Body

Dialog මගින් සවිබලගන්වන Elephant House SuperHeroes Academy තාරුණ්‍යය බලගන්වයි

ජූලි 19th, 2022         කොළඹදී

 

Elephant House SuperHeroes Academy Powered by Dialog Empowers Youth

මෙරට අනාගත පරපුරේ දක්ෂතා සහ හැකියාවන් ඔප්නැංවීමේ අභිලාෂයෙන් යුතුව ශ‍්‍රී ලාංකිකයින්ගේ වඩාත් ආදරණීය සහ විශ්වසනීය අයිස් ක‍්‍රීම් සන්නාමය වන එලිෆන්ට් හවුස් අයිස් ක‍්‍රීම් සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමඟ එක්ව පසුගියදා ‘Elephant House SuperHeroes Academy Powered by Dialog’ නමින් බත්තරමුල්ල, වොටර්ස් එජ් හිදී වැඩමුළුවක් සංවිධාන කරන ලදී.

‘Elephant House SuperHeroes Powered by Dialog’ තරගාවලියේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන චින්තනවේදී සහ ව්‍යවසායක යසස් හේවගේ, මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලීලාංග සෙනෙවිරත්න සහ වෘත්තීය නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධන මෙම වැඩමුළුව මෙහෙයවූහ.මෙහිදී විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් ඔවුන්ගේ විශේෂඥ දැනුම සහ අත්දැකීම් ‘SuperHeroes’ තරගකරුවන් සමඟ බෙදාගත් අතර, තරගකරුවන්ගේ දෙමව්පියන් විසින් දරුවන්ට සිය දක්ෂතාවයන් සහ හැකියාවන් මතුකරගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමක්ද සිදුවිය. තවද මෙම වැඩමුළුවේදී තරගාවලියේ කාණ්ඩ තුනක් වන ‘Super Talent’, ‘Super Innovator’ සහ ‘Super Responsible’ යන කාණ්ඩ ත්‍රිත්වය ආවරණය වන විවිධ මාතෘකා සාකච්ඡාවට ලක්වූ අතර, ඒ හරහා දරුවන්ට ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් පිළිබඳව නිසි වැටහීමක් සමඟ තම දක්ෂතාවලින් උපරිම ඵල නෙළාගැනීම සම්බන්ධයෙන් මනා අවබෝධයක්ද හිමිවිය.

Dialog සවිබලය හිමි Elephant House SuperHeroes තරගාවලිය දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක වෙමින්, තිරසර දිවිපැවැත්මක් උදෙසා නව්‍ය කුසලතා, දක්ෂතාවයන් සහ උත්සාහයන් හඳුනාගැනීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන තරගාවලියකි. මෙම තරගාවලිය මගින් ශ‍්‍රී ලාංකීය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ කුසලතා ඔප්නැංවීමට අවස්ථාව සලසාදෙමින් ඔවුන්ගේ අධ්‍යයන සිහින මල්ඵල ගැන්වීමට ඉවහල් වන ප්‍රතිලාභ රැසකටද අවස්ථාව සලසාදෙයි.තරගාවලියේ අවසන් මහා තරගයේදී කාණ්ඩ තුන යටතේ ජයග්‍රාහකයින් තිදෙනෙකු තෝරාගනු ලබයි.

ලාංකීය දරුවන්ගේ කුසලතා වර්ධනය කරගැනීමට අවස්ථා උදාකරන ‘Elephant House SuperHeroes Powered by Dialog’ තරගාවලිය සෑම සෙනසුරාදා දිනකම සවස 4.25ට TV දෙරණ ඔස්සේ විකාශය වේ.