Call Hold සහ Call Waiting


Call Hold​ හා Call Waiting යනු ඕනෑම දුරකථනයක එන වැදගත් විශේෂාංගයන් දෙකකි. ඇමතුමක් අතරතුර අළුතින් එන ඇමතුමක තොරතුරු දැනගැනීමට හා ඇමතුමක් රඳවා තැබීම මේ මගින් සිදුවේ.

සේවාව ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

බොහෝ සේවාවන් මුලින්ම ක්‍රියාත්මක කර ඇත. කෝල් හෝල්ඩ් හා කෝල් වේටිං සඳහා ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වනු ඇත.

පරීක්ෂා කර යුතු කේත ද මේ සමග ඇත.

කෝල් හෝල්ඩ් හා කෝල් වේටිං

කෝල් හෝල්ඩ් සේවාව ක්‍රියාත්මක කිරීමට VAS CH යන්න 678ට එස්.එම්.එස්. කරන්න.

පහත සඳහන් කේත භාවිතා කර මෙම සේවාවන් දෙකම ඔබට ක්‍රියාත්මක කර ගත හැක:

Activation : *43# and SEND/OK

Deactivation : #43# and SEND/OK

Check whether services are active : *#43# and SEND/OK

Call Holding සහ Call Waiting සේවාවන් භාවිතා කරන්නේ කෙසේද?

කෝල් හෝල්ඩ්: මෙම සේවාව මගින් ඇමතුමක් විසන්ධි නොකොට රඳවා තබැ හැක.

කෝල් වේටිං: ඔබ එක් දුරකථන ඇමතුමක සිටින අතරතුර ඔබට තවත් ඇමතුමක් ලැබෙන්නේ නම්, මෙම සේවාව මගින් ඔබට සංඥාවක් ලබා දෙයි. ඔබට කැමති නම් එම ඇමතුම පසුව ලබා ගත හැක. නැතහොත් පළමු ඇමතුම රඳවා තබා (හෝල්ඩ් කර) එම ඇමතුම ඒ අවස්ථාවේදීම ලබා ගත හැක. කෝල් කොන්ෆරන්ස් මගින් එකවර සියව දෙනාව එක් ඇමතුමකට සම්බන්ධ කර ගැනීමට ද පුළුවන.

මිල ගණන්

මේ සියළුම සේවාවන් නොමිලේ ලබා ගත හැක. අමතර ගාස්තුවක් අය නොකෙරේ.