Body

ඩයලොග් Star Points, සිංගප්පූරුවේ Loyalty & Engagement Awards 2023 සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි

2023 අගෝස්තු 8         කොළඹදී

 

Dialog Star Points Wins Gold Award at Loyalty & Engagement Awards

ඩයලොග් ආසිආටා පී‍. එල්. සී. සමාගමේ ලෝයල්ටි වැඩසටහන වන Star Points, සිංගප්පූරුවේ MARKETING-INTERACTIVE මගින් සංවිධානය කරන ලද Loyalty & Engagement 2023 කීර්තිමත් සම්මාන උළෙලෙහි රන් සම්මානය දිනා ගනිමින් විශිෂ්ටත්වයට පාත්‍ර විය. ඒ, එම සම්මාන උළෙලෙහි දුරකතන සන්නිවේදන අංශයේ හොඳම Loyalty Strategy ලෙසින් වන ජාත්‍යන්තර ඇගයීම හිමිකර ගනිමිනි.

Star Points ගමන් මගේ සුවිශේෂී ජයටැඹක් ලෙසින් සනිටුහන් වන, මෙම ජයග්‍රහණයේ ශක්තිය, පාරිභෝගිකයින්ගේ නොමඳ ආදරයට පාත්‍ර Star Points ලෝයල්ටි වැඩසටහන, ජාත්‍යන්තර කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ලෝයල්ටි වැඩසටහන වශයෙන්, එය තවත් ඔසවා තැබීමට සමත් වේ. සන්නිවේදන සබඳතා සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම පරදා මෙලෙස විශිෂ්ටත්වයට පත්වීම, ස්වකීය පාරිභෝගිකයින් වෙනුවෙන් අද්විතීය ලෝයල්ටි අත්දැකීම් තිලිණ කිරීම සඳහා වන සමාගමේ කැපවීම විදහා දක්වන්නකි. එපමණක් නොව, කලාපයේ අසමසම ලෝයල්ටි වැඩසටහනක් ලෙස, Star Points ලෝයල්ටි වැඩසටහන සනාථ කරමින් පිදුණු මෙම සම්මානය, එහි පාරිභෝගික පදනම වෙතද සුවිශේෂී වටිනාකමක් කැන්දයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව, ඩයලොග් ආසිආටා පී‍. එල්. සී. සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවෙරප්පෙරුම මෙලෙස අදහස් දැක්විය. “මෙම මාහැඟි ජයග්‍රහණය, අපගේ වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් හොඳම ලෝයල්ටි අත්දැකීම් පිරිනැමීමට අප තුළ පවතින නොසැලෙන කැපවීම පිළිඹිඹු කරන්නක් වීම, අපට ආඩම්බරයට කාරණයක්. කලාපයේ ප්‍රමුඛතම ලෝයල්ටි වැඩසටහන බවට Star Points පත් කෙරෙන්නේ, එහි ශක්තිය හා විශිෂ්ටත්වය පිළිබඳව, මෙම ගෞරවනීය රන් සම්මානයෙන් සනාථ කරමින්. ගත වූ වසර 15ක් තිස්සේම Star Points, විශිෂ්ටතම ලෝයල්ටි වැඩසටහනක් බවට පත් කිරීමට අත්වැල් බැඳගත් අපගේ පාරිභෝගකයින්ට අපගේ කෘතඥතා පූර්වක ස්තූතිය හිමි වෙනවා.”

සිංගප්පූරුවෙහි MARKETING-INTERACTIVE වෙතින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ දී, දකුණු ආසියා, අග්නිදිග ආසියා හා ඕෂනියා කලාපයන්හි පූර්වාදර්ශී, ලෝයල්ටි වැඩසටහන්, කාර්යයන් සහ සබඳතා අලෙවිකරණ උපායමාර්ග ඇගයීමට හා සම්මානයට පාත්‍ර කරනු ලබයි‍. ක්ෂේත්‍රයේ පළපුරුදු අලෙවිකරුවන්ගෙන්ද, විශේෂඥයින්ගෙන්ද සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් මගින් සියුම්ව අධීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව, සම්මාන සඳහා වැඩසටහන් තෝරා ගැනේ‍. එවැනි කීර්තිමත් සම්මාන උළෙලකින් මෙලෙස ජාත්‍යන්තර පිළි ගැනීමට පාත්‍ර වීම දක්වාම, සිය සාර්ථක්වයේ කොඳු නාරටිය බඳුව තමන් හා විශ්වාසයෙන් රැඳි පාරිභෝගිකයින් හා පාර්ශවකරුවන් වෙත, ඩයලොග් නිරතුරුවම කෘතවේදී වෙයි. එපමණක් නොව, ආදරණීය පාරිභෝගිකයින් විශිෂ්ටතම ලෝයල්ටි අත්දැකීමක් කරා නිරතුරුව කැන්දාගෙන යමින්, ශ්‍රී ලංකාවේ විශාලතම හා පුළුල්තම ලෝයල්ටි වැඩසටහන පිරි නැමීම වෙනුවෙන්ද ඩයලොග් ඇපකැප වෙයි.

ඩයලොග් Star Points සම්බන්ධ වැඩි විස්තර සඳහා https://dlg.dialog.lk/ වෙත පිවිසෙන්න.