4As Philosophy

 

පිරමිඩ පතුලෙහි ඇති සාරවත්කම' අප හඳුනාගෙන සිටින අතර, වෙළඳපොළ වෙතට ඇතුළු කර ගන්නා සුළු ප‍්‍රවේශයක් තුළින්, ප්‍රතිලාභ අත් කොට ගැන්මේ අරමුණින් ක‍්‍රියාත්මක වන තිරසර වෙළඳ මාදිලි වර්ධනය කරගැනීමෙහි ප‍්‍රයත්න දරයි. අප විශේෂයෙන් පිරිසරබද ජනගහනයට, වැඩිහිටි, අඩුආදායම් ලාභී කණ්ඩායම් සහ අබාධිත උදවියට අපගේ සේවා ප‍්‍රවේශ කරවීමට වෙහෙස නොතකා කටයුතු කරනු ලැබේ. එහිදී අපගේ සම්බන්ධතාව හරහා සියළු ශ‍්‍රී ලාංකිකයින්ට ආර්ථික, අධ්‍යාපනික සහ වින්දනාත්මක වරප‍්‍රසාද නෙලා ගැනීම සවිබලගන්වා ඇත.

මේ මහත් වූ වෑයමේ දී වන විශාලතම අභියෝගය නම් සේවා ලබා ගැනීමට ඇති හැකියාව, මිලදී ගැනීමට ඇති හැකියාව හෙවත් ක‍්‍රය ශක්තිය, යෝග්‍යතාවය සහ එකඟතාවය යනාදිය වඩාත් අදාළ දෙය අතරෙහි ශ්‍රේණිගත කිරීමයි. අපගේ තිරසර වෙළඳ මාදිලි යොදා ගනිමින්, අපගේ තාක්ෂණික සමූලාදර්ශක ද, ව්‍යාපාර හා සේවා මාදිලිගත කිරීම සහ අනවරත ආයෝජන ද හරහා අප විසින් යට කී ගැටළුවලට පිළියම් යොදා ඇත.

අපගේ නව නිපැයුම්වලින් බොහොමයක්ම අභිප්‍රේරණය වන්නේ අති නවීන තාක්ෂණය සංස්ථාපිතව ඇතුළත් කරගැනීම් දෙසට වන පේ‍්‍රරණයක් සහිතව දේශීයත්වය හා අනුගත වෙමින් වන අතර එය ඩයලොග් ආයතනය නවනිපැයුම් කෙරෙහි පොළඹවන එහි ඇතුළත් කරගැනී‍මේ සමස්ත දර්ශනය දක්වන උදාහරණයක් ලෙස පිහිටයි.

Affordability

CASE: ඩයලොග් ජංගම දුරකථන eZ Reload
වියදම් දැරීමේ හැකියාව හෙවත් ක‍්‍රය ශක්තිය- මෙය ශ‍්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රෝනික පෙරගෙවුම් ශේෂය ඉහළ නැංවීමේ (top-up) තාක්ෂණය යොදා ගැනීම සඳහා මාවත විවර කර දුන්නේය. කඩදාසි මත පදනම් වවුචර ඉවත් කිරීම මගින් මහජන වෙළඳපොල ඔස්සේ ජංගම දුරකථන සේවාවන්වලට අනුගත වීම සඳහා දිරිගැන්වීම ද සිදු කෙරිණි. තවදුරටත් වැය වගකීම් අඩු කෙරෙන පරිදි, පාරිභෝගිකයින් මත 'අවම ශේෂය ඉහළ නැංවීම' වැනි සීමාවන් පැනවීම අඩු කර, බෙදාහැරීමේ කාර්යක්ෂමභාවය ඉහළ නංවා දෙයි.

Availability

හැකි උපරිම ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රමාණයක් වෙත ලඟාවීම සඳහා අප සමාගමට ඇති කැපවීම තීව්‍ර කරවන ග්‍රාමීයව ව්‍යාප්තිය පැවතීම ඩයලොග් ආයතනයේ නිරන්තර ක‍්‍රියාවලිය වෙයි.

CASE: ජංගම දුරකථන– eZ Buddy
ජංගම දුරකථන– eZ Buddy යන්න 'කටහඬට පොදු පිවිසුමක්' යන සංකල්පය අවධානය සපයන්නේ, සුපරීක්ෂාවට යටත් පොදුජන දුරකථන ආකෘතියකින් පුද්ගලික හිමිකමට එරෙහිව ජංගම දුරකථනයක් යොදා ගනු ලබන්නේ කෙසේ ද යන්න වෙතට යි. මෙම නවනිපැයුම විසින් ලබා ගැනීමට ඇති හැකියාව වැඩිවර්ධනය කරමින් සම්මත සුසමාදර්ශයද ඉක්මවා යමින් ග්‍රාමීය ප‍්‍රජාවන් වෙත දුරකථන සේවාවන් ලබා දීමට උපකාර කෙරේ.

CASE: Dialog Broadband helps overcome Geographic and Socio-economic Isolation
මෙලෙස ඩයලොග් පුළුල් පරාස සේවාව විසින් භෞමික සහ සමාජ ආර්ථික හුදෙකලා කිරීම් ඉක්මවා යෑමට උපකාර කෙරේ. එම උපකාරය සිදු කරනු ලබන්නේ, Easy Seva සේවා සැපයුම් ස්ථාන සඳහා පහසුකම් සකසා දීම සහ ග්‍රාමීය සහ අර්ධනාගරික ජනතාව අතර තොරතුරු තාක්ෂණ සේවාවන් ප‍්‍රචලිත කිරීම සඳහා ලංකාවේ සෑම තැනක ම පාහේ ස්ථාපිත කර ඇති ටෙලි-මධ්‍යස්ථාන වන නැණසල හරහා පිරිවැය අඩු සම්බන්ධතාවයක් සපයා දීම ඔස්සේ ය. මෙලෙස ඩයලොග් පුළුල් පරාස සේවාව විසින් ශ‍්‍රී ලංකාවේ ග්‍රාමීය ප‍්‍රජාවන් වෙත පහසුවෙන් මිලදී ගත හැකි තොරතුරු තාක්ෂණ සබල සේවාවන් පිරිනමනු ලබයි.

Applicability

CASE: සිංහල දෙමල (දේශීය භාෂාවන්) භාෂා සේවාවන් යොදාගැනීමේ හැකියාව
සිංහල / දෙමල කෙටි පණිවිඩ හා 2G දුරකථන පහසුකම් දේශීය ප‍්‍රජාවන්හට ජංගම දුරකථන තාක්ෂණයේ උපරිම භාවිතයක් සඳහා පහසුකම් සලසයි. පෙරදී හඬ ඇමතුම්වලට සීමා වූ ඔවුන්ව කෙටි පණිවුඩ ටයිප් කර යැවීම දක්වා සවිබලගන්වා ඇති අතර, ඒ හරහා ඔවුන්ට මහා නම්‍යශීලීත්වයකින් යුතුව සන්නිවේදනය කිරීමට අවසර ලබා දී ඇත. ජංගම දුරකථන තොරතුරු සහ රසවින්දන සඳහා සිංහල/දෙමල භාෂා දොරටු හැරීම මගින් දේශීය භාෂාවන් පමණක් භාවිතා කරන උදවියට, ඔවුන් තෝරා ගන්නා භාෂාවකට අනුව තොරතුරු වෙතට ප‍්‍රවේශය තෝරාගැනීමේ අවස්ථාව සැපයේ.

CASE: ඩයලොග් ජංගම දුරකථන – Star Call
ඩයලොග් ජංගම දුරකථන – Star Call යනු විකල්ප තෝරාගැනීමේ අවස්ථාවක් ලෙස පෙළ පණිවිඩ සඳහා ජංගම දුරකථනයක් යොදා ගැනීමට තරම් ආත්ම විශ්වාසයක් නොමැති වෙනත් පරිශීලකයකුට එම ජාලයම යොදා ගෙන පසුව අසන්නට හැකි හඬ පණිවුඩයක් තැබිය හැකි වන තවත් පහසුකමකි. එය විසින් ම, පෙළ පණිවිඩ යැවීම සඳහා වන විකල්ප තෝරා ගැනීමක්ද පාරිභෝගිකයින් වෙත ලබා දීම මගින් වඩාත් වගකීම්සහගත ජංගම දුකථන භාවිතයක් ප්‍රවර්ධනය කරයි.

CASE: eZ-insurance ඊ රක්ෂණය.
මෙබඳු තාක්ෂණික නවනිපැයුම් මගින් ඩයලොග් ආයතනය, වඩාත් අදාළ පිරිනැමීම් හරහා ඇතුළත් කර ගැනීම ප්‍රවර්ධනය කිරිමේ අරමුණින්, අදාළ එක් එක් පාරිභෝගික කොටස් කෙරෙහි යොදාගත හැකි වන නිපැයුම් හා සේවාවන් සුසැදුමට බලාපොරොත්තු වෙයි.

එකඟතාවය

CASE: ඩයලොග් 'සත්කාරය' අත්විදින්න
ඩයලොග් සමාගම, පාරිභෝගික සහයක යටිතල ව්‍යුහයන් තුළ නිරන්තර ආයෝජකයෙකු වන අතර, පාරිභෝගික සේවා තාක්ෂණය තුළ නව මං සොයායන්නෙක් බැව් තහවුරු වී ඇත. එහිදී ඩයලොග් සමාගම, වඩාත් නව්‍යත ම වූ පාරිභෝගික සබඳකම් තුළ සහ සබඳතා කළමනාකරණ ශිල්ප ක‍්‍රම තුළ නිරන්තරව ආයෝජන සිදු කරයි. ඩයලොග් ආයතනයේ අති නවීන තාක්ෂණික පාරිභෝගික සබඳතා මධ්‍යස්ථානය විසින් බිල්පත් සකස් කරනුයේ ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවීනතම සබඳතා කළමණාකරණ පහසුකමක් පරිදිය. තම පාරිභෝගික අන්තර්සබඳතා හැකියාවන් වෙතට, අනුක්‍රමිකව වැඩි වැඩියෙන් වටිනාකම් සපයා දීම ඔස්සේ, ඩයලොග් ආයතනයට පාරිභෝගිකයාගේ මනසත් හදවතත් තුළ එහි වෙළඳ සන්නාමය කෙරෙහි ශක්තිමත් බැඳීමක් නිර්මාණය කිරීමට හැකි වී ඇත.

2007 වසරේ අගෝස්තු මාසයේ හොංකොංහි පැවති පාරිභෝගික සබඳතා විශිෂ්ටත්ව ත්‍යාග ප‍්‍රධානෝත්සවයහි දී, ඒෂියා පැසිෆික් පාරිභෝගික සේවා එක්තැන්සමිය විසින් එහි ජනප‍්‍රිය 'විශිෂ්ටත්ව කාර්ය සාධන සම්මානය' ඩයලොග් සමාගමට පිරිනමමින් එයට ගෞරවාදරයට පත් කරන ලදී. ඩයලොග් ආයතනය, තම පාරිභොගික සේවා විශිෂ්ටත්වය සහ සබඳතා කළමනාකරණ භාවිතයන් සඳහා පුළුල් ආසියානු පැසිෆික් අවධානයක් ලබන්නට තරම් වූ පළමු දකුණු ආසියානු සමාගම යි.

ඩයලොග් සමාගම විසින් තවද, 2008 වසරේ විශිෂ්ඨතම පාරිභෝගික සබඳතා කළමණාකරණ වීන සම්මාන ප‍්‍රදානයේ දී පාරිභෝගික කලමණාකරණ උපාය මාර්ගික ආසියානු පැසිෆික් සම්මානයද, පාරිභෝගික කළමනාකරණ තාක්ෂණය පිළිබඳ ආසියානු පැසිෆික් සම්මානය ද, සිල්ලර සේවා අලෙවි පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ආසියානු පැසිෆික් සම්මානය ද දිනා ගනිමින් මහත් පිළිගැනිමකට ලක් විය.

අනාගත අභියෝග සහ ප්‍රතිචාර.

දැනට ප‍්‍රධාන වශයෙන් 'සම්බන්ධනය සඳහා යන මිල' ශ‍්‍රී ලංකාවේ ග්‍රාමීය ප‍්‍රජාවන් කෙරෙහි සැලකිය යුතු බාධකයක්ව පවතී. ඩයලොග් ආයතනය විසින් එහි නිෂ්පාදන සහ සේවා සැපයුම් තුළ වඩාත් පුළුල් පරාසයක් කරා යන්නට දැඩි උත්සාහයන්හි නිරත වෙන අතර ඩයලොග් ආයතනයේ වයාපාරික මඩුල්ලට අයත් සියළු වෙළඳ ඒකකයන් මෙම බාධකයට මුහුණ දී සිටී. මෙහිදී ග්‍රාමීය පළාත් විනිවිද යාම සඳහා ඩයලොග් ආයතනය විසින් නිරන්තරව නව මිල උපායන් හඳුන්වා දීම කෙරෙහි සිතා බලයි.

මෙම සම්බන්ධතාව විසින් තම ජීවිතයේ ගුණාත්මක බව ඉහල නංවන්නේ හෝ ප‍්‍රතිලාභයක් ඇති කරවන්නේ හෝ කෙසේ ද යන්න පිළිබඳව පාරිභෝගිකයන් තුළ ඇති අඩු අවබෝධය අපගේ වෙළඳ ඒකක කෙරෙහි පවතින තවත් පොදු බාධකයක් වෙයි. අපගේ තාක්ෂණය තමන්ට ඉදිරියේ දී සිදුවිය හැකි වාසියක් ලෙසින් ලබා ගන්නට සිටින උදවිය අතරෙහි මෙම සම්බන්ධකතාව තිබීමෙන් ඇතිවන ප‍්‍රතිලාභ පිළිබඳ දැනුම්වත්භාවය වැඩි වර්ධනය කිරීමෙහි දී ආයතනයේ සිල්ලර පාරිභෝගික වෙළඳ ජාලය සහ පහළට ගලා යන සැපයුම් දාමය විසින් රඟදැක්විය යුතු භූමිකාව කුමක්දැයි ඩයලොග් ආයතනය හඳුනාගෙන තිබේ. ඉදිරි කාලවල දී මහා පරිමාණයකින් මෙම 'පණිවුඩය පතුරුවා හැරීම' සඳහා අප මේ කෙරේ නෙත් යොමා සිටිමු.

ඩයලොග් ආයතනය විසින් ග්‍රාමීය ශ‍්‍රී ලංකාවේ 'සම්බන්ධකත්වයෙන් තොර ජනයා සම්බන්ධ කිරීමේ' වේගය ඉහළ නැවීම සඳහා පිළිවෙලින් ඔවුන් විනිවිද යාමේ බහුවිධ උපායන් වර්ධනය කිරීම දිගට ම පවත්වාගෙන යනු ඇත.