Body

72 වැනි පානදුර මොරටුව රන් මහ සටන ඩයලොග් විසින් බලගන්වයි

2024 මාර්තු 21         කොළඹදී

 

Dr. Hans Wijayasuriya Receives GSMA Chairman's Award

ඡායාරූපය (වමේ සිට) මහිත් අප්පුහාමි - නායක, මොරටු මහා විද්‍යාලය, තිළිණ පීරිස් -සහකාර භාණ්ඩාගාරික, ආදි මොරටු මහා විද්‍යාලීය ක්‍රීඩා සමාජය, රුවන් අරඹේපොල- විදුහල්පති, මොරටු මහා විද්‍යාලය, පුබුදු අලුත්ගෙදර - ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී/ ව්‍යාපාර ප්‍රධානී, ඩය‍ල‍ොග් ටෙලිවිෂන්, ඩයලොග් ආසිආටා පීඑල්සී, ලසන්ත තෙවරප්පෙරුම- සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී, ඩයලොග් ආසිආටා පීඑල්සී, රවීන්ද්‍ර පුෂ්පකුමාර - විදුහල්පති, ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර, චාමර පීරිස් - ලේකම්, ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය, විදූෂ පීරිස් - නායක, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය

හෙට දිනයේදී ශූරයින් සවිබල ගැන්වීම සඳහා වන සිය නොසැලෙන කැපවීමෙන් යුක්තව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් පානදුර ශ්‍රී සුමංගල විදුහල හ මොරටුව විද්‍යාලය අතර පැවැත්වෙන 72වැනි ‘පානදුර මොරටුව රන් මහ සටන’ සඳහා සිය සාඩම්බර ආයතනික අනුග්‍රහය නිවේදනය කරනු ලබයි. අදාළ තරගය මාර්තු 29 සහ 30 යන දෙදින මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට යෙදී තිබේ. විදුහල් අතර 31 වැනි වාර්ෂික සීමිත පන්දුවාර තරගය මාර්තු 31 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා සමාගම විසින් මෙම මහ සටන මෙන්ම විදුහල් දෙක අතර, සීමිත පන්දුවාර තරගය ද Dialog Television - ThePapare TV HD (නාලිකා අංක 127) ඔස්සේ මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ සජීවී ලෙසින් නැරඹීමේ අවස්ථාව උදාකර දී තිබේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙම අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් සිය සමාගමේ අරමුණ පැහැදිලි කරමින්, “මේ මහ තරග සමය’ යනු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උරුමයේ කැපී පෙනෙන අංගයක්. අපගේ රට නියොජනය කිරීමට නියමිත අනාගත ක්‍රිකට් ශූරයන් පෙන්නුම් කෙරෙන මේ සුවිශේෂී ක්‍රිකට් සැමරුම වෙනුවන් තවදුරටත් සහය දැක්වීමට හැකිවීම ගැන අප මහත් සතුටට පත්වෙනවා. උද්වේගතර තරගයක් වෙනුවෙන් මම ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහා විද්‍යාලයට මගේ හෘදයාංගම සුබ පැතුම් පළකරනවා.” යැයි පැවසීය.

මෙවර විදූෂ පීරිස් විසින් පානදුර කණ්ඩායම මෙහෙයවනු ලබන අතර මොරටු කණ්ඩායමේ නායකත්වය මහීත් අප්පුහාමි විසින් දරනු ලබයි. ජයග්‍රහණ 8ක් සමගින් සුමංගල විද්‍යාලය දෙරට අතර මහ තරග ඉතිහාසයේ ඉදිරියෙන් සිටින අතර මොරටු විද්‍යාලය ජයග්‍රහණ 7ක් හිමිකරගෙන සිටියි. තරග 56ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ. ඉකුත්වර හෙවත් 71 වැනි මහ තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය. එහිදී පළමුවෙන් ලකුණු රැස්කළ මොරටු මහා විද්‍යාලය පන්දුවාර 55.3කදී ලකුණු 144ක් රැස් කළ අතර සුමංගල විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 86ක් ලබා සිටියදී වර්ෂාව පතිත විය.

තරග 30කින් යුත් මෙම වාර්ෂික එක්දින තරග ඉතිහාසයේද ජයග්‍රහණ අතින් ඉදිරියෙන් සිටිමින් සුමංගල විදුහල ජයග්‍රහණ 15කට හිමිකම් කියද්දී මොරටු විද්‍යාලය තරග 12ක් ජය ලබා සිටියි. තව තරග දෙකක් විසඳුම් රහිතවද තවත් තරගයක් ක්‍රීඩා කිරීමෙන් තොරවද අවසන්ව ඇත.

ජාතික පිරිමි මෙන්ම කාන්තා කණ්ඩායමටද ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකළ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම විදුහල ලෙසින් මොරටු විද්‍යාලය ආවේනික වාර්තාවකට උරුමකම් කියන අතර මෙම විදුහල් දෙකින්ම ජාතික කණ්ඩායම වෙත කැපී පෙනෙන ක්‍රීඩකයන් උරුම කර දී තිබේ. සරත් ප්‍රනාන්දු, බර්නාර්ඩ් පෙරේරා, අජන්ත මෙන්ඩිස් සහ නිශාන් මධුෂ්ක මෙසේ මොරටුව විද්‍යාලයෙන් බිහිවූවෝ වන අතර තිස්ස ඉලේපෙරුම, දොන් අනුරසිරි, ඉන්දික ගාල්ලගේ සහ දිල්රුවන් පෙරේරා සුමංගල විදුහලෙන් බිහිකළෝ වෙති. හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන හසන්ත ප්‍රනාන්දුගේ පාසල් ක්‍රිකට් ඇරඹුම සටහන් වන්නේද මොරටු විද්‍යාලයෙනි. ඉනෝෂි ප්‍රනාන්දු සහ උපේක්ෂා තාබෲ යන ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන්ද මොරටු විද්‍යාලයේ ආදි සිසුවියෝ වෙති. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක විශ්ව ලහිරු සුමංගල විද්‍යාලීය ක්‍රීඩකයෙක් වන අතර කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ සහ ඕෂද ප්‍රනාන්දු ද සිය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹුවේ ශ්‍රී සුමංගල විදුහලෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්නද සුමංගල විදුහලෙන් බිහිවූ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වන අතර 1981 මහ තරගයේදී ශතකයක් (නොදැවී ලකුණු 104ක්) සහ කඩුලු ත්‍රිත්වයක් සමග ලකුණු 26ට කඩුලු 5ක් දවාලමින් එම මහ තරග ඉතිහාසයේ එවන් දස්කමක් දැක්වූ එකම ක්‍රීඩකයා ලෙසින් ඔහුගේ වාර්තාව මෙතෙක් රැකී තිබෙයි.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් මෙන්ම ඊ-ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හි සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට කටයුතු කරනු ලබයි.