Dialog SIM හිමිකාරිත්ව විස්තර ලියාපදිංචි කිරීම


ජාතික ආරක්ෂාව සහ නියාමන වලට අනුව සියලුම මොබයිල් සම්බන්ධතා නිවැරදි හිමිකරු යටතේ ලියාපදිංචි කළ යුතුය. එබැවින් පාරිභෝගිකයාගේ හිමිකාරීත්වය තහවුරු කිරීම පුද්ගල සහ ජාතික ආරක්ෂාවට වැදගත් වන නෛතික අවශ්‍යතාවයකි. ඔබේ මෙම අංකය ඇතුලත් ජංගම දුරකතනයෙන් #132# ඩයල් කර ඔබේ මොබයිල් සම්බන්ධතාවයට අදාළ හිමිකාරීත්ව විස්තර පරීක්ෂා කර තහවුරු කරගන්න.

Smartphone එකක් හෝ Laptop එකක් මගින් www.dialog.lk/ownership-reg වෙත පිවිස, ඔබේ මොබයිල් සම්බන්ධතාවයට අදාළ නිවැරදි හිමිකාරීත්ව විස්තර/ ලේඛන ඉතා පහසුවෙන් update කළ හැක. (කැමරා පහසුකම් තිබිය යුතුය).

මොබයිල් සම්බන්ධතාවය සඳහා ඔබේ හිමිකාරීත්වයේ විස්තර update කළ යුත්තේ ඇයි?
  • නීතිමය පැතිකඩ

  • <පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීමේ මාර්ගෝපදේශය> ගැසට් පත්‍රයට අනුව ‘1991 අංක 25 දරණ සංශෝධිත ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ නිකුත් කර ඇති 2019 අංක 1 දරණ පරිශීලක සිම් කාඩ්පත් රෙගුලාසි ප්‍රකාරව, සියලුම ජංගම දුරකතන සම්බන්ධතා එය භාවිත කරන තැනැත්තාගේ නමට නිවැරදිව ලියාපදිංචි කර හිමිකාරීත්වය update කළ යුතු වේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ලබාදී තිබෙන උපදෙස් වලට අනුව අසම්පූර්ණ හිමිකාරීත්ව විස්තර සහිත ඕනෑම සම්බන්ධතාවයක් මේ වසර අවසානය වන විට විසන්ධි කෙරෙනු ඇත.

  • පෞද්ගලිකත්වය සහ දත්ත සුරක්ෂිත කරගැනීම

  • ඔබේ මොබයිල් සම්බන්ධතාවය ඔබට පෞද්ගලිකයි. එමගින් ඔබේ දෛනික ජීවිතය සහ පෞද්ගලික තොරතුරු බාහිර ලෝකය සමඟ සම්බන්ධ කරයි. සමහරවිට ඔබේ මූල්‍ය ගනුදෙනු සහ සමාජ මාධ්‍ය ගිණුම් සඳහා ඔබ ඔබේ අංකය ලබා දී තිබෙනවා විය හැක.

  • එබැවින්, සැබෑ පාරිභෝගිකයාගේ නම යටතේ සම්බන්ධතාවය ලියාපදිංචි කර නොමැති විට, සමාගමක් වශයෙන් අපට සම්බන්ධතාවයට අදාළ තොරතුරු ලබාදිය හැක්කේ සම්බන්ධත්වයේ ලියාපදිංචි පාරිභෝගිකයාට පමණි.

  • ඔබගේ හැඳුනුම්පත යටතේ ඔබේ මොබයිල් සම්බන්ධතාවය ලියාපදිංචි කර නැත්නම් (ජාතික හැඳුනුම්පත / විදෙස් ගමන් බලපත්‍ර අංකය) එමගින් මූල්‍ය මෙන්ම සමාජ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලු මතුවනු ඇත. එහෙයින් සම්බන්ධතාවයට අදාළ නිවැරදි හිමිකාරීත්ව විස්තර යටතේ ලියාපදිංචි කර ඔහුගේ/ ඇයගේ පෞද්ගලිකත්වය සහ දත්ත සුරක්ෂිතතාව තහවුරු කිරීම පාරිභෝගිකයා සතු වගකීමකි.

සම්බන්ධතාවයේ හිමිකාරීත්වය update කිරීමට අවශ්‍ය ලේඛන මොනවාද?

ශ්‍රී ලාංකිකයෙකු නම්

ජාතික හැඳුනුම්පත් අංකය යටතේ සම්බන්ධතාවය ලියාපදිංචි කළ යුතුය

  • පාරිභෝගිකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය, මුහුණ, නම හා ලිපිනය පැහැදිලිව පෙනෙන හඳුනාගැනීමේ ලේඛනයක මුල් පිටපත

  • ජාතික හැඳුනුම්පත

  • රියදුරු ගමන් බලපත්‍රය

  • විදේශ ගමන් බලපත්‍රය

  • විදෙස් ගමන් බලපත්‍රයේ හෝ ජාතික හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනය, පාරිභෝගිකයා පදිංචි ලිපිනයෙන් වෙනස් වන විට බිල්පතක් හෝ / ලිපිනය තහවුරු කරන ලේඛනයක් ඉදිරිපත් කළ යුතුයි.

  • පසුගිය මාස හය ඇතුළත ලැබුණු විදුලි, ජල බිල්පත්, හෝ ටෙලිකොම් බිල්පත්

  • සක්‍රියව පවතින Dialog මොබයිල් පසුගෙවුම් / Dialog Television / Home Broadband සම්බන්ධතාවයේ බිල්පතක්

  • අවසන් මාස දෙක තුළ සඳහන් කළ ලිපිනයට ලද ඕනෑම බැංකු ප්‍රකාශයක්/ සිහිකැඳවීමේ නිවේදනයක්

  • ග්‍රාම සේවක සහතිකය

විදෙස් ජාතිකයෙක් නම්

සම්බන්ධතාවය විදෙස් ගමන් බලපත්‍ර අංකය යටතේ ලියාපදිංචි කළ යුතුය

  • අංකය, මුහුණ, නම හා වෙනත් තොරතුරු පැහැදිලිව පෙනෙන පාරිභෝගිකයාගේ විදෙස් ගමන් බලපත්‍රයේ මුල් ලේඛනය

  • පදිංචි වත්මන් ලිපිනය (ටයිප් කර හෝ ඉල්ලීමට අනුව යොමු කළ යුතුය)

Dialog ස්වයං සේවාව හරහා හිමිකාරීත්ව විස්තර update කරන ක්‍රමවේදය කුමක්ද?
  • හිමිකාරීත්වය update කිරීම සඳහා මොබයිල් අංකය ඇතුළත් කරන්න/ ලබාදෙන්න

  • Dialog ජංගම දුරකතනයට ලද OTP අංකය ඇතුළත් කරන්න / ලබාදෙන්න

  • දේශීය ද විදේශීය ද යන්න තෝරා හඳුනාගැනීමේ අංකය ඇතුලත් කර ඉදිරියට යන්න

  • ශ්‍රී ලාංකික - ජාතික හැඳුනුම්පත් අංකය

  • විදෙස් ජාතික - විදෙස් ගමන් බලපත්‍ර අංකය

  • හඳුනාගැනීමේ ලේඛනයේ ඡායාරූපයක් ලබාගන්න

  • අවශ්‍ය නම් ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයේ ඡායාරූපයක් ලබාගන්න

  • ඔබේ ඡායාරූපයක් ලබාගැනීමට ඉඩදෙන්න / ඔබේ Selfie ඡායාරූපයක් ලබාගන්න

  • නියමයන් සහ කොන්දේසි, වන්දි වලට එකඟවී ඔබේ අත්සන යොදන්න

  • 'Submit' බොත්තම ඇතුලත් කර, ලේඛන සනාථ කිරීමේ ඉල්ලීම තහවුරු කරන තුරු රැඳී සිටින්න

  • හිමිකාරීත්ව ලේඛන උපරිම වැඩ කරන දින තුනක් තුළ තහවුරු කරනු ලැබේ.

  • යම් හේතුවක් මත හිමිකාරීත්ව ලේඛන update කිරීම අසාර්ථක වී නම් / ප්‍රතික්ෂේප වී නම් ඊට හේතුව සහ එය නිවැරදි කරන ආකාරය SMS එකක් මගින් දැනුම්දෙනු ඇත

  • අදාළ සම්බන්ධතාවයේ හිමිකාරීත්ව විස්තර තහවුරු කිරිමට එම අංකය ඇතුලත් ජංගම දුරකතනයෙන් #132#1# ඩයල් කරන්න.

  • පැහැදිලි සහ හඳුනාගත හැකි ඡායාරූපයක් update කර ඇති බවට වගබලා ගන්න

  • අදාළ ලේඛනය මුල් පිටපතක් විය යුතු අතර ඡායා පිටපතක් / ස්කෑන් කළ පින්තූරයක් / වෙනත් උපාංගයකින් ලබාගත් පින්තූරයක් නොවිය යුතුයි
  • පැහැදිලි පසුබිමක් සහිත සමතලා පෘෂ්ඨයක් මත ලේඛනය තබන්න

  •  

  • ඔබේ කැමරාවෙන් ලේඛනය focus කරන්න
  • ඔබ ලබාගත් ඡායාරූපය බොඳ වී නොමැති බවට සහ පැහැදිලිව කියවිය හැකි බවට වගබලා ගන්න

  • බිල්පතක් (Proof of Billing) හෝ ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

  • මෙය ඔබේ වත්මන් ලිපිනය තහවුරු කළ හැකි ලේඛනයකි

  • බිල්පතක් හෝ ලිපිනය තහවුරු කරන ලේඛනයක අවශ්‍යතාවය මතුවන අවස්ථාවන්ට උදාහරණ

  • හඳුනාගැනීමේ ලේඛනය වශයෙන් විදෙස් ගමන් බලපත්‍රය ලබාදී තිබෙන විට

  • හඳුනාගැනීමේ ලේඛනය වශයෙන් ලබාදී තිබෙන රියදුරු බලපත්‍රයේ ලිපිනය සඳහන් නොවන විට

  • වත්මන් / ගනුදෙනු කරන ලිපිනය හඳුනාගැනීමේ ලේඛනයෙන් ලබාදී තිබෙන ලිපිනයෙන් වෙනස් වන විට

  • බිල්පත් විස්තර/ ලිපිනය තහවුරු කිරීමේ ලේඛන වල වලංගුභාවය පහත සඳහන් කර ඇති ආකාරයට තීරණය වේ.

  • ලිපිනය තහවුරු කරන ලේඛනයේ නම ඔබ විසින් ලබාදී තිබෙන හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ / විදෙස් ගමන් බලපත්‍රයේ නම සමඟ ගැලපිය යුතුයි

  • අදාළ ලේඛනය පිළිගත හැකි වලංගු කාල සීමාවක් තුළ විය යුතුය.

  • බිල්පතක් (Proof of Billing) හෝ ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයක් ලෙස සැපයිය හැකි ලේඛන

  • පසුගිය මාස හය ඇතුළත ලැබුණු විදුලි, ජල බිල්පත්, හෝ ටෙලිකොම් බිල්පත්

  • සක්‍රියව පවතින Dialog මොබයිල් පසුගෙවුම් / Dialog Television / Home Broadband සම්බන්ධතාවයේ බිල්පතක්

  • අවසන් මාස දෙක තුළ සඳහන් කළ ලිපිනයට ලද ඕනෑම බැංකු ප්‍රකාශයක් / සිහිකැඳවීමේ නිවේදනයක්

  • ග්‍රාම සේවක සහතිකය

නිතර අසන පැන

මගේ හිමිකාරීත්ව විස්තර update කළ යුතු බවට පණිවිඩයක් මට ලැබී තිබෙන්නේ ඇයි?

මෙම හැඳුනුම්පත යටතේ සම්බන්ධතාවය ලියාපදිංචි කළ නොහැකි බවට පවසමින් මට error message ලැබෙන්නේ ඇයි?

මගේ හිමිකාරීත්ව තොරතුරු යාවත්කාලීන කළ යුතුව ඇති බව මා හඳුනාගන්නේ කෙසේද?

මගේ හිමිකාරීත්ව විස්තර update කිරීමට කොපමණ කල් ගතවේද?