පරිසරය

Dialog Axiata පාරිසරික ප‍්‍රතිපත්තිය.

පරිසරය මත අපගේ ජිවිත රඳා පවතී. මතු පරපුර උදෙසා පරිසරය රැකබලාගැනීමද එය ආරක්ෂා කිරීමද අචාරධාර්මිකව අපගේ කටයුත්තකි. ඒ සම්බන්ධයෙන් අප අපට හැකි උපරිමයෙන් ඒ වගකීම ඉටු කිරීමට බැඳී සිටින්නෙමු. යහපත් පාරිසරික භාවිතාවන් මගින් යට කී අචාරධාර්මික කාර්යය ඉටු කිරීමෙහිලා අප කණ්ඩායමක් ලෙස අපගේ කොටස්හිමියන් සමඟ එක්ව කටයුතු කරන්නෙමු. Dialog Axiata PLC සමාගම ලාංකේය ජීවිත මෙන්ම ව්‍යවසායකයන් සවිබලගැන්වීම සහ අභිවර්ධනය කිරීම කෙරේ බහු-සංවේදී සම්බන්ධතාවක් සැපයීමක් ලෙස, පරිසරයට ප්‍රතිලාභදායී වීම කෙරෙහි නිසඟ හැකියාවෙන් යුත් නිෂ්පාදන සහ සේවාවන් සපයනු ලබයි.

පරිසරය හා සම්බන්ධ අපගේ කාර්යයන්හි අරමුණ වන්නේ, අපගේ ක‍්‍රියාන්විතයන්හි කවර හෝ හානිකර බලපෑමක් වේ නම් ඒ සාධනාත්මකව මගහරිමින් සියළු නෛතික සහ සමාජ රීති හා සම්බන්ධ අවශ්‍යතාවන් ඉටු කිරීම යි. එහිදී කවර හෝ නොවැලැක්විය හැකි හානියක් වේ නම් අඩු කිරීම ද, අතපසුවීමකින් අප අතින් සිදුවී ඇති යම් හෝ හානියක් ඇත්නම් ක‍්‍රියාකාරී ලෙස මැදිහත්ව ඒවා ආපසු-හැරවීමට හෝ අවැසි පිළියම් කිරීමට ක%ියා මාර්ගයන් ගැනීමද කරනු ලැබේ.

මෙම වෑයම තිරසර කර ගැනීමට වලක්වාගැනීමේ සහ නිවැරදි කරවීමේ අරුතින් පරිසර-හිතකාමී වීම උදෙසා අප අපගේ ක‍්‍රියාකාරීත්වයන් ගුණාත්මක වශයෙන් අඛණ්ඩව ඉහළ නංවා ඇත. මෙය සිදුකරනුයේ අපගේ තාක්ෂණික උපකරණ බලශක්ති පරිභෝජනයෙන් අඩු මෙන්ම පරිසර හිතකාමී වන ලෙස දිගින් දිගටම නූතනකරණය කිරීම හරහාය. එහිදී ජාලක බලශක්තිය(grid power) හිඟ අවස්ථාවන්වල දී ඊට අනුයුක්ත ලෙස පරිසර හිතකාමි බලශක්ති ප‍්‍රභවයන් යොදා ගැනීමත් ඊට අදාළ පලදායී පුහුණුවකින් මහජනතාවට සහාය වෙමින් ඔවුන් සවිබලගැන්වීම සිදු කෙරේ. එසේම පාරිසරික සත්කාරක සේවාවක් අප සමාගමේ සංස්කෘතිය බවට පත් කිරීමෙනි . ආයතනය තුළ අභ්‍යන්තරික සන්නිවේදනය මගින් මෙන්ම අපගේ කොටස්හිමියන්‍ අදාළ මඟපෙන්වීම් මගින් ඇතුළත් කොට ගැනීමත් ඔස්සේ, අපගේ සේවක මණ්ඩලය සහ කොටස්හිමියන් වෙත වාරිකව සන්නිවේදනය කිරීමෙන් මෙකී අරමුණු ඉටු කර ගනු ලැබේ.

එහිදී අප, නිශ්චිත සහ නිවැරදි මිනුම්දඬු මගින් මෙම ඉලක්ක කෙරෙහි අපවම වගකීම් සහගත කරගන්නෙමු.