MyDialog App හරහා සිදුකරන සෑම රීලෝඩ් / බිල්පත් ගෙවීමක් සඳහාම 10% ක බෝනස් රීලෝඩ් / දීමනා

සැලකිය යුතුයි
  • පාරිභෝගිකයා විසින් MyDialog App එකෙහි තම ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ්පත් Save කර ප්‍රවර්ධන කාල සීමාව තුළ එම කාඩ්පත් හරහා ගෙවීම් හා රීලෝඩ් සිදුකර 10% ක දීමනාවක් ලබාගන්න.
  • ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වන දිනට පෙර App එකෙහි කාඩ්පත් කිසිවක් Save කර නොමැති පාරිභෝගිකයන්ට පමණක් මෙම දීමනාව වලංගු වේ.
  • මෙම දීමනාව හිමිකර ගැනීමට නම් පාරිභෝගිකයා විසින් තම කාඩ්පත් Save කර මාස 03 ක ප්‍රවර්ධන කාලසීමාව තුළ ගෙවීම් / රීලෝඩ් කිරීම් සිදුකළ යුතුය.
  • ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වන කාල සීමාව වන විට පාරිභෝගිකයා MyDialog App එකෙහි කාඩ්පතක් Save කර ඇත්නම් සහ තවත් කාඩ්පතක් Save කරයි නම් එම අවස්ථාවේදීද ඔහු හෝ ඇය මෙම දීමනාව සඳහා සුදුසුකම් නොලබයි.
  • MyDialog App එකෙහි මීට පෙර Save කරන ලද කාඩ්පතක් ඉවත් කර එය නැවත Save කළ විටද පාරිභෝගිකයා ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
  • මෙම දීමනාව 2023 පෙබරවාරි 09 දක්වා වලංගුයි.
බෝනස් රීලෝඩ් / දීමනා ලබාගැනීමට සුදුසුකම්
  • බෝනස් / දීමනා ලබාගැනීම සඳහා පාරිභෝගිකයා විසින් Save කළ කාඩ්පත භාවිතයෙන් සිය Dialog Mobile / Dialog Television / Dialog Home Broadband සම්බන්ධතාවය සඳහා රීලෝඩ් කිරීම හෝ බිල්පත් ගෙවීම සිදුකළ යුතුය.
  • ගෙවීම් / රීලෝඩ් කිරීම් සිදුකරන අංකයට බෝන්ස් / දීමනා හිමිවේ.
  • ගෙවීම් / රීලෝඩ් සිදු කරන පාරිභෝගිකයාගේ සම්බන්ධතාවයට 10% ක බෝනස් එකක් එසැණින්ම ලැබෙනු ඇත.
  • පෙරගෙවුම් පාරිභෝගිකයන්ට ලැබෙන බෝනස් එක සම්මත රීලෝඩ් එකක් වශයෙන් සැලකෙන අතර එය Voice, Data, VAS activations යනාදී සියලුම කටයුතු සඳහා භාවිත කළ හැක. බෝන්ස් රීලෝඩ් එක සඳහා සම්මත වලංගු කාලසීමාව බලපානු ලබයි.
  • පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා ගෙවීම අඩු කිරීමක් වශයෙන් දිස්වන අතර ඊට අදාළ සංශෝධන පාරිභෝගිකයාගේ ඊළඟ මාසයේ බිල්පතේ සඳහන් වනු ඇත.
  • පාරිභෝගිකයා voice/data/combo packs රීලෝඩ් මාර්ගයෙන් සක්‍රිය කරගන්නේ නම් ඒ වෙනුවෙන් ලැබෙන 10% බෝනස් එක පාරිභෝගිකයාගේ ගිණුම් ශේෂයට එක් කරනු ලැබේ. උදා: පාරිභෝගිකයා රු.498 ක රීලෝඩ් එකක් සිදුකරයි නම් රු.49.80 ක මුදලක් පාරිභෝගිකයාගේ සම්බන්ධතාවයට add කරනු ලැබේ.
  • එක් පාරිභෝගිකයෙකුට මාසයක් සඳහා හිමි වන උපරිම දීමනාව රු.1500 කි.
  • මෙම ප්‍රවර්ධන වැඩසටහනට අදාළව Dialog සමාගම විසින් ගනු ලබන තීරණ අවසන් තීරණ වශයෙන් සලකනු ලබයි.
MyDialog App එක මගින් Recharge / Bill payment සිදුකිරීමට ඔබ අනුගමනය කළ යුතු පියවර
  • පියවර අංක 1

    MyDialog app එක open කර RELOAD / PAY ක්ලික් කරන්න

    Star-viu
  • පියවර අංක 2

    reload / bill payment කිරීමට අවශ්‍ය අංකය list එකෙන් තෝරාගෙන නිසි අගය ඇතුළත් කරන්න.
    ඉදිරියට යාම සඳහා ක්ලික් කරන්න. අංකය list එකේ නොමැතිනම්... Learn More

    Star-viu
  • පියවර අංක 3

    නිසි ස්ථානයේ ATM කාඩ්පතේ (credit/debit) විස්තර සඳහන් කරන්න. අනතුරුව CONTINUE ක්ලික් කරන්න.
    ‘Save Card’ option එක ක්ලික් කිරීමෙන් ඔබට මෙය පහසුවෙන් කරගත හැකියි... Learn More

    Star-viu
  • පියවර අංක 4

    අමතර විශේෂාංගය - මෙම ගනුදෙනුව සඳහා ඔබට ඊ -රිසීට්පතක් අවශ්‍ය නම් ඔබගේ විද්‍යුත් ලිපිනය /email එක සඳහන් කරන්න

    Star-viu
  • පියවර අංක 5

    ගනුදෙනුව සම්පූර්ණයි. reload / bill payment / data pack එක ඔබේ ගිණුමට add කෙරෙනු ඇත.

    Star-viu
ඔබට උපකාර විය හැකි කරුණු

reload/ bill payment සිදුකිරීමට අවශ්‍ය අංකය select කරන්න

  • අංකය list එකේ නොමැතිනම් “+ Pay for others/ Lesi Pay” මෙම feature එකෙන් අංකය add කරගෙන ඕනෑම Dialog අංකයක් reload කරගැනීමට හෝ ඕනෑම Dialog TV/ Home Broadband බිල්පතක් ගෙවීමට හෝ තවත් කෙනෙකුට reload / bill payments කිරීම සඳහා සහාය විය හැකියි.
  • මොබයිල් පෙරගෙවුම් සම්බන්ධතාවයක් සඳහා ඔබට ඕනෑම reload අගයක් / data pack අගයක් (උදාහරණ – රු.99/- , රු.199/-) හෝ ඕනෑම special pack අගයක් (උදාහරණ – රු.345/- Triple Blaster , රු.249/- Video Blaster) සඳහන් කළ හැකියි.

නිසි ස්ථානයේ ATM කාඩ්පතේ (credit/debit) විස්තර සඳහන් කරන්න.

ඔබ ‘Save card’ option එක ක්ලික් කළහොත් කාඩ්පතේ විස්තර app එකේ save වනු ඇත. ඔබ කාඩ්පත save කරගෙන සත්‍යබවට තහවුරු කළ විට අනාගතයේදී කිසිඳු අපහසුතාවයකින් තොරව Quick Pay function එක භාවිත කරමින් ඔබට සැණින් reload කළ හැකිය. කාඩ්පත සත්‍යබවට තහවුරු කිරීම සඳහා ඔබ විසින් ඔබේ බැංකු ගිණුමෙන් අහඹු ලෙස අඩුකර නැවත ඔබ වෙත ගෙවනු ලබන අගය ඇතුළත් කළ යුතුය.