Body

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ අනුරාධපුරයේ ගෝනපතිරාවට නව සන්නිවේදන කුළුණක්

2023 මාර්තු 21         කොළඹදී

 

Sew Desatama Dialog

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ අනුරාධපුර, ගෝනපතිරාව ප්‍රදේශයේ අලුතින් ඉදිකළ නව සන්නිවේදන කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ඩයලොග් සමාගමේ නියෝජිතයන්

ශ්‍රී ලංකාවේ පුළුල්තම සන්නිවේදන ජාලය වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් රට පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස පසුගියදා අනුරාධපුරයේ ගෝනපතිරාව ප්‍රදේශයේ නව සන්නිවේදන කුළුණක් ඉදිකිරීමට කටයුතු කරන ලදී.

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ නව සන්නිවේදන කුළුණු ඉදිවීමත් සමඟම රටපුරාම වැඩිදියුණු වූ සබැඳියාවක් සමඟින් එහි ප්‍රතිඵලයක් ලෙස වඩා හොඳ සන්නිවේදන පහසුකම්, අධ්‍යාපනයට ප්‍රවේශවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සම්පත් සහ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය වඩා උසස් මට්ටමකට ගෙන ඒමටද මහඟු පිටිවහලක් විය.ගෝනපතිරාව ප්‍රදේශයේ ඉදිකළ සන්නිවේදන කුළුණට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගත්තෑව සහ ලබුනොරුව ප්‍රදේශවල, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ - ගල්ඔය, හබරණ - මින්නේරිය සහ මගුල්පොකුණ ප්‍රදේශවලද කුළුණු හා සන්නිවේදන කුළුණු ද ඉදිකර ඇත.

තවද මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වලදී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයින්ට සහායවීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන් යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට ඩයලොග් ජාලය රටපුරා ග්‍රාම නිලධාරී වසම් 180 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින්, 4G මොබයිල් කුළුණු 4,700 කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇත.එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුළුණු සංඛ්‍යාවද වේ.එමෙන්ම 95% කට වැඩි ජනගහණයකට 4G ආවරණ පහසුකම් සලසාදීමටද ඩයලොග් සමාගමට හැකිවී තිබේ. තවද අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුළුණු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබාදී ඇත.

ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ ‘Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ.