Body

Dialog Home Broadband වෙතින් හිතේ හැටියට YouTube හා Social Media භාවිත කිරීමට හොඳම Anytime පෙරගෙවුම් ප්ලෑන් දෙකක්

2024 පෙබරවාරි 29         කොළඹදී

 

Dialog Powers Junior National Netball Championship 2023

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට Wi-Fi පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතාවන් සඳහාම ගැළපෙන පරිදි, නවතම Home Broadband පෙරගෙවුම් Wi-Fi ප්ලෑන් දෙකක් හඳුන්වා දී ඇත. Dialog පාරිභෝගිකයින්ගේ වැඩිවන Wi-Fi අවශ්‍යතාවන්ට හොඳම විසඳුමක් ලෙසින් මෙම ප්ලෑන් ඉදිරිපත් කරන බව සතුටින් දැනුම් දෙන Dialog, සිය පාරිභෝගිකයින්ට වඩාත් දැරිය හැකි මිලකට Social Media හා YouTube සඳහා Wi-Fi data එමඟින් පිරි නමයි.

ඒ අනුව, Dialog Home Broadband පාරිභෝගිකයින්ගේ වෙනස් data අවශ්‍යතාවන් සඳහාම හඳුන්වා දී ඇති, ගෙදරට Home Wi-Fi YouTube Plan හා ගෙදරට Home Wi-Fi Social Plan ලෙස පෙරගෙවුම් data ප්ලෑන් දෙකකි. ගෙදරට Wi-Fi Social ප්ලෑන් එක මඟින් මසකට රු. 760/- ක මිලට GB 40ක් හිමි වේ. මෙම ප්ලැන් එක මඟින් TikTok, Instagram, හා Facebook භාවිතා කිරීමට GB 20ක්ද, තවත් ඕනෑම internet භාවිතයක් සඳහා GB 20 ක් ද පාරිභෝගිකයින්ට හිමිවේ. ගෙදරට Wi-Fi YouTube ප්ලෑන් එක රු.860 කට GB 50 ක් මසකට හිමි වේ. මෙම ප්ලැන් එක සමඟ මුළු මාසයක් පුරාම හිතේ හැටියට මුළු පවුලටම YouTube සඳහා GB 30ක් ද , ඕනෑම Internet භාවිතයක් සඳහා GB 20 ක් ද හිමි වේ. එමෙන්ම මෙම data plan මඟින් හිමිවන Anytime data quota දවසේ ඕනෑම වේලාවක භාවිතා කිරීමට හැකි වන බැවින් පාරිභෝගිකයන්ට අන්තර්ජාල භාවිතයේදී වැඩි නිදහසක් හිමිවීම සැළකිය යුතු කරුණකි.

ඩයලොග් පෙරගෙවුම් Wi-Fi පාරිභෝගිකයින්ගේ සියලු Data අවශ්‍යතාවන් මසකට එක reload එකකින් සපුරා දේ. මෙම ප්ලෑන් ඔස්සේ, ඔවුන්ගේ ප්‍රියතම YouTube, Facebook, Instagram, සහ TikTok සමඟින් සුවිශේෂී social media අත්දැකීමක් විඳගැනීමට ඉඩකඩ සලසා දෙයි. එපමණක් නොව, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ කාලානුරූපීව වෙනස් වූ data අවශ්‍යතාවන් වෙනුවෙන්, ඩයලොග් ඉදිරිපත් කරන මෙවැනි සුවිශේෂී විසඳුම්, මෙරට වාසිදායකතම data ප්ලෑන් වීමද විශේෂත්වයකි.

ඩයලොග් Home Broadband Home Wi-Fi පෙරගෙවුම් පාරිභෝගිකයින්ට මෙලෙස හඳුන්වා දුන් නව data ප්ලෑන් activate කිරීම, අදාළ මිළ ගණන රීලෝඩ් කිරීම මඟින් හෝ MyDialog App මඟින් සිදුකළ හැක.

ඩයලොග් Home Broadband පෙරගෙවුම් ප්ලෑන් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට, www.dialog.lk/home-broadband/prepaid/addon/home-wi-fi-prepaid-plans වෙත පිවිසෙන්න.