Call me SMS


ඔබේ දුරකථනයේ මුදල් අවසන් වී ඇති අවස්ථාවක ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම සේවාව ප්‍රයෝජනවත් වේ. නොමිලේ 'නැවත මා අමතන්න' පණිවිඩයක් යැවීම මෙමගන් සිදු කෙරේ. #356* [අදාල දුරකථන අංකය]# අමතා හෝ #356# ඩයල් කර අදාල උපදෙස් අනුමගමනය කිරීමෙන් එය ක්‍රියාත්මක කර හැක. හදිසි අවස්ථාවකදී මෙය අතිශයින් ප්‍රයෝජනවත් විය හැක.

ක්‍රියාත්මක කිරීම

ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නැත. කේතය ඇතුල් කර ඩයල් කරන්න.

Call Me SMS භාවිතා කරන්නේ කෙසේද?

ඇමතුමක් ඉල්ලා සිටීමට #356* [අදාල අංකය]# ඩයල් කරන්න.

උදාහරණයක් ලෙස #356*0777123456#

#356# ඩයල් කර මෙනුවක් ද ලබා ගත හැක.

සතියකට “කෝල් මී” එස්.එම්.එස්. 20ක උපරිමයක් යැවිය හැකි බව සළකන්න.

මිල ගණන්

මෙය නොමිලේ ලබා දෙන සේවාවකි. සතියකට "කෝල් මී" එස්.එම්.එස්. පණිවිඩ 20කට මෙය සීමා වන බව කරුණාවෙන් සළකන්න.