Per Day Insurance - හදිසි අනතුරු ආවරණය


Ceylinco General Insurance විසින් Dialog පාරිභෝගිකයන් වෙනුවෙන්ම BIMA Lanka Insurance Brokers (Pvt) Ltd හරහා මෙම Per Day Insurance හදිසි අනතුරු ආවරණය නිර්මාණය කර ඇත. අත්යවශ්ය මොහොතකදී ප්රතිලාභියාගේ පිහිටට හේතුවන මෙමඟින් ඔබ හදිසි අනතුරකට මුහුණදීමෙන් හෝ මරණයට පත්වීමෙන් ඔබේ පවුලේ අයට දැරීමට සිදුවන වියදම් පියවාගැනීමට සහාය වෙයි.

ගාස්තු

හදිසි අනතුරු ආවරණයට අදාළ වන ග්‍රාහකත්ව ගාස්තු (බදු රහිතව).

2017 නොවැම්බර් 22 පසු ලියාපදිංචි වුනු පාරිබෝගිකයින් සඳහා

කාණ්ඩය

ආවරණයේ ප්‍රතිලාභ (ශ්‍රීලරු)

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා දෛනික ග්‍රාහකත්ව ගාස්තුව (ශ්‍රීලරු)

පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා දෛනික ග්‍රාහකත්ව ගාස්තුව (ශ්‍රීලරු)

ආවරණය 1

හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු. 500,000.00 ක වන්දි ප්රතිලාභයක්ද, හදිසි අනතුරකින් සිදුනොවන මරණයකදී රු.100,000 ක අවමංගල්ය ආධාරයක්ද මේ යටතේ හිමිවේ.

1.33

40

ආවරණය 2

හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු.1,200,000.00 ක වන්දි ප්රතිලාභයක්ද, හදිසි අනතුරකින් සිදුනොවන මරණයකදී රු.100,000 ක අවමංගල්ය ආධාරයක්ද මේ යටතේ හිමිවේ.

2.67

80

*ග්‍රාහකත්ව ගාස්තුව : පාරිභෝගිකයාගේ (රක්ෂණ ඔප්පු හිමියාගේ) මොබයිල් බිලෙන් අඩුකර ගන්නා මුදලයි.

2016 මැයි 19 න් පසු ලියාපදිංචි වුනු පාරිබෝගිකයින් සඳහා

කාණ්ඩය

ආවරණයේ ප්‍රතිලාභ (ශ්‍රීලරු)

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා දෛනික ග්‍රාහකත්ව ගාස්තුව (ශ්‍රීලරු)

පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා දෛනික ග්‍රාහකත්ව ගාස්තුව (ශ්‍රීලරු)

ආවරණය 1

හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු. 1,200,000.00 ක වන්දි ප්රතිලාභයක්ද, හදිසි අනතුරකින් සිදුනොවන මරණයකදී රු.100,000 ක අවමංගල්ය ආධාරයක්ද මේ යටතේ හිමිවේ.

2.67

80

ආවරණය 2

හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු.2,400,000.00 ක වන්දි ප්රතිලාභයක්ද, හදිසි අනතුරකින් සිදුනොවන මරණයකදී රු.100,000 ක අවමංගල්ය ආධාරයක්ද මේ යටතේ හිමිවේ.

N/A

129

*ග්‍රාහකත්ව ගාස්තුව : පාරිභෝගිකයාගේ (රක්ෂණ ඔප්පු හිමියාගේ) මොබයිල් බිලෙන් අඩුකර ගන්නා මුදලයි.

2013 ජනවාරි 19 පසු ලියාපදිංචි වුනු පාරිබෝගිකයින් සඳහා

කාණ්ඩය

ආවරණයේ ප්‍රතිලාභ (ශ්‍රීලරු)

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා දෛනික ග්‍රාහකත්ව ගාස්තුව (ශ්‍රීලරු)

පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා දෛනික ග්‍රාහකත්ව ගාස්තුව (ශ්‍රීලරු)

ආවරණය 1

හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු. 1,200,000.00 ක වන්දි ප්රතිලාභයක්

1.33

40

ආවරණය 2

හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු.2,200,000.00 ක වන්දි ප්රතිලාභයක්

N/A

80

ආවරණය 3

හදිසි අනතුරක් හේතුවෙන් මරණය සිදුවූ විට රු.5,000,000.00 ක වන්දි ප්රතිලාභයක්

N/A

250

*ග්‍රාහකත්ව ගාස්තුව : පාරිභෝගිකයාගේ (රක්ෂණ ඔප්පු හිමියාගේ) මොබයිල් බිලෙන් අඩුකර ගන්නා මුදලයි.

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා

පාරිභෝගිකයා ලියාපදිංචි වන දිනය මත පදනම්ව පෙරගෙවුම් පාරිභෝගිකයන්ගෙන් සමානුපාතික ගාස්තු අය කිරීමට කටයුතු කෙරේ.පාරිභෝගිකයාගෙන් ගාස්තු අය කළ දින ගණන අනුව රක්ෂණ ආවරණය සමානුපාතිකව ගණනය කරනු ලැබේ.

සම්පූර්ණ රක්ෂණ ආවරණය සඳහා හිමිකම්පෑමට නම් මාසික ගාස්තුව සම්පූර්ණයෙන් අඩුකර ගත යුතු වේ. මාසික ගාස්තුව අර්ධ වශයෙන් අඩුකරගෙන ඇත්නම්, ආවරණයෙන් සමානුපාතික අගයක් මාසය සඳහා අදාළ වේ.ඩේටා රීචාර්ජ් කාඩ් සහ පෙරගෙවුම් පැකේජ හරහා රීචාර්ජ් කිරීම සිදුකරන්නේ නම් දෛනික ගාස්තුව අය නොකෙරේ. අදාළ දෛනික ගාස්තුව සාමාන්‍ය රීචාර්ජ් කාඩ් හෝ රීලෝඩ් කාඩ් මගින් පමණක් අඩුකර ගැනේ.

මාසය සඳහා ලබාගත හැකි රක්ෂණ ආවරණයේ අගය සඳහන් කරමින් ඔබට කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා

පාරිභෝගිකයා මෙම සේවාවට ලියාපදිංචි වන දින සම්පූර්ණ ගාස්තුව සාර්ථකව අඩුකර ගැනීමත් සමඟ මුළු මාසය සඳහා ගාස්තුව තීරණය වන අතර, ඊළඟ මාසයේ සිට පාරිභෝගිකයා සම්පූර්ණ ආවරණය සඳහා සුදුසුකම් ලබයි. මාසයට අදාළ ආවරණ වටිනාකම සඳහන් කරමින් ඔබට මාසිකව කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

ප්‍රතිලාභ හිමිවීමේ ආරම්භය

පළමු මාසයේ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවා අවසන් වූ පසුව ප්‍රතිලාභ ලබාදීම ඇරඹේ. පළමු මාසයේ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවූ විට රක්ෂණ ඔප්පුහිමියා ඊළඟ මාසයේ පළමු දින සිටම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබයි. ග්‍රාහකයා විසින් ඕනෑම මාසයක් සඳහා නියමිත ගාස්තුව සාර්ථකව අඩුකරගත් විට රක්ෂණ ආවරණය ස්වයංක්‍රියව අලුත් වේ.

නම් කිරීම

අවාසනාවන්ත ලෙස පාරිභෝගිකයාගේ මරණය සිදුවන අවස්ථාවක නම් කරන ලද *පවුලේ සමීපතම සාමාජිකයාට තෝරාගත් රක්ෂණ ආවරණ කාණ්ඩය යටතේ එකවර වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනේ.

*සමීපතම පවුලේ සාමාජිකයෙක් යනුවෙන් අදහස් කරන්නේ පාරිභෝගිකයාගේ සැමියා / බිරිඳ, දරුවන්, දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් ඇතුළු පිරිසයි.

රක්ෂණ ආවරණයට අදාළ ගිවිසුම අවසන් කිරීම

පහත සඳහන් කරුණු හේතුවෙන් රක්ෂණ ආවරණය නියමිත කාලසීමාවට පෙර අවසන් කිරීමට සිදුවේ:

  • රක්ෂණ හිමියා ආවරණයට අදාළ වයස් සීමාව සම්පුර්ණ/ආසන්නව තිබීම.

  • රක්ෂණ ඔප්පුව ක්‍රියාත්මක වන කාලසීමාව අතරතුර ප්‍රධාන රක්ෂණ හිමියාගේ මරණය සිදුවීම.

  • රක්ෂණ ඔප්පුව අලුත් කර නැත්නම් අලුත් කළ යුතු දිනය

  • පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවය භාවිතයේ නොමැතිවීම.

  • වංචනික කටයුත්තක්

හිමිකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය

හිමිකම් සඳහා, 1343 අමතන්න (නොමිලේ ඇමතිය හැකි අංකයකි)

සැලකිය යුතුයි - රක්ෂණ ඔප්පු හිමියාගේ මරණයෙන් දින 90 ක කාලයක් ඇතුළත ප්‍රතිලාභ සඳහා නම් කළ තැනැත්තා විසින් ඒ බව සමාගමට දැනුම් දිය යුතු අතර එම කාලසීමාව තුළ අවශ්‍ය සියලුම ලේඛන සමාගමට ඉදිරිපත් කළ යුතුවේ.

අත්‍යවශ්‍ය ලේඛන:

  • සම්පූර්ණ කරන ලද හිමිකම් පත්‍රිකාව

  • මියගිය පුද්ගලයාගේ වයස හා අනන්‍යතාවය තහවුරු කරන (ජාතික හැඳුනුම්පතේ පිටපතක්) ලේඛන

  • මරණ සහතිකය

  • වෛද්‍ය වාර්තා

  • පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව

  • Ceylinco Insurance විසින් ඉල්ලා සිටින වෙනත් ලේඛන

හිමිකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියෙන් බැහැර කර ඇති කරුණු පිළිබඳ විස්තර දැනගැනීමට නිතර අසන ප්‍රශ්න මත හෝ පහත රක්ෂණ ඔප්පු ලේඛනය මත ක්ලික් කරන්න.

හදිසි අනතුරු හිමිකම් ප්‍රකාශ කිරීමේ පත්‍රිකාව - [PDF]

සක්‍රිය කරගන්නේ කෙසේද?
 

1343 අමතන්න
Monday – Saturday (Except Sunday, POYA Day & Mercantile Holiday)
9:00AM to 5:00PM

 
විශේෂ කරුණු
  • Ceylinco General Insurance විසින් ජීවිත රක්ෂණ ආවරණය සලසනු ලබයි

  • සේවා සැපයුම්කරු - BIMA Lanka Insurance Brokers (Pvt) Ltd

  • වයස් සීමාව

     
    • අවම වයස - අවුරුදු 18 (උපන්දිනයට අනුව)

    • උපරිම වයස - අවුරුදු 70 (ඊළඟ උපන්දිනයේ සම්පූර්ණ වන වයස අනුව)

    • ආවරණය අවසන්වන වයස් සීමාව - අවුරුදු 70 (උපන්දිනයට අනුව)

  • භූගෝලීය සීමා : ලොවපුරා

  • විමසීම් සඳහා 1343 අමතන්න

රක්ෂණ ඔප්පු ලේඛනය - [PDF]