Body

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඩයලොග් Blaster ප්ලෑන් අතරට අලුතින්ම හදුන්වාදෙන Triple Blaster මොබයිල් ප්ලෑන් එක!

2021 දෙසැම්බර් 23         (කොළඹදී)

 

Triple Blaster Plan logo

ඩයලොග් පාරිභෝගිකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ Blaster ප්ලෑන් අතරට පෙරගෙවුම් පාරිභෝගිකයන්ට ඕනෑම ජාලයකට Calls සහ SMS ඇතුලත් වන තවත් සුවිශේෂී ප්ලෑන් එකක් හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කටයුතු කර ඇත. මෙම නවතම 'Triple Blaster ප්ලෑන් එක ඔස්සේ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මාසෙටම රු.498/- කට (බදු ඇතුලත්ව) ඕනෑම දේශීය ජාලයකට විනාඩි 1000 ක් සහ SMS 1000 ක් සමගින් Anytime Data 1.5GB හිමි වේ.

මෙම නව Triple Blaster ප්ලෑන් එක සක්‍රිය කරගැනීම මගින් පෙරගෙවුම් පාරිභෝගිකයෙක්ට දින 30 කට අවශ්‍ය Calls, SMS සහ Data යන සියල්ල එකම ප්ලෑන් එකක් හරහා ලබාගැනීමට අවස්ථාව ලැබේ. නව Dialog Triple Blaster ප්ලෑන් එක රු.498ක් රීලෝඩ් කිරීම මගින් හෝ MyDialog App එක හරහා activate කරගත හැක.

නවතම Triple Blaster 498 ප්ලෑන් එකට අමතරව ඩයලොග් සම්බන්ධතාවයන් අතර ඇමතීම සඳහා Calls, SMS සහ Anytime Data සහිත Triple Blaster රු.345 ප්ලෑන් එකක් මීට පෙරද හදුන්වා දී තිබෙන අතර පාරිභෝගිකයන්ට මෙම ප්ලෑන්ස් දෙක අතරින් තම අවශ්‍යතාවයට ගැලපෙනම ප්ලෑන් එක තෝරාගැනීමේ අවස්ථාව මෙමගින් හිමි වේ.

සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට හොඳින් ගැලපෙන හා දැරිය හැකි මිල ගණන් යටතේ මොබයිල් ප්ලෑන්ස් පිරිනැමීම Dialog සමාගමේ දැක්ම වන අතර “Blaster” ප්ලෑන්ස් හරහා පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවයන්ට අනුව තෝරා ගැනීමට Calls, SMS, Facebook, WhatsApp, Instagram, YouTube යන සියල්ලම ආවරණය වන පරිදි ප්ලෑන්ස් රැසක්ම හදුන්වාදී ඇත. මේ අතරට එක්වන නවතම Triple Blaster රු.498 ප්ලෑන් එක පාරිභෝගිකයන්ට තම සන්නිවේදන අවශ්‍යතාවයන් සපුරාගැනීමට මහත් රුකුලක් වනු ඇත. වැඩි විස්තර සඳහා https://www.dialog.lk/triple-blaster-any-network වෙත පිවිසෙන්න.