eZ Reload

දිවයින පුරා විසිරී සිටින වෙළඳ මහතුන් සහ MyDialog App එක හරහා ලබාගත හැකි නවතම මොබයිල් රීලෝඩ් කිරීමේ ක්‍රමයක් ලෙස Dialog eZ Reload හඳුන්වාදීමට කටයුතු කර ඇත.

නවතම eZ Reload පහසුකම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාරිභෝගිකයන්ට රීලෝඩ් PIN අංකය SMS එකක් හරහා ලබාගැනීමේ සුවිශේෂී අවස්ථාව සලසා ඇත. මෙහිදී පාරිභෝගිකයන්ට තමන් කැමති ඕනෑම වෙලාවක රීලෝඩ් PIN අංකය dial කිරීම මගින් රීලෝඩ් එක activate කළ හැකි අතර, eZ Reload PIN අංකය ඇතුළත් SMS එක ඕනෑම කෙනෙකුට යැවීම මගින් රීලෝඩ් එක ඉතා පහසුවෙන් transfer කිරීමේ හැකියාවද හිමිව තිබේ.

තවද දැනට පවතින ඕනෑම රීචාර්ජ් කාඩ්පතක් වෙනුවට දැන් eZ Reload එකක් මිලදී ගැනීම සිදුකල හැකි අතර මේ හරහා රීචාර්ජ් කාඩ්පත නැතිවීම හා PIN අංකය පළුදු වීමෙන් සිදුවිය හැකි අපහසුතාවන්ද මඟ හරවා ගත හැක.

පහත සදහන් ක්‍රම හරහා eZ Reload මිලදී ගත හැක

eZ Reload මගින් ඔබේ මොබයිල් එක රීචාර්ජ් කරගත හැකි ආකාරය:

පාරිභෝගිකයෙකු වෙළෙදසැලක් වෙත ගොස් ඔහු / ඇය සාමාන්‍යයෙන් රීචාර්ජ් කාඩ්පතක් හෝ රීලෝඩ් එකක් ඉල්ලන ආකාරයට කාඩ්පතක් මිලදීගත යුතුය. වෙළෙද මහතා විසින් SMS එකක් මගින් පාරිභෝගිකයාට රීචාර්ජ් PIN අංකය එවනු ලබයි.

eZ Reload එක සක්‍රිය කිරීමට පහත සඳහන් පියවර අනුගමනය කළ යුතුය.

ස්මාට් ජංගම දුරකතන සඳහා
  • “eZ Reload” ඔස්සේ ඔබට එවන ලද රීචාර්ජ් PIN SMS එක open කරගන්න
  • “Dial 222” වලින් ඇරඹෙන අංකය touch කර අමතන්න
  • ඔබේ eZ Reloadපත එසැණින් සක්‍රිය වනු ඇත

සාමාන්‍ය ජංගම දුරකතන සඳහා (feature phone)
  • “eZ Reload” ඔස්සේ ඔබට එවන ලද රීචාර්ජ් PIN SMS එක open කරගන්න
  • SMS තිරයෙන් “Options” Select කරන්න
  • 222 වලින් තිබෙන අංකය ඩයල් කරන්න
  • eZ Realod එක එසැණින් සක්‍රිය වනු ඇත.

මීට අමතරව ඔබේ Dialog මොබයිල් එකෙන් #356*4# USSD එක dial කිරීම මගින් දැනට ඔබ සතුව පවතින සියලු eZ රීලෝඩ් බලාගැනීම, activate කිරීම , වෙනත් කෙනෙකුට තෑගි කිරීම යන සේවාවන් ලබාගත හැක

නිතර අසන පැන

eZ Reload එකක් මිලදීගන්නේ කෙසේද?

MyDialog App එක හරහා මිලදීගත් eZ Reload එක සක්‍රිය කරගන්නේ කෙසේද?

මගේ HBB/DTV පෙරගෙවුම් සම්බන්ධතාවය සඳහා eZ Reload එකක් රීචාර්ජ් / සක්‍රිය කරගන්නේ කෙසේද?

My Dialog App හරහා eZ Reload එකක් තෑගි කළ හැක්කේ කෙසේද?