Body

ඩයලොග් වෙතින් පාරිභෝගිකයින්ට Unlimited Facebook, Whatsapp, Youtube සමග අමතර ඩේටාත් ලබාදෙන අලුත්ම ප්ලෑන් එකක් හඳුන්වා දෙයි

March 7th, 2024         Colombo

 

“Dialog Big Match Season” launched to Power Champions of Tomorrow

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා, පාරිභෝගිකයින් වැඩිපුරම භාවිත කරන Facebook, WhatsApp හා YouTube හිතේ හැටියට භාවිත කිරීමට අවස්ථාව සලසමින් රු 547, නවතම Fun Blaster ප්ලෑන් එක හඳුන්වා දෙයි. මෙරට පාරිභෝගිකයින්ගේ internet හා social media අවශ්‍යතාවන්ට විසඳුමක් ලෙසින් අමතරව GB 3 ක්ද මෙම ප්ලෑන් එකේ අඩංගු වේ.

පාරිභෝගිකයින්ගේ සියලු social media හා අනෙකුත් අවශ්‍යතා එක රීලෝඩ් එකකින් සපුරාගත හැකි පරිදි අමතර dataද සමගින් මෙම ප්ලෑන් එක හඳුන්වා දී තිබේ. එමෙන්ම, බදු ඇතුළත් රු. 547 කට, මුළු මාසයක් පුරාම Unlimited Facebook, WhatsApp හා YouTube භාවිත කිරීමට කැමති ඩයලොග් පාරිභෝගිකයින්ට මෙය කදිම ප්ලෑන් එකක් වන අතර, තම පවුලේ අය හා හිතවතුන් සමග අසීමිත සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට වාසිදායකම මිලට, පාරිභෝගිකයින් කැමතිම social apps වලට අසීමිත data හිමි වේ.

රු. 547, Fun Blaster ප්ලෑන් එකට අමතරව, ඩයලොග් හඳුන්වා දී ඇති Fun Blaster ප්ලෑන්වලට, පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට අනුව, තමන් කැමති පරිදි social media භාවිත කළ හැකි තවත් සැලසුම් ඇතුළත් වේ. Instagram සහ TikTok භාවිත කිරීම වෙනුවෙන්ම GB 15 ක් පිරිනමන රු. 305 ප්ලෑන් එක හා Facebook, WhatsApp, Viber, සහ IMO සඳහා මසකට 20GB ක් පිරිනමන රු. 223 ප්ලෑන් එක මෙම Fun Blaster ප්ලෑන් වලට ඇතුළත් වේ.

https://dlg.lk/3T3Lඔස්සේ ඩයලොග් Fun Blaster ප්ලෑන් පිළිබඳව වැඩි විස්තර දැනගත හැකියි