් ‘2021 වෙරළ පාපන්දු ශූරතා’ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නැවත වරක් පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනයට දායකත්වය දක්වයි.

‘මෙම තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ෆුට්සාල් සහ වෙරළ පාපන්දු කමිටුව ගනු ලබන උත්සහයට මගේ ස්තුතිය පිරිනමන අතරම, සහභාගීවන කණ්ඩායම් සියල්ලට මා සුබ පතනවා. එසේම මෙරට ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම පාපන්දු වෙනුවෙන් කාලාන්තරයක් මුළුල්ලේ ඩයලොග් විසින් දෙනු ලබන සහයෝගය මා මෙහිදී අගය කර සිටිනවා’ යැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසීය.

‘වෙරළ පාපන්දු යනු අපට සැබැවින්ම ගැලපෙන සහ බොහෝ සාර්ථකත්වයක් අත්කරගත හැකි ක්‍රීඩාවක්. ජාත්‍යන්තරයේ උපායමාර්ග හා අනුගත වෙමින් මෙම ක්‍රීඩාව සාර්ථක කරගැනීමේ හැකියාව ඇති සේම, රට තුළ ජාත්‍යන්තර තරගාවලි සංවිධානය කරමින් සංචාරක ආකර්ශනය දිනාගැනීමේ හැකියාවද පවතිනවා. සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අප සතුව ඉතාම සුන්දර වෙරළ තීරයන් පවතිනවා. කුඩා වපසරියක සහ ක්‍රීඩකයන් අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් කිරීමට ඇති හැකියාව වැනි මෙම ක්‍රීඩාවේ තාක්ෂණික කාරණා අතින් බැලූවිටත් එය අප වැනි රටකට වාසිදායක ක්‍රීඩාවක් යැයි පාපන්දු සම්මේලනයේ සභාපති අනුර සිල්වා මහතා පවසයි

අදාළ තරගාවලි සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාපන්දු සම්මේලනයේ ෆුට්සාල් සහ වෙරළ පාපන්දු කමිටුවේ සභාපති මොහොමඩ් රමීස් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්මින් ‘ මෙය මෙරට සමස්ත පාපන්දු සංවර්ධනය වෙනුවෙන් අගනා මොහොතක්. අපේ රට තුළ සැම අතින්ම වෙරළ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍ය පසුබිම නිර්මානය වී පවතිනවා. අපි මේ ගනු ලබන්නේ එය සාර්ථක කරගැනීමේ උත්සහයයි. රටේ වෙරළ පාපන්දු ක්‍රීඩාව රට පුරා ප්‍රචලිත කිරීමටත්, දක්ෂ ක්‍රීඩකයන් හදුනාගෙන ඔවුන්ව ජාතික වෙරළ වොලිබෝල් කණ්ඩායමට රැගෙන ඒම පිණිසත් අපි මේ තරගාවලිය යොදාගන්නවා. මෙම තරගාවලියට පැවැත්වීමට අප හා එක්වීම සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධනය වෙනුවෙන් ඩයලොග් දක්වනු ලබන සහයෝගයට මාගේ කෘතඥතාව පළ කරනවා’ යි පැවසුවේය.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අඩපන වූ මෙරට ක්‍රීඩාව යළි පනගැන්වීමට පාපන්දු සම්මේලනය හා එක්වීමට ලැබීම ගැන ඩයලොග් ආඩම්භරයට පත්වෙනවා’ යි ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ අළෙවි අංශයේ සන්නාම සහ මාධ්‍ය, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යධිකාරි හර්ෂ සමරනායක මහතා පවසා සිටියි.

‘ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව වන පාපන්දු, ශ්‍රී ලංකාව වටා පිහිටි වැලි සහිත වෙරළතීරයන් හා බද්ධ කරමින්, එය ශ්‍රී ලංකාවේ තාරුණ්‍යට ක්‍රීඩාව සමඟ යළි එක්වීමට කදිම අවස්ථාවක්. ඩයලොග් වෙරළ පාපන්දු තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් මම සුබපතනවා’ යි සමරනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ඩයලොග් ආසිආටා ජාතික ක්රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්රීඩා තරගාවලිය, ජාතික පැරා ක්රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.