Body

Dialog වෙතින් 4G මොබයිල් පාරිභෝගිකයන් හට Unlimited Facebook සහ WhatsApp ඇතුළත් Fun Blaster පැකේජය හඳුන්වාදෙයි

July 6th, 2020         Colombo

 

news-1

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම විසින් සියලූම මොබයිල් 4G පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා තමන්ට රිසි පරිදි අසීමිතව Facebook සහ WhatsApp භාවිතා කිරීමට හැකියාව ලබා දෙන Unlimited Facebook සහ WhatsApp ඇතුළත් ‘Fun Blaster’ පැකේජය හඳුන්වාදීමට කටයුතු කර ඇත.

පාරිභෝගිකයන් හට ඩේටා ගාස්තු ගැන වධ නොවී සමාජ මාධ්‍ය රිසි සේ භාවිත කරමින් තම විනෝදාස්වාදය උපරිමයෙන් ලබා ගැනීම සඳහා Dialog හඳුන්වාදී තිබෙන Unlimited Facebook සහ WhatsApp සහිත ‘Fun Blaster’ පැකේජය හරහා පාරිභෝගිකයන්ට දැවැන්ත සමාජ මාධ්‍ය 2 ක් අසීමිතව භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබේ. පෙරගෙවුම් පාරිභෝගිකයන්ට රු. 47ක සුවිශේෂී මිලකට දින 7 පැකේජයක් ද, පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන්ට රු.107 ක සුවිශේෂී මිලකට දින 30 ක පැකේජයක්ද හඳුන්වාදී තිබේ. මීට අමතරව ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රථම වතාවට පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා රු.477 ක සුවිශේෂී මිලකට මාස 6 ක පැකේජයක්ද Dialog හඳුන්වාදී තිබෙන අතර, මෙම සියලූ පැකේජයන්හි මිල බදු ඇතුළත්ව ඉදිරිපත් කොට ඇත. රීලෝඞ් කිරීමෙන්, #678# ඩයල් කිරීමෙන්, MyDialog App එක මඟින් හෝ www.dialog.lk වෙත පිවිස Fun Blaster පැකේජය සක‍්‍රිය කරගත හැකි අතර මෙමගින් තම ජංගම දුරකථනය හරහා Standard Definition (360p) වීඩියෝ අසීමිතව නැරඹිය හැක.

සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට හට රිසිසේ විනෝදාස්වාදය උපරිමයෙන් ලබා ගැනීම සඳහා දැරිය හැකි මිල ගණන් යටතේ ඩේටා ප්ලෑන් පිරිනැමීම Dialog සමාගමේ දැක්ම වන අතර මෙය ඉහළ ප‍්‍රසාදයක් ලබමින් අතිශයින් සාර්ථකවී ඇති ‘Blaster’ පැකේජ පෙළ අතරට එක්වන නවතම පැකේජයයි. මීට පෙර බදු ඇතුළත්ව රු. 249 ක සුවිශේෂී මිලකට හඳුන්වාදෙනු ලැබූ Unlimited YouTube සමඟ 3'5GB අමතර ඩේටා ඇතුළත් “4G Video Blaster” ඩේටා ප්ලෑන් එකට සහ ඇමතුම් වැඩි වශයෙන් භාවිතා කරන පාරිභෝගිකයන් අතර ඉහළ ප‍්‍රසාදයකට පත්ව ඇති රු. 345/- ක “Triple Blaster” පැකේජයන්ට නොදෙවනි වන Fun Blaster ඩේටා ගාස්තු පිළිබඳව වද නොවී පාරිභෝගිකයන්ට තම විනෝදාස්වාදය සපුරාගැනීමට පහසුකම් සැලසීමේ ගමන්මගෙහි Dialog සමාගම සනිටුහන් කළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.