Body

ඩයලොග් ආසිආටා සමාගම සිය නවතම ඩයලොග් ටෙලිවිෂන් විකාශන මධ්‍යස්ථානය සහ චන්ද්‍රිකා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පුත්තලමේ ස්ථාපිත කරයි

2022 නොවැම්බර් 04         කොළඹදී

 

Dialog Commissions its Latest DTV Broadcast Centre & Satellite Earth Station in Puttalam

ඡායාරූපයේ වමේ සිට දකුණට: Dialog Television හි මාධ්‍ය සේවා සංවර්ධන කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී බණ්ඩාර අත්තනායක, Dialog Television හි උප සභාපති / මාධ්‍ය ව්‍යාපාර ප්‍රධානී චිරන්ත ද සොයිසා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි දත්ත මධ්‍යස්ථාන සේවාවේ විශේෂඥ අමල් කළුආරච්චි, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රධාන ඉංජිනේරු - බලශක්ති පද්ධති රත්න ප්‍රසාද්.

Dialog Commissions its Latest DTV Broadcast Centre & Satellite Earth Station in Puttalam

සුවිශේෂී පහසුකම් හා අති නවීනතම තාක්ෂණය සමඟින්, සිය පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් සැපයීම හරහා අසමසම වින්දනාත්මක ටෙලිවිෂන් අත්දැකීමක් ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම අනුබද්ධ ඩයලොග් ටෙලිවිෂන්හි නවතම විකාශන මධ්‍යස්ථානය හා චන්ද්‍රිකා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පසුගියදා පුත්තලමේදී විවෘත කරන ලදී.

මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ගුණාත්මකභාවයෙන් හා විනෝදාස්වාදයෙන් පිරිපුන් සුපිරි ටෙලිවිෂන් අත්දැකීමක් ලබාදීමට නිරන්තරයෙන් උත්සාහ කරන ඩයලොග් ටෙලිවිෂන්, සිය නවතම විකාශන මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලද්දේ උසස්ම මට්ටමේ ටෙලිවිෂන් සේවාවක් සිය පාරිභෝගිකයන්ට සමීප කිරීමටයි.ඩයලොග් ටෙලිවිෂන් හි මාලබේ ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන විකාශන මධ්‍යස්ථානය හා චන්ද්‍රිකා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය මෙන්ම පුත්තලමේ ඉදිකළ නවතම විකාශන මධ්‍යස්ථානය හා චන්ද්‍රිකා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය වඩාත් හොද සේවාවක් ලබාදීම වෙනුවෙන් අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වන අතර එය ප්‍රධානතම Backup මධ්‍යස්ථානයද වේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා මහතා නවතම විකාශන මධ්‍යස්ථානය හා චන්ද්‍රිකා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය “රටේ ප්‍රමුඛතම Pay TV සේවා සම්පාදකයා වශයෙන් ඩයලොග් ටෙලිවිෂන් ආයතනය ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කර තිබෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ විනෝදාත්මක, අධ්‍යාපනික හා ගුණාත්මකභාවය කැටිකරගත් අන්තර්ගතයන් ප්‍රේක්ෂකයාට සමීප කරවමින් අසමසම ටෙලිවිෂන් අත්දැකීමක් ලබාදීමටයි. ඒ අනුව එම අරමුණ හා සමගාවීව අප විසින් පසුගියදා ස්ථාපිත කිරීමට කටයුතු කළ අති නවීනතම පහසුකම්වලින් සපිරි විකාශන මධ්‍යස්ථානය හා චන්ද්‍රිකා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය තුළින් ඩයලොග් ටෙලිවිෂන් සමඟ රැඳී සිටින අපේ ප්‍රේක්ෂකයන්ට නිරතුරුවම කිසිඳු බාධාවකින් තොරව අපගේ ටෙලිවිෂන් සේවාව අත්විඳිමින් උසස්ම තත්වයේ රසවින්දනයක් ලබාගැනීමට අවස්ථාව හිමිවෙනවා. අපේ නවීනතම යටිතල පහසුකම් සමඟින් ශ්‍රී ලංකාවේ හැම නිවසකටම අංක එකේ ටෙලිවිෂන් රසාස්වාදයක් ලබාදීම වෙනුවෙන් අපි ඉදිරියටත් කැපවී කටයුතු කරනවා.”