පෙර ගෙවුම් නියමයන් සහ කොන්දේසි

ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම (ඩයලොග්) විසින් සලසා දෙනු ලබන සේවාවන් මෙහි මතු දක්වා ඇති නියමයන් හා කොන්දේසි මගින් පාලනය වේ. මෙම ඉල්ලුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කොට, සිම් කාඩ්පත සක්‍රීය කර ගැනීම මගින් අදාළ ග්‍රාහකයා විසින් මෙකී නියමයන් සහ කොන්දේසි කියවා, තේරුම්ගෙන, පිළිගනූ ලැබ ඇති බව අදහස් වේ.

  1. අර්ථනිරූපණ

    'ගිණුමේ ශේෂය' යන්නෙන් ග්‍රාහකයාගේ ඩයලොග් ගිණුමේ පවතින මුදල අදහස් වේ.

    'ඇමතුම් ගාස්තු' යන්නෙන් ග්‍රාහකයා විසින් භාවිත කරනු ලබන කාල ඒකක මත පදනම්ව ගණනය කරනු ලබන, ඩයලොග් සේවාවන් භාවිත කිරීමට අදාළව ග්‍රාහකයා විසින් ගෙවිය යුතු ගාස්තු අදහස් වේ.

    'ඩයලොග් ජාලය' යන්නෙන් ඩයලොග් පොදු ජංගම විදුලිසංදේශ ජාලය අදහස් වේ.

    'ඩයලොග් සේවා' යන්නෙන් ඩයලොග් විසින් ග්‍රාහකයෙකු වෙත සලසා දෙනු ලබන විදුලිසංදේශ සේවා අදහස් වේ.

    'MSISDN අංකය' යන්නෙන් ජංගම ග්‍රාහක ඒකාබද්ධිත සේවා අංකිත ජාල (ජංගම දුරකථන) අංකය අදහස් වේ.

    'රිචාර්ජ් කාඩ්පත/රීලෝඩ්' යන්නෙන් පෙරගෙවුම් කාඩ්පතක් මිලදී ගැනීම මගින් හෝ ඩයලොග් විසින් කලින් කල ඉදිරිපත් කරනු ලබන වෙනත් ආකාරයකින් ග්‍රාහකයා විසින් ගිණුමේ ශේෂය වැඩි කරගැනීම අදහස් වේ.

    'සිම් කාඩ්පත' යන්නෙන් ඩයලොග් ජාලය වෙත ප්‍රවේශවීම සඳහා ඩයලොග් විසින් ග්‍රාහකයා හට නිකුත් කරනු ලබන ග්‍රාහක හඳුනාගැනීමේ මොඩුලය අදහස් වේ.

    'ග්‍රාහකයා' යන්නෙන් ඩයලොග් සේවාවන් සලසා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම පිළිගනු ලැබ ඇති යම් පුද්ගලයෙක් හෝ සමාගමක් අදහස් වේ.

  2. ඩයලොග් සේවා

    2.1 කිසිදු හේතු දැක්වීමකින් තොරව හා කිසිදු වගකීමක් රඳවා නොගෙන කුමණ හෝ කරුණක් මත කවර හෝ ඉල්ලුම් පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට;

    2.2 ඩයලොග් සේවාවන් සඳහා කවර හෝ සංශෝධනයන් සිදුකිරීමට සහ එමගින් ග්‍රාහකයාට සිදුවන කවර හෝ අලාභ හෝ අපහසුතා සම්බන්ධයෙන් වගකීමකට යටත් නොවීමට;

    2.3 ඩයලොග් සේවාවන් සඳහා අදාළ වන නියමයන් හා කොන්දේසි වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට;

    2.4 ග්‍රාහකයන් වෙත ඒකාබද්ධිත සේවාවක් සැලසීම පිණිස සිය කවර හෝ පරිපාලිත සමාගම් සහ/හෝ පරිපාලක සමාගම් වෙත සහ/හෝ කවර හෝ අපරාධ විමර්ෂණ කාර්යයන් හෝ සාපරාධී නඩු කාර්යයයන් සමබන්ධයෙන් කවර හෝ රාජ්‍ය අධිකාරියක් වෙත සිය දත්ත පද්ධතිය / ග්‍රාහකයා පිළිබඳ නිශ්චිත තොරතුරු කවර හෝ අවස්ථාවක හුවමාරු කර ගැනීමට;

    2.5 කිසිදු හේතු දැක්වීමකින් තොරව, ඩයලොග් ජාලයෙන් ග්‍රාහකයාගේ සම්බන්ධතාව කවර හෝ අවස්ථාවක විසන්ධි කිරිමට හෝ අත්හිටුවීමට:

    2.6 ග්‍රාහකයාගේ ඩයලොග් ගිණුම විසන්ධි කරනු ලැබුවහොත්/මාස තුනක කාලයක් තුළ සක්‍රීය කරනු නොලැබුවහොත්, MSISDN අංකය නැවත භාවිත කිරීමට/ ප්‍රතිස්ථානගත කිරීමට;

    2.7 පාරිභෝගිකයාගේ අනුදැනුමකින් තොරව හෝ පාරිභෝගිකයාට දැනුම්දීමකින් තොරව MSISDNහි හිමිකාරිත්වය තෙවැනි පාර්ශවයක් වෙත මාරු කිරීම: කලින් කලට, ඩයලොග් හෝ තෙවැනි පාර්ශ්වයන්ට අදාල ප්‍රවර්ධන දීමනා ඉදිරිපත් කිරීම.

    කවර හෝ ග්‍රාහකයෙකුට හෝ කවර හෝ ග්‍රාහකයෙකු විසින් බලය පවරන ලද කවර හෝ තැනැත්තෙකුට විඳගැනීමට සිදුවන කවර හෝ තැනැත්තෙකුට හෝ දේපලකට සිදුවන සෘජු හෝ වක්‍රාකාර හෝ විශේෂිත හෝ ආනුෂංගික හෝ ව්‍යාපාරික ආදායම් හෝ ලාභ අහිමිවිම හෝ කවර හෝ ස්වභාවයේ කවර හෝ අලාභ, හානි හෝ හිංසන සම්බන්ධයෙන් ග්‍රාහකයාට සහ/හෝ කවර හෝ තෙවැනි පාර්ශ්වයකට වගකීමට ඩයලොග් යටත් නොවේ.

  3. ග්‍රාහකයාගේ වගකීම

    ග්‍රාහකයා විසින්:

    3.1 ඩයලොග් සේවාවන් භාවිතා කිරීමට අදාළ සියලු නීති, රෙගුලාසි සහ මාර්ගෝපදේශ වලට අනුකූකව ක්‍රියා කළ යුතුය;

    3.2 කවර හෝ ත්‍රස්තවාදී, නොසුදුසු, අසභ්‍ය, අනවසර හෝ නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා සහ/හෝ කවර හෝ අයෝග්‍ය, නීතිවිරෝධී හෝ නින්දාසහගත කාර්යයන් සඳහා හෝ අසභ්‍ය, තර්ජනාත්මක හෝ ලබන්නාගේ කැමැත්තකින් තොරව යවන පණිවුඩ යැවීම සඳහා ඩයලොග් සේවාවන් භාවිතා නොකළ යුතුය;

    3.3 ඩයලොග් සේවාවන් සලසාදීම සඳහා ඩයලොග් සමාගමට කලින් කල අවශ්‍ය විය හැකි සියලු තොරතුරු හා සහාය ලබාදිය යුතුය;

    3.4 කවර හෝ වංචණික ක්‍රියාවක්, සොරකමක්, අලාභයක්, අනවසර භාවිතාවක් හෝ ජංගම දුරකථන මධ්‍යස්ථානයට සහ එහි භාවිතාවට අදාළ කවර හෝ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවී ඇති බව දැනගත් වහාම ඒ බව ඩයලොග් වෙත වාර්තා කළ යුතුය;

    3.5 සියලු මුද්දර ගාස්තු, සේවා බදු ගාස්තු හා ඩයලොග් සේවාවන් භාවිත කිරීමට අදාළව නීති මගින් කලින් කල පනවනු ලබන අන් කවර හෝ පිරිවැය හෝ ගාස්තු ගෙවිය යුතුය;

    3.6 ඩයලොග් වෙත ලබාදී ඇති කවර හෝ තොරතුරකට අදාළව සිදුවන කවර හෝ වෙනස්වීම් පිළිබඳව ඩයලොග් වෙත ලිඛිතව දැනුම් දිය යුතුය;

    3.7 කවර හෝ සියලු හිමිකම්පෑම්, ඉල්ලීම්, නඩුකර හා දෝෂාරෝපණ වලට එරෙහිව ඩයලොග් සහ එහි නිලධාරීන්/නියෝජිතයන් වගකීමෙන් නිදහස් කොට, හානිපූරණය කිරීමටත්, ඩයලොග් සමාගමට දැරීමට සිදුවන /නියම කරනු ලබන කවර හෝ සියලු පිරිවැය හා වන්දි සඳහා ගෙවීම් කිරිමටත් ක්‍රියාකළ යුතුය.

    3.8 රීචාර්ජ් කරන වටිනාකම අනුව පෙරගෙවුම් සම්බන්ධතා සඳහා වලංගු කාල සීමාවක් අදාළ වන අතර එම වලංගු කාල සීමාව අවසානයේ පාරිභෝගිකයා විසින් පෙරගෙවුම් සම්බන්ධතාවය රීචාර්ජ් කළ යුතු වේ. ඕනෑම කාලයක පාරිභෝගිකයාට හිමි වන උපරිම වලංගු කාලය දින 365කි.

    3.9 වලංගු කාල සීමාව අවසානයේදී පාරිභෝගිකයා පෙරගෙවුම් සම්බන්ධතාවය රීචාර්ජ් නොකළහොත් එම පෙරගෙවුම් සම්බන්ධතාවය රීචාර්ජ් කිරීම සඳහා ඩයලොග් සිය අභිමතය පරිදි සහන කාලයක් ලබාදෙන අතර එම සහන කාලය අවසාන වන විට පාරිභෝගිකයා පෙරගෙවුම් සම්බන්ධතාවය රීචාර්ජ් නොකළහොත් ඩයලොග් විසින් එම සම්බන්ධතාවය විසන්ධි කරනු ලබයි. විසන්ධි කිරීමෙන් මාස 3කට පසු එම පෙරගෙවුම් සම්බන්ධතාවය වෙනත් පාරිභෝගිකයෙකු වෙත අළෙවි කිරීමට ඩයලොග් කටයුතු කරන අතර ඉන් පසුව පළමු පාරිභෝගිකයාට නැවත එම පෙරගෙවුම් සම්බන්ධතාවය ලබාගත නොහැක.

  4. සිම් කාඩ්පත

    4.1 සිම් කාඩ්පත මිලදී ගත්විට එය ග්‍රාහකයා හට අයිති වේ. සිම් කාඩ්පත ආරක්ෂා සහිතව තබා ගැනීම ග්‍රාහකයාගේ වගකීම වන අතර, ඩයලොග් වෙත පූර්ව දැනුම් දීමකින් සහ නියමිත ලිපි ලේඛන ලියා අත්සන් කිරීමකින් තොරව සිම් කාඩ්පත කවර හෝ තෙවැනි පාර්ශ්වයකට නොපැවරිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් අවසන් වරට ලියාපදිංචිවී ඇති භාවිතකරු සිම් කාඩ්පත භාවිත කිරීම සම්බන්ධයෙන් වගකීමට යටත් වනු ඇත.

  5. ගාස්තු ක්‍රමය

    5.1 ඩයලොග් සේවා සඳහා ගෙවීම් කිරීම රීචාර්ජ් කාඩ්පත්/රීලෝඩ් මිලදීගෙන, එහි සඳහන් දිනට පෙර ඒවා සක්‍රීය කිරීම මගින් විය යුතුය.

    5.2 ගාස්තු හා අයකිරීම් ඩයලොග් විසින් කලින් කල සංශෝධනය කරනු ලැබිය හැකිය. ඕනෑම මොහොතක ඩයලොග් ඇමතීමෙන් වත්මන් ගාස්තු හා අයකිරීම් පිළිබඳව ග්‍රාහකයාට තොරතුරු දැනගත හැකිය.

    5.3 ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් නොමැතිව ඩයලොග් සේවාවලට ප්‍රවේශවීමට ග්‍රාහකයාට නොහැක.

  6. විවිධ කරුණු

    6.1 ඩයලොග් විසින් ඕනෑම අවස්ථාවක මෙම නියමයන් හා කොන්දේසි සංශෝධනය කරනු ලැබිය හැකිය. ඉන් අනතුරුව ඩයලොග් සේවා අඛණ්ඩව භාවිතා කිරීම මගින් ග්‍රාහකයා විසින් එකී සංශෝධන පිළිගන්නා බව අදහස් වේ.

    6.2 ඩයලොග් සේවා සම්බන්ධයෙන් යම් ආරාවුලක් ඇතිවුවහොත්, සේවා වාර්තා මත පදනම්ව ඩයලොග් විසින් ගනු ලබන තීරණය අවසානාත්මක හා තීරනාත්මක විය යුතු අතර, ග්‍රාහකයා එකී තීරණය මගින් බැඳී සිටිය යුතුය.

    6.3 නීතියෙන් අවසරදී ඇති පමණට සහ මෙකී නියමයන් හා කොන්දේසිවල ප්‍රකාශිතව සලසාදී ඇති පරිදි හැර ඩයලොග් සේවාවලට සහ ඩයලොග් ජාලයට සම්බන්ධව නීතියෙහි දක්වා ඇති සියලු කොන්දේසි, වගකීම් හා නියෝජන බැහැර කරනු ලැබේ.

    6.4 ග්‍රාහකයා විසින් සපයන ලද තොරතුරුවල සත්‍යතාව තහවුරු කරගැනීම උදෙසා, ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පමණක් සීමා නොවන නමුත් එම දෙපාර්තමේන්තුව ද ඇතුළුව අදාළ බලධාරීන් විසින් පවත්වාගෙන යන ග්‍රාහකයා සම්බන්ධ ජාතික හැඳුනුම්පතේ තොරතුරුවලට සහ වෙනත් තොරතුරුවලට ඩයලොග් සමාගම විසින් පිවිසීමට ග්‍රාහකයා විසින් ඩයලොග් සමාගම වෙත මෙයින් එකඟතාව පළකරනු ලැබේ.

    6.5 මෙකී නියමයන් හා කොන්දේසි ශ්‍රී ලංකාවේ නීතියට සහ ශ්‍රී ලංකාවේ අධිකරණයේ අනන්‍ය අධිකරණ බලයට යටත්වේ.

    6.6 මෙම නියමයන් හා කොන්දේසිවල ඉංග්‍රීසි භාෂා පිටපත එහි සිංහල හා දෙමළ භාෂා පරිවර්තන (කිසිවක් වෙතොත්) ඉක්මවා බලපැවැත්විය යුතුය.