Per Day Insurance - ජීවිත රක්ෂණ ආවරණය


Softlogic Life Insurance PLC විසින් Dialog පාරිභෝගිකයන් වෙනුවෙන්ම BIMA Lanka Insurance Brokers (Pvt) Ltd හරහා මෙම Per Day Insurance ජීවිත රක්ෂණ ආවරණය නිර්මාණය කර ඇත. මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් රු. මිලියන 1.1 ක් දක්වා වූ ජීවිත රක්ෂණ ආවරණයකට හිමිකම් පෑමේ අවස්ථාව ඔබට හිමිවේ

සියලුම Dialog පාරිභෝගිකයන්ට මෙම සේවාව ලබාගත හැකි අතර, රක්ෂණ ආවරණය ලබාගත් තැනැත්තාගේ මරණයෙන් පසු එම පුද්ගලයාගේ යැපෙන්නන්ට මූල්‍යමය සුරක්ෂිතභාවය සැලසීමටත් Dialog සමාගම අපේක්ෂා කරයි. පෙරගෙවුම් සහ පසුගෙවුම් යන දෙපිරිසටම මෙම මූලික රක්ෂණ ආවරණය ලබාගත හැකි අතර ඒ යටතේ රක්ෂණ ඔප්පු හිමියා පමණක් ආවරණය වේ.

කොවිඩ් - 19 ආවරණය

කොවිඩ් -19 හේතුවෙන් සිදුවන මරණ වෙනුවෙන් හිමිකම් ප්‍රකාශ කිරීම ආවරණය වන්නේ ලියාපදිංචිවී ඇති රක්ෂණ හිමිකමේ සීමාවට යටත්වයි.

ගාස්තු

ජීවිත රක්ෂණ ආවරණය සඳහා ගාස්තු (බදු රහිතව)

කාණ්ඩය

මූලික රක්ෂණ ආවරණය (LKR)

පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා මාසික ග්‍රාහකත්ව ගාස්තුව (LKR)

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා මාසික ග්‍රාහකත්ව ගාස්තුව (LKR)

විකල්ප අංක 1

1,100,000

373.82

12.46

විකල්ප අංක 2

600,000

202.49

6.67

විකල්ප අංක 3

300,000

103.84

3.42

විකල්ප අංක 4

120,000

41.54

1.38

* කරුණාකර නිතර අසන ප්‍රශ්න කොටසේ ජීවිත රක්ෂණ ආවරණයට අදළ නියම හා කොන්දේසි වෙත යොමු වෙන්න

* ග්‍රාහකත්ව ගාස්තුව: පාරිභෝගිකයාගේ (රක්ෂණ ඔප්පු හිමියාගේ) මොබයිල් බිල්පතෙන් අඩුකර ගැනෙන අගයයි

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා

  • පාරිභෝගිකයා ලියාපදිංචි වන දිනය මත පදනම්ව පෙරගෙවුම් පාරිභෝගිකයන්ගෙන් සමානුපාතික ගාස්තු අය කිරීමට කටයුතු කෙරේ. පාරිභෝගිකයාගෙන් ගාස්තු අය කළ දින ගණන අනුව රක්ෂණ ආවරණය සමානුපාතිකව ගණනය කරනු ලැබේ.

  • සම්පූර්ණ රක්ෂණ ආවරණය සඳහා හිමිකම්පෑමට නම් මාසික ගාස්තුව සම්පූර්ණයෙන් අඩුකර ගත යුතු වේ. මාසික ගාස්තුව අර්ධ වශයෙන් අඩුකරගෙන ඇත්නම්, ආවරණයෙන් සමානුපාතික අගයක් මාසය සඳහා අදාළ වේ.

  • ඩේටා රීචාර්ජ් කාඩ් සහ පෙරගෙවුම් පැකේජ හරහා රීචාර්ජ් කිරීම සිදුකරන්නේ නම් දෛනික ගාස්තුව අය නොකෙරේ. අදාළ දෛනික ගාස්තුව සාමාන්‍ය රීචාර්ජ් කාඩ් හෝ රීලෝඩ් කාඩ් මගින් පමණක් අඩුකර ගැනේ.

  • මාසය සඳහා ලබාගත හැකි රක්ෂණ ආවරණයේ අගය සඳහන් කරමින් ඔබට කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා

  • පාරිභෝගිකයා මෙම සේවාවට ලියාපදිංචි වන දින සම්පූර්ණ ගාස්තුව සාර්ථකව අඩුකර ගැනීමත් සමඟ මුළු මාසය සඳහා ගාස්තුව තීරණය වන අතර, ඊළඟ මාසයේ සිට පාරිභෝගිකයා සම්පූර්ණ ආවරණය සඳහා සුදුසුකම් ලබයි.

  • ගෙවූ ගාස්තුව සහ මාසයට අදාළ ආවරණ වටිනාකම සඳහන් කරමින් ඔබට මාසිකව කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

  • පහත සඳහන් හේතු මත රක්ෂණ ආවරණය වහාම නවතාදැමීමට පියවර ගැනේ:
    - සාමාජිකයා ආවරණයේ වයස් සීමාවට ළඟාවීම.
    - රක්ෂණ ඔප්පුවේ කාලසීමාව තුළ සාමාජිකයා මියයෑම.
    - රක්ෂණ ඔප්පුව අලුත් කර නොමැති නම්, එය අලුත් කරන දිනය.
    - පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවය තවදුරටත් භාවිතයේ නොමැතිවිට.
    - සාවද්‍ය පෙනී සිටීමක් හෝ වංචනික ක්‍රියාවක් සිදුවීම.

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතියට අනුකූල වන පරිදි මෙම රක්ෂණ ඔප්පුව අර්ථ නිරූපණය වී බලපැවැත්වෙයි. මෙම සේවාව සඳහා ලියාපදිංචිවීමෙන් පසු ඊළඟ මාසයේ පළමු දිනයේ සිට ගාස්තු ගණනය කෙරේ.

  • ඔහු / ඇය කෙතරම් සම්බන්ධතා සංඛ්‍යාවක් ලබාගෙන තිබුණද එක් පාරිභෝගිකයෙකු සුදුසුකම් ලබන්නේ එක් රක්ෂණ ආවරණයක් සඳහා පමණි..

ප්‍රතිලාභ හිමිවීමේ ආරම්භය

පළමු මාසයේ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවා අවසන් වූ පසුව ප්‍රතිලාභ ලබාදීම ඇරඹේ. පළමු මාසයේ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවූ විට රක්ෂණ ඔප්පුහිමියා ඊළඟ මාසයේ පළමු දින සිටම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබයි. ග්‍රාහකයා විසින් ඕනෑම මාසයක් සඳහා නියමිත ගාස්තුව සාර්ථකව අඩුකරගත් විට රක්ෂණ ආවරණය ස්වයංක්‍රීයව අලුත් වේ

නම් කිරීම

අවාසනාවන්ත ලෙස පාරිභෝගිකයාගේ මරණය සිදුවන අවස්ථාවක නම් කරන ලද *පවුලේ සමීපතම සාමාජිකයාට තෝරාගත් රක්ෂණ ආවරණ කාණ්ඩය යටතේ එකවර වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනේ.

* සමීපතම පවුලේ සාමාජිකයෙක් යනුවෙන් අදහස් කරන්නේ පාරිභෝගිකයාගේ සැමියා / බිරිඳ, දරුවන්, දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් ඇතුළු පිරිසයි.

සැලකිය යුතුයි.

  • Softlogic Life Insurance PLC විසින් ජීවිත රක්ෂණ ආවරණය සලසනු ලබයි.

  • සේවා සැපයුම්කරු - BIMA Lanka Insurance Brokers (Pvt) Ltd

  • වයස් සීමාව

  • අවම වයස් සීමාව - අවුරුදු 18 (උපන්දිනයට අනුව)

  • උපරිම වයස් සීමාව - අවුරුදු 55 (ඊළඟ උපන්දිනයේ සම්පූර්ණ වන වයස අනුව)

  • ආවරණය අවසන් වන වයස් සීමාව - අවුරුදු 65 (උපන්දිනයට අනුව)

  • මොබයිල් සම්බන්ධතාවය භාවිත කරන්නාට මෙම ආවරණය සක්‍රිය කරගත හැක.

  • ලියාපදිංචිවීමේ ක්‍රියාවලියේදී පාරිභෝගිකයා විසින් රක්ෂණයට අදාළව ලබාදුන් තොරතුරු හිමිකම් ප්‍රකාශ කිරීමේදී සැලකිල්ලට ගනු ලැබේ.

  • භූගෝලීය සීමා : ලොවපුරා

නියම සහ කොන්දේසි

  • English - [PDF]

Activation

 

පියවර 1 - #107*1# අමතන්න

පියවර 2 - ඔබ කැමති භාෂාව තෝරන්න

පියවර 3 - “Softlogic Life Cover” තෝරා ලියාපදිංචිවීම සඳහා අවශ්‍ය විස්තර ලබාදෙන්න (ජාතික හැඳුනුම්පත් අංකය, සම්පූර්ණ නම, නම් කරන තැනැත්තා සමඟ ඇති සම්බන්ධතාවය, නම් කරන තැනැත්තාගේ සම්පූර්ණ නම, නම් කරන තැනැත්තාගේ දුරකතන අංකය).

පියවර 4 - යළි තහවුරු කරගැනීම සඳහා ලියාපදිංචිය අතරතුර ඔබ ලබාදුන් විස්තර සහිත කෙටි පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත

වෙනස්කමක් සිදුකිරීමට අවශ්‍ය නොවන්නේ නම් මෙම සේවාව සඳහා ඔබට ග්‍රාහකත්වය හිමිවේ

නිතර අසන පැන

මෙම රක්ෂණ ඔප්පුව යටතේ කොවිඩ් - 19 ආවරණය වන්නේද?

මෙම ජීවිත රක්ෂණ ආවරණය යටතේ හිමිවන ප්‍රතිලාභ මොනවාද?

මෙම රක්ෂණ ඔප්පුව යටතේ බැහැර කර ඇත්තේ මොනවාද?