Dialog Reload Loan


ඩයලොග් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට ගිණුමේ මුදල් ඉවර වු විට ඕනෑම වේලාවක රිලෝඩ් ලෝන් ලබාගත හැක. ලබාගත හැකි රීලෝඩ් වර්ග 2 පහතින් දක්වා ඇත.

Automatic Loan

මෙම සේවාව සඳහා නොමිලේ ලියාපදිංචි වී ඔබගේ ගිණුම් ශේෂය බිංදුව වු විට, ස්වයංක්‍රියව ඔබගේ ගිණුමට රීලෝඩ් ලෝන් එකක් ලැබෙනු ඇත. ඇමතුමක් ගැනීම / කෙටි පණිවුඩයක් යැවීම / ඩේටා භාවිතා කිරීම වැනි සේවාවන් බාධාවකින් තොරව ලබාගන්න.

  • මෙම සේවාවට ලියාපදිංචි වීමට 356 හෝ #356# අමතන්න.

  • 356 අමතා, කැමති භාෂාව තේරීමෙන් පසු, Automatic Loan ලබා ගැනීමට 1 ඇතුලත් කරන්න

  • #356# අමතා "Ask for Loan" තෝරන්න. ස්වයංක්‍රීය ණයක් ලබා ගැනීම සඳහා 1 තෝරන්න.

  • ඔබගේ ගිණුම් ශේෂය ඇමතුමක් අතරතුර / ඩේටා භාවිතා කරන අතරතුර අවසන් වුවහොත් ණය වටිනාකම ස්වයංක්‍රීයව ලැබේ.

  • ඔබ ණය වටිනාකම පැය 24 ක් තුළ නැවත රීලෝඩ් කරන්නේ නම් රු .2.00 ක සම්මත සේවා ගාස්තුව අය නොකෙරේ.

One time Loan

ඔබගේ ගිණුම් මුදල් නැති විට ඩයලොග් වෙතින් එක් වරක් ණය පහසුකමක් සඳහා ඉල්ලීමක් කරන්න. අවශ්‍ය සෑම වාරයකම පාරිභෝගිකයා මෙම පහසුකම ඉල්ලා සිටිය යුතුය.

  • මෙම සේවාවට ලියාපදිංචි වීමට 356 හෝ #356# අමතන්න.

  • 356 අමතා, කැමති භාෂාව තේරීමෙන් පසු, එක් වරක් ණය පහසුකම ලබා ගැනීමට 2 ඔබන්න.

  • #356# අමතා "Ask for Loan" තෝරන්න. එක් වරක් ණය පහසුකම ලබා ගැනීම සඳහා 2 තෝරන්න.

  • මෙම සේවාව ලබා ගැනිමට ගිණුම් ශේෂය රු.10.00 ට වඩා අඩු විය යුතුය.

  • සම්මත සේවා ගාස්තු රු. 2.00 ක් අදාළ වේ.

  • මෙම සේවාව ලබා ගැනීමට ලියාපදිංචි විය යුතු නැත.

ණය අඩු කිරීමේ ක්‍රියාවලිය

ලබාගන්නා ණය ඊලඟ රීලෝඩ්/රිචාර්ජ් කිරිමෙන් අඩු කිරීම සිදු කෙරේ. කෙසේ වෙතත්, රීලෝඩ්/රිචාර්ජ් වටිනාකම මත පදනම්ව ණය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අඩු කරනු ලැබේ. පහත පරිදි අඩු කිරීම් සිදු කෙරේ,

  • Top-Up අගය ණය වටිනාකමට වඩා වැඩි නම් + සේවා ගාස්තුවෙන් පසුව ණය වටිනාකම මුළුමනින්ම අඩු කරනු ලැබේ.

  • ඊලඟ Top-Up අගය ණය වටිනාකමට වඩා අඩු නම් + සේවා ගාස්තුව, එවිට පාරිභෝගිකයාගේ හදිසි භාවිතයන් සඳහා රු.10 ලබාදී, ඉතිරි අගය අර්ධ වශයෙන් අයකෙරේ.උදා:

  • ණය මුදල රුපියල් 90 + සේවා ගාස්තුව රු. 2. අඩු කළ යුතු මුළු ණය වටිනාකම රුපියල් 92 කි.

  • පාරිභෝගිකයා රුපියල් 50ක් Top-Up කලවිට, - ගනුදෙනුකරුගේ හදිසි භාවිතය සඳහා රුපියල් 10 ක් ඉතිරිව රුපියල් 40 ක් ණය අර්ධ වශයෙන් අයකර ගැනේ.
    ණය ශේෂය - රුපියල් 40 ක් අය කර ගත් අතර, රුපියල් 52 ක් අය කර ගැනීමට ඉතිරිව ඇත.

  • නැවතත් පාරිභෝගිකයා රු.50ක් Top-Up කල විට ගනුදෙනුකරුගේ හදිසි භාවිතය සඳහා රුපියල් 10 ක් ඉතිරිව රුපියල් 40 ක් ණය අර්ධ වශයෙන් අයකර ගැනේ.
    ණය ශේෂය - රුපියල් 40 ක් අය කර ගත් අතර, රුපියල් 52 ක් අය කර ගැනීමට ඉතිරිව ඇත.

  • නැවතත් ගනුදෙනුකරුගේ රුපියල් 50ක් Top-Up කල විට - ඉතිරි ණය මුදල වන රුපියල් 12 අයකර ගැනේ. ණය ශේෂය - රු.00.00

  • පාරිභෝගිකයා රු. 92 ට වඩා Top-Up කළ විට සේවා ගාස්තුව සමඟ එකවර ණය අයකර ගැනේ.

අතිරේක තොරතුරු

සැලකිය යුතුයි.

  • මෙම සේවාව ලබාගැනීමට අවම වශයෙන් මාස 3 ක කාලයක් පුරා ජාලයේ රැඳී සිටිය යුතුය.

  • පසුගිය මාස 3 තුළ ජාලය තුළ රැඳී සිටීම සහ භාවිතය මත පදනම්ව පාරිභෝගිකයින්ට customized කළ රීලෝඩ් ණය වටිනාකමක් ලැබෙනු ඇත.

  • ගනුදෙනුකරුවන්ට රීලෝඩ් ණයක් ලබා ගත හැක්කේ පෙර ණය ගෙවීමෙන් පසුව පමණි.

  • වෙන්කර ඇති අවම සහ උපරිම ණය අගයන් තුළ 356 හෝ # 356 # අමතා පාරිභෝගිකයාට අවශ්‍යය ණය වටිනාකම තීරණය කළ හැක.

  • පාරිභෝගිකයා Automatic Loan සහ එක් වරක් ණය සේවාවන් අතර මාරු වන සෑම අවස්ථාවකම ඊට අදාළ ණය අගයන් නැවත සකසනු ලැබේ.

  • සක්‍රිය / භාවිතය / ණය වටිනාකම් වෙනස් කිරීම / ඩයලොග් රීලෝඩ් සේවාව අක්‍රීය කිරීම 356 අමතා හෝ # 356 # අමතා කළ හැකිය.

  • පාරිභෝගිකයාට ඉහත සඳහන් සේවාවන් ඕනෑම වේලාවක භාවිතා කළ හැක.

නිතර අසන පැන

මෙම ණය සේවා භාවිතා කිරීමට අවශ්යය සුදුසුකම් මොනවාද?

පිරිනමන උපරිම ණය වටිනාකම කුමක්ද?

පිරිනමන අවම ණය වටිනාකම කුමක්ද?

පාරිභෝගිකයාට ලබා දෙන ණය වටිනාකම තීරණය කරන්නේ කෙසේද?