Body

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) සඳහා නවීනතම ෆින්ටෙක් විසඳුම් පිරිනමමින් Genie Business, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සවිබලගැන්වීමෙන් හඳුන්වා දුන් වගයි.

2024 අප්‍රේල් 08         කොළඹදී

 

Dialog Powers President’s Gold Cup Volleyball Tournament 2024

ඡායාරූපයේ වම්පස සිට දකුනුපස දක්වා: ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හි සභාපතිනි සහ සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය, Genie Business හි ප්‍රධානී සචිනි ද සිල්වා මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සි හි අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නසීම් මොහොමඩ් මහතා.

මෙරට ෆින්ටෙක් ක්ෂේත්‍රයට අදාළ සියලුම විසඳුම් පිරිනමන එකම තැන යනුවෙන් නම්ලත් Genie Business, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් කිරීමේ අරමුණෙන් ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සවිබලගැන්වීමෙන් ආරම්භ කරන ලදි.

Genie Business සමාරම්භය පසුගියදා, ඩයලොග් ආයතනයේ ප්‍රධාන පරිශ්‍රයේදී මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සි හි අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වය ඊට හිමිවිය. සරල බව සහ කාර්යක්ෂමතාවය විදහා දක්වන, Genie Business වෙතින් ගෙන එන, Tap-to-Pay, කාඩ්පත් මගින් ගෙවීම් ලබා ගැනීමේ පහසුකම ද, මෙම උත්සවය අතරතුර හඳුන්වා දුන් වගයි.

Genie Business වෙතින් ලබා දෙන Tap-to-Pay, Payment links, E-Store, Internet Payment Gateway, Card Tokenization, Multi Currency Pricing සහ QR Codes පහසුකම් වැනි නොයෙකුත් ගෙවීම් ලබා ගැනීමේ ක්‍රම මගින් මෙරට ව්‍යාපාර ඩිජිටල් කරනය කරා යන ගමනට මග සාදන ලදි. එමෙන්ම, මෙමගින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හට පාරිභෝගිකයින් කරා ප්‍රවේශ වීමට මෙන්ම, ඊ-වාණිජ්‍යය හා සමාජ මාධ්‍ය අවකාශ හරහා නව ක්‍රමවේද තුළින් සම්බන්ධ වීමට පහසුකම් ද ලබා දී ඇත. තවද, Genie Business විසින් ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගනිමින්, MSME අංශය තුළ ඇති තීරණාත්මක අවශ්‍යතා සපුරාලීම සඳහා, විශේෂ ඩිජිටල් ණය පහසුකම් ද හඳුන්වා දී ඇත.

Genie Business පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හි සභාපතිනි සහ සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය මෙලෙස සඳහන් කළාය. “ඩයලොග් ෆිනෑන්ස් අපිට, Genie Business තවත් එක් ගෙවීම් ලබා ගැනීමේ මෙවලමක් නෙමෙයි. එය මෙරට ක්ෂ්‍රද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ වෙනසක් කිරීම සඳහා පවතින කැමැත්ත හා ආශාවයි. එම ක්ෂේත්‍රයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් ඩිජිටල්කරණය කරමින්, වර්ධනය කරමින් ක්ෂේත්‍රය තුළ සුවිශාල වෙනසක් ඇති කිරීමට Genie Business උත්ප්‍රේරකයක් ලෙසින් ක්‍රියාකරන බව අපේ විශ්වාසයයි. අපි මේ හරහා, මුදල් ගනුදෙනුවලට පහසුකම් සැපයීමෙන් පමණක් නවතින්නෙ නැහැ. කිසිදු ක්ෂුද්‍ර, කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් මග නොහැරෙන පරිදි, සබඳතා ගොඩ නගමින් ඒවායේ අනාගත දියුණුව සඳහා පදනම සකස් කිරීම මෙයින් සිදු කරනවා.”

Dialog සමාගම නිරන්තරයෙන් කටයුතු කරනු ලබන්නේ ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ දැක්මෙන් යුතුවයි. ඒ අතරෙහි Genie Business, මෙලෙසින් අතිනවීන ෆින්ටෙක් විසඳුම් ඉදිරිපත් කරමින්, සමාගමේ, “අනාගතය අදයි”යන තේමාව අවධාරණය කරයි.