Body

ඩයලොග් සමාගම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS එක්ව ත්‍රිකුණාමලයේ රාවණේෂ්වරන් දෙමළ පාසල ඩිජිටල් අධ්‍යාපනයෙන් සවිබලගන්වයි

2023 මාර්තු 15         කොළඹදී

 

Dialog Digi Education
Dialog Digi Education
Dialog Digi Education

පසුගිය ජනවාරි මස 20 වන දින ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ E - W Information Systems Ltd සමඟ එක්ව ත්‍රිකුණාමලයේ කන්නියා හි පිහිටි රාවණේෂ්වරන් දෙමළ පාසලේ පරිගණක විද්‍යාගාරය නවීකරණය කර ඩිජිටල් අධ්‍යාපනික මෙවලම් සහ උපකරණ සමඟ වැඩිදියුණු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී තුමාගේ මගපෙන්වීම යටතේ මෙම කටයුත්ත මෙහෙයවන ලදී.

ඩයලොග් සමාගම විසින් තාක්‍ෂණය සමඟ නිර්මාණශීලීත්වය ගවේෂණය කිරීම සඳහා සම්පූර්ණ සංවේදක මොඩියුල සහිත Magicbit Pro ඒකක 03ක් ලබාදීමට කටයුතු කරන ලදී. Magicbit යනු නවෝත්පාදන වේදිකාවක් වන අතර Internet of Things (loT), රොබෝ විද්‍යාව, ඉලෙක්ට්‍රොනික සහ ක්‍රමලේඛනය (Programming) සඳහා සකසන ලද STEM මෙවලමකි. ඩයලොග් සමාගම විසින් නැණස TV සම්බන්ධතාවයක් ලබාදුන් අතර, ඉදිරි මාස 12 සඳහා සම්පුර්ණයෙන්ම ගෙවන ලද ශිෂ්‍ය බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් ද ලබාදුනි. නැණස TV අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ක්‍රියාත්මක වන රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් වන අතර සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් රූපවාහිනී නාලිකා අටක් හරහා 1 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට උපකාරක පන්ති සේවාව සදහා නැණස TV සමග සම්බන්ධවීමට හැක. සෑම නාලිකාවකම විකාශනය වන අන්තර්ගතය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සපයනු ලබන අතර, එය අමාත්‍යාංශයේ අධීක්ෂණයට ලක්වේ.

චීන වරායේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලු සිවිල් වැඩ සඳහා පිරිස් හා ශ්‍රම දායකත්වය ලබාදුන් අතර, දින කිහිපයක් ඇතුළත පාසලේ පැරණි පරිගණක අලුත්වැඩියා කෙරිණි. EWIS Peripherals (Pvt) Ltd විසින් නවතම ඩෙස්ක්ටොප් පරිගණක 03ක් ලබාදුන් අතර, ඉතිරි යන්ත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය දෘඪාංග ඩයලොග් සමාගම මගින් ලබාදීමට කටයුතු කරන ලදී.

රාවණේෂ්වරන් දෙමළ පාසලේ විදුහල්පති තමෝතරම්පිල්ලේ සිවානන්දම් මහතා මෙහිදී අදහස් දක්වමින් “අපේ දරුවන්ට තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් තිබුණත්, භාවිතයට ගත හැකි තරම් උපකරණ තිබුණේ නැහැ. අපගේ සිසුවෙකු 2022 දී කලාපීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මානය දිනාගත් අතර, මෙම නව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ සහ අන්තර්ජාල සේවාවලින් අපගේ සිසුන් පූර්ණ ප්‍රතිලාභ ලබනු ඇතැයි මම විශ්වාස කරනවා. මීට අමතරව, අපට ලබා දුන් මෙම පහසුකම් දින කිහිපයකින් තිබුනාටත් වඩා හොද තත්ත්වයකට පත්කර දුන්නා.පාසල් පරිපාලනය, දෙමාපියන් සහ සිසුන් වෙනුවෙන් අපට මෙම සේවාව ලබාදීම ගැන මම ඩයලොග් සමාගමටත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS ආයතනයටත් මගේ ස්තුතිය පුදකර සිටිනවා.”

ඩයලොග් සමාගම විසින් තාක්‍ෂණය භාවිතා කිරීම සඳහා ගුරු-ශිෂ්‍ය පුහුණුවක් ඇතුළත් කර ඇති අතර, අන්තර්ජාල සම්බන්ධතාවය සඳහා අඛණ්ඩව සේවා සහාය ලබාදීමට කටයුතු කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS ආයතනය සමඟ එක්ව දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය දිගින් දිගටම අධීක්‍ෂණය කරගෙන යනු ඇත.

ඩයලොග් එන්ටර්ප්‍රයිස් අනුග්‍රහය ඇතිව ත්‍රිකුණාමලයේ පැවැති කමාන්ඩර්ස් කුසලාන ගොල්ෆ් තරගාවලියේ 10 වැනි අදියරට සමගාමීව මෙම මහගු මහඟු සද්කාර්ය ක්‍රියාත්මක කරන ලදී.